
ටික දවසකින් මොනාවත්ලියන්නත් බැරි උනා.තේරුමක් නැති කතා ලියල මොකටද නිකන් සිංඩිය පුරවන්නෙ කියලත් හිතුනා.නවම් සහෝ ,තුසිත මලයා ,පිස්සි කෙල්ල ,පිණි බිඳු නංගා එහෙම ඇවිත් හොයලත් තිබුනා.ස්තුතියි කිව්ව ඕං මේ නර පනුව ගැන හොයල බැලුවට.කුනුහරපයක් හරි ලියන්න වෙලාවනෙ අප්පා වැඩේ.මේකෙ ඉන්න බොහොමයක් දෙනා A/C කාමර වල ඉඳගෙන බොහොම සුන්දර ජොබ් කරණ අය උනාට අපි ඉතිං යන්ත්‍ර සූත්‍ර අස්සෙනෙ දවසෙ වැඩි කාලයක්. ඒ උනාට මම ටයිම් තියන හැම වෙලාවෙම හැම බ්ලොගයක්ම වාගෙ කියවනවා.බලපු එකකට වචනෙක හරි comment එකක් නොදා යන්නෙත් නෑ.ලියන එකාගෙ ශක්තිය කියනවනෙ ඕක.කියනව නෙමෙයි එහෙම තමා.ගෙදර යන්න ඕනෙ කියල හිතාන හිටියට යන්න හිතෙන්නෙත් නෑ.වැඩ ටිකක් හිර උන වෙලාවට මොන මඟුලක්ද මේ කියල හිතුනට පස්සෙ "මේ මාසෙ නෙමෙයි ලබන මාසෙ පඩියත් අරගෙනම යනව"කියල හිතෙනව.අනේ මන්ද...?? හික්.....
මෙව්ව මේ මගෙ පාසැල් කාලෙ උන සත්‍ය සිදුවීම්.බලන කට්ටිය "කුපා" කියල කියන්න ඔට්ටු නෑ කිව්ව කලින්ම.මගෙ ස්කෝලෙ "අභීත අයිය" නම් දන්නව.නොදන්න අයට කියල ස්කෝලෙත් එක්ක චාටර් කරන්නෙ මොකටද.ශිෂ්‍යත්වෙන් තමා ගියෙ.කොහොම හරි අන්තිමට ගැන්සියට සෙට් උනේ වලටම බැහැල හිටිය ඩස්පින්ම සෙට් එක.එකෙක් හිටිය "සම්පත්" කියල.උගෙ ගෙදරට ඇඩ්රස් එක තිබුනෙ පේලි දෙකයි.k. නිමල්සිරි,වාරියපොල.නිමල්සිරි කියන්නෙ තාත්තගෙ නම.පුදුම වැඩේ කියන්නෙ ඒ ඇඩ්රස් එකට ලියුම් යනව.අපි ඉතිං පහ වසරෙ ඉඳල ඔය සෙට් එකත් එක්ක තමයි අනිත් පංති වලටත් මාරු උනේ.දහය එකොලහ වසර වලට එනකන්ම විශයන් දෙක තුනකට විතරයි සර්ල හිටියෙ.අනිත් ඔක්කොටම හිටියෙ වයස 30ට විතර අඩු මිස්ල.සමහර ටීචල අපිත් එක්ක මාර ෆිට්.සමහර අය උදේට ගුඩ් මෝනින් කිව්වත් "ම්..හ්" කියනව විතරයි.කරණ වැඩ වල හොඳ තමා.ඉංග්‍රීසි උගන්නන්න හිටිය මිස් තමා සේරගෙන්ම ලස්සනම එක්කෙනා.හැබැයි පංතියෙ තුන්වෙනි පේලියෙන් පිටිපස්සට එන්නෙ නෑ.දූෂණය කරණ මට්ටමේ උන් තමා හිටියෙ අන්තිම පේලිවල.
දවසක් ඔන්න 11 වසරෙදි.ටීච ආවා පාඩමට.අපිට ඉතිං දිව්‍ය ලෝකෙ ගියා වාගෙ.ගොඩක් වෙලාවට මොනව කිව්වත් වැඩිය ගනන් ගන්නෙ නෑ.එදා සමහර විට ගෙදරින්ම මල පැනල ආවද දන්නෙ නෑ.ටිකක් වෙලා උගන්න,උගන්න ඉන්නකොට "අසිත" කියල එකෙක්
"මිස්....අද හරි ලස්සනයි මිස්...."
"ඔන්න පටන් ගත්ත හැබිචෝල් ඇක්ශන් එක.ඔය පිස්සු විකාර නවත්තල පාඩම අහ ගන්නව."
ටිකක් වෙලා යනකොට අන්තිම පේළියෙ උන්ගෙ ටිකක් සද්දෙ වැඩියි.(අපි අන්තිම එකට ඉස්සරහ එකේ හොඳේ :D)
"ප්ලීස් සයිලන්ට්....මොකද ඔතන ඔය......,මධුරංග මොකද??"
"මිස් මේ විදිර කියනව මිස්ට ආදරෙයි කියන්නලු."
එතකොටම පොතත් දාල ටීච ගියා මලෙන්ම පංතියෙන් එලියට.එහා ක්ලාස් එකේ සර් ඇවිත් නැතිව නියෝජ්‍ය විදුහල් පති තුමා තමා පාඩමක් කර,කර හිටියෙ.දැන් ඉංග්‍රීසි මිස් ගිහින් කියනව ඇහෙනව
"සර්...අර විදිර මට උගන්නන්න දෙන්නෙ නෑ කරදර කරණව "කියල.ඔන්න සර් තුමා ආව තඩි වේවැලත් අරගෙන.
"මෙහාට එනව විදිර.තමුසෙලට ඕනෙ නැති උනාට මේ පංතියෙ තව ඉගෙන ගන්න ඕනෙ ලමයි ගොඩක් ඉන්නව.අල්ල ගන්නව බ්ලැක් බෝඩ් එක"
පිටටයි,පස්සටයි සුපිරි පාරවල් පහයි.සති ගානකට ඇති.පස්සෙ පොඩි දේශනාවක් එහෙම තියල ඔන්න සර් ගියා.විදිරයත් ගිහින් ඉඳ ගත්තා.කවුරුවත් මීක් නෑ.ටීචත් පාඩම කරල පැවරුමක් දීල පුටුවෙ වාඩි වෙලා ඉන්නවා.හැබැයි මූඩ් එක අවුල්.පීරියඩ් එක ඉවර වෙන්න විනාඩි දහයක් විතර තියෙද්දි ටීච
"විදිර එන්න".
ඔන්න මූත් ගියා.
"රිදෙනවද..?"
මෙච්චර වෙලා ඇඬුවෙ නැති එකාගෙ එහෙම අහපු ගමන් කඳුළු බිංදු දෙකක් කම්මුල දිගේ බේරෙනවා.එතකොටම ටීච මුගෙ අතින් අල්ලගෙන
"කෝ පෙන්නන්න පිට"
ෂිහ්....මට ගැහුවෙ නෑනෙ......ඔන්න දැන් ටීච විදිරයගෙ පිට අත ගානවා,කඳුළු පිහිනවා....ආදර කතාවක් වාගෙ.අපිට ඉරිසියාවෙ බෑ.අප්පා.....එහෙම ලස්සන මිස් කෙනෙක්.....එදා ඉඳල කොල්ලො වැඩිය මුකුත් කියන්න ගියෙ නැති උනාට කිව්වත් ටීච කාටවත් කියන්න ගියෙත් නෑ.ඒ වෙලාවෙ හිතේ තරහට සර්ට කිව්වට ඒ වාගෙ සියුමැලි හිතක් ඉදිරියෙ දීපු පාරවල් ටික ටීචට දරා ගන්න බැරි උනා කියල තමයි අපි අන්තිමට තීරණය කෙරුවෙ ඕං.
මේ සීන් එක උනේ 10 වසරෙදි.චිත්‍ර පීරියඩ් එකේදි.තිබුනෙ ද්‍රව්‍ය බලා ඇඳීමක්.චිත්‍ර මිස් තමයි දෙවනියට ලස්සන ස්කෝලෙන්ම.ඉඟ සුඟ ගත හැක මිටින.....හික්......වයස එතකොට 29යි.දැන් ඔන්න අපි අඳිනවා.ටික වෙලාවකින් මිස්
"කා ගාවද වතුර තියෙන්නෙ.දෙන්නකො කවුරු හරි"
ස්කෝලෙ වතුර සමහර දවස් වලට ක්ලෝරීන් වැඩි වෙලා බොන්න බෑ.ඔන්න එකෙක් පැනල දුන්න උගෙ බෝතලේ. ටීච ටිකක් බීල බෝතලේ දිහා බලල
" මේකෙන් බාගයක්ම තියෙන්නෙ කෙලනෙ.....හී....."
ඔන්න මගෙ නිකන් කට නලියනවා.
"එතකොටනෙ මිස් සෙක්ස් ගතිය වැඩි"
"මොකා......ක්......සෙක්ස්....,"
ලඟට ඇවිත් කන එහෙම මිරිකන ගමන්
"වතුර බොන එකෙයි සෙක්ස් වලයි සම්බන්දෙ මොකද්ද"
"නෑ.......මිස්......මං කිව්වෙ....වතුරවල නෙමෙයි......"
"හා ඇති,ඇති දීපු වැඩේ කරණව".
ඒ අපිත් එක්ක 8 වසරෙ විතර ඉඳන්ම ෆිට් ටීච කෙනෙක්.මගෙ හිතේ අපි 8දි තමා ඉස්සෙරවෙලාම ස්කෝලෙට ආවෙත්.
තව එක්කෙන්ක් තමයි විද්‍යාවට අළුතෙන් ආපු එක්කෙනා.ඇරපු අතක් නෑ ප්‍රීටි සින්ටම තමා.ඒත් අපි දහය වසරෙදි.ඔය වයස මහ මෝල් වයසනෙ.අපි හිටපු ක්ලාස් එකට ග්‍රවුන්ඩ් එක පැත්තෙන් සැරට හුළං පාර වදිනවා.ඉතිං රූම් එකේ දොරට අඩයක් තියල තියෙන්නෙ.නැත්තන් දොර වැහෙනවා.විද්‍යාව පීරියඩ් එකේදි කොල්ලො අඩේ හංගනවා.ඉතිං මිස් ඇවිත් විනාඩි ගානකින් දොර වැහෙනවා.දෙපාරක් විතර ගිහින් ඇරියට ආයෙමත් වැහුනාම ටීචත් වැඩේ අත ඇරල දානවා.ආපු අළුත, කොහොම හරි අපේ පංතිය තමයි ටීචට අල්ලලම ගිහින් තිබුනෙ.ඒ උනාට සමහර එවුන් මිස් පංතියට ආපු වෙලාවෙ ඉඳල ඉන්නෙ අවයවේ පිරි මැද,මැද.තව එවුන් එක,එක ස්ථාන වල නතර වෙලා කොහොම හරි පංතියෙන් බාගයක් විතර ප්‍රාණවත් කොරගෙන තමා ඉන්නෙ.නොසිතූ ලෙස දවසක් මට එහා පැත්තෙ ඌට
"නවීන් පොත ගේන්න"
දැන් මූට නැගිට ගැනීමේ අපහසුතාවයක්.ඌ තමයි අපේ ක්ලාස් එකේ නහය ලොකුම එකා.(දන්නෝ දනිති).
"මචං මේ පොත දීපන්"
ඉස්සරහ එකාට කියනවා.ටීච
"උයාට කිව්වෙ,උයාගෙ පොත උයා ගේන්න.මොකද නැගිටින්න බැරිද..?"
ඉස්සරහ පේලිවල එවුන්
"ඔව් මිස් මේ වෙලාවෙ නවීන්ට නැගිටින්න අමාරුයි"....ටීච
" එ මොකද?"
දැන් ඔක්කොම උන් හිනා වෙනවා.ටීචට වැඩේ මීටර්.ආයෙ පොත ඉල්ලුවෙ නෑ.පාඩම කරගෙන ගියා.හැබැයි ආයෙ කවදාවත් උගන්නන අතරතුර විශේෂයෙන් කොල්ලො කාටවත් නැගිටින්න කියල කිව්වෙත් නෑ......හික්....හික්......ස්කෝල ජීවිතේ තව ආතල් කතා ටිකක් තියනව.පස්සෙ ලියල දාන්නම්කො.
ආතල් කතා සෙට් එක.
ReplyDeleteනහය ලොකු එකා? :P
අඩේ අන්තිම එක තමා ෆට්ට... හෙහ් හෙහ් හේ...
ReplyDeleteනහය ලොකුම එකා... :D
හපෝ ෂික් :D
ReplyDeleteඕකෙ කෙල්ලො හිටියේ නැද්ද බං?
ReplyDelete@තාරක Dilsh@n,
ReplyDeleteනොදන්න එකෙක් නෑනෙ නේ බං,නහයෙ සීන් එක. හික්.......
@සෝරෝ,
ඒ දවස්වල ටිකක් තේරුමකුත් නෑ වාගෙනෙ බං.ඔහෙ හිතට එන එක කියල දානවා.
@ Kanishka කණියා,
හික්.....හික්....කෙල්ලො හිටියනම් කොහෙද බං මෙහෙම මෝලක්.මේක boys එකක්.
අඩේ බං මොකක්ද බං ඉස්කෝලේ මටත් කියපන්කෝ. මම ආයෙත් ඉස්කෝලේ යනවා :D
ReplyDeleteනහය දිගම එකා කිව්වා නේද ;)
සුපිරි ස්ටෝරියක් බං!
නියම කතා ටික දිනේශ් අයියේ . ඔයාගෙන් කාලෙකට පස්සේ පෝස්ට් එකක් බලන්න ලැබීමත් සතුටක් .. ඔයා ගියේ boys ඉස්කෝලෙකටද ? ඒක තමයි ...වෙලා තියෙන්නේ . හැබැයි කතාවේ හැටියට දිනේශ් අයිය තමයි පන්තියේ ඉඳලා තියන වල් නොවන එකම කොල්ලා . ඉතින් ඔතන අපිට නොකියන දේවලුත් ඇති නේද ?
ReplyDeleteඅපේ ඉස්කෝලවල හිටපු ටීචර්ලාට කවම කවදාකවත් අපි ඔහොම විහිලු කරේ නෑ (කරන්න වාසනාව තිබ්බේ නෑ)ඇයි අපේ ඉස්කෝලවලට එන්නෙම වයස 35 පැන්න කට්ටිය . එයාලට ඉතින් හොස්ස ලඟින් මැස්ස යන්න බෑ . ඇත්තටම අපි ඉස්කෝලේ යනකාලේ වැඩි පුරම කැමති සර්ල අපේ පන්තිවලට එනවට .
පඩි ගත්තම හිතෙනවලු ලංකාවට එන්න බෑ කියලා ඇයි බොලේ ? රට සල්ලි ඒතරමට හිතට ඇල්ලුවද ? ලංකාවට ඉක්මනට වරෙං අයියේ අවුරුද්ද අල්ලලාම වරෙං . දැං ඉතිං පට්ට බයික් එකකුත් තියන එකේ . ඕනම අස්සක මුල්ලක ඉගිල්ලුන හැකිනේ .
දිනේශ් අයියගේ කතාවක් අහන්නේ නැතුව මේදවස්වල කාපු බීපුව ඇඟට අල්ලත් නෑ ... . සතියකට සැරයක්වත් ඔන්නඔය මොනාහරි ලියපං අයියා ...
නොදකින්..ඉකේයියා වනචරයා...කුපා නෙමේ බොල හරි වචනේ....කුප්පයා......
ReplyDeleteඇන්ඩ් අයි ඈම් ද ඔන්ලි කුප්පයා ඉන් හෝල් බ්ලොග් හිස්ටරි
අප්පේ මේ ඇවිත් ඉන්නේ කාලේකට පස්සේ....
ReplyDeleteඅපි බයේ හිටියේ අර ටොම් බොයි කෙනෙක් හින්දා අයෙත් හදිසි අනතුරක්වත් උනාද කියලා උනාද කියලා.... :)
නහය දිග කතාවනම් සුපිරි...!!
පට්ට කතා සෙට් එකනේ දිනේශ් අයියා !!!!
ReplyDeleteඇත්තටම ඒ කාලේ නියමයි නේ. ඇත්තටම අරූ ද නහය දිගම එකා ???
අයියගේ ඉස්කෝලේ නම් මොකද්ද කියලා අහන්නේ නෑ. ඒ උනාට හිතා ගන්න පුලුවන්. අඩේ ඒ ඉස්කෝලෙට ආයේ යන්න අඩේ ඒ ඉස්කෝලෙට ආයේ යන්න තියේ නම් !!!!
අපොයි මුංගේ ගුරු ගෞරවය.. සික් ඈ...
ReplyDelete(මේ මගේ පේස්බුකියේ ඉන්න යාලුවෝ දන්නවා මගේ ගුරු ගෞරවය ගැන.. මම ස්ටේටස් දාන්නෙ එහෙමනම් නෑ මේ දවස් වල "ෂී ඊස් කියුට්" අරකද මේකද කියලා අපිට උගන්නන ටීච කෙනෙක් ගැන.. ;])
මං හිතුවා අපි විතරයි කියල :P
ReplyDeleteදැන් කකුල හොඳයි ද මචෝ???
ඇත්තටම පාසල් කාලය තරම් ලස්සන කාලයක් කවදාවත් ආයේ එන්නෙ නෑ,,,,,,,,,,
ReplyDelete@පූසා,
ReplyDeleteමට පස්සෙ මතක් උනේ ,වෙස්ටන් මියුසික් ටීච ගැන ලියන්න බැරි උනානෙ :( අඩේ ඒකාලෙ පට්ට මචෝ.
@හිස් අහස,
හික්...."වල් නොවන එකම කොල්ලා..."අපේ ස්කෝලෙත් ඔය වාගෙ කීප දෙනෙක් විතරයි හිටියෙ.ළමයි දෙතුන්දාහක් හිටපු හින්ද ගුරු මණ්ඩලෙත් ගොඩක් හිටියා. A/L ක්ලාස් වලනම් මෙහෙම ආතල් තිබුනෙ නෑ.
ඇයි බං ලංකාවෙ අවුරුද්දක විතර පඩි මාසෙට හම්බ වෙනවනෙ.හිත හදා ගන්න අමාරුයි. හික්....පදින්න කලින් මලේ රෙජිස්ටර් කොර ගන්න එපායැ.
@රත්ගමයා,
උඹේ තැන නැති වෙන්නෙ නෑ.කිසි දේකට බය වෙන්න එපා. ;)
@annanmannan ,
ReplyDeleteඅපෝ දැන් අනුන්ගෙ පරිප්පු කන්න යන්නෙ නෑ.පාඩුවෙ ඉන්නවා.
@ මධුරංග,
දැන් ඉතිං ආයෙ යන්න වෙන්නෙ අපේ ළමයි එක්කගෙන තමා.කොහොමද අප්පා....ගිහින් මූන දෙන්නෙ..
@චතුවා (ළමයා),
හික්......උඹ ලොකුවටම චා වෙලා තියන පාටයි.අපේ ගුරු ගෞරවේ උපරිමයි මචෝ.අවුරුදු නිවාඩුවෙන් පස්සෙ බුලත් අත් වලට පොර කනවා වඳින්න.
@ කොඩි,
ReplyDeleteම්.....ඔය ඉන්නෙ තව ශිෂ්‍යයො.
දැන් හොඳයි මචෝ.
@ධනු,
හැමෝගෙම සුන්දරම කාලෙනෙ.
අඩෝ උඹ කරන වැඩක් කරපන්... අපිට දවස් දෙක තුනක් හිනාවෙන්න පුළුවන් පෝස්ට් එකක් දාලා හරිය... ආයේ නොකිව්වා කියන්න එපා.
ReplyDeleteමාත් උඹලාගේ ගම් පලාතට එන්න ඉන්නේ... එහෙදි හම්බුවෙමුකෝ...
අම්මපා මුං ඉස්කෝලෙ යැව්වට වැඩිය හොඳයි ඒ සල්ලි වලින් බලු කපුටු දානයක් දුන්නනම්.
ReplyDeleteඅඩෙස් පස්ට කතාව හික්ස් කොහොමටත් කොල්ලොවිතරක් ඉන්න ඉස්කොල ඔහොම්මම තමා
ReplyDeleteඔය තියෙන්නෙ, ඉඳල ඉඳල වහිනව ආයෙ නෑ පලාතම දෝරෙ ගලන්න. බොලව් තොපි සේරම මහ කුපාඩි පොඩි එවුන්නෙ ඒකාලෙ. බොලාට හෝම් වර්ක් එහෙම හරියට තියෙන්න ඇති නේද අල්ලෙ රේඛා මැකෙනකන්ම ;) :D
ReplyDeleteඅත මාරට සිනිදු ඈති!!
ReplyDelete@prasanna86k,
ReplyDeleteඉස්සරනම් අපේ පැත්ත ෂෝයි.දැන් කොහොමද දන්නෙ නෑ.ඉස්සර පොඩියට හිටපු පැටික්කියො දැන් කල එළි බැහැල කියල ආරංචියි.ගිහින් බලල උඹටත් දන්වන්නම්කො.
@ පිණිබිඳු,
නඟා ඔහොමවත් ඇවිත් ගිය එක ලොකු දෙයක්.
ආ......ඇයි එහෙම කියන්නෙ...මේව එච්චර බරපතල දේවල් නෙමෙයිනෙ....
@සූර සරදියෙල්,
සමහර උන් හින්ද අනිත් ඩෙස් එකේ එකාගෙ අත සිනිදු උන අවස්ථාත් දෙක තුනක් තිබුනා. හික්.....පස්සෙ ලියන්නම්කො.
@nawammawatha,
එක,එක හමාර විතර වෙනකොට ඉන්නෙ උපරිමේ.ගෙදර යන්නෙ හෝම් වර්ක් ගැන හිත,හිතා.කොච්චර බඩගින්නෙ ගියත් හෝම් වර්ක් කරල මිසක් ,බත් එක දිහා බලන්නෙ නෑ.
වාරියපොල මාස්පොත එහෙම පාස් කරාම තියන ප්ලේස් එක නේ!! හරි හරි පාර අයිනේම ද ඉස්කෝලේ තියෙන්නේ
ReplyDelete@ සූර සරදියෙල්,
ReplyDeleteනෑ,නෑ යකෝ... ***** ටවුන් එක මැද්දෙමයි.
නියම නෙවෙයි ඇත්ත කතා ටික.මොකටද බොරු කියන්නේ ඉස්සර අපේ ගාවත් ඔයවගේ වැඩ තිබුණා.හැබැයි ලස්සන වැඩේ කියන්න මේ වගේ කතා විනෝද විදියට ලියන එක තමයි.බලන කෙනාගෙ(ආයි දෙකක් නෑ ගෑනු පිරිමි දෙගොල්ලටම) හිතට පිළිකුලක් නොදැනී සතුටක් දැනෙන විදියට මේ වගේ කතා ලියන්න පුළුවන් දිනේෂ්ට විතරයි.
ReplyDelete@JHOTHISHALANKA,
ReplyDeleteතැන්කූ කිව්ව සහෝ අගය කලාට.ඒ උනාට මේ තියෙන්නෙ වෙච්ච දෙබස් එහෙම්මමයි.අනික ඔව්ව ඉතිං හොඳට මතක හිටිනවනෙ.
දිනේශ් ලොක්කා..එක්සැම් කාලෙ අපි ෆුල් බිසි බං..එක නෙවෙ අර අපි නිදහස් කරපු සත්තු දෙන්න ගෙනිච්ච පොර ලඟදි දැකල උඹලට පින් දුන්න..අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු..ඒ ගෙදර ළමයි දැන් උදේට කිරි ටිකක් බොනව ලු..ලංකාවට ආවම මේ පැත්තෙ ආවොත් කියපන් අපි යමු බලල එන්න..
ReplyDeleteචිකේයිය අපිට හම්බවුනේ නැහැනෙ මෙහෙම ටීචර්ස්ල සෙට් එකක්. අපිට හිටියෙත් එකයි. ඒකිටත් 45 ක් විතර ඇති.
ReplyDelete@පැන්da,
ReplyDeleteඔව්,ඔව් මලේ එව්ව හරියට කර ගනින්.ඒක තමා කේෂාන් මල්ලිගෙ පෝස්ට් එකකුත් ලඟදි දැක්කෙ නැත්තෙ.
අහන්නත් සංතෝෂයි බං.ආයෙ මොනව හරි කරණවනම් එහෙම කියපන්.
@Ranga,
අපේ නම් O/L වලට එනකන් සර්ල කීප දෙනයි හිටියෙ.යකෝ 45ක් විතර ඇතිනම් "ඒකි" කියල කියන්න එපා. හික්...හික්...
ඔය ඉස්කෝලෙ උන් ඔහොමමයි..... අපි වගේ අහිංසක නෑ...
ReplyDeleteහැම පිරිමි ඉස්කෝලෙකටම එන ඉංග්‍රීසි මිස්ලා ලස්සනද කොහෙද බන්....
@අභීත අයියා,
ReplyDeleteඔව්,ඔව් ඒ ගැනනම් මොකට කියනවද..
වැඩක් නෑ කියල.එහෙත් එහෙමද???
එල මචෝ....ඇත්තටම ඉස්කොලේ කකේ කියන්නේ පට්ටයි....වඩක් නෑ කතා කරලා.......
ReplyDeleteහික් හික්!! අපිටනං තරුණ මිස්ලා ඔච්චරම හිටියෙ නෑ. දෙතුන් දෙනයි හිටියෙ. ඉස්සර ෆ්‍රෙන්ච් පීරියඩ් එකේදි ග්‍රෙඩ් එකේ කොල්ලන්ගෙන් බාගයක් පන්තිය ඇතුලෙ
ReplyDelete@ අසංක,
ReplyDeleteඒ වාගෙ කාලයක් ආයෙ ඉතිං මේ ආත්මෙදි එන්නෙ නෑනෙ බං. :(
@blog gadol,
අපේ සෑහෙන්න හිටිය බං.උදේ එසෙම්බ්ලිය තමා අපි කැමතිම ටයිම් එක.ඔක්කොමල ඉන්නවනෙ ඉස්සරහ.
හලේ ඉංග්‍රීසි ටීචලා ලස්සනයි කියලා එහෙනම් කට්ටිය පිළි ගත්තා ඈ!!! අනේ උඹලා මොකට ඉස්කෝලේ ගියා ද මන්දා! ටීචලා මඩවන්නම උපන් ජාතියක්.
ReplyDelete@ සංජු,
ReplyDeleteඔබ තුමියත් පරිස්සමින් ඕං....මේ වාගෙ එවුන් ක්ලාස් එකේ නැතිවෙන්න බෑ..හික්....
ලියපන්... ලියපන්.. දිගටම ස්කෝල කතා..
ReplyDeleteයකෝ මුං කොළු තාත්තලා නේ!
ReplyDeleteමම ඉතින් ඔය සූකිරි කිරි කෑල්ල වගේ කෙනෙක් නෙවෙයි නිසා මට ඔහොම ඒවා වෙනවා අඩුයි. හැබැයි ඉතින් පානදුරේ ඉස්කෝලෙක 3 වසරේ කොල්ලෙක් නම් මට I love you කියල තියෙනවා. හැබැයි ඒ අපේ ගෝල්ඩ් ෆිශ් මල්ලි හිටපු ලොකුනම ඉස්කෝලේ දි නම් නෙවෙයි.ඒ ඇරෙන්න ඉතින් මගේ බැනුම් වලට කොල්ලොන්ට ඇති වෙන හැගීමුත් නැති වෙනවා ඇති.
ReplyDelete@Thusitha Jayasinghe,
ReplyDeleteඔක්කොම තියෙන්නෙ ජල්තර් එව්ව බං.
@Kathandara,
අම්මෝ.......මෙන්න කතන්දර ඇවිත්....!!සාදරෙන් පිලිගන්නවා සහෝ.
අනිත් උනුත් ඔය වාගෙ තමා නොකිව්වට.
@ සංජු,
ඔය කියපු මිස්ල තුන් දෙනයි,වෙස්ටන් මියුසික් ටීචයි ඇරුනම අනිත් අය සුදු නෑ.ඒ උනාට තව තුන් දෙනෙක් හිටිය මාරම ගති.ගතිය මොකද්ද කියලනම් මෙතන කියන්න බෑ බං.
හැබෑටම එච්චර වයස අඩු කට්ටිය කොහොමද දන්නෙ නෑ අපේ ස්කෝලෙට ආවෙ.
"බලපු එකකට වචනෙක හරි comment එකක් නොදා යන්නෙත් නෑ"
ReplyDeleteඒ කතාව නම් සහතික ඇත්ත....
@හරී ,
ReplyDeleteම්....ලියන එකාගෙ එකම බලාපොරොත්තුව ඕකනෙ බං.
පස්ට මචං, 'සාන්ත' දාන්ත කොල්ලො නොවැ නේද?? හි හි,
ReplyDeleteපොතුහැර සයිඩ් එකද මචං ගම?? නයා ව එහෙම දන්නවද??
උඹේ කතා කියෙව්වට පස්සෙ මට මගෙ අතීතෙ මතක් වුණා මචං,
කැන්ඩි ඇදිලි, වැව රවුම, ශාන්ති එක, කොළඹ බස්.. හිහි,
එළ එළ, සේම් රූට් කොල්ලො හින්දා වෙන්නැති,
උඹ ලියන ස්ටයිල් එක මරු මචං,
බොක්කටම වදින්න, ලැජ්ජ නැතුව ලියනව,
සුභ පැතුම් මචං..!!!
අපි නන් සමහර teachersලාට මාර බයයි ඒත් සමහර teachersලාත් එක්ක මචන් කියලත් කියනවා. නම අපසරා නන් කතා කරන්නෙ apzi කියල මිස් සර් මුකුත් නෑ... ඔය ඔක්කොම තව මාසයයි නේ.....
ReplyDeleteඅඩේ කාලෙකින් නෙද බං. එල එල ඔහොම වැඩ්ක උනා බන් අපේ පන්තියෙත්. පස්සෙ දාන්නම් කො සීන් 1 . පොරට නම් අතේ ගිහින් නෝන්ඩි උනා සීන් 1. හික්zzz
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete@roXity ,
ReplyDeleteආ.......ඔය ඉන්නේ......ඒ සයිඩ් එක කිට්ටුව තමා මචං.වැඩිය කිව්වොත් පටි රෝල් වෙන්න ඉඩ තියනවා.හික්........"නයා" කිව්වෙ මංජුවටද??
උඹත් ඉන්ටර්සිටි ට්‍රිප් එහෙම ගිහින් තියන පාටයි."ගෝල්ඩ් ලීෆ්" කම්පැණිය දන්නවනම් ශාන්ති එක ඇඩ්වටීස්මන්ට් එකකට ගන්නව නේ බං.
@pissi,
මොකද මේ දවස් වල පේන්න නැත්තේ....??.
අපි ෆිට් එක උනාට හැමෝටම "මිස්" කියල තමා කිව්වෙ.කෙල්ලොනම් ඔය විදිය තමා ඉතිං.අයියෝ......තව මාසෙද????
@Gayan Rupasinghe,
අප්පා.....චාටර්ම සීන් එකක්නෙ.ලියපන්,ලියපන් බලන්න ඒක. හික්.....හික්...
මොකද බන් දන් ලියන්නැත්තෙ ගිය මාසේට පෝස්ට් 2යි. දවස් 10කින් මොකුත් ලියල නෑ උබට මොකක් හරි කේස් එකක්වත් වැටිලද?? නැත්තන් පුල්ටයිම් වැඩද??
ReplyDeleteමුන් සෙට් එක වලේ පියාලා වගෙයි නේ..........................
ReplyDeleteහපුච්චියේ මෙහෙමත් නොසන්ඩාලයො... හික් හික්... චා අපිට හිටියෙ නෑ බන් ඔහොම චූචි චීචලා... 7 වසරෙන් එහාටා...
ReplyDeleteඒක නෙමෙයි කොල්ලො උබ එන්නෙ නැද්ද
අම්මප මෙහෙමත් විලි සංගෙ නැති එවුන් :D
ReplyDeleteMeka me Punchi borella paththe iskolayakda?
ReplyDeleteඔය කිව්වට ටිචටත් ගෙදර ගිහිල්ලා නහය ගැන කල්පනා වෙන්න ඇති සමහර විට ........
ReplyDeletepissu ekai bn! siraa katha tika! hiki hiki!
ReplyDeleteකොරකොන්සි කතා ටික.....
ReplyDeleteමගේ ලයිෆ් එකෙත් මේවගේ කතා අනන්තයි....
මේ වගේ උනුත් ඉන්නවනේ ඇත්තට
ReplyDelete