මෙව්ව මෙහෙම ලියන එක හරිද මන්ද?ඒත් ඉතින් වෙන ලියන්න තරම් දෙයක් නැති හින්ද මේකවත් කොටල දාන්න හිතුනා.මේ ඉතින් අපි ඔක්කොමල Teenagers ල කාලෙ සිද්ධ වෙච්ච සිදුවීමක්.
ඔය ගොඩක් කෙල්ලො කොල්ලන්ගෙ ආතල්ම කාලෙ පටන් ගන්නෙ A/L වලට එනවත් එක්කමනෙ.කෙලින තරමක් පිස්සු කෙලින්න පටන් ගන්නෙ ඔය කාලෙනෙ.කෙල්ලොනම් කොහොමද දන්නෙ නෑ.කොල්ලො තමා ගොඩක්.ඔය කාලෙ ඉතින් ටියුෂන් පටන් ගන්නවත් එක්කම අම්මෝ...නා,නාප්‍රකාර කෑලි...සුදු,කලු,කොට ස්කර්ට්,ජීන්ස්,පට්ට,එල,කලු උනාට ඇ- ලස්සන,අහිංසක ඔය වාගෙ එක,එක ජාතියෙ ඈයො.
ඔන්න ඉතින් අපි සෙට් එකත් නමෝ විත්තියෙන් කුරුණෑගල ලෙක්ෂිකෝන් එකේ ෆිසික්ස් ක්ලාස් එකට ඇඩ්මිට් උනා.ෆිසික්ස් වලට බයෝ කරන අයත් එන හින්ද කට කපල සෙනඟ.අප්පා ළමයින්ගෙ ඉගෙන ගන්න මාර උනන්දුව.අපිට ඉතින් ඕවගෙ ගානක් නෑනෙ.ටියුට් එකත් අතේ තියාගෙන වට පිට බල,බල ඉන්නකොට මෙන්න ඉන්නව අපිට එහා පැත්තෙ බංකුවෙ කොන්ඩෙ කොටට කපපු ස්වීට් කෑල්ලක්.කොහොම කොහොම හරි සති දෙක තුනක් ට්‍රයි කරල ඔන්න කෙල්ල වැටුනා.
අප්පා.....දැන් මාර ලව්.කන්නත් බෑ,රෑට නින්ද යන්නෙත් නෑ.ස්කෝල දෙක එක ලග උනත් ඉතින් ඊලඟ සෙනසුරාද වෙනකන් වචනයක් කතා කරන්න හම්බ වෙන්නෙ නෑ.ඔය 2000 දි විතර.ඒ දවස් වල දැන් වාගෙ ෆෝන් තිබුන එකක්යැ.ස්කූල් වෑන් එකේ යන හින්ද යන්තම් ලාවට අත වනාගෙන යනව විතරයි.අම්මෝ...ඒකත් ඇති.ඔහොම,ඔහොම ඉතින් මාස දෙක තුනක් ප්‍රේමය සුන්දරව ගලාගෙන යනවා.
ඔය අතරෙ දවසක් අපි හැමදාම ක්ලාස් යන බස් එක මිස් උනා.ඊලඟට ආවෙ පොළොන්නරුවක්.දුර යන බස් දැන් වාගෙ තමා ඒ දවස්වලත්.යනව නෙමෙයි විදිනවා.එල්ලුනා ඒකෙ.මෙන්න බොලේ ඊලඟ හෝල්ට් එකෙන් නැග්ගා අහිංසක පෙනුමක් තියන සුන්දර චරිතයක්.කියල වැඩක් නෑ.කොණ්ඩෙ එහෙම මාර දිගයි.ලස්සනට ගොතලා.හරිම අහිංසක පාටයි.අමාරුවෙන් ෆුට් බෝඩ් එකේ හිටපු එකෙක්ව උඩට තල්ලු කරලා මෙයාට ඉඩ අරන් දුන්නා.ඇයි අප්පා ඒ දවස් වල ගෑනු ළමයෙක් දැක්කහම මාර කරුණාවක් හදවතට දැනෙනවනෙ.හි,හි...
දැන් ඉතින් ඕන් මෙයාගෙන් විස්තර අහනවා.කෙටි පිළිතුරු තමයි ලැබෙන්නෙ.සමහර එව්වට සද්ද නැතිව ඉන්නවා.කොහොම,කොහොම හරි කුරුණෑගලට කිට්ටුවෙනකොට යන ක්ලාස් එක අහ ගත්තා.ආ තව කොමස් කරන්නෙ කියලත් කිව්වා.කොහොම හරි දැන් එයාට හිත ගිහිල්ල ටික දවසක් ට්‍රයි කරල,දහසක් බොරු කියල සෙනෙහෙ කොල එහෙම දීල ඇහුවා.
"අපේ තාත්ත හරි සැරයි අයියෙ,දැන ගත්තොත් එහෙම මාව මරයි."මම නිකමට ඇහුව ඉතින් කවුද තාත්ත කියල.අපේ ගමට එහා ස්කෝලෙ කනිෂ්ඨෙ ප්රින්සිපල්ලු.මලකෙලියයි මෙයා විතරලු ඉන්නෙත්.ඔය වෙලාවෙ ඉතින් ආදරෙයි කියලත් නොකිය කිව්වා.
දැන් අර කලින් එක්කෙනත් ඉන්නවා.එයාගෙ නම "වින්ධ්‍යා".මෙයා "සුමුදු".කොහොම හරි දැන් දකින,දකින පලියට කෙල්ලන්ට ලව් කරන්න ගිහින් එකම ට්‍රැක් එකේ මීටර් දෙකක් වැඩ කරණවා.
ඔන්න දැන් තුන්කොන් ආදර කතාව සුන්දරව ගලාගෙන යනවා."තුන්කොන් කොහෙද සුන්දර වෙන්නෙ" නේද?ඒ දැන් හිතෙන හැටිනෙ.ඒ දවස්වල ඔව්ව හිතෙන්නෙ නෑ.ඔහේ අරමුණක් නැතුව පිස්සුනෙ කෙලින්නෙ.දැන් ඉතින් වින්ධ්යාගෙයි මගෙයි ෆිසික්ස් ක්ලාස් එක උදේ ,සුමුදුට econ ක්ලාස් හවස.එකම දවසෙ.ඔය අතරෙ chemistry ක්ලාස් එකක් සෙනසුරාදට දාපු හින්ද අපේ සෙට් එකම ක්ලාස් මාරු කලා.කොහොම හරි දැන් වින්ධ්යායි මමයි එක ක්ලාස් එකේ නෙමෙයි.දැන් මාස හයක් විතර දෙන්නටම බොක්කෙන් ආදරේ කරණවා.එයාලත් එහෙමයි.සෙනසුරාද දවස මාර ෆන්.ඇයි උදේට වින්ධ්‍යා මීට් වෙනවා.හවසට සුමුදු මීට් වෙනවා.ලොවෙත් නෑ......
ඔය වාගෙ දවසක් සෙනසුරදාවක වින්ධ්‍යා උදේ පාර්ක් එක ලඟට එනව කිව්වට ආවෙ නෑ.පැයක් විතර බලන් හිටියා..ම්ම්හු නෑ.මෙන්න බොලේ එතකොටම අපේ බැජියො ටික කඩා පාත් උනා.උනුත් උදේ ක්ලාස් එක කට් කරල.ඔය වෙලාවට ඉතින් පාර්ක් එකට සෙට් උනාම මල් පූජාව වරදින්නෙ නෑ.
"මල්" කියන එකනම් නොදන්න කෙනෙක් නැතිව ඇති මගෙ හිතේ.ඕකත් ඉතින් අර හිස් අහසෙ "මුල්ල පටස්" වාගෙ තමා.තැපෑලෙදි තමා නන්නත්තාරම වෙන්නෙ.ටික වෙලාවක් ඉතින් ඔතන පාවෙවී ඉන්නකොට සුමුදු ක්ලාස් ඇරෙන වෙලාව කිට්ටු උන නිසා හිමිහිට ස්ටෑන්ඩ් එකේ ප්‍රයිවට් බස් ගහන පැත්තට කිට්ටු උනා.දැන් ඉතින් මල් පාරෙන් සුමුදු එන දිහා අඩවන් දෙනෙතින් බලන් ඉන්නකොට මෙන්න බොලේ වින්ධ්‍යයි එයාගෙ යාලුවයි එනවා.මට පුල් හොල්මන්.මම කල්පනා කරනව"යකෝ මේ උදේ ද?,වොච් එක බැලුවා...මොන උදයක්ද???දැන් එකත් පහුවෙලානෙ.මෙයා කොහෙද මෙහෙ????" එහෙන් මල වැඩ.මෙහෙන් වෙන පිස්සු විකාරයක් වෙනවා.මට ඔක්කොම අඤ්ඤ කොරොස්.
වින්ධ්‍යා:-"දිනු...මොකද මෙතන???මම:- ආ..මම මේ ගෙදර යන්න කියල...වින්ධ්‍යා:-ඇත්තද??අර එන්නෙ සුමුදුත් දෙන්නවම මීට් උන එක හොඳයි....
ඇත්තමයි ඒ වෙලාවෙ පොලිඩෝල් බෝතලයක් තිබුනනම් බීගෙන,බීගෙන යනවා.මොකද මේ මොනවත් තවම දන්නෙ නැති සුමුදු ආපහු ගෙදර යන්න ස්ටැන්ඩ් එකට එනවා.අපි දෙන්නගෙම ගෙවල් ලඟ හින්ද එක බස් එකේනෙ යන්නෙ.
දෙයියනේ!!!!මොනවද මේ වෙන්න යන්නෙ.සුමුදු ලගට ආව විතරයි වින්ධ්‍යා මේ ඔක්කොම එයාට කිව්වා.මේ ඔක්කොටම වග කියන්න ඕනෙ මම අපතය වාගෙ මේ දෙන්න දිහා බලාගෙන ඉන්නවා.මෙන්න බොලේ දෙන්නම බදාගෙන අඬන්න ගත්තෙ නෑද්ද ස්ටෑන්ඩ් එක මැද්දෙ.මේ අස්සෙ මට අර "මල"ත් වැඩනෙ.මට දැන් මළ ගෙවල්,සුදු කොඩි,ගොක් කොල එහෙම මැවිල පේනවා.
ටික වෙලාවක් යනකොට වටේ පිටේ තියන පෙට්ටි කඩ වල බුවාල,ඇපල් තට්ටු වල පොරවල්,ප්‍රයිවට් බස් කොන්දල එහෙම ටික,ටික අපි දිහාට කිට්ටු වෙන්න ගත්තා.අවසිහියෙන් වාගෙ උනත් මට තේරුනා එන පොට හොඳ නෑ කියල.දෙන්නව දෙපැත්තට කරල සුමුදුගෙ අතින් අල්ල ගත්තා.එතකොටම වින්ධ්‍යා මම එයාට දීපු ලියුනුයි,රෝස මල් පොකුරුයි,බර්ත් ඩේ කාඩ් ඔක්කොම ටික මං දිහාට දමල ගහල යන්න ගියා.ඇත්තටම සුමුදු කියන්නෙ හරි හොඳ කෙල්ලෙක්....ඇස් දෙකේ කදුළු පුරෝගෙන එයා ඉක්මනට අර වින්ධ්‍යා විසි කරපුව ටික ඇහිලුවා.අහුලගෙන "අපි ඉක්මනට මෙතනින් යමු දිනේෂ්" කිව්වා.......
ඔන්න ඔහොමයි ඉතින් දෙන්නෙකුට ලව් කරන්න ගිහින් අන්තිමට උන දේ.මදෑ ඔයින් ගියා.
ප.ලි:- පිස්ස කියනව වාගෙ මේක මෙලෝ රහක් නැද්ද දන්නෙ නෑ.ඒ උනත් ඉතින් පරණ මතකෙ තිබිච්ච එකක් ඔන්න ඔහෙ ලියල දැම්මා.
කොහොමත් දැන් ඉතින් අන්තිමට "අකේලේ හම්" ..........................................................................