Tuesday, November 30, 2010

මාත් ගත්තා ලැපක්....









ඔන්න ඉතින් වෙනද වාගෙම ඊයෙත් නැගිටපු ගමන් එබුව කොම්පූටරේ ස්විච් එක.ඇතුලෙ සද්දෙ වෙනදට වැඩිය වෙනස්.ෆෑන් එහෙම බොහොම සද්දෙට කැරකෙනවා.බලාගෙන හිටිය ස්ක්‍රීන් එක දිහා.මුකුත් නෑ.හැබැයි කලින් දවසෙ එක පාරක් දෙපාරක් ස්ටක් උනා.

දෙපාරක් විතර reset කලා.ම්..හු නෑ.

මෙන්න බොලේ එක පාරටම ඩොස් ප්‍රොම්ප්ට් එකට ඇවිත් "ඔපරේටින් සිස්ටම් නොට් ෆවුන්ඩ්" ලු.යකෝ OS එකට මොකද උනේ.ගැලෙව්ව හාර්ඩ් එක.ඇමිනුව අනිත් එක.ඒත් ඒ සෙතේමයි.ගැලෙව්ව vga card,ram,battery සේරම. හයි කරල ආයෙත් බැලුවා.ආයෙත් සිස්ටම් නොට් ෆවුන්ඩ් ලු.පරණ හාඩ් එක ගහල සෙවන් DVD එකෙන් බූට් කලා.බූට් වෙන්නෙ නෑ.buzzer එකෙන් Alarm දෙක තුනක් ඇවිත් නවතිනව.අත ඇරල දැම්ම එහෙම්මම.

මටනම් පෝන් එක නැතත් කමක් නෑ,ඔය කොම්පීටරේ නැතුව බෑ.දැන් තමා මතක් වෙන්නෙ කලින් ලැප තිබුනනම් කියල.ඒක යැව්වනෙ අපේ පුංචිගෙ පොඩි එකාට.දැන් කාලෙ පොඩි එවුනුත් මාරයි.ඉල්ලන්නෙ ලැප්ටොප්,ps3,xbox.අපිනම් ඒකාලෙ අම්මගෙ අතේ එල්ලිලා පොලේ යන කාලෙ පාර අයිනෙ පේමන්ට් එකේ තියන වයින් කොරණ කාර් එකක්,එහෙම නැත්තන් ටෙනිස් බෝලයක් තමා ඉල්ලල කරදර කරන්නෙ."ළමයො කරදර කරන්නැතුව ඉන්නව" කිව්වම ඉතින් කරබාගෙන ඉන්නව.දැන් පොඩි එවුන් අම්මල තාත්තලට බැරිනම් නෑදෑ සනුහරේටම කනු,කුනු ගානවනෙ.

කොහොම,කොහොම හරි මට දැන් මැෂින් එකක් නෑ.

වෙලාව බැලුව.10යි.කිට් එක දාගෙන එලියට බැස්සා.අප්පට සිරි හිම වැටෙනවා.ආයෙ ගිහින් දා ගත්ත ජැකට්‍ටුව.වෙලාවට බස් එකත් ආවා.හි,හි ලංකාවෙ වගේ නෙමෙයි.වෙලාවනම් වෙලාව.

MAC එකක් හරි VAIO එකක් හරි තමා ගන්න හිතා ගත්තෙ.ඔන්න ඔය වෙලාවෙ අපේ තාත්ත මට පොඩි කාලෙ කියපු දෙයක් මතක් උනා.ඒ තමයි කොහෙ හරි ගමනක් බස් එකේ යනවනම් CTB එකක යන්න කියලයි,වටිනා බඩුවක් ගන්නවනම් ඒජන්ට් කෙනෙකුගෙන් ගන්න කියන එකයි. ඒක හින්ද ඉතින් ගියා ඕන් ඉස්සෙරවෙලාම mac store එකට.pro එක කිසිම පෙනුමක් නෑ.AIR එකනම් මාර ගති.ගාන ඇහුවා.මගෙ අම්මෝ.......ලංකා මුදලින් 250000ක් වෙනවා.ඒක හරියන්නෙ නෑ.

next උනා sony authorized dealer ලඟට.core "i" මොඩ්ල් එකක් ගන්න තමා හිතුනෙ.i3, i5, i7....න්.. ඔන්න දැන් mind එක oscillate වෙනවා.ගනනුත් 20000න් 20000ට වාගෙ තමා තුනේම වෙනස්.අපි ඉතින් බුදුදහම අදහන ආදර්ශමත් කොල්ලොනෙ.(අප්පා........ඒ ගැනනම් නේද???).බුදුහාමුදුරුවොත් දේශනා කරල තියෙන්නෙ මධ්‍යම ප්‍රතිපදාවෙන් කල් ගෙවන්න කියලනෙ.තීරණය කෙරුව......ගන්නව i5 එක.ගානත් එච්චරම අවුලක් නෑ.ටිකක් අවුල උනත් බඩු හොඳයිනෙ.මාස 15ක international warranty එකකුත් තියනවා.ඔය පල්ලෙහයින් දාල තියෙන්නෙ features ටික.ඔන්න ඉතින් දැන් මමත් vaio හිමිකරුවෙක්.


  • processor
  • intel core i5-560m, 2.66ghz
  • cash memory
  • 3MB
  • main memory
  • 4GB DDR3 SDRAM*2
  • hard disk
  • 320GB
  • graphic
  • NVIDIA GeForce 310M GPU,512MB DDR3
  • display
  • 13.3" led backlight.

    තව ඉතින් DVD multi,SD Card Reader,HDMI Out Put.එකී මෙකී නොකී වයර්ලස් ඔක්කොම තියනව.
    ගාන ලංකා මුදලින් 119000ක් විතර.

    12 comments:

    1. නියමයි..මට නම් දුකට සැපට මගේ joybook S41 තමයි..රස්සාවක් කරන කාලෙක කීයක් හරි අතට එන කොට ගන්නව මාත් ඔය වගෙ පට්ට එකක්...සුභ පැතුම්

      ReplyDelete
    2. @ පැන්da,
      තැන්කූ මචෝ..අනිවා උඹටත් out උන ගමන් එල ජොබක් සෙට් වෙන්න කියල ප්‍රාර්ථනා කරණවා.

      @පිණිබිදු,
      නංගියො කලින් පෝස්ට් එක ඩිලීට් උනා.එහෙම නැහැ ඉතින්.ගන්න හිතුනා,ගත්තා.

      ReplyDelete
    3. pissu hadei, niyama lapa machan.mage danata thiyenne compaq 1k but mage dream1 1 kawada hari vaio 1k ganna aka thamy. kawadama hari gannawamy.. oyage lapa nam niyamy.

      ReplyDelete
    4. දිනේෂ් සල්ලි කාරයනේ ..මමත් ගන්න ඕන ලැපක් ඔය උඩ පින්තූර ටික දකිනකොට මට දැං ගිහිං ගන්න හිතෙනවා .ඒත් ඉතිං මං ඉන්න දුක්බර දුෂ්කර පලාතේ මොන ලැප්ද ?

      හොඳ එකක් ගන්න නම් අඩුම ගානේ මට නුවරට වත් එන්න වෙනවා ! මම ඉන්නේ පිටිසර ගම්බද පලාතකනේ ඒකයි ..

      අයියෝ මේකා මාවත් ඇවිස්සුවා ! දැං මමත් ගනිංකෝ ලැපක් බීපු සල්ලිවලට ලැප් 3 ගන්න තිබ්බා අප්පා !

      ජයවේවා !!

      ReplyDelete
    5. @ Chamli,
      අනිවා උඹට පුලුවන් මචං.ටාගට් එකක් තියාගෙන වැඩ කරපන්.ජය නියතයි.

      @ හිස් අහස,
      ඒත් මම බැලුව මොකද කොල්ල පේන්න නැත්තෙ කියල.අනේ සල්ලි තියන කමකට නෙමෙයි බං.ආසාවනෙ.සිරාවටම උඹ ඔය බොන එක නවත්තපන්.තේරුමක් නැති වැඩක්.උඹේම සහෝදරයෙක් වාගෙ කියන්නෙ.
      හදිස්සි වෙන්න එපා.හිමීට හොඳ එල පාරක් සිලෙක්ට් කරල ගනින්.

      ReplyDelete
    6. අයිය ලැපක් ගන්නෙ අපි මාර්කට් ගිහින් අල 250ක් ගන්නවටත් වඩා ලේසියෙන් නේ අප්පා.

      ReplyDelete
    7. පිස්සු පුසාNovember 30, 2010 at 9:32 PM

      පුළුවන්නම් අර කැඩුන ලැප මට එවමන් විහිළුවට නෙවේ සිරාවටම කියන්නෙ මොනවහරි කරලා මම හදා ගන්නම්

      ReplyDelete
    8. @පිස්සු පූසා,
      අනේ කොල්ලො කැඩුනෙ ලැපක් නෙමෙයි බං.ටවර් තඩියක්.

      ReplyDelete
    9. පිස්සු පුසාDecember 1, 2010 at 11:21 PM

      @dinesh
      එහෙමද කමන්නැ මම හිතුවෙ ලැපක් කියලා ඔහෙ නැද්ද අඩුවට පාවිච්චි කරපු ලැප්

      ReplyDelete
    10. @ පිස්සු පූසා'
      කීයකට විතර වාගෙද මචං.option ටික දාල මට මේල්ලුවක් දාපන්කො.
      (dinukuma@gmail.com)

      ReplyDelete
    11. ලැප නම් ගතේ ගති...

      දිගටම ලියන්න..෴

      ReplyDelete
    12. @ලසන්ත බුද්ධික,

      ස්තුතියි මචෝ ඇවිත් ගියාට.

      ReplyDelete