
බොක්කවල් දෙක තුනක් කලින් පෝස්ට් එකට මලෙන් දාපු comment ටික දැකල මෙහෙමවත් ලියන්න හිතුනෙ.එක දිගටම සිද්ද වුන බලාපොරොත්තු කඩවීම් එක්ක මේ දවස් වල ජීවත් වෙන්නෙ.අනේ යාළුවනේ තරහ වෙන්න එපා.හිතට පොඩි හරි ෆිට් එකක් ආවොත් ආයෙත් හැමෝගෙම බ්ලොග් වලට එනවා.නෙට් එකට එන්නෙත් මේල් ටික බලන්න විතරයි.කොටින්ම කියනවනම් එල්ලුම් ගහට නියම වුන මිනිහෙක් අද ඉන්නෙ හත් වෙනි කාමරේනම් ආයෙ ඉතින් ඌ ගැන කවර කතාද නේද?මේක එච්චර ලඟ සිදුවීමක්නම් ඒත් එකක්.තව අවුරුද්දකින් ජීවිතාන්තය දක්වා හිරේ යනව කියල දන්න මිනිහෙක් ඒ අවුරුද්ද කොහොම ජීවත් වෙයිද?හරි කොහොම උනත් ඒක මගේ ප්රශ්නයක්.මම ඒකට අකේලේව මූන දෙන්න ඕනෙ.බලමු..හිතට පොඩි හරි සැනසිල්ලක් ආවොත් ආයෙත් මේ පැත්තට ගොඩ වෙන්නම්.එහෙම උනොත්, ඒ වෙනතුරු හැමෝටම ආයුබෝවන්.......!!