Thursday, November 25, 2010

පෙම්වතිය සමග පොලිස් අත් අඩංගුවට...!!!



එක දිගට මාස හයක් නයිට් කරල යන්තම් තායියො සෙට් එකක්(තායිලන්ත ජාතිකයින්) බැහැපු හින්ද ආයෙත් ඩේ එකට වැ‍ටුනා.අම්මෝ...ලොකු දෙයක්.ලේසි වැඩක්යැ හවස 7.00 ඉදල පහුවදා උදේ 8.30 වෙනකම් එක දිගට පැය 13.5ක් හිටගෙන ඉන්නව කියන එක. බෑ කියල ගෙදර යන්න ඉතින් ඔය වීස බලපත්‍ර එහෙම තියන එකක්යැ.

මෙහෙ නිෂ්පාදනය කරණ තරම දැක්කම ලඟදිම දවසක ලෝක ජනගහනය ඉක්මවල යනව mazda වාහන විතරක්ම. කොහොම හරි ඩේ එකට මාරු උන එක ගැනනම් තියෙන්නෙ මාර ‍ෆිට් එකක්.ඉතින් දැන් අවුරුදු ගානක ඉඳල වර්තමානය කොම්පැණිය ඇතුලෙ හින්ද තාමත් අතීතෙ එක්කම ජීවත් වෙනවා.මේකත් ඉතින් ඒ වාගෙ අතීතෙ දවසක සිද්ධ උන ටිකක් භයානක සිදුවීමක්.

පෙම්වතියො දෙන්නෙක් එකට හමු උන සීන් එක කලින් පෝස්ට් එකේදි කිව්ව නෙවැ.බැලුවෙ නැත්තන් මෙතනින් නිකමට ගිහින් බලන්නකෝ...

මේ සිද්ධිය සිද්ධ උනේ 2002දි.2002 මැයි මාසෙ එක වැහිබර අඳුරු දවසක.තැන තමයි ඕන් මහනුවර "වේල්ස් පාර්ක්" එක.

අම්මෝ........මේ වාගෙ මාට්‍ටුවිල්ලක්නම් හතුරෙකුටවත් වෙන්න එපා කියල තමයි ප්‍රාර්ථනා කොරන්නෙ.

අන්තිමට ඉතින් ලව් එක විදියට ඉතුරු උනේ සුමුදුනෙ.පෙරලුන පිට හොදයි කියල දැන් බොක්කෙම සුමුදුට ලව් කරගෙන ඉන්නවා.ඔය A/L කරණ කාලෙ කෑල්ලක් සෙට් උනොත් එහෙම අධ්‍යාපනේට දෙයියන්ගෙම පිහිට තමා.ඇයි ඉතින් class යෑමක් වෙන්නෙ නෑනෙ.එදත් ඕන් දෙන්නම class නොයා උදේම ඉන්ටසිටියක ඇද්දා නුවරට.ඒ දවස්වල කුරුණෑගල නුවර දෙන්නටම යන්න එන්න එකසිය විස්සයි.දැන්නම් එක්කෙනෙකුට ඒ ගානද කොහෙද.දළදා වීදිය දිගේ ගිහින් වැවේ මාලු එහෙම බලල, ඔන්න ගොඩ උනා පාක් එකට.දැන් දෙන්නගෙම පොත් එහෙම පැත්තකින් තියල පෙම් පිළිසදරෙ ඉන්නකොට ආව කවුදෝ බුවෙකුයි,බුවියො දෙන්නෙකුයි.ඉල්ලුව නේද අයිඩින්ටි......


අයිඩින්ටි දෙන්නත් කලින්ම පොත්ගොඩ දැකල බුවා කිව්වනෙ බුවියකුට "ආ මේ දෙන්නව ගන්න"කියල.අප්පට සිරි බඩුම තමා මේන් එලියට එනකොට තියනව police කියල ගහපු නිල් පාට ටොයෝට ජිප් එක.දැන් ඉතින් කතා කර ගන්න වචන පිට වෙන්නෙත් නැති තරම්.අපිත් එක්කල තව කෆල් පහයි.ජීප්පුවෙ ඉස්සරහ ඉන්නව සුදුපාට පටියක් එහෙම දා ගත්තු සාජන් මහත්තයෙකුත්.කොහොමද ආතල් එක.

දැන් ඕන් ඔක්කොම කස්ටිය ටික මේකට පටෝගෙන අති සාර්ථක ගමනක යනව නුවර පොලීසිය බලා.ජිප් එක ඇතුලෙ එකම මල ගෙයයි.කෙල්ලො අඬනව නෙමෙයි,විලාප තියනව.ඒ උනාට රාළහාමිලට නෙමෙයි ඒකෙ වගක්වත්.ඔන්න ඉතින් විනාඩි විස්සකින් විතර ගියා පොලෝසියට.එසේ මෙසේ තැනක්යැ.මධ්‍යම පලාතෙ ලොකුම තැනනෙ.

ගියා විතරයි පොලිස් අන්කල්ල ,ඇන්ටිල ජීප්පුව වටේට.
"ආ...අදත් ආවද?..
ඒ කියන්නෙ මීට කලිනුත් සෙට් එකක් ගෙනල්ල තියනව.ඔහොමම යන්නකො OIC මහත්තයගෙ කාමරේට.දැන් කට්ටියම යනව පොතුත් අරගෙන ඕ.අයි.සී මහත්තය හම්බ වෙන්න.බඩුම තමා පොර නෑ.එන්නෙ 12 ටලු.එතකන් ඉන්න කිව්වා.මේ අතරෙ එකෙක් කියපි ,එතකන් ඉන්න බෑ ගෙදරින් හොයනව කියල.මේක අහගෙන හිටපු SI කෙනෙක් "හොයන්න දෙයක් නෑ..දැන් ඉතින් ලැහැස්ති වෙනවල තම තමන්ගෙ නැදම්මල,මාමල හම්බ වෙන්න "කියල.මේක ඇහුව විතරයි ඔක්කොම එවුන් ටික විලාප තියන්න ගත්තා.මට දැන් මැවිල පේනව අපේ තාත්ත එනවා.ෂුවර් මාව ගෙදර එක්කගෙන යන්නෙ නෑ.යන්න වෙන තැනකුත් නෑ..මෙතනින් පැනල යන්නත් බෑ...එහෙන් සුමුදුලගෙ තාත්තට අද ඉස්කෝලෙ.ඇයි කණිශ්ඨෙ ප්‍රින්සිපල්නෙ.දැන්නම් ලොවෙත් නෑ.......


ඔන්න ටිකකින් ලොක්කට CALL එකක් දීලද කොහෙද මල පැනල ආවා."ෂිහ්...වැඩක් කර ගන්න දෙන්නෙත් නෑ.,කෝ කවුද කට්ටිය.මෙහාට එන්න කියන්න.කෝ කොහෙද තමුන්ලගෙ ස්කෝල."දැන් බයේ ගැහි,ගැහි ඉන්නවා සෙට් එකම.ඒ අහන ගමන් අපේ එකතු කොර ගත්තු අයිඩින්ටිවල විස්තර කොලේක සටහන් කරණවා.

බයෙන් ,බයෙන් කෙල්ලො, "මහාමායා....,කොන්වන්ට්.....,පුෂ්පදාන.....

ආ....පුෂ්පදානෙ කෙල්ලෙක් මම ඊයෙත් අල්ලන් ආව උඩවත්ත කැලේ ඉදල.."

අප්පේ...කතාව කිසිම ගැලවිල්ලක් නෑ වාගෙ.
පී .සී....මේ ගොල්ලන්ගෙ ලඟම තියන පොලිස් ස්ථාන වලට දැනුම් දෙන්න එක එක්කෙනාගෙ ගෙවල්වලට මැසේජ් එක දෙන්න කියල.

අප්පට සිරි, ඒ පාර නම් ඇඳුමෙ අර වැඩේ උන් නැති ටික විතරයි.එතකොටම එතන හිටපු ෂෝක් පොලිස් අක්කියෙක් ඇහැක් ගහල ලොකු අනතුරක් නැති බව ඇ‍ඟෙව්වා.අප්පේ එතකොට තමයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ.ඕන් ට්ක වෙලාවකට පස්සෙ ලොකු මහත්තය ටිකක් සන්සුන් වෙලා එහෙම,පුතේ,දුවේ කියල කතා කරල, තාත්ත කෙනෙක් වාගෙ අවවාද කරල,සෙට් එකටම ආයෙ ජීප්පුවට නගින්න කියල අතෑරියෙ නැද්ද ගෙනිහින් නුවර ටවුම මැද්දෙන්ම.වෙලාවට නුවර අඳුරන අය නැති හින්ද ඉක්මනට දෙන්නම ගිහින් නැග්ග බස් එකකට.කුරුණෑගලට එනකන්ම එක්කෙනෙකුටවත් කතාකර ගන්න වචන ගලපගන්න බැරි උනා එදානම්.

ගාලු කො‍ටුවත් මේ ලඟදි තහනම් කොලේ බාල වයස්කාර පෙම්වතුන්ට විතරයි මගෙ හිතේ.එදත් ඉතින් අද කාලෙ වාගෙ තමා.........හි,හි..

21 comments:

  1. wells park 1ta dan nam wadiya policeyen anne na.A unata sikko tikak ennawa.um hamawelema ehata mehata yanawa, epa wenawa.lan wela enna wath denne nane mun ke gahanawa. Eta wada pera garden 1 hodai wage :)

    ReplyDelete
  2. PHI දැක්කත් කොල්ලො කෙල්ලො බයේ දුවන කාලයක් මේක..

    ReplyDelete
  3. මේ වගේ දෙයක් නම් නොපතං කිව්වලු, පොලීසියෙ ලොකු මහත්තයා හොද හින්ද හොදයි, අමනුස්සයෙක් එතන හිටියනමි කෙල්ලත් අනාතයි කොල්ලත් අනාතයි.

    ReplyDelete
  4. @Ano,
    පේරාදෙණිය නම් එල තමා.වේල්ස් පාක් ඉඩත් නෑනෙ වැඩිය.තැන්කූ කොමන්ට් කලාට.

    @පිණිබිඳු,
    ඒකනම් ඇත්ත.

    ReplyDelete
  5. @ "සොඳුරු මිනිසා"
    ලොවෙත් නෑ මචෝ එදානම්...කොහොමද ගෙදරින් ගෙන්නුව එහෙමනම්.එහෙනම් අද මම මෙතන නෑ.

    ReplyDelete
  6. මචා නූලෙන් බේරිලා තියෙන්නේ !

    ඊට පස්සේ දෙන්න කොහොමෙයි හම්බ උනේ ? අනිවා ඊටපස්සේ කෙල්ල නම් කොහේ ඇවිදින්න යං කීවත් බෑ ! කියන්න ඇති . කොහොමද දිනේෂ්ලගේ ගෙදරටම ජීප් එකෙන් දෙන්නව ඩ්‍රොප් කරලා ගියානම් ..මට මැවිලා පේනව දිනේෂ් ගේ වටේ දුවන හැටි ..

    උඹට නම් පට්ට දේවල් ටිකක් තමයි වෙලා තියෙන්නේ ..දිගටම ලියපන් මචෝ නියමයි උඹේ ලයිෆ් ඉස්ටෝරිය ..

    ජයවේවා !!

    ReplyDelete
  7. @හිස් අහස,
    පිස්සුද මචෝ...පස්සෙ මම බෑ කිව්වත් කෙල්ල යමු කියනවා.හි,හි එහෙම අවුලක් නෑ...හැබැයි ගෙදරින් ආවනම්.....!!!මට ඒක හිතන්නත් බයයි බං.

    ReplyDelete
  8. මෙහෙමත් එකෙක්. මුන් දෙන්නවා එවෙලේම බන්දලා දාන්න තිබ්බේ. අපරාදේ. නියම කතාව මචං. ලියපං ලියපං, මමත් එනවා කියවන්න. ජයවේවා.

    ReplyDelete
  9. @prasanna86k,
    හැබෑටම එහෙම උනානම් එහෙම.....කෙල්ලට පොඩි එවුන් ටිකක් සෙට් කරල දීල ටියුෂන් පන්තියක් දාල දෙනවා.මම පොඩි ජොබ් කට්ටක් හොයා ගන්නවා.ඔව්වත් හිතුන බං.

    ReplyDelete
  10. මචො මරු ආතල් විලක් බන් උඹේ බ්ලොගය .. කියවන්න කියවන්න ආසයි බන් .. තව පට්ට story දාපන් මචො

    ReplyDelete
  11. මේකා ඒ ටිකට ගිහින් තියෙන දුර. හොඳයි හොඳයි.

    ReplyDelete
  12. @ADARE
    දැන් ආතල්...අම්මෝ...ඒ දවස් වල වෙච්ච වැඩ.
    @prasanna86k
    ඇයි බං ඕ.අයි.සී බොසා එනකන් මම ඔව්ව තමයි කල්පනා කලේ.හිතුවෙනම් සොරිම තමා කියල.

    ReplyDelete
  13. හපොයි බොල උබට වෙච්චි දේවල්... ඈ බන් දැන් ඒ කියන්නේ සිගරට් අරක්කු බොන්න නම් 18 + වෙන්න ඕනි... ලව් කොරන්නත් එහෙමද ???

    ReplyDelete
  14. @ පිස්සා පලාමල්ල,
    අනේද කියන්නෙ බං.අපේ මේ කෙහෙම්මල් සංකෘතියකින් කෙල්ලො,කොල්ලො ටික හිර කොරල දාලනෙ තියෙන්නෙ.මේකෙන් මොනව බලාපොරොත්තු වෙනවද දන්නෙ නෑ.ඒකටත් එක්ක මෙහෙ....දෙන්න එක සිගරට් එක ගහන්නෙ.පාරවල්වල තුරුල් වෙලා ඉන්න විදිය අපේ ඔය වගකිව යුත්තෙක් දැක්කොත් එහෙම සිහි නැතුව වැටෙනවා.අම්මප ලබන ආත්මෙනම් ලංකාවෙ ඉපදෙන්න එපා කියල තමයි ප්‍රර්ථනා කොරන්නෙ.

    ReplyDelete
  15. උඹ ලියනව පට්ටයිනෙ මචං...එල එල... අභීතගෙ ලින්ක් එකකින් තමා පාර හොයා ගත්තේ... උඹ ඔය කියන දවස්වලම වගෙ මටත් නුවර-කුරුණෑගල ඉන්ටසිටි ට්‍රිප් එකක් යෙදිල තිබුනනේ බං... ෂූටිං ලොකේෂන් එකනම් ඉතින් උඩවත්ත කැලේ තමා... අපොයි ඒ කාලේ...

    ReplyDelete
  16. @ පුතා,

    සාදරෙන් පිලිගන්නව මචෝ.................පලවෙනිවතාවද කොහෙද ආපු.
    හි...හි උඹටත් ආතල් ගන්න තිබුන එහෙ ඉඳල පොලෝසියට එක්කගෙන ආවනම් එහෙම.ඒ දවස්වල කොහෙද ඔව්වගෙ සිහියක් නේද??..............සිරාම ගමන තමයි බං, ලාවට වැස්ස තියන වෙලාවක නුවර-කුරුණෑගල ඉන්ටසිටි ‍ටුවර් එක."වැ උඩ" පහු උනානම් ඉතින් 40ට වැඩිය ස්පීඩ් කරන්න බෑනෙ.

    ReplyDelete
  17. hik hik... bota 18 ta adu noisa hoda vade.. saduu.. apita nam no problem..

    ReplyDelete
  18. @Nadun Dissanayake,

    උඹත් කොහෙදි හරි මාට්‍ටු වෙන්න තිබුනෙ ඒ කාලෙ.....හික්.............

    ReplyDelete
  19. ඔය වගේ කතා නං අනන්තයි, ඉස්සර මං ඔය ගාලු පලාතෙ ඉන්නකොට ගාල්ලෙ කො‍ටුවෙ ඉඳන් අල්ලං එන ජෝඩු පෝලිං කරල ඉන්නව දැකල තියෙනව අනන්තවත්. හප්පේ ඒ වෙලාවටනං බලන්න දුකේ බෑ....

    ReplyDelete
  20. walse park 1 thiyenne ape tec 1ta eha paththene! YMBA 1ta allapu wate! ithin api dakinawa couple ehema redi athee aran duwana hati! hiki hiki! man ada thamai issellama mee paththe aawe! ela machoo! niyama kathawa!

    ReplyDelete
  21. KURUNEGALA park eketh thama allanawa. bus pitin aran yanne...

    ReplyDelete