තාම වැඩට යන්න තරම් සනීපෙකුත් නැති හින්ද උදේ කම්මැලි කමට වාගෙ බලන්න romance film එකක් හොයනකොට තමයි මේක හම්බ උනේ.ටැමිල් ෆිල්ම් එකක්.2010 තමා out වෙලා තියෙන්නෙ.දැන් දැන් හින්දි ඒව බලන්න එච්චරම ෆිට් එකක් නෑ.මොකද හැම එකක්ම හොලිවුඩ් සිස්ටම් එකට වාගෙ නිෂ්පාදනය කරන්නෙ.ඉස්සර හින්දි ෆිල්ම් කොච්චර ලස්සනද??දිල්,සාජන්,දීවානා,දිල්වාලේ දුල්හානියා...මේ ලඟදි දිල්වාලේ දුල්හානියා සහ දිල්තො පාගල් bluray rip දෙකක් දැකල බාකියා ගත්තා.දෙකටම සබ් තිබුන නිසා එලටම තියනවා.
මේ මූවි එක ගැන කිව්වොත් කෙල්ලයි කොල්ලයි දෙන්නම දුප්පත්ම පවුල් දෙකක.ඒ වාගෙම කොල්ල හද්ද පිටිසර ගමේ හැදිච්ච එකෙක්.තාත්ත රැකියාව විදියට කලේ මේසන් වැඩ.ඒත් දවසක අවාසනාවන්ත විදියට තාත්ත වැඩට යන වෙලාවක කට්ටිය අරන් යන්න ආපු වාහනේ රේල්වේ ක්‍රොසින් එකකදි කෝච්චියට හැප්පිලා සියළු දෙනාම ජීවිතක්ෂයට පත් වෙනවා.ඊට පස්සෙ පවුලෙ බර කරට ගන්න වෙන්නෙ මේ කොල්ලට.ඔය අතරෙදි ගමට එනවා නඟරෙ ලොකු රෙදි කඩේකට සේවකයො එකතු කරගෙන යන්න සෙට් එකක්.පස්සෙ මේ කොල්ලයි උගෙ යාළුවයි එයාලත් එක්ක මේ කඩේ වැඩට යනවා.ගමෙන් යනකොට තිබුන සිහින ලෝකෙ එතෙන්ට ගියාට පස්සෙ එහෙම පිටින්ම බිඳ වැටෙනවා.අයිතිකාරය සහ අනිත් පාලකයො හරිම කෲර විදියට තමයි සේවකයන්ට සලකන්නෙ.කෙල්ලො,කොල්ලො විශාල ප්‍රමාණයක් මේකෙ වැඩ කරණවා.එතන ඉන්න එක කටකාර කෙල්ලෙක් සමඟ ඇතිවෙන ආදර සම්බන්ධතාවයකුත් එක්ක තමා කතාව ගලාගෙන යන්නෙ.
ෆිල්ම් එකේ මුලින්ම වාගෙ පෙන්නන්නෙ කෙල්ලටයි කොල්ලටයි අන්තිමට සිද්ද වෙන කරදරේක පොඩි සීන් එකක්.ඒ ගැන හිතන්නෙ නැතුව මූවි එක දිගටම බැලුවොත් අන්තිම හරියෙදි ඇඬෙන සයිස් එකට එනවා.නළු නිළියො එච්චර ලස්සන නැතිවෙන්න පුළුවන්.ඒ උනාට පොලවෙ පය ගහල ඉන්න උන් දෙන්නෙක්ගෙ ලස්සන ආදර කතාවක්.කියනවට නිකමට බාගෙන බලන්නකො.අකමැති කට්ටිය බලල බනින්න එහෙම එපා.මම කැමති ටිකක් මේ සිස්ටම් එකට,හික්.....හික්....ගැලරියෙ විසිල් පාරවල් එහෙමත් ඇහෙනවා.
මෙන්න ටොරන්ට් එක