
මේක මේ ෆ්රස්ට් ලව් එක සම්බන්ධ කතාවක්.ෆ්රස්ට් ලව් එක ගැන කලින් දවසක් ලිව්ව නොවැ.බලනවනම් මෙතනින් ගියොත් බැලුවහැකි.එහෙම කම්මැලි අයට කතාව කෙටියෙන් කියනවනම් මගේ ෆ්රස්ට් ලව් එක පටන් ගත්තෙ දහම් පාසලේදි.ට්‍රයි කරපු කෙල්ල පැත්තක ඉන්නැද්දි අන්තිමට සපෝටර්ට තමා ආදරේ කලේ.ඒ උනාට ටික දවසක් ගියාට පස්සෙ කලින් ට්‍රයි කරපු කෙල්ලත් කැමතියි කියල නොකියා කියල තිබුන.ට්‍රයි කරපු කෙල්ලගෙ නම "භාග්‍යා".සපෝටර් "දුල්මිනි".
දැන් ඔන්න දුල්මිනිට එක හිතින් බොක්කෙන් ලව් කරගෙන ඉන්නවා.හැබැයි තාම කලින් ට්‍රයි කරපු කෙල්ල මේ මොනාවත් දන්නෙ නෑ.දැන් එයත් කැමතියි කියල දන්වල සපෝටර් අතේම පණිවිඩේ එවල තිබුනා.දැන් දෙන්නම දහම් පාසලුත් එනවා.මමත් යනවා.මගෙ හොඳම යාළුව "රුවනුත්" එනවා.ඉස්සරනම් කෙල්ලගෙ පස්සෙන් යනවා.ලියුම් දෙනවා,සපෝටර්ට කන්නලව් කරණවා වැඩ කෝටියයි.ඒ උනාට දැන් මුකුත් නෑ.සමහර විට කෙල්ල බලනව ඇති කැමති උනාට පස්සෙ ඒ ගමන කොල්ලට මොකද උනේ කියල.දුල්මිනිත් දහම් පාසලේදි වැඩි කතාවක් නෑ.ඇයි යාළුවට ද්‍රෝහි වෙලා වාගෙනෙ ඉන්නෙ.මාට්ටු උනොත් එහෙම යාළුකමත් ඉවරයිනෙ.මමත් කෙල්ල දැක්කම ඉස්සර වාගෙ පැනි පාරට යන්නෙ නෑ.භාග්‍ය කියන්නෙ පට්ට ලස්සන ටිකක් විතර ආඩම්බර කෙල්ලෙක්.මෙයාට ගමේ ඉස්කෝලෙ බුවෙකුත් කලින් බැහැල හිටියා.ඌ මැක්ස ඩයල් එකක්.ඌත් මෙයාට ට්‍රයි කරල බැරිම තැනම කොහෙද වෙන කෑල්ලක් දා ගත්තා.කොහොම හරි දැන් කෙල්ලට කොල්ලෙක් නෑ.හැබැයි මම දුල්මිනි එක්ක සෙට් කියල මෙයා තාම දන්නෙත් නෑ.ඔය අතරෙදි තමා ආතල්ම සීන් එක උනේ.මගෙ යාළුව රුවන කෙල්ල දිහා බලනව ටිකක් වැඩියි වාගෙ කියල මට තේරුනා.මට යාළු වෙන්නම අහල භාග්‍යත් ඌ එක්කල ටිකක් ෆිට්.මම ට්‍රයි කරණ දවස් වල මෙයා එක්ක වචන දහයක්වත් කතා කරල නැතිව ඇති.මොකද කෙල්ල ලඟට ගියාම මට අට අනූවක් රෝග වැලඳෙනවා.අනික කෙල්ලගෙ ලස්සනට මම නිකන් එතන හාල් පාරු චරිතයක්දෝ කියල සමහර වෙලාවට හිතෙනවා....හික්....
කොහොම හරි දැන් මගෙ යාළුව මම කලින් ට්‍රයි කරපු කෙල්ලට ට්‍රයි.රුවන් කියන්නෙ කළු කෙට්ටු සිරිබිරිස් ඩයල් පොරක්.භාග්‍ය කියන්නෙ සිරා කෑල්ලක්.දැන් මූට මේක වැටෙන්නෙ නෑ කියල මට 100%ක් ෂුවර්.ඒ උනාට මගෙ යාළුවට දැන් මට ඉස්සර හැදිල තිබුන ලෙඩේ හැදිල.පිස්සු ලෝකයයි.මම ඉස්සර මූට ඇනේ උනා.මූ දැන් මට ඇනේ වෙලා.එකම කෙල්ලට.දුල්මිනිට කියන්න පුළුවන් කියලයැ රුවනට භාග්‍යගෙන් අහන්න කියල.ඒකි බලයි මේ මොන මඟුලක්ද කියල.මූට මේකට බහින්න එපා කියල මට කියන්නත් බෑ.එහෙන් එයාලගෙ ස්කෝලෙ තව ඩයල් එකක් දෙකකුත් මේකට බැහැල.ඔය අතරෙදි ඉරිද හවසට දුල්මිනි ගනන් ක්ලාස් එකකටයි,භාග්‍යා ඉංග්‍රීසි ක්ලාස් එකකටයි ගියා.දෙකම තිබුනෙ හවසදෙකේ ඉඳල පහ වෙනකන්.ඔය ටයිම් එකේදි තමයි මම දුල්මිනිව ටෝක් කරන්න යන්නෙ.නිදහසේ පැයක් විතර ලව් කරන්න පුලුවන්.නිදහසේ කිව්වට මේ පාර්ක් වල එහෙම නෙමෙයි.එතකොට කෙල්ල දහය වසරෙ.ගමේ තියන අතුරු පාරකදි තමයි කෙල්ලව මීට් වෙන්නෙ.ඒක හරිම ලස්සන ගුරු පාරක්.දෙපැත්තෙම එරමිනිය කැලේ.අඩි දහයකට වැඩිය පාර පලල නෑ.පාර වැටිල තිබුනෙ ඔය කවුදෝ රජ්ජුරු කෙනෙක් ඉස්සර හිටිය කියල කියන නටඹුන් පොට් එකකට යන්න.ඉඳල හිටල හොරෙන් ඕකෙ පොල් කඩන පොරක්,නැත්තන් කසිය ෂොට් එකක් ගහන්න යන බුවෙක් දර හොයන්න ගිය කෙනෙක් වාගෙ ඇරුනාම වෙන කවුරු හරි ගියානම් ඒ හරිම අඩුවෙන්.ඔහොම කලින් ට්‍රයි කරපු කෙල්ලටයි ලෝකයටයි හොරෙන් සපෝටර්ගෙයි මගෙයි ප්‍රතම ප්‍රේම කතාව ලියවීගෙන යනකොට මොකද්දෝ ගාමන්ට් ෆැක්ටරියක් හදන්න කියලගමේ තිබුන සුන්දර පැත්තක් බැකෝ,එස්කැවේටර්,බුල්ඩෝසර් එහෙම ගෙනල්ල විනාස කරමින් පැවතුනා.ඒක හින්ද සමහර ගෙවල් වලට යන පාරවල් එහෙම අවහිර වෙලා තිබුනා.
දැන් ඔන්න එදත් සන්ඩේ ඊවිනින් එකක්.මම පාගල් එකේ හරියටම ටයිම් එකට සුපුරුදු ප්ලේස් එකට ස්ථාන ගත උනා.දුල්මිනිත් ක්ලාස් ඉවර උන ගමන්ම වාගෙ ආවා.දැන් එයාගෙ පොත් ටික බයිසිකලේ ලැගෙජ් එකේ එහෙම තියල පොල්ලට බර දීගෙන පෙම් පිළිසඳරෙ.(පොල්ල කිව්වෙ මේ....අර ඩබල් දාල එහෙම යන්නෙ ඒක හොඳේ).අපි හිටපු තැනින් එහා පොඩි වංගුවක් තියනවා.ටිකකින් මෙන්න බොලේ එතනින් කෙල්ලො සෙට් එකක් මතු උනා.මල කෙලියයි.භාග්‍යයි english ක්ලාස් එකේ තව එයාලගෙ ගෙවල් ලඟ තුන් දෙනෙකුයි.එතනින් දෙන්නෙක් අපේ වයසෙ අය.එක්කෙනෙක් අපිත් එක්ක ස්කූල් වෑන් එකෙත් යනවා.බඩු අතේ මාට්ටු.අර අලුතෙන් හදන ෆැක්ටරියෙ සීන් එක හින්ද එයාලත් ගෙදරට යන්න ෂෝට් කට් එකක් දාල.අපි දැක්ක විතරයි සෙට් එකම හොල්මන් උනා.එකියක්
"ආ....දෙන්න මොකද මෙතන......"
දැන් ඉතිං අහන්න කියන්න දෙයක් නෑ.ඔක්කොම දැක්කා.හෙට වෙනකොට පත්තරේ දැම්ම හා සමානයි.
"දුල්මිනි දැන්ම එන්නෙ නෑනෙ ,අපි යනවා...."
එහෙම කිව්වෙ භාග්‍යය.හෆොයි වෙච්චි වැඩක්.සීන් එක අතේම මාට්ටු උනාට භාගි දුල්මිනි එක්ක තරහ උනේ එහෙම නෑ.දෙන්නගෙ ෆ්‍රෙන්ඩ් ෂිප් එක එහෙමම තිබුනා.දැන් කියන්න ගියෙ යාළුව කෙල්ලට බැහැපු එකනෙ.
මූට තිබුන එක විශේෂ්‍යත්වයක් තමා කෙල්ලො ටෝක් කිරීමේ හැකියාව සහ,ලැජ්ජාව නැති කම.හැබැයි කාදලන් මූවි එකේ ජෝකර්ගෙ ලුක් එක තමා තියෙන්නෙ.බැලූ බැල්මට කියන්න බෑ කෙල්ලෙක් කැමති වෙයි කියල.ඊටත් වැඩිය මෙහෙම සුපිරි එකක්.ඒ උනාට මූ වැඩේ අතෑරියෙ නෑ.දැන් මගෙන් සපෝට් එකක් ගන්නත් බෑනෙ.රුවන තනියම ගේමට එන්ටර් උනා.හැබැයි මට කිසිම ෂුවර් එකක් නෑ කෙල්ල කැමති වෙන එක ගැන.ඇයි අප්පේ වෙච්ච දේවල්.විශ්වාසය කඩවීම්ම කීයක් උනාද?මූට වෙන එකකට බැහැපන් කියන්නත් බෑ.ඉස්සර මට වාගෙ තමා බාගෙට පිස්සු.භාග්යලගෙයි දුල්මිනිලගෙයි ගෙවල් තියෙන්නෙ ටිකක් කිට්ටුව.හවසට අපි දෙන්නම පාගල් දෙකේ ඔය පැත්තෙ පොඩි රවුමක් දානවා.දුල්මිනි සෙට් උනාට පස්සෙ රුවන ට්‍රයි උනාට මට භාගිලගෙ පැත්තෙ යාම තහනම්.එතකොට කෙල්ලගෙ මූන එල්ලෙනවා.ඔහොම,ඔහොම මාස තුන හතරක් ගියා.එදත් ඉරිද හවස් වරුවක්.මම සුපුරුදු පාරෙ වංගුව ලඟ කෙල්ල එනකන් ඉන්නවා.රුවනත් භාගිට පැනි පාර දාන්න අනිත් පැත්තෙන් ගියා.ටිකකින් දුල්මිනි ඇවිත්
"අන්න රුවන් අයියයි භාග්‍යයි එහා පැත්තෙ කතාව "
කිව්වා.අපි ඉතිං ඕක වැඩිය ගනන් ගත්තෙ නෑ.රුවන මට මේ ගැන මුකුත් කිව්වෙත් නෑ.මම හිතුවෙ මූ මේ අහනව වෙන්න ඇති කියල.ඔන්න ඊලඟ සතියෙ,රුවනට සනීප නෑ උන ගැනිල.දුල්මිනියි මමයි ඉන්න තැනට මීටර් 100ක් විතර එහායින් පරණ ට්‍රයි එක හිටගෙන පෙර මඟ බල,බලා ඉන්නවා.විනාඩි පහලොවකට විතර පස්සෙ හිමීට අපි ඉන්න තැනට ඇවිත් දුල්මිනිට මොනවදෝ කියනවා.බොලේ මේ කියල තියෙන්නෙ මට කියන්නලු රුවනට දැන් එන්න කියන්න කියල.මේ මොකද්ද මේ සීන් එක.අපි දෙන්නම හොල්මන්.කෝකටත් මම රුං ගාල ගිහින් ඌට මේක කිව්වා.මූ කියනව
"මට සනීප නෑ බං.උඹට පුලුවන්නම් මේ ලියුම එයාට දීපන්"
කියල.
"අවුලක් වෙයිද??"
"නෑ,නෑ කෑල්ල මට වැටිල ඉන්නෙ,උඹට දෙන්න බැරිනම් දුල්මිනිට කියපන්කො දෙන්න කියල"
"යකෝ උඹ මට ඇයි කලින් කිව්වෙ නැත්තෙ."
"නෑ බං ගිය සතියෙ තමා හා කිව්වෙ"
කියල මූ කියපි.මට අදහ ගන්නත් බෑ.මමත් ගිහින් ලියුම එයාට දුන්නා.අසනීප කතාවත් කිව්වා.
"රුවන් අයියට ගොඩක් අමා...රුද?"
එහෙම අහපු වෙලාවෙනම් ඇඟ හිරි වැටුනා. දැන් පරණ පෙම්වතා සපෝටර් වෙලා.පස්සෙ දුල්මිනි අහපු වෙලාවක "ඔව් රුවන් අයියට මම කැමතියි කිව්වා" කියල භාග්‍ය කියල තිබුනා.ටික දවසක් ගියාම එකම ලව් ලේන් එකේ එක තැනක මමයි කලින් සපෝටරුයි ලව්,ඊට ටිකක් එහායින් කලින් ට්‍රයි කරපු කෙල්ලයි මගෙ යාළුවයි ලව්.හික්...හික්....මරු ෆ්රස්ට් ලව්........
මාර සීන් එකක් නෙ වෙන්නේ !!!!!
ReplyDeleteභාග්‍යා ට ඕන් වෙලා තියෙන්නේ දිනේශ් අයියගෙන් පලිගන්න වෙන කෙනෙක් එක්ක යාලුවෙලා පෙන්නන්නද ? එහෙමත් නැත්නම් භාග්‍යාට ඕන වෙලා තියෙන්නේ කාත් එක්ක හරි යාලු වෙන්නද ? හිතා ගන්ඩ බෑ. මාරම සංකීර්නයි !!!!!
කොහොම උනත් රුවනත් ගොඩ කොහොම උනත් රුවනත් ගොඩ ගියානේ එල එල එල
කොහෙද අප්පේ මෙච්චර කල් ගිහින් හිටියේ ?
ඒ උඹට දුක හිතුනේ නැද්ද බං? මටත් ඔය ටිකම වුනා... හැබැයි වෙලාවට කෙල්ල සපෝටර්ට කැමති වුනේ නෑ.... යශෝධරා ගැන නෙමේ ඊට කලින් සීන් එකක් මේක හරිය...
ReplyDeleteඅනිත් එක මචං උඹට මොකද මේ දවස් වල වෙලා තියෙන්නේ? බිසිද බං?
ඔය වගේ ආදර කේස් නම් අනන්තයි.,මගේ යාලුවෙක්ටත් උනා...හෙහ්...එ උනට එක මහ අමුතුයි.හුගාක්ම ඔයා පස්සෙන් ඇවිත් පස්සේ දුල්මිණි එකක් යාලු වෙලා පෙන්න කතා කර කර ඉන්න එකත්..පස්සේ ඔයාගේම යාලුවෙක් එක්ක යාලු වෙන එක ...
ReplyDeleteහුග කාලේකින් දිනේශ් අයියාව දැක්කේ... මොකද වුනේ...
හලේ මොකද ඔයාට වෙලා තිබ්බේ? ජපනා බෝම්බ දැම්මද හරියටම කොම්පීතර තියෙන තැන ඉලක්ක කරලා?
ReplyDeleteසංකීර්ණ කතාවක්... ! ඊට පස්සේ මොකද වුනේ?
@ මධුරංග,
ReplyDeleteනෑ,නෑ පලිගන්න චේතනාවක් නෙමෙයි.මොකක්ද දන්නෙ නෑ.ඒ දවස් වල මටත් ඕක තේරුමක් නෑ.කොහොම හරි එහෙම උනා.
බිසී කියන්නෙ මලේ..අද උදේ වැඩට ගියාම ඕෆ් වෙන්නෙ හෙට උදේ. එක දිගට පැය 24යි. මොන බ්ලොග්ද.
@prasanna86k,
මට මාර අප්සෙට් බං.මොකද කෙල්ල මගෙ මූන දිහා කෙලින් බලල කතා කරන්නෙ නැති උනා.පාරෙදි දැක්කත් බිම බලාගෙන යනවා.මගෙ ලව් ඔය වාගෙ සේරම මඤ්ඤං එව්ව තමයි බං.
@නිම්ශා නඟා,
මටනම් හිතෙන්නෙ මේක රුවනගෙ හැකියාව කියල.නැතුව භාගියි මමයි එක දවසක්වත් කතා බහ කරල ලව් කරල තිබුනෙ නෑනෙ.ඔව්ව ඔහොම තමා.දන්නැද්ද පොඩි කාලෙ ලව්.
මම මේ දවස් වල බරපතල වැඩ සහිතව හිරේට නියම වෙච්ච ගානයි. හික්....හික්....
@සංජු,
ඔබතුමිය ප්‍රශ්න පත්තර හදන්නෙ නැතුව බ්ලොග් ලියනව වාගෙ නේද?ජපනට බෝම්බ දාන්න හම්බ වෙන්නෙ නෑ.ලැප කොට්ටෙට තියාගෙන තමයි නිදියන්නෙත් හික්z......
ඊට පස්සෙ තියෙන්නෙ "ප්‍රතම ප්‍රේමයේ අවසානය" ලියන්න තමා. :(
අම්මෝ සෑහෙන කාලෙකින්... මොනව උනත් රුවන්නම් වැඩකරු වගේ.... :)
ReplyDeleteඅපි යන තැන කෙල්ලො එනවා...අපි සපෝටර් ඇදගෙන සපෝටර්ලා නැතුව නේ යන්නේ...ඉතින් කෙල්ල ලයික් වෙන්නේ මට.....සපෝටරේට නෙමේ...මේක සිම්පල් තියරියක් නේ...
ReplyDeleteමොකෝ වෙලා තිබ්බේ මෙච්චර දවස්?
දිනේශ් අයියව බලන්න තියන ආසාව . ඔය අතින් ලියන වචනයක් දැක්කම එදාට කෑමත් එපා ! ..මොකද මේතරම් දවසක් කෙරේ . බයික් එක පැද්දද? ලංකාවට ලගඳීම එනවද . දැන් දුම් බොන්නේ නැද්ද ? මම උඹව හම්බෙනකම් හිටියේ කාරනාවක් කියන්න . මූනු පොත බලහං මචං පුද්ගලික කරුනක් උඹට තමයි මම දෙවනියට කියන්නේ කියන්නේ උඹනේ මගේ මුල්ම බ්ලොග් බොක්ක .
ReplyDeleteහරි කතාවට එන්ටර් වෙමු ....
මචං ඇත්තටම භාග්‍යා රුවන් එක්ක සෙට් උනාට පස්සේ උඹට එපා උනා නේද ? පට්ට ඉරිසියයි නේද අඩේ මටනම් මරාගෙන මැරෙන්න හිතෙනවා . මටනම් පේන්නේ උඹට දැනුත් ඒ ඉවසන්න බැරි ගතිය තියනවා . ඒ මචං ලියුමේ මොනා බං තිබ්බේ ? උඹ ඒක කියෙවුවේ නැතෙයි . ? උඹලව අර කස්ටියට මාට්ටු උනාට පස්සේ ගෙවල් වලින් බැන්නයි .? මේ කතාවේ තව කොටස් තියනවා නේද ? අඩේ මට භාග්‍යා මැවිලා පේනවා ...
අනේ මේ මෙච්චර තටමන්නේ නැතුව සතියකට එකක්වත් ලියපං මචං . බලහං උඹව දැක්කම අපට තියන සතුට ... හොදි ඕන්නෑ බං ..
කෙල්ලො කියන ජාතිය තේරුම් ගන්න හරිම අමාරුයි. ඒ අමාරුකම හින්දම මම කෙල්ලො තේරුම් ගන්න ට්‍රයි කරලත් නෑ. කෙල්ලොන්ට ට්‍රයි කරලත් නෑ. :D
ReplyDeleteඅනේ මන්දා මට නං මෙව්වා තේරෙන්නෙ නෑ බං. (හැහ් මං බබානේ.....)
ReplyDeleteදිනේශ් මඩ ගහන්න එපා ......... ඔන්න මම ලියන එක නවත්තනවා එහෙනම්
ReplyDeleteකෙල්ලො කියන්නෙ කෙල්ලොම තමා, තේරුම් ගන්නව බොරු
ReplyDeleteඅපරාදෙ දිනේෂ් කෝලිකුට්ටු කන්නෙ නැතිව අළුකෙසෙල් කන්න ගිහිල්ල.කතාවෙ හැටියට භාග්‍යා එක්ක යාළු වෙන්නයි දිනේෂ්ගෙ යටි හිත කැමති.
ReplyDeleteඋඹ නම් පාගල් ම කොල්ලෙක් තමා :)
ReplyDelete@කොට ජීවිතේ,
ReplyDeleteම්....ටික දවසකින් තමා.උගෙ කට තමා කට.රත්ගමය මල්ලි පරාදයි.
@රත්ගමයා,
ඉස්සර මම කෙල්ලන්ට බයයි බං.කතා කරණකොට ගැලපෙන්නෙ නැති දේවල් කියවෙයි කියල හිතෙනවා.
වෙච්ච දේ ඔය උඩම comment එකක තිබුනා.
@හිස් අහස,
අඩේ ඔහොම අතිශයෝක්තියෙන් වර්ණනා කරන්න එපා බං.ඒක නෙමෙයි msg එකක් නෑනෙ බං.තරහ නැතුව මට ඒක මේල් කරපන් මලේ.
(dinukuma@gmail)
ගමේ කීප දෙනෙකුටනම් චා උනා.ඒ උනාට ලව් එක ක්ලෝස් උනේ දුල්මිනිලගෙ පියාට අතටම මාට්ටු උන දවසෙ තමා.
@Ranga,
ReplyDeleteඋඹේ කතාවනම් ඇත්ත බං.තේරුම් ගන්න අමාරුයි තමා.මොකද එයාල අපි හිතනවට වැඩිය දුර හිතනවා.මෙතනනම් උනේ එහෙම දේකුත් නෙමෙයි.හැබැයි කෙල්ලට පොඩි ෆැමිලි ප්‍රොබ්ලම් එකකුත් තිබුනා.
@තීර්ථ යාත්‍රිකයා ,
ඔය තේරුමක් නැති එව්ව තේරුම් ගන්න උත්සාහ කරන්නත් එපා බං.
@සංජුවා,
නෑ,නෑ මඩ නෙමෙයි ;)ඒක නවත්තන්නෙ නෑ කියල මම හොඳටම දන්නව.හික්.....මේකත් අර අබිං කෑව වාගෙ වැඩක්නෙ.
ඔන්න ඉතින් කපුවා කපෝති උනු හැටි. අර කෙල්ල සෑහෙන සාංකාවෙන් ඉන්න ඇත්තෙ කොල්ලෙක් නැති එකට. ඒකයි රුවන්ට පැනපු ගමන් කැමති වෙන්න ඇත්තෙ.
ReplyDeleteiPlus;
ReplyDeleteඉක්මනට ලොකු ගලක් හොයාන වරෙන් මට ඔලුව ගහගන්න. අනේ මන් දන්නෑ, මෙහෙමත් මිනිස්සු ඉන්නවාද? ඉක්මනට ලංකාවට වරෙන්, මූණ ටිකක් බලාගන්න, මේකා කොයි වගේ එකෙක්ද කියලා.
ඔන්න ඉගෙන ගනනින් කෙල්ලන්ට කොල්ලන්ගෙ ලස්සනින් වැඩක් නෑ කියන එක. උන් හොයන්නෙ වෙන මොකක්හරි එකක් බං. මටත් තවම හරියට හොයාගන්න බැරි උනා. ගෙදර උන්දැගෙන් ඇහැව්වත් නෝ කතා.
ReplyDeletenawammawatha කිව්ව වගෙ හොයන්නෙ ලස්සන නෙමෙ වෙන මොකක්දෝ එකක්. එක තියෙන කෙනෙක් හොයා ගත්තාම ඔක්කොම හරි. :)
ReplyDelete@තාරක Dilsh@n,
ReplyDeleteමම ඉස්සර ඕව වැඩිය හිතුවෙ නෑ.ඒ උනාට දැන් තමයි කල්පනා වෙන්නෙ ඇයි අච්චර එල බුවෙක් උන ප්‍රසන්නයටත් වැටුනෙ නැති එක මූට සෙට් උනේ කොහොමද කියල.
@JHOTHISHALANKA,
හික්...හික්.... දෙකම කෝලිකුට්ටු තමා.ජ්‍යෝතිෂ සහෝට බොරු කරන්නෙ කොහෙද නේද??ඇත්තනම් ඒක තමයි හැබැයි ඔය මොනව කිව්වත්.
@කොඩි,
දැන් ටිකක් අඩුයි බං.ඉස්සර පාගල් එකේ හොඳම එක.
@පිණිබිඳු... ,
ReplyDeleteඔයා "කාදලන්" ෆිල්ම් එක බලල තියනවද?අන්න ඒකෙ ජෝකර්ම තමයි මූ.කෙල්ල දැන් යන "ගැහැනු ළමයි" ඩ්‍රාම එකේ "සෝමෙ" වාගෙ.කෙල්ල පාරට බැස්සාම කොල්ලො පස්සෙන් එන්නෙ කාන්දමකට ඇදෙනව වාගෙ.මාත් ඒකනෙ මැරීගෙන අවුරුදු එක හමාරක්ම ට්‍රයි කෙරුවෙ.කොහොම හරි ඉතිං ඌට වැටුනා.අන්තිමට රුවනට පණිවුඩ ගෙනියන්න උනේ මට.
@iPlus;
හික්....හික්..හික්....මූන නම් ඉතිං ඔය තියෙන්නෙ .ඔහොම තමා.ලැජ්ජාව බය දෙක නැති කර ගත්තාම ලව් කරන්න ලේසියි බං.
@nawammawatha,
යකෝ උඹටත් තාම ඕක හොයා ගන්න බැරි උනානම් අපි කොහොම දැන ගන්නද?දවසක් අපේ එකෙක් ඔහොම දෙකක් දැකල ඌට මළම පැනල කියනව "ඉඳකින්...හොඳ ගෙඩි කන්නෙම පනුවොනෙ" කියල.
@pissi,
ඉතිං අපි ඕව දන්නවයැ.කියන්නකො බලන්න ,මොකද ඉස්සරහට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඔයාල නොදන්නව වෙන්න බෑ.
අඩේ සේරම මාරුවෙලානේ බං. උඹේ සපෝටර්ට උඹ ට්‍රයි කරපු කෙල්ල. උඹ ට්‍රයි කරපු කෙල්ලගේ සපෝටර්ට උඹ. ෆට්ට ලව් ස්ටෝරිය :D
ReplyDeleteමේක දෝ පූල් දෝ මාලී ද?
ReplyDelete@nawammawatha
මං හාමිනේගෙන් ඇහැව්වා. කෙල්ලෝ කැමති වෙන්නේ ඩයල් එකට විතරක්ම නෙමේ ෆුල් පැකේජ් එකට ලු.
මට සීන් එක මැවිලා පෙනුනා... :D
ReplyDeleteනියම ලව් එකක් නේන්නම් ඒක..ඇත්තටම කෙල්ලෝ කැමති මොන ටයිප් එකේ කොල්ලන්ටද බං..
ReplyDelete_____ඇයි උඹට පහුගිය ටිකේ මොකද ළුුනේ මචං.ආවේ නැත්තේ බිසීද..
හික්ස්.....
ReplyDeleteඅනේ දහම් පාසැල් ගිහිල්ලත් කරලා තියන වැඩ. ඕක අනෙක් පැත්තට උනා නම් මොන තරම් ලස්සනද? ඔයා සපෝටර් කෙනෙක් අරිනවා ගෑනු ලමයා ලඟට. එයා සපෝටර් එක්ක යාලුවෙනවා. ඔයාට කවුරුත් නෑ. එහෙම උනා නම් තමා හොඳ වැඩේ.
ReplyDeleteමේ 'අකේලේ හම්' කියන එකේ තේරුම මොකක්ද? ෂාරුක්ට කියන තවත් නමක් නෙමේනේ.:D
අයියන්ඩි ඉන්න පැත්තට Tසුනාමි කරදරයක් එහෙම නෑ නේද?
ReplyDeleteඅපේ අක්කල ඉන්නෙත් ඉබරැකි.අද අපේ ගෙදරට නෑදෑයොයි අක්කගෙ යාළුවො හිතවත්තු ගොඩක් කතා කරල විස්තර ඇහුවා.දිනේෂ්වත් මට මතක් වුනා.පොඩ්ඩක් බ්ලොග් එකට කමෙන්ට් එකක් දාන්න යාළු.සුනාමියෙන් කරදරයක් නෑනේද?.
ReplyDeleteනෑ,නෑ අපි ඉන්න පැත්තට අවුලක් උනේ නෑ.
ReplyDeleteඅඩො මෙක මාර සීන් එක..පැන්ඩගෙ කමෙන්ට් එකක් නැති උබේ බ්ලොග් පොස්ට් එකක් තියෙන්න බැනෙ..නැද්ද ?.
ReplyDeleteසංජු අකෙල හම් කියන්නෙ සිංහලෙන් වල් කතා කියන එකට නෙ..ඒකවත් තෙරුනෙ නැද්ද මුගෙ බ්ලොග් එක බැලුවම...මට ආරන්චි ලංකාවෙ හුඟක් එවුන් මහින්ද අංකල් අර නොටි වෙබ් සයිට් ටික බෑන් කළාට පස්සෙ ඒ වෙනුවට බලන්නෙ මුගෙ බ්ලොග් එකලු..මේක බ්ලොක් කලොත් මූ ලංකාවට එන දවස දැනගෙන එයාර් පොර්ට් එකෙදි අල්ල ගන්න බැරි වෙන හින්ද දැන්ම බ්ලොක් කරන්නෙ නැලු..ඒක ආරන්චි හින්දලු දිනේශ් අද එනව හෙට එනව කිය කිය සි අයි ඩී නොමග අරින්න හදන්නෙ.සංජු එක නෙවෙ අර how i met ur mother එකෙ barney කොලුවට ත් තියෙන්නෙ ටිකක් විතර මුගෙ ගති ගුණ නේද ?
සුනාමියෙන් කේස් නෑ නේද මචන්???
ReplyDeleteපැන්ඩ්ස් : ටිකක් නෙමි රිප්ලේස් කරන්නම පුළුවන්.
ReplyDeleteමෙහ් ටී-සුනාමිය ඔහෙට ආවේ නෑ නේද? පුළුවන් ඉක්මනට මෙන්න මෙහෙ අපිට දුක සැප කියල යන්න එන්න. නෑ නෑ එක්කො එක පාරම ලංකාවට එන්න.
ලොවෙත් නෑනෙ බන්... පට්ට සිද්දිය.
ReplyDeleteඋඹ කෝ අයියේ ?
ReplyDeleteහි..හි.... පට්ට පට්ට....
ReplyDeleteඅඩේ කෝ දිනේෂ් උඹ...ගම රට ආවද? ඉන්න තැනකින් දාපන්කෝ අකුරැ දෙක තුනක්වත් ඉන්න බවවත් දැනගන්න..
ReplyDeleteඅනේ අපොය්.... :(
ReplyDeleteමොකෝ බං සද්දයක් නැත්තෙ, නොකියාම ගම රට බලා ආවැයි ?
ReplyDeleteඋඹට මොනවයි උනේ ?
ReplyDeleteදිනේශ් මොකද බන් සද්දයක් නැත්තෙ..??????????
ReplyDeleteඅයියත් පොතුහැර පැත්තෙ ද?
ReplyDeleteඋඹට ෙමාකද උෙන්
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteහැමදාම ඇවිත් බලනවා පෝස්ට් එකක් ලියලද කියලා?අපි ලිපියක් ලිව්වාම හැමදාම කමෙන්ට් දාන දිනේෂ් කාලෙකින් පෝස්ට් එකක් දාලා නැහැ.ලංකාවට ආව නේද?
ReplyDeleteඅයියේ කෝ උඹ ...?
ReplyDeleteDinesh...Machan Skype wath log weyanko????????????
ReplyDeleteලබන්නාවූ සුභ අළුත් අවුරුද්ද ඔබ සැමට බලාපොරොත්තු ඉටු වන සුභ අළුත් අවුරුද්දක්ම වේවා.
ReplyDeleteදිනේෂ් ඔයා හරි නරකයි.මගේ බ්ලොග් එක මුල් මාස දෙකේ කවුරුත් නොබල වේලි වේලි ඉන්නකොට ඔයයි තව කෙනෙකුයි තමයි මුලින්ම කොමෙන්ට් කලේ.ඒ වෙලාවෙ මට දැනුන සතුට කියන්න බැහැ.ඊට පස්සෙ ලියන ලියන හැම ලිපියකටම වගේ ඔයා කමෙන්ට් කලා.ඒත් මොකද මේ මාසයක්ම සද්ද නැතිව ඉක්මනට බ්ලොග් අවකාශයට ඇවිත් පුරුදු විදියට කුරුල්ලෙක් වගේ පියාඹන්න.
ReplyDeleteලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ReplyDeleteලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම
දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!
-කතන්දරකාරයා
දිනේශ්ට ලොතරැයියක් ඇදිලා . දැන් එයාට අපිව මතක නැත
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅයිය මේ දවස් වල පොතුහැර ද ඉන්නෙ?
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteආයෙමත් අන්ත්රරස්දාන් වෙලා!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමොකෝ දිනේශ් අයියේ? උඹට මක්කැයි වුණේ???
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමොකද සද්දයක්වත් නැත්තෙ යාලුවා!?
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteදීනේශ්ව හොයල හුගක් අය කමෙන්ට් කරල තිබ්බ හින්ද මෙක කියන්න හිතුවෙ, දිනේශ් අවුරුද්දට ලංකාවට ආව.ඒ දවස් වල මම හිතන්නෙ ඒ හින්ද බ්ලොග් එක මග ඇරෙන්න ඇති, සමහර විට ලංකාවෙ ඉබි ගමන් අන්තර්ජාලය එපා වෙලා හින්ද බ්ලොග් පැත්තෙ නැවිත් ඉන්නව ඇති,..
ReplyDeleteඅඩෝ දිනේ අයියා මම උඹව දැක්කා පිනි බිණ්දු බ්ලොග් එකේ ඉන්නවා ...
ReplyDeleteහිටපන්,හිටපන් ඔක්කොම බ්ලොග් ටික කියවනවා.ආපු ගමන් bzy බං.
ReplyDeleteමේන්න මූ එලි බැහැල..
ReplyDeleteනොදකින් කොහෙද තෝ ගිහින් හිටියෙ.
ලංකාවට ආවද??
අහ් ඒ කියන්නේ ලඟදිම ආයේ ලියන්න පටන් ගන්නවනේ?
ReplyDeleteඅයියෝ දිනේෂ් අයියෙ දැන්වත් පෝස්ට් එකක් දාමුද.
ReplyDeleteහිහ් හිහ් ඔයාටත් වෙන වැඩ :)
ReplyDeleteමම දන්නවා උඹ මේ බ්ලොග් එකේ ඉන්නවා කියලා .. කමක් නෑ එහෙනම් හැංගිලාම ඉඳපන්කෝ ..
ReplyDeleteඋඹ දැන් බයික්කේ ගත්තාට පස්සේ ලොකු හිත්නේ
කියල වැඩක් නැ සඳරුවො..මුගෙ හෙණ ලොකු එක දැන්..අපිට මොකො..චැට් එකකට රිප්ලයි නැ..යකො බයික් එකක් ගෙනවා කියල ඔච්චර උඩ යන්න දෙයක් ඇ..අනික දැන සිබිර් එකත් නැලු අර ෆාසීර් එක..ගණන් තමයි ලොකුයි තමයි ඒ වුනාට ඔන්න සිබිර් එක ඉල්ලුවත් අපි ෆසීර් ඉල්ලනවැයි රවුම් යන්න..ඔච්චර උඩ යන්න මොකක් වෙලාද දන්නෙ නැ..අම්මප හද පතුලෙන්ම නැගෙන පට්ට මලෙන් මේ ලියන්නෙ...තො කොටියම කාපිය.
ReplyDelete