Sunday, December 26, 2010

පෙම්වතිය සමග තවත් එක් සොඳුරු නිමේෂයක්..........






හැමෝටම පොදු ස්ටෝරි මම විතරක් ලියන එක හරි මදි කියලත් හිතෙනව.ඒ උනාට හිතට එන දේ ඔන්න ඔහෙ ලියල දාපන් කියලත් හිත කියනව.කොහොම උනත් හිතට කාවැදුන සුන්දර දවසක් එදා.

ඔන්න වෙනද වාගෙම දහසක් බලාපොරොත්තු එක්ක සති අන්තය උදා උනා.සතියෙ දවස් පහේ කෑල්ල එක්ක වචනයක් කතා කරන්න හම්බ වෙන්නෙ නෑනෙ.ස්කෝලෙ ඇරිල කොන්වන්ට් එක ලඟ චා වෙන්නත් බෑ.එහෙන් ස්කූල් වෑන් එකේ ඒකෙ මිස්ල දෙන්නෙකුත් යනවා.දැක්කොත් එහෙම සොරිම තමා.සමහර දවස් වලට අපේ වෑන් එක කලින් ගියොත් යන්තන් මූන බලා ගන්නවත් හම්බ වෙන්නෙ නෑ.සෙනසුරාද දවස මරු.උදේ අට ,පහ ක්ලාස්........හැබැයි යාම අවාරෙට අඹ වැටෙනව වාගෙ.මේ දවස් වල අම්මටත් මගෙන් හෙන වදේ ඇඳුම් ගන්න සල්ලි ඉල්ලල.

"මේ ලමයගෙ දැන් ස්ටයිල් එක වැඩියි...........කෙල්ලෙක්වත් සෙට් කරගෙනද දන්නෙ නෑ ඉන්නෙ..........,ඉන්නවකො තාත්තට කියන්න ටිකක් හොයල බලන්න කියල."

හික්........හොයයි. තාත්ත එන ටවුන්.


වෙනද වගේම උදේ මිනුවන්ගොඩ බස් හෝල්ට් එකට වෙලා පොතත් දෙකට නමාගෙන ,අම්මට වදේ දාල ගත්ත කැට් දෙකත් බස්සල එහෙම ජෙන්ට වගෙ ඉන්නකොට..........
"මම පරක්කු උනාද......?"

වින්දි.

"ගොඩක් වෙලාද ඇවිත්......."

නෑ................. ම්..ම්.....ඔයා අද ලස්සනයි......

"ඇයි අද විතරද....?"
නැ..........හැ........අද ගොඩක් ලස්සනයි.

ඇත්තටම අද අමුතු ලස්සනක් මතුවෙලා පේනව.උදේ පාන්දර පිපුන රෝස මලක් වගේ.ඇඳුමටද????උදේ හින්දද???මොහොතක් එයා දිහා බලාගෙන මම කල්පනා කලා.

"මෙතන ඉන්න බැහැ අනේ......"

ඔයාට අද class නොගියොත් පාඩුයි නේද?

"ඔව් යමුද........??අද Inorganic පටන් ගන්නව කිව්ව........"

මම ඉගෙන ගන්නෙත් නෑ.මේ කෙල්ලට ඉගෙන ගන්න දෙන්නෙත් නෑ.

"සචීලගෙන් නෝට් එක ඉල්ල ගන්න බැරිද?"

අහිංසක විදියට මූන දිහා බලල හිනා වෙලා ඔලුව වැනුවා.

"කොහෙද යන්නෙ.......?"
"නුවර යමුද?.........."

යන ගමන් මගෙ දෙකට නවාගෙන හිටපු පොතත් එයා අරගෙන එයාගෙ පොත් එක්ක තියා ගත්තා.වෙලා.........වට .පොත ඇනයක් වෙලා තිබුනෙ.

"ආ...........එන්න,එන්න නගින්න නුවර ඩබල් සීට් තියනවා........"

ඉන්ටසිටියෙ කොන්දගෙන් බේරිල්ලක් නෑ.දැන් ඔය වෙලාවට බස් එකේ කොලිටියත් බලනවනෙ.චා බස් වල යන්නෙ නෑ.ෆුල් කන්ඩිෂන් තියෙන්න ඕනෙ.කර්ටන් අනිවාර්යයි.වෙලාවට කොලිටි ජර්නියක් තිබුනෙ.වම් පැත්තෙ පෙම් මුල්ල ආක්‍රමණය කරල තිබුන හින්ද දකුණු පැත්තෙ වාඩි උනා.දැන් ඔන්න හිමින්,හිමින් බස් එකත් යනවා.දැන් හරියටම මෙයා මීට් වෙලා සති පහයි.ආදරේ උතුරනවා.

"ආයෙ සිගරට් බිව්වෙ නෑ නේද.......?"

"ම්.............නෑ."

"හොඳ ළමය.........බිව්වොත් මට හොයා ගන්න පුලුවන්......."

ඒ කොහොමද?"

"මට පුලුවන්නෙ........"
දැන් නුවර ගිහින් මොකද කරන්නේ...........??.වැව රවුමෙ ඇවිදින එකත් චා වැඩේ.හවස පහ පහුවෙනකන් ගෙදර යන්නත් බෑ.හරි......‍ෆිල්ම් එකක් බලනවා.ඒ උනාට කොහොමද මේක මෙයාට කියන්නෙ.....???කොහෙ එකටද යන්නෙ..?නුවරට ගියොත් මාළිගාව ලඟින් බහින්නම වෙනවා.ගුඩ් ෂෙඩ් ගිහින් ආයෙ පයින් එන්නත් බෑ.වීල් වලට දෙන්න සල්ලි තියන එකක්යැ..හික්.............හරිනෙ....එරීන යනවා.යන ගමන්ම බහින්නත් පුළුවන්.එල,එල. ආ......හ්, ඒත් මොකද්ද දන්නෙ නෑනෙ තියෙන්නෙ.ජරා එකක් තිබුනොත්...!හරි...එහෙම උනොත් සීගිරි එකට යන්න පුලුවන්.ගොඩයි.දැන් කොහොමද වචන ටික එලියට දාන්නෙ....??බනියිද? ආපහු යන් කියයිද??දැන් තවත් ප්‍රශ්නයක්.

"වින්දි...ක‍ටුගස්තොටින් බහිමුද...?"

පුදුමෙන්වාගෙ

"ඇයි ඒ....?"

"බහිමුද කියන්නකො"
"ඇයි....!නුවරට යමු."

වැඩේ අප්සෙට් යාගෙන වාගෙ එන්නෙ.
"හා.....,හා..."

ටිකකින්

"ඇයි බහිමු කිව්වෙ...!?"

"නෑ......මේ.....‍ෆිල්ම්...එක...ක් බලමුද???"

දැන්නම් ඔක්කොම ඉවරයි....මම මටම බැන ගන්නවා.එහෙම අහන්නෙ නැතුව ඉන්න තිබුනෙ.ලොකු නිහඬතාවයක්.මුලු ඇඟම දැඩි නියගකෙට අහු උනා වාගෙ වියලිලා.බස් එකේ කැසට් එකෙන් පටිය දෙවනි සැරේටත් ඔටෝ රිවස් උනා.

"සුර දූතියෝ.......සුකුමාලියෝ......පාවේවි මියුරු ගීතිකා අසා.......,පාට පාට තරු සේ ආලෝකේ......"

"ක‍ටුගස්තොට බහින එක්කෙනා ඉස්සරහට එන්න..."

කවුදෝ බහින්නයි ලෑස්තිය.

"බහිනවද?" වින්දිගෙ කට හඬ. දෙයියනේ.........!!හීනයක්ද...?ඉක්මනට බහින්න සූදානම් උනා."ඕගොල්ලොත් බහිනවද.....? ඉස්සරහින් පොඩ්ඩක් දාල යා...ං...."


වින්දිගෙ අතින් අල්ලගෙන පාරත් මාරු උනා.ගොඩම තමයි පට්ට ‍ෆිල්ම් එකක් තියෙන්නෙ."දිල්තො පාගල් හේ".දෙයියො මූන බලනව කියන්නෙ ඕකනෙ....තව පැයක් තියනව.සති අන්තෙ හින්ද ඔන්න කෆලුත් එක දෙක හිමිහිට මේ පැත්තට පාවෙන්න උනා. O.D.C,බැල්කනි,සුපර් බැල්කනි.......හික්........
"සුපර් බැල්කනි දෙකක් දෙන්න".
ඔන්න පිටිපස්සෙම පේළියෙන් වාඩි උනා.එයානම් ගොඩක් බයවෙලා.

"සැන්දෑ අහස වගේ සැරසී මට ඉන්න කියා,කියන්න ඇයි ඔබ නාවේ........"

තාම පසුබිම් සංගීතය .තව විනාඩි විස්සක් විතර තියනවනෙ.කොහොම හරි ඔන්න ටිකෙන් ටික රඟහල අඩ අදුරට පිවිසුනා.දැන් comming කෑලි ප්‍රදර්ශනය.හිත මහත් දෙගිඩියාවක.
"මෙයාගෙ අතින් ඇල්ලුවොත් මොනවත් හිතයිද??? ම්..මොනව හිතන්නද?"
හිමින්,හිමින් මගේ දකුණු අත වින්දිගෙ වම් අත ස්පර්ශයට ලඟා උනා.ඒ සීතල අතේ සියුමැලි ඇඟිලි වලින් මගේ අත හයියෙන් අල්ල ගත්තා.මගෙ හිතේ පැය බාගයක්වත් එහෙම තියෙන්න ඇති.නිකමට වට පිට ටිකක් ඇහැ දැම්මා.
හි.....හි.....සමහර දෙන්න හිටපු ස්ථාන වල කෙල්ලව හොයා ගන්න අමාරුයි.තව ටිකක් ඈතට වෙන්න දෙන්නම එක්කෙනෙක් වාගෙත් පේනවා.XXX සීනුත් සමහර තැන්වල දර්ශනය වෙනවා.වින්දි කතාවක් නැතුව ‍ෆිල්ම් එක බලනවා.මගේ දකුණු අත හිමී.....න් එයාගෙ අතින් මිදිලා එයාගෙ උරහිස වටා යැවුනා.නොදැනුවත්වම එයාගෙ මුහුන මගෙ උරහිසට බර උනා.පපුව ගැහෙන වේගෙ එලියට ඇහෙනවද මන්ද? ඩක්.........ඩක්......ඩක්......

"අපි හැමදාම මෙහෙම ආදරෙන් ඉන්නව නේද....?"

යාන්තමට වින්දිගෙ කට හඬ අවදි උනා.

"ඔව්....හැමදාටම.."

එතකොටම එයා යාන්තමට ඔලුව උස්සල මගෙ ඇස් දෙක දිහා බැලුවා.ඇත්තටම කෙල්ලෙක්ගෙ ආදරේ හරියටම දැකපු එකම එක දවස.මගේ මුහුන තවත් ඒ මුහුනට ලං උනා.එයාගෙ වම් අතත් හිමින් මගෙ බෙල්ල වටේ එතුනා.වින්දි හුස්ම පහල හෙලන රස්නෙ දැන්,දැන් ගොඩක් තදින් දැනෙන්න උනා.මගෙත් එක්කම ගෙවෙන ජීවිතයක්.....තවත් වචනයක් කතා කරන්න තරම් මගෙ හිතට අදහසක් ආවෙ නෑ.ඒත්.....ඒත්.. එක්කම ජීවිතේ පලවෙනි වතාවට කෙල්ලෙක්ගෙ සියුමැලි තොල් වල පහස යාන්තමට වගේ දෙතොලට දැනෙන්න උනා.............


ම්.........................තව,තව ලියල නිකන් මොකටද කොලේ ඉරා ගන්නෙ.හික්.......හික්.......
ආයෙ ඒ තැනට යන්න පුලුවන්නම් දෙපාරක් හිතන්නෙ නැතුව මැරෙන්න උනත් රෙඩි.ගන්ධබ්බ අවදියෙ කල්ප ගානක් උනත් ඉන්න පුලුවන්.ආයෙ පසු වැරදි වෙන්න කීයටවත් ඉඩ දෙන්නෙ නෑ.time machine එකක්වත් තියනවනම් සබ්බ සකලමනාවම හරි විකුණල ඒක අරන් ජීවිතේ රිවස් කරනවා.ඒත්.......ඒත්...කරුමෙට ඒ එකක්වත් ප්‍රායෝගික නෑ.දැන් මේ මොනාවත් නෑ........ඔක්කොම හිස්.....



...කාලය මැව් වෙනසක අරුමේ...

38 comments:

  1. මේකට කවුරුත් කමෙන්ට් කරන්නෙ නැතිවෙයි මල්ලි.... මොකද එකෙකුටවත් තමන්ගෙ අතීතය අමතක කරන්න බැරි නිසා... කමෙන්ට් කරලා පටි රෝල් කර ගන්නෙ මොකටද කියලා අහලා පාඩුවෙ ඉදීවි....

    උඹ කුරුණෑගල කොහෙද? පේන හැටියටනම් සෙන්ට් ඈන්ස් කොල්ල්ක් වගේ... මොකක්ද Year එක....

    ReplyDelete
  2. දෙනේශ් අයියා උඹ තාම පහුගිය දේවල් ගැන හිතනවා නේද ? අයියා හරි කොල්ලොන්ට තමන් කරපු ලවු එකක් ලේසියෙන් අමතක කරලා දාල පැත්තකට වෙලා ඉන්න බෑ කෙල්ලොන්ට වගේ

    අයියට වගේම තමයි මටත් පරන එවුවා හෝ ගාල වද දෙනකොට . මම ඒ දුක එලවලා දාන්නේ ගල් ගහලා ..අපිට නම් එච්චර අවුලක් නෑ ඒත් බං උඹ කොයිතරම් දුර රටකද ඉන්නේ මටනම් ඔහොම ඉන්න අමාරුයි ..

    කරන්න තියෙන්නේ එකදෙයයි මචං අයියේ දුක නැතිවෙන්න ලියපං අපි කොයිවෙලෙත් ඉන්නේ උඹ මොනවා හරි ලියනකං..

    ජයවේවා !!

    ReplyDelete
  3. ඒයි..ඇඩල්ට්ස් ඔන්ලි ලියන්න එපා හොඳේ..මට තාම දාසයයි මාසයයි..(හෙහ් පුත්තලම් බූරුවො දහදෙනෙකුගෙ වයස මේ වෙනෙකොට )

    ReplyDelete
  4. @ අභීත අයියා,

    ඔව් අයියා,ඒක තමා ස්කෝලෙ.2001 A/L. ගෙවල්නම් කුරුණෑගල නෙමෙයි.පොතුහැරත් පහුකරල ටිකක් යන්න ඕනේ.............

    @හිස් අහස,

    මේක ගල් ගහලවත් එලවන්න බෑ බං මල වදේ.ඇයි අපිට විතරක් මෙහෙම වෙන්නෙ.සමහර එවුන් යස අගේට ඉන්නවනෙ බං.වින්ටර් එකේ ඔව්ව කල්පනා වෙනව වැඩියි......හික්....හික්....

    ReplyDelete
  5. @ ගී සිතුවම්,

    අනේ පොඩි එකා.....නොබල හිටපන්.
    හි...හි....ප්‍රේමය ගලාගෙන යනකොට ඇඩල්ට්ස් දේවල් වෙනවනෙ බං.

    ReplyDelete
  6. මාත් හැමදාම හිතන දෙයක් තියෙනවා. කවුරු හරි වරයක් දෙනවනම් මම ඉල්ලන්නෙ අවුරුදු 5ක් ආපස්සට යන්න අවස්ථාවක්. ජීවිතේ කරපු පුන්චි දෙයක් නිසා ඉතුරු කාලෙම පසුතැවෙන්න වෙනව කියන්නෙ මොන තරම් කාලකණ්නි කමක්ද? පහුගිය අතීතෙ මතක් වෙනකොට හිත නිකන් බෝතල් කටුවකින් හූරනව වගේ දැනෙන්නෙ.

    ReplyDelete
  7. @පිණි බිඳු.

    ඔයාගෙ කතාව සීයට අනන්තයක් ඇත්ත යාලු.කරුමෙට ආයෙ එතෙන්ට යන්නවත් ,වෙච්ච සිදුවීම් ,වැරදි පසු කාලිනව හරිගස්සන්නවත් පුංචි ඉඩක්වත් ඉතුරු වෙලා නෑ.හැම දේම සිද්ද වෙලා ඉවරයි.අන්තිමට බිංදුවයි.ඒ උනාට හිතේ ඒ ඔක්කොම ඉතුරු වෙලා.මහා ලොකු අතීතයක්.......දැන් ඒ බරත් එක්ක ජීවිතේ ගෙනියන්න වෙලා.
    "සිතුවිලි සිරවී හදවත පතුලේ ඉකි බිඳ වැලපෙනවා........"

    ReplyDelete
  8. ආදරයක් ලබාගන්න අමාරුයි තමා. ඒත් ඊටවඩා අමාරුයි ලබාගත්ත ආදරේ දිගටම අපේ ලඟින් තියාගන්න. ඒ‍කෙන් තමා ආදරේ වටිනාකම වැඩිවෙන්නෙ.

    ReplyDelete
  9. එක බෝතල් කට්ටක් නම් ඉවර වෙන වෙලාවක් එයි. ඒත් මේක නම් කියා ගන්න බැරි තරම් වේදනාවක්... අමාරුව තියෙන එකාටම තමා ඒකෙ රහ දැනෙන්නේ... මට ජීවිතෙ ආපහු යන්න ඕනි 2000 මාර්තු මාසෙට... සාමාන්‍යපෙළ ප්‍රතිඵල ආව දවසට.... එතන ඉදලා ජීවිතේ ආපහු පටන් ගන්න. පිණිබිදු කියනව වගේම කරපු මෝඩකම් නිසා පසුතැවෙන එක තරම් කාලකණ්නි කමක් නම් තවත් නෑ.

    ReplyDelete
  10. @ Pasan Buddhika,

    ඔයාගෙ දෙවනි කතාවටනම් සම්පූර්ණයෙන් එකඟයි මල්ලියො.ලබා ගත්ත ආදරේ හැමදාම අපි ලඟ තියා ගන්න එක තමා ගොඩක් අමාරුම වැඩේ.
    යමක් නැතිවෙන්න ඕනෙලුනෙ ඒකෙ අගේ වැඩි වෙන්න.

    @ සංජු,

    ඔක්කොමල එක කාලෙ කස්ටිය වාගෙ :)
    අනිත් අයනම් කියයි....."හිත හදා ගනින්බං,අමතක කරල දාපන්,පහුවෙනකොට හැම දේම හරියයි,එක මාළුවද ඉන්නෙ......"තව රටේ නැති කතා. ඔයා කිව්වත් වාගෙ අමාරුව තියන එකාටනෙ ඒකෙ වේදනාවෙ දැනෙන්නෙ.
    අනික එකම මාළුව දෙපාරක් අල්ල ගන්නත් බෑනෙ.:D
    (අදමද කොහෙද ආවෙ.තැන්කූ ඇවිත් ගියාට.)

    ReplyDelete
  11. දැන් අකේලේ ජීවිතේනේ.....

    නැතෙයි මං අහන්නෙ?

    ReplyDelete
  12. උඹේ කතන්දරේ උදේ වැඩ කරන ගමන් කියෙව්වේ... කමෙන්ට් එකක් ලියන්ට තරම් හිත එක තැනකට කරගන්ට බැරිවුනා කියවල ඉවර උනාම... අවුරුදු හත අටක් ආපස්සට ගියා වගේ දැනුනා... පට්ටයි මචං...
    (මේ ඒක නෙවෙයි උඹට හොඳටම ෂුවර්ද එරීනා එකෙන් දිල් තෝ පාගල් හේ බැලුවේ කියලා... :))

    ReplyDelete
  13. @Hishan Melanga,

    ඔව් මලයො,අවසානය එහෙමයි.

    @ පුතා,

    වර්තමානයක් නෑනෙ බං.අනාගතය ගැන කියන්න දන්නෙ නෑ.හැබැයි සුන්දර අතීතයක් තියනවා.ඒකත් එක්ක ලයිෆ් එක ගෙනියනවා.මෙතන ටිකක් බය හිතෙන සීන් එකක් තියනව මචෝ.ආයෙ කවදාවත් කෙල්ලෙකුට මේ වාගෙ ආදරේ හිතෙන්නැතිවෙයි කියල දැනෙනවා.

    (ඔව්,"සීමිත දින ගනණකට පමණයි" කියල තිබුනා.comming තිබුනෙ "Mummy Returns" සීගිරි එකේ තිබුනෙ "Rhythm" කියල දෙමළ ෂෝ එකක්. අද වාගෙ මතකයි.)

    ReplyDelete
  14. අපේ දිනේෂ් ඉස්සර හොද කොල්ලෙක්නේ.කොහෙද ඒ කාලේ අපි හරි ලැජ්ජයි

    ReplyDelete
  15. ම්.... මට දුකයි, මං ගැන තරහයි; අපේ දෙමව්පියෝ ගැන තරහයි, මගේ මූසල කෙල්ල ගැන තරහයි, හෆොයි ඒකි ටිකක් ලස්සන වුනාට මෙලෝ රහක් නෑ. මං අතින් වියදම් කරන් පුකේ ටින්කිරි ගාගත්තා විතරයි. උබටනම් මතක් කර කර රස විදින්න අතීතයක් තියෙනවා. මං අවු.16 ඉදන් 19ට පැන්නා. ඒ අතර කාලය අර මූසලී කාලා දම්මා.

    ReplyDelete
  16. @JHOTHISHALANKA,

    මට ඔයාට "බං","මචං" කියන්න හිත දෙන්නෙ නෑ.ඒත් ඉතින් ‍ෆිට් එකට එහෙම කියනවා.ගනන් ගන්න එපා සහෝ...
    අපෝ....මොකද්ද හැබෑටම ඔච්චර තිබුන ලැජ්ජාව....!!!ට්‍රේනින් එකටත් එක්කල පටන් ගන්නනෙ තිබුනෙ.

    @iplus,

    ගිය දේ ගියා මචං.හැබැයි උඹ බොක්කෙන් ලව් කලාද කියල සැකයි.එහෙම කලානම් කෙල්ල නිකන්ම නැමෙනවා.යකෝ අවුරුදු තුනක් මොකද කලේ.මගෙ ඔක්කොම සීන් අවුරුදු දෙකෙන් ඉවරයි.
    ම්.ම්............ 19න් පස්සෙ කාලෙනම් හොඳයි වාගේ...................ඒ කියන්නෙ වර්ථමානය.එහෙමනම් උඹ තමා අපි සේරටම වඩා ලකී.

    ReplyDelete
  17. පෝස්ට් එක බලන්න දාපු ගමන් තව පොඩ්ඩෙන් මම තාත්තගෙක් ගුටි කනවා හිහ්

    ReplyDelete
  18. ඔය පනින්නේ බළලා, හෙමින් හෙමින්.. ඕවා ලියන්න එපා යකෝ... යාළුවෙන්න ඉන්න කෙල්ලක්වත් යාළුවෙන්නේ නැති වෙයි. මොට්ට මෝල් රජෙක් මූ නම්.

    උඹට ලියන්නම ඕනෙ නම් මගේ අනවසර ඈතුළු වීම වගේ අප්සට් භාෂාවක් යොදා ගනින්.

    ReplyDelete
  19. @dedunu,

    තාම පොඩි එකානොවැ.......පරිස්සමෙන් කොලුවෝ......:D

    @prasanna86k,

    වහෙන් ඔරෝ නෑ.තියන දේ කෙලින්ම ලිව්වා.Natural .....කෙල්ලෙක් සෙට් උනත් බොරුව නෑ.මේ ඔක්කොම කියනවා.
    (හික්......මට පිස්සු නේ බං).තැන්කූ හැමදාම මේ පැත්තෙ එනවට.

    ReplyDelete
  20. ආදරය සුනදර වරදකී කියනවවන අයියා... හි හි කොහොම උනත් ලස්සන කථාවක්...

    ReplyDelete
  21. aiya ithn me rae wela pissu ne kelinne,dan api ithn kohmada sanasille nida ganne :/

    ReplyDelete
  22. උඹ මාරයි මචං.... මට දැන් ඕක දැනෙන්ට අරන් සෑහෙන කල්... ඒ තිබුනයින් කාලකවත් ෆීලින්ග් එකක් තව කෙල්ලෙක් ගැන ඇතිවෙයි කියලා හිතා ගන්ට අමාරුයි බං.. මෙහෙම හිතෙන්නේ අපි වයසට වඩා නාකිවෙලාවද්ද මචං... මං කියන්නේ විසි අටක් කියන්නේ එච්චර වයසක් නෙවෙයිනේ නැද්ද... :)

    (ආහ්.. ඔය චිත්‍රපටිය එරීනා එකෙන් ගැලවුනේ අනූ අටේදී... මමත් දෙතුන් වතාවක්ම ඒ දවස්වල බැලුවා... ඉන් පස්සේ තිබුන එකක් ගැන මතකයක් තිබුනෙ නෑ... ඒකයි ඇහුවේ ඕං...)

    ReplyDelete
  23. ඉතින් ඊට පස්සේ........

    ReplyDelete
  24. @zujith,

    මෙතන වරද්ද ගත්තෙ මමනෙ මල්ලියෙ.ඒකයි මෙච්චර දුක.
    ආ....හ්.....කෑගල්ලෙ කොල්ලෙක් නේද..??අහල පහලනෙ.සාදරෙන් පිලිගත්තා ඕං....

    @බුද්ධික,

    ම්........ඒකට ඉතින් මොකද කරන්නේ........?? ඩ්‍රීම් ගර්ල් හීන ලෝකෙටවත් අරන් සැනසියන් මලයො.:)

    @ පුතා,

    පිස්සුද මචං .......!! එහෙම හිතන්නවත් එපා.යකෝ දැන්නෙ ලයිෆ් එක පටන් ගන්න යන්නෙ.

    මටත් ඔය සීන් එක හිතුන හින්ද තමයි උඹට කිව්වෙ.ඒ ඇතිඋන ආදරේ වචන වලින් කියන්න බෑ බං.එතන කිසිම රාගයක් නෑ.කෙල්ල වෙනුවෙන් මැරෙන්න පුලුවන්.මුලු ඇඟේම ලේ වල දුවන්නෙ ආදරේ.නිකමට හිතපන් ඒ ආදරේ දැනුන වෙලාවෙම ඒ කෙල්ල marry කරන්න තිබුනනම්.........මොනව නැතත් ආදරේ හොඳට විඳින්න තිබුනා.කුලී වැඩක් කරල හරි කෙල්ලව ජීවත් කරවන්න හිතේ හයිය තිබුන් නැද්ද කියල හිතපන්.ෂිහ්......ඉඳකින් මේ ජීවිතේ.....අපිම කා ගත්තනෙ නොතේරුම්කමට.හැබැයි මචං දැන් බැන්දත් බඳින්නෙ ඒ විදියෙ ආදරයක් බලෙන් හරි හිතේ කොටාගෙන තමා.නැත්තන් මචෝ මටනම් ඒ ලයිෆ් එක ගෙනියන්න බෑ.වෙන..... මො....න මඟුලක්වත් ඕනෙ නෑ.කෙල්ලයි,ආදරෙයි විතරමයි.............

    @ හරී,

    කොල්ලො මම උඹේ බ්ලොගේ දැක්කෙ අද බං.ඔන්න පස්සෙනුත් එනවා...
    ඊට පස්සෙද????????????????????????????????????

    ReplyDelete
  25. @ dinesh :තන්කූ..තන්කූ...

    ReplyDelete
  26. පලමු එක වගෙ එකක් ආයි ලැබෙන්නෑ, මම හොදට දන්නව, එයගෙ ඒ සියුමැලි අතින් මාව බදාගෙන හිටියවිදිහ (කාලය වැඩිය නෑ, මාසයකටත් අඩුයි ) හැම ක්ලාස් එකකදීම මම එයා ගැන හිත හිත් ඉන්නව, සර් මාව කන්න වගෙ බලන් ඉන්නව. නමුත් මාසයකට අඩුවෙන් ඇති ඒ මතකයන් සදා අමරණීයයි!
    ඒ මතකයන් අපිව ජීවත් කරවනවා!

    ReplyDelete
  27. මොකෝ හුඟ දවසකින් සද්දයක් නැත්තෙ. අලුත් පෝස්ට් එකක් දාන්ඩෝ.... අපි බලන් ඉන්නෝ.............

    ReplyDelete
  28. @ හරී,

    :D

    @MK,

    හික්......මලයො.......මේක පලවෙනිම එක නෙමෙයි.දෙවෙනි එක.ඒ උනාට මේ වාගෙ දේවල් උන පලවෙනි එක.
    උඹ නම් මේ ඊයෙ පෙරේද.යාලුවෙකුට කියල ආයෙ කෙල්ලව ටෝක් කරල බලහන්.ෂුවර් අවුලක් වෙන්නෙ නෑ.එහෙම වෙන්නත් එපා කියල ප්‍රර්ථනා කරණවා.

    @පිණි බිඳු,

    මම මේ සතිය නයිට් නඟා.එහෙන් ඉවරයක් නෑ හිම වැටෙනවා.ඉතින් උදේ වරුවෙ අපාත් එක වටේ හිම අයින් කරන්නත් පොඩි සපෝට් එකක් දෙන්න ඕනෙ.ඔයින් මෙයින් වෙලාව තමා නැති වෙන්නෙ.
    තැන්කූ මෙහෙමවත් හොයල බැලුවට.

    ReplyDelete
  29. මචං මේක දැක්කම මම කල්පනා කරේ, මුලින්ම කෙල්ලක් එක්ක ‍ෆිල්ම් එකක් බැලුවෙ කවද්ද කියල. පස්සෙ තමා මතක් උනේ, ‍ෆිල්ම් එකක් මුලින්ම බැලුවෙ ලව් කරන කෙල්ලක් එක්ක නෙමේ යාලුවෙක් විදියට හිටිය කෙල්ලක් (චූටි) එක්ක. ඉතිං අය්ය නන්ගි ගියා වගේ තමා. ටිකක් විතර ඇක්ශන් ‍ෆිල්ම් එකක් නිසාද කොහෙද කෙල්ල මගේ අතින් අල්ලගෙන හිටිය ‍ෆිල්ම් එක ඉවරවෙනකම්.

    ReplyDelete
  30. සුභ නව වසරක් වේවා !

    ReplyDelete
  31. @රංග,

    මම මේ උඹේ කෙල්ලො ගැන හරිටම හොයා ගත්තෙ" පැහැදිලි කිරීමක්" බලල.

    හික්.....අතින් අල්ලගෙන ඉන්නකොට මුකුත්ම හිතුනෙ නැද්ද බං...මං කියන්නෙ ඉතින් නංගිම නෙමෙයිනෙ මචං.

    @Thusitha Jayasinghe,

    උඹටත් අයියෙ එසේම වේවා............

    ReplyDelete
  32. සුපර් බැල්කනි කිව්වෙ මොකක්ද බන් ? අර සිංහලෙන් කිව්ව බොක්ස් ද ? හික් හික්

    යකො ඇඩෙන්න එනව මෙව්ව දකිද්දි..යමක් මතක් උනා. ඒකත් හින්දි උලව්වක්.. හැබයි නම මතක නැහ. කම්මුලට චුට්ටි කිස් එකක් දිනිතිගෙන් ලැබුනත් හාදුවක් කියල කෙල්ලෙක් ගෙන් ලැබුනෙ එදා.

    ආපස්සට යන්න ඇත්තම්... මම ඉල්ලන්නෙත් සාමන්‍ය පෙල ඉවර උන දවසට යන්න.

    ReplyDelete
  33. @ පිස්සා පලාමල්ල,

    නෑ මචෝ..,එරීන එකේ තියනව බැල්කනි,සුපර් බැල්කනි කියල දෙකක්.බැල්කනියටත් උඩින් තමයි සුපර් බැල්කනිය තියෙන්නෙ.ඒකට කෆල් වලට විතරයි යන්න දෙන්නෙ.ටිකට් එකත් ගාන ටිකක් වැඩියි.

    මොකද්ද බොල ඒ හින්දි කතාව.කොහෙදි උන එකද්ද...?ලියපන්කො බලන්න. හික්.....හික්....

    ReplyDelete
  34. ඒ උනාට නුවර ෆිල්ම් හෝල් නම් මෙලෝ රහක් නෑ... හික්ස්....

    ReplyDelete
  35. @Lahiru,

    අපෝ ඔව්.දවසක් වෙම්බ්ලි එකට ගියා.තව පොඩ්ඩෙන් පු‍ටුවත් කඩාගෙන වැටෙනවා.අනික ෆ්ලෑෂ් ලයිට් දැම්ම වාගෙ එලිය.එරීන එක ඇරෙන්න නුවර අනිත් එව්වනම් වැඩක්ම නෑ.

    ReplyDelete
  36. එල එල!! අතීතෙ මතක් වුණා මචං

    ReplyDelete
  37. @blog gadol ,

    දැන් අතීතෙ විතරයි බං මටත් තියෙන්නෙ.මේඛලා,නයෝමි එකේ එහෙමත් අතීත සැමරුම් දෙක තුනක් තියනවා.

    ReplyDelete
  38. අතිවිශිෂ්ටයි එත් අතිතය සිහිනයක් පමනි

    ReplyDelete