
තාම වැඩට යන්න තරම් සනීපෙකුත් නැති හින්ද උදේ කම්මැලි කමට වාගෙ බලන්න romance film එකක් හොයනකොට තමයි මේක හම්බ උනේ.ටැමිල් ෆිල්ම් එකක්.2010 තමා out වෙලා තියෙන්නෙ.දැන් දැන් හින්දි ඒව බලන්න එච්චරම ෆිට් එකක් නෑ.මොකද හැම එකක්ම හොලිවුඩ් සිස්ටම් එකට වාගෙ නිෂ්පාදනය කරන්නෙ.ඉස්සර හින්දි ෆිල්ම් කොච්චර ලස්සනද??දිල්,සාජන්,දීවානා,දිල්වාලේ දුල්හානියා...මේ ලඟදි දිල්වාලේ දුල්හානියා සහ දිල්තො පාගල් bluray rip දෙකක් දැකල බාකියා ගත්තා.දෙකටම සබ් තිබුන නිසා එලටම තියනවා.
මේ මූවි එක ගැන කිව්වොත් කෙල්ලයි කොල්ලයි දෙන්නම දුප්පත්ම පවුල් දෙකක.ඒ වාගෙම කොල්ල හද්ද පිටිසර ගමේ හැදිච්ච එකෙක්.තාත්ත රැකියාව විදියට කලේ මේසන් වැඩ.ඒත් දවසක අවාසනාවන්ත විදියට තාත්ත වැඩට යන වෙලාවක කට්ටිය අරන් යන්න ආපු වාහනේ රේල්වේ ක්‍රොසින් එකකදි කෝච්චියට හැප්පිලා සියළු දෙනාම ජීවිතක්ෂයට පත් වෙනවා.ඊට පස්සෙ පවුලෙ බර කරට ගන්න වෙන්නෙ මේ කොල්ලට.ඔය අතරෙදි ගමට එනවා නඟරෙ ලොකු රෙදි කඩේකට සේවකයො එකතු කරගෙන යන්න සෙට් එකක්.පස්සෙ මේ කොල්ලයි උගෙ යාළුවයි එයාලත් එක්ක මේ කඩේ වැඩට යනවා.ගමෙන් යනකොට තිබුන සිහින ලෝකෙ එතෙන්ට ගියාට පස්සෙ එහෙම පිටින්ම බිඳ වැටෙනවා.අයිතිකාරය සහ අනිත් පාලකයො හරිම කෲර විදියට තමයි සේවකයන්ට සලකන්නෙ.කෙල්ලො,කොල්ලො විශාල ප්‍රමාණයක් මේකෙ වැඩ කරණවා.එතන ඉන්න එක කටකාර කෙල්ලෙක් සමඟ ඇතිවෙන ආදර සම්බන්ධතාවයකුත් එක්ක තමා කතාව ගලාගෙන යන්නෙ.
ෆිල්ම් එකේ මුලින්ම වාගෙ පෙන්නන්නෙ කෙල්ලටයි කොල්ලටයි අන්තිමට සිද්ද වෙන කරදරේක පොඩි සීන් එකක්.ඒ ගැන හිතන්නෙ නැතුව මූවි එක දිගටම බැලුවොත් අන්තිම හරියෙදි ඇඬෙන සයිස් එකට එනවා.නළු නිළියො එච්චර ලස්සන නැතිවෙන්න පුළුවන්.ඒ උනාට පොලවෙ පය ගහල ඉන්න උන් දෙන්නෙක්ගෙ ලස්සන ආදර කතාවක්.කියනවට නිකමට බාගෙන බලන්නකො.
අකමැති කට්ටිය බලල බනින්න එහෙම එපා.මම කැමති ටිකක් මේ සිස්ටම් එකට,හික්.....හික්....ගැලරියෙ විසිල් පාරවල් එහෙමත් ඇහෙනවා.
අප්පට සිරි...ලිස්ට් එක නම් ෆුල් වෙලා තියෙන්නේ.....තව දවසකින් විතර බා කියා ගන්න ඇහැකි වෙයි....
ReplyDeleteබයිස්කෝප් සයිට් එකට දෙවියන්ගේම පිහිටයි... :දිව දොට්ට ......
අයියා ෆුල් රොමැන්ස් පොරක් නේ!!
ReplyDeleteරත්ගමයගේ දිව දොට්ට එක මරු හික්ස්
මචං අයියේ ඉක්මනට සනීප වෙයංකෝ තවම අසනීපද ? වතුර පාගන්න යන්න එපා !
ReplyDeleteමටනම් ආසාවටවත් බාන්න වෙන්නේ නෑ
ඒකට මොකෝ ..ඔන්න ඔහොම අපිට ෆිල්ම් එකකුත් දීලම යන්න ..හැබැයි ඉතින් අයියා කොච්චර ලස්සන ෆිල්ම් දුන්නත් මම කොහොමද බලන්නේ මගේ ජාලයේ වේගය 12KBPS ඈඬෙව නේද ..ඔයාට නම් පට්ට වේගයක් සහිත ජාලයක් පාවිච්චි කරනවා ඇති නේද ?
ජය වේවා !!!
@ රත්ගමයා,
ReplyDeleteමේක අහම්බෙන් දැකපු එකක් බං.සමහර එවුන්ටනම් මෙලෝරහක් නැතිවෙයි.මොකද සවුන්ඩ් එක ටිකක් අවුල්.ගොඩක් නෙමෙයි ටිකක්.
බං කිව්වට උඹ තාම පොඩි එකානෙ නේද...??
@සූර සරදියෙල්,
හික්.......මේ අලි,කූඹි කතා ටිකක් ලියපංකො මේ දවස් ටිකේ බලන්න.
@ හිස් අහස,
ඔව් බං මේ නාන්න එහෙම ගියාමනම් දස වදේ.මොකද නාවන්න එහෙම කියල කවුරුවත් ඉන්න එකක්යැ.
යකෝ 12KBPS.........!!! ඇඬලෙනවනෙ.හිටුකො මං එන්න කලින් 2TB විතර HDD එකක් අරන් බෑවෙන්න දානව තියන ඔක්කොම ටික. මගෙ registar side ටෲ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 10MB.
අර මොකද්ද එකේ පෙන්නන්නෙ 100 MBPS කියල.
අයියා ජපානේ නේ ඉන්නේ!! එහේ රටම wi-fi ද? පිස්සු ආතල් නේ
ReplyDeleteබාන්න බලන්න ඕනෙ උපාසකට කියලා. පුරුපුරුගෙනං මොබිටෙල් උපහාරයක් තියෙන්නෙ
ReplyDeleteඑහෙම තමයි අයියා මම දුපත් කොල්ලෙක් .. මගේ ගමට 3G වත් නෑ
ReplyDeleteඉතින් නෝමල් සිග්නල් වලින් තමා නෙට් යන්නේ ..
10MB මට කලන්තේ වගේ ... මගේ හාඩ් ඩිස්ක් එකේ ෆයිල් කොපි වෙන වේගෙත් 8MB විතර P III එකක් ඒකයි ..
යකඩො 10MB කියන්නෙ ෆිල්ම් එහෙම සුටුස් ගාල බාන්න පුලුවන් නේ..ෆිල්ම් එක සිලෙක්ට් කරල තේ එකක් හදා ගෙන එන කොට බලන්න පුලුවන් නෙ...හරි එහෙනම් මාත් තව එක්ස්ටර්නල් හාඩ් එකක් ගන්නම්..උඹ ආවම ඇවිල්ල ෆිල්ම් දාගෙන බයික් පැදල යන්න බැරියෙ.
ReplyDeleteඅනේ බං ඉක්මණට වරකො..
@ සූර සරදියෙල්,
ReplyDeletehospital, post office, station, bank ඔය තැන්වල wi-fi ෆ්‍රී.පිස්සු නේන්නම් තියන පහසුකම් දැක්කම.
@blog gadol,
ඔව්...පුළුවන් වෙලාවක, පුළුවන් විදියකට බාගෙන බලපන්කො.
@ හිස් අහස,
ReplyDeleteඇත්තටම මට ආඩම්බරයි බං උඹ ඔය තත්වයක් යටතේ බ්ලොගේවත් පවත්වාගෙන යන එක ගැන.මම එහෙමනම් අත ඇරල දාලා.
@ පැda,
උඹ නිකං බඩුවක් වාගෙනෙ ඉක්මණට වරෙන්කො කියන්නෙ....හික්.....හික්.....මොනවද කියන්නෙ 6TB ක බාපු bluray ම තියනවා.
ai bola kathawa kiwwe? den film eke rasa aduwenawane....
ReplyDeleteකමෙන්ට් හැම තැනදීම දැකලා තිබුණාට අද තමයි ඔන්න බ්ලොග් එකේ ඔක්කෝම කියෝලා ඉවර කළේ.අභීත අයියා කිව්වා වගේ මේ නම් පිස්සු කෝච්චියක්ම තමයි..
ReplyDeleteඇත්තටම හින්දි ෆිල්ම් වලටත් වඩා සමහර දෙමළ ෆිල්ම් ලස්සනයි. නළු නිළියො කැත වෙන්න පුලුවන්. ඒත් හිතට දැනෙන කතාවක් තියෙනවා. ලඟදි මම බැලුවා දෙමළ ෆිල්ම් එකක් Vinethandi Varuvaya කියලා. ලස්සනයි. ආදරය ගැන වෙනමම ඇහැකින් බලලා.
ReplyDeleteආ මම සඳරුගෙ පෝස්ට් එකේ ඔයාගෙ කමෙන්ට් එක දැක්කා. අයියෝ අය්යෙ ආවෙ නැත්තෙ මම ගෙදර ගිහින් හිටියා. අපි ඉතින් රස්සා මෙහෙ කරාට වැව් බැඳි රාජ්ජේ නොවැ. මූණු පොතේ ඉන්නවද?
ReplyDelete@prasanna86k,
ReplyDeleteමුල ටික විතරයි කියල තියෙන්නෙ.හොඳ හරිය පස්සට.මාළු මල්ලි යශෝදරා වත ඉවරද...??
@මුතු මැණික් ,
මම ඉතිං කියවන හැම බ්ලොගේටම comment එකක් දාන්න අමතක කරන්නෙ නෑ.ලියන කෙනාගෙ ශක්තිය කියනවනෙ ඕක.ඔන්න ඔයාගෙ එකත් follower කරා.
මම ඉතිං තනිකරම පිස්සු බුවානෙ. ස්තුතියි කිව්ව ඕං ඇවිත් ගියාට.
@පිණිබිඳු... ,
සේරටම කලින් ඔයා බලපු මූවි එක බාන්න දාල තමයි මේ rply එක දාන්නෙත්.මේ දවස් වල Romance film උන.මම කොහොමත් කීප දෙනෙක් ඇරුනාම දන්න කියන නළු නිළියන්ට වැඩිය interest නෑ.අනික සැබෑ ජීවිතේදි ඔය පුයර බබ්බු දකින්න නෑනෙ.tamil, තෙලිඟු ෆිල්ම් ටිකක් අපිට ගැලපෙන විදියට තියනවා.නිළියො උනත් අපි පාරෙ තොටේදි දකින කෙල්ලන්ගෙ ලුක් එක තමා තියෙන්නෙ.
නැහැ....ටික දවසක් පේන්න හිටියෙ නැති හින්ද ඉතිං හොයල බලන එක යාළුවන්ගෙ යුතුකම් නොවැ :) රික් එකක් දාන්නකො (dinesh hevarathna)
ඇක්සෙප්ට් කොරන්ට ඈ.. L S W
ReplyDeleteඉක්මනට සනීප වෙන්න කියල ප්‍රර්ථනා කරනව..
ReplyDeleteඅපිටනම් මේව බානව කියන එක හීනයක් විතරයි අයියෙ.... මේ line වල page එක load වෙන්න දාල තේකක් හදන් එනකොට page එකෙන් භාගයක් විතර load වෙලා... හික්ස්...
කමක් නෑ පැන්ඩගෙන් ඉල්ලගමුකො නේද???
යශෝධරා වත තව තියෙනවා බං. උඹ ඒකට කැමතියි වගේ?
ReplyDelete@ පිණිබිඳු... ,
ReplyDeletedone
@ කේෂාන් De சில்வா,
ලබන සතිය දිහාවෙනකොටනම් වැඩට යා ගන්න ඕනෙ.
හැබෑටම එච්චර ස්ලෝද?මෙහෙ මවුස් පොයින්ට් එක තියන පරක්කුව විතරයි .පේජ් 10ක් 15ක් උනත් එක දිගට ඕපන් කරන්න පුළුවන් කිසිම ගේමක් නැතුව.හෆොයි....තව ටික දවසනෙ.පස්සෙ ඉතිං slt උනත් මටත් ඔය දුකම තමා.
මල්ලියි පැන්ඩයි එක යුනියෙද ඉන්නෙ..??
@ prasanna86k
ඔව් බං.ඒකෙ සමහර සීන් හිතේ ඇඳිල වාගෙත් තියනවා.අනික උඹ ලියන විදියත් අමුතුයිනෙ.
ඔය 10MB කතා මෙහෙ එවුන්ට කියන්න එපා බං. අපිට වාවෙන්නෙ නෑ. උඹල හදන්නෙ ඔය අපිට අපේ මාතෘ භූමිය කෙරේ තියෙන ගෞරවය නැති කොරන්න.
ReplyDeleteමල්ලි .. අර බා ගත්ත කිව්ව හිංදි දෙකත් අපට දෙන්නකො... [ සබ් එක්ක]
ReplyDelete@kumaraya,
ReplyDeleteමොනවද අයියා...www.torrentz.com එකට ගිහින් "dilwale dulhaniya le jayenge 1995 movie"කියල සර්ච් කරල බලන්නකො. bluray rip එකකුත් තියනවා. (sub කිව්වෙ සිංහල නෙමෙයි english හොඳේ.)
අනික "Dil To Pagal Hai 1997 " ඒකෙත් 720p bluray rip එකක් තියනවා.
@ranga,
මටත් වාවන්නෙ නෑ බං ගෙදර යන්න ඕනෙ කියල මතක් වෙනකොට.අනේ.......ලබන ආත්මෙනම් මෙහෙම උපදින්න ඕනෙ.
මේ ෆිල්ම් දෙකත් පුලුවන් නන් බාලා බලන්න ලස්සන ලව් ස්ටොරි දෙකක්
ReplyDeletehttp://www.baiscopelk.com/?p=3959
http://www.baiscopelk.com/?p=3977
අය්යට පුලුවන්ද තායිලන්තෙ ඉන්න මිනිස්සු ගැනුද පිරිමිද කියල අඳුර ගන්න දැක්ක ගමන්??
මම එහෙ ගියාම නන් හිතුවෙ ඒ ගොල්ලො ඔක්කොමලා double අය කියලා .
සිත්තර පටිය බලලම කියන දෙයක් කියන්නම්...
ReplyDelete@pissi,
ReplyDeleteසුදු නංගිට ගොඩා........ක් තැන්කූ........හෙට දවසෙ කරන්න වැඩක් හොයල දුන්නට.
ඔයා කියපු කතාවනම් හරිටම හරි.මුන් මොක්කුද කියල හොයා ගන්න බෑ තමා.දවසක් එකෙක් ආව යාළුවෙක් හම්බ වෙන්න කියල.පස්සෙ මං ඒ රටේ මගෙ යාළුවෙක්ගෙන් ඇහුව එයා කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියල.මූ කියපි "හාෆ්,හාෆ්" කියල.
අනික බැංකොක් වලින් එහාට ඉන්න උන්ගෙ කිසිම හැදියාවක් නෑ.
@ subashblog ,
මම ඉතිං romance film වලට කැමති එකා හින්ද මට අල්ලල ගියාට උඹට කොහොම වෙයිද දන්නෙ නෑ:)
ඇඩෙනවා නම් බලනවා බොරු... අපෝ මඩ හැලියක ඔලුව ඔබාගන්න එක හොදයි අඩන ශෝ එකක් බලනවාට වඩා..
ReplyDeleteමේ මාසයේ බිල අප්ඩේට් වෙන්න ලං උනාම ඔය ටොරන්ට් එක දාන්න ඕනේ.
ReplyDeleteදැන් නම් හින්දි චිත්‍රපටි ගන්න දෙයක් නෑ ඔක්කොම හොලිවුඩ් වෙලා. ඉස්සර වගේ හින්දි ගතිය නෑ. දෙමල ඒවට එහෙම වෙලා නැතුව ඇති.
10 MB අම්මේ මගෙ පපුව. බොලං මේ වම් පැත්තෙ හිරියක් වගේ එනෝ....... !!!
ReplyDeleteමොන මඟුලකට කිව්වද බං ඕක.දැං ඉතිං අපි හූල්ලලම ඕකට කෙලවෙල යයිනෙ. අයි.ඩී.ඩී හීල්ලිලක් නෙව අපිට තියෙන්නෙ. :)
@ නිම්ශා,
ReplyDeleteඅපෝ.......පුරුද්දද මන්ද.....කමක් නෑ ඉතිං කැමතිනම් එහෙමවත් කර ගම්මු.
@ මධුරංග,
ඔව් බං.දැන් හින්දි එව්වට හරි හමන් නළුවො නෑ.පට්ට නාකි උන් තමා තාමත් ඉන්නෙ.
@nawammawatha,
ඇතිතරම් හූල්ලපන් මචං.තව ටික දවසනෙ.දැනටමත් ලැපට wi-fi සිග්නල් 4ක් තියනවා.එකක් නැති උනොත් අනිකට කනෙක්ට් කර ගන්න පුළුවන්නෙ.
ඔන්න මෙහෙ ඇවිල්ලනම් 10MB සෙල්ලම් බැහැ හොදේ.ඇත්ත තමයි මේ 10MB කතාව ඇහුවම ටිකක් අපේ රට ගැන දුකයි තමයි.
ReplyDeleteදැන් තමා බලලා ඉවර උනේ මේවා දකිද්දි අපි ඉන්නෙ දිව්‍යලෝක වල කියලා හිතෙනවා.කතාව නම් කියලා වැඩක්නෑ මොනවා උනත් කාලෙකට පස්සෙ මට ඈඩුනා.
ReplyDelete@JHOTHISHALANKA,
ReplyDelete10MB උනාට බිලනම් ලංකාවෙ ගානමයි.ඒ කිව්වෙ මාසෙට 2000ක් විතර තමා වෙන්නෙ.
@subashblog,
ඇත්තමයි බං මටත් අන්තිම හරියෙදි නොදැනිම කඳුලු ආවා.මෙන්න නියම ලව් නේ මචා.
සතියකින් විතර මෙලෝ මගුලක් ලියා නැත. දැං ප්‍රේක්ෂක ජනතාවට මළ පැනීමට ආසන්නය. කිමෙක් නම් අකරතැබ්බයක් වීද තට?
ReplyDeleteසද්දයක් නැත්තෙ මොකෝ ආයෙත්. ප්‍රේක්ෂක ජනතාවට තද වී ඇති බව නම් සත්‍යය.
ReplyDeleteප්‍රේක්ෂක ජනතාවට තද වී ඇත...
ReplyDeletemonawahari liyapan... uba lankawata awada?????
ReplyDeleteඋඹට මේ දවස් වල මොනව හරි අවුලක් ද? එහෙම නැත්නං ලියන්න හිතෙන්නෙම නැද්ද බං?
ReplyDelete@nawammawatha,පිණිබිඳු...,pissi ,Thusitha Jayasinghe ,
ReplyDeleteමේ වාගෙ යාළුවො සැට් එකක් ඉන්න එක ගැන මාර හැපි.වෙලාව නොවැ වැඩේ.
හලෝ දිනේශ් අයියා...කොහෙද ඔයා...
ReplyDelete