
ටික දවසකින් මොනාවත්ලියන්නත් බැරි උනා.තේරුමක් නැති කතා ලියල මොකටද නිකන් සිංඩිය පුරවන්නෙ කියලත් හිතුනා.නවම් සහෝ ,තුසිත මලයා ,පිස්සි කෙල්ල ,පිණි බිඳු නංගා එහෙම ඇවිත් හොයලත් තිබුනා.ස්තුතියි කිව්ව ඕං මේ නර පනුව ගැන හොයල බැලුවට.කුනුහරපයක් හරි ලියන්න වෙලාවනෙ අප්පා වැඩේ.මේකෙ ඉන්න බොහොමයක් දෙනා A/C කාමර වල ඉඳගෙන බොහොම සුන්දර ජොබ් කරණ අය උනාට අපි ඉතිං යන්ත්‍ර සූත්‍ර අස්සෙනෙ දවසෙ වැඩි කාලයක්. ඒ උනාට මම ටයිම් තියන හැම වෙලාවෙම හැම බ්ලොගයක්ම වාගෙ කියවනවා.බලපු එකකට වචනෙක හරි comment එකක් නොදා යන්නෙත් නෑ.ලියන එකාගෙ ශක්තිය කියනවනෙ ඕක.කියනව නෙමෙයි එහෙම තමා.ගෙදර යන්න ඕනෙ කියල හිතාන හිටියට යන්න හිතෙන්නෙත් නෑ.වැඩ ටිකක් හිර උන වෙලාවට මොන මඟුලක්ද මේ කියල හිතුනට පස්සෙ "මේ මාසෙ නෙමෙයි ලබන මාසෙ පඩියත් අරගෙනම යනව"කියල හිතෙනව.අනේ මන්ද...?? හික්.....
මෙව්ව මේ මගෙ පාසැල් කාලෙ උන සත්‍ය සිදුවීම්.බලන කට්ටිය "කුපා" කියල කියන්න ඔට්ටු නෑ කිව්ව කලින්ම.මගෙ ස්කෝලෙ "අභීත අයිය" නම් දන්නව.නොදන්න අයට කියල ස්කෝලෙත් එක්ක චාටර් කරන්නෙ මොකටද.ශිෂ්‍යත්වෙන් තමා ගියෙ.කොහොම හරි අන්තිමට ගැන්සියට සෙට් උනේ වලටම බැහැල හිටිය ඩස්පින්ම සෙට් එක.එකෙක් හිටිය "සම්පත්" කියල.උගෙ ගෙදරට ඇඩ්රස් එක තිබුනෙ පේලි දෙකයි.k. නිමල්සිරි,වාරියපොල.නිමල්සිරි කියන්නෙ තාත්තගෙ නම.පුදුම වැඩේ කියන්නෙ ඒ ඇඩ්රස් එකට ලියුම් යනව.අපි ඉතිං පහ වසරෙ ඉඳල ඔය සෙට් එකත් එක්ක තමයි අනිත් පංති වලටත් මාරු උනේ.දහය එකොලහ වසර වලට එනකන්ම විශයන් දෙක තුනකට විතරයි සර්ල හිටියෙ.අනිත් ඔක්කොටම හිටියෙ වයස 30ට විතර අඩු මිස්ල.සමහර ටීචල අපිත් එක්ක මාර ෆිට්.සමහර අය උදේට ගුඩ් මෝනින් කිව්වත් "ම්..හ්" කියනව විතරයි.කරණ වැඩ වල හොඳ තමා.ඉංග්‍රීසි උගන්නන්න හිටිය මිස් තමා සේරගෙන්ම ලස්සනම එක්කෙනා.හැබැයි පංතියෙ තුන්වෙනි පේලියෙන් පිටිපස්සට එන්නෙ නෑ.දූෂණය කරණ මට්ටමේ උන් තමා හිටියෙ අන්තිම පේලිවල.
දවසක් ඔන්න 11 වසරෙදි.ටීච ආවා පාඩමට.අපිට ඉතිං දිව්‍ය ලෝකෙ ගියා වාගෙ.ගොඩක් වෙලාවට මොනව කිව්වත් වැඩිය ගනන් ගන්නෙ නෑ.එදා සමහර විට ගෙදරින්ම මල පැනල ආවද දන්නෙ නෑ.ටිකක් වෙලා උගන්න,උගන්න ඉන්නකොට "අසිත" කියල එකෙක්
"මිස්....අද හරි ලස්සනයි මිස්...."
"ඔන්න පටන් ගත්ත හැබිචෝල් ඇක්ශන් එක.ඔය පිස්සු විකාර නවත්තල පාඩම අහ ගන්නව."
ටිකක් වෙලා යනකොට අන්තිම පේළියෙ උන්ගෙ ටිකක් සද්දෙ වැඩියි.(අපි අන්තිම එකට ඉස්සරහ එකේ හොඳේ :D)
"ප්ලීස් සයිලන්ට්....මොකද ඔතන ඔය......,මධුරංග මොකද??"
"මිස් මේ විදිර කියනව මිස්ට ආදරෙයි කියන්නලු."
එතකොටම පොතත් දාල ටීච ගියා මලෙන්ම පංතියෙන් එලියට.එහා ක්ලාස් එකේ සර් ඇවිත් නැතිව නියෝජ්‍ය විදුහල් පති තුමා තමා පාඩමක් කර,කර හිටියෙ.දැන් ඉංග්‍රීසි මිස් ගිහින් කියනව ඇහෙනව
"සර්...අර විදිර මට උගන්නන්න දෙන්නෙ නෑ කරදර කරණව "කියල.ඔන්න සර් තුමා ආව තඩි වේවැලත් අරගෙන.
"මෙහාට එනව විදිර.තමුසෙලට ඕනෙ නැති උනාට මේ පංතියෙ තව ඉගෙන ගන්න ඕනෙ ලමයි ගොඩක් ඉන්නව.අල්ල ගන්නව බ්ලැක් බෝඩ් එක"
පිටටයි,පස්සටයි සුපිරි පාරවල් පහයි.සති ගානකට ඇති.පස්සෙ පොඩි දේශනාවක් එහෙම තියල ඔන්න සර් ගියා.විදිරයත් ගිහින් ඉඳ ගත්තා.කවුරුවත් මීක් නෑ.ටීචත් පාඩම කරල පැවරුමක් දීල පුටුවෙ වාඩි වෙලා ඉන්නවා.හැබැයි මූඩ් එක අවුල්.පීරියඩ් එක ඉවර වෙන්න විනාඩි දහයක් විතර තියෙද්දි ටීච
"විදිර එන්න".
ඔන්න මූත් ගියා.
"රිදෙනවද..?"
මෙච්චර වෙලා ඇඬුවෙ නැති එකාගෙ එහෙම අහපු ගමන් කඳුළු බිංදු දෙකක් කම්මුල දිගේ බේරෙනවා.එතකොටම ටීච මුගෙ අතින් අල්ලගෙන
"කෝ පෙන්නන්න පිට"
ෂිහ්....මට ගැහුවෙ නෑනෙ......ඔන්න දැන් ටීච විදිරයගෙ පිට අත ගානවා,කඳුළු පිහිනවා....ආදර කතාවක් වාගෙ.අපිට ඉරිසියාවෙ බෑ.අප්පා.....එහෙම ලස්සන මිස් කෙනෙක්.....එදා ඉඳල කොල්ලො වැඩිය මුකුත් කියන්න ගියෙ නැති උනාට කිව්වත් ටීච කාටවත් කියන්න ගියෙත් නෑ.ඒ වෙලාවෙ හිතේ තරහට සර්ට කිව්වට ඒ වාගෙ සියුමැලි හිතක් ඉදිරියෙ දීපු පාරවල් ටික ටීචට දරා ගන්න බැරි උනා කියල තමයි අපි අන්තිමට තීරණය කෙරුවෙ ඕං.
මේ සීන් එක උනේ 10 වසරෙදි.චිත්‍ර පීරියඩ් එකේදි.තිබුනෙ ද්‍රව්‍ය බලා ඇඳීමක්.චිත්‍ර මිස් තමයි දෙවනියට ලස්සන ස්කෝලෙන්ම.ඉඟ සුඟ ගත හැක මිටින.....හික්......වයස එතකොට 29යි.දැන් ඔන්න අපි අඳිනවා.ටික වෙලාවකින් මිස්
"කා ගාවද වතුර තියෙන්නෙ.දෙන්නකො කවුරු හරි"
ස්කෝලෙ වතුර සමහර දවස් වලට ක්ලෝරීන් වැඩි වෙලා බොන්න බෑ.ඔන්න එකෙක් පැනල දුන්න උගෙ බෝතලේ. ටීච ටිකක් බීල බෝතලේ දිහා බලල
" මේකෙන් බාගයක්ම තියෙන්නෙ කෙලනෙ.....හී....."
ඔන්න මගෙ නිකන් කට නලියනවා.
"එතකොටනෙ මිස් සෙක්ස් ගතිය වැඩි"
"මොකා......ක්......සෙක්ස්....,"
ලඟට ඇවිත් කන එහෙම මිරිකන ගමන්
"වතුර බොන එකෙයි සෙක්ස් වලයි සම්බන්දෙ මොකද්ද"
"නෑ.......මිස්......මං කිව්වෙ....වතුරවල නෙමෙයි......"
"හා ඇති,ඇති දීපු වැඩේ කරණව".
ඒ අපිත් එක්ක 8 වසරෙ විතර ඉඳන්ම ෆිට් ටීච කෙනෙක්.මගෙ හිතේ අපි 8දි තමා ඉස්සෙරවෙලාම ස්කෝලෙට ආවෙත්.
තව එක්කෙන්ක් තමයි විද්‍යාවට අළුතෙන් ආපු එක්කෙනා.ඇරපු අතක් නෑ ප්‍රීටි සින්ටම තමා.ඒත් අපි දහය වසරෙදි.ඔය වයස මහ මෝල් වයසනෙ.අපි හිටපු ක්ලාස් එකට ග්‍රවුන්ඩ් එක පැත්තෙන් සැරට හුළං පාර වදිනවා.ඉතිං රූම් එකේ දොරට අඩයක් තියල තියෙන්නෙ.නැත්තන් දොර වැහෙනවා.විද්‍යාව පීරියඩ් එකේදි කොල්ලො අඩේ හංගනවා.ඉතිං මිස් ඇවිත් විනාඩි ගානකින් දොර වැහෙනවා.දෙපාරක් විතර ගිහින් ඇරියට ආයෙමත් වැහුනාම ටීචත් වැඩේ අත ඇරල දානවා.ආපු අළුත, කොහොම හරි අපේ පංතිය තමයි ටීචට අල්ලලම ගිහින් තිබුනෙ.ඒ උනාට සමහර එවුන් මිස් පංතියට ආපු වෙලාවෙ ඉඳල ඉන්නෙ අවයවේ පිරි මැද,මැද.තව එවුන් එක,එක ස්ථාන වල නතර වෙලා කොහොම හරි පංතියෙන් බාගයක් විතර ප්‍රාණවත් කොරගෙන තමා ඉන්නෙ.නොසිතූ ලෙස දවසක් මට එහා පැත්තෙ ඌට
"නවීන් පොත ගේන්න"
දැන් මූට නැගිට ගැනීමේ අපහසුතාවයක්.ඌ තමයි අපේ ක්ලාස් එකේ නහය ලොකුම එකා.(දන්නෝ දනිති).
"මචං මේ පොත දීපන්"
ඉස්සරහ එකාට කියනවා.ටීච
"උයාට කිව්වෙ,උයාගෙ පොත උයා ගේන්න.මොකද නැගිටින්න බැරිද..?"
ඉස්සරහ පේලිවල එවුන්
"ඔව් මිස් මේ වෙලාවෙ නවීන්ට නැගිටින්න අමාරුයි"....ටීච
" එ මොකද?"
දැන් ඔක්කොම උන් හිනා වෙනවා.ටීචට වැඩේ මීටර්.ආයෙ පොත ඉල්ලුවෙ නෑ.පාඩම කරගෙන ගියා.හැබැයි ආයෙ කවදාවත් උගන්නන අතරතුර විශේෂයෙන් කොල්ලො කාටවත් නැගිටින්න කියල කිව්වෙත් නෑ......හික්....හික්......ස්කෝල ජීවිතේ තව ආතල් කතා ටිකක් තියනව.පස්සෙ ලියල දාන්නම්කො.