
දැන් ඔන්න A/L දෙවනි පාරටත් ඇනගෙන එහෙම ගෙදරට වෙලා ඉන්නකොට ඉස්සර වාගෙ ගෙදරින් දෙන මූල්‍ය ප්‍රතිපාදන එහෙම ටික,ටික කපා හරින්න ගත්තා.මෙතනින් එහාට තවත් අධ්යාපනේකට කැමත්තක් තිබුනෙම නෑ.කොටින්ම ඕකට මම ඒ දවස් වල කැමති නෑ.පොතක් අතට ගත්තොත් මොකක් හරි පරණ කෑල්ලක් මතක් වෙනවා.ඊට පස්සෙ ඒක ගැන හිත හිතා ඉන්නකොට නින්ද යනවා.මෙලෝ දෙයක් මතක හිටින්නෙ නෑ.පිස්සුවේ උපරිමය.
නිකන් ඉන්න එකේ job කට්ටක්වත් හොයා ගන්න ඕනෙ කියල නිකමට ගෙදරට ගෙනාපු පත්තරේක දැන්වීම් ටිකක් බල,බල හිටිය.ඔය permanent job වලටත් ඒ දවස් වල මම කැමති නෑ.ඇයි අප්ප එකම තැනකට හිර වෙනවනෙ.ඔහොම බලනකොට ටිකක් අනිත් ඒවට වැඩිය ලොකුවට තැනක දාල තියනව "විශ්වාසවන්තව සේවයට රියදුරෙක් ඕනෑ කර තිබේ " කියල.අපේ ගෙදර ඉස්සර වෑන් කට්ටකුත් තිබුන හින්ද මට ඔය වැඩේ පොඩි කාලෙ ඉදලම හුරුයි.දෙපාරක් හිතුවෙ නෑ.ගත්ත දාල තිබුන number එකට call එකක්.
hello............
ආ...එච්චරම අවුලක් නෑ වාගෙ.
සර්...., අර පත්තරේ දාල තිබුන vacancy එකට කතා කලේ....
හරි වයස කීයද?
විසි එකයි.
ම්.....ටිකක් කල්පනා කොරල එහෙම කවදටද එන්න පුලුවන්?
හෙට උනත් කමක් නෑ.
අන්න එහෙම කෙනෙක් තමයි මටත් ඕනෙ.එහෙනම් හෙට උදේ එන්න.
දැන් address එකත් අහ ගත්තා.හුටා..............මොකද්ද දන්නෙ නෑනෙ එලවන්න තියන වාහනේ.
excuse me sir මොකද්ද වෙහිකල් එක?
බෙන්ස්.
ok sir.
බෙන්ස් එකක්ලු.පඩි නැතත් කමක් නෑ මේ වාගෙ එකක් එලවන්න තියනවනම් කියල, පහුවදා උදේම තියන ඇදුම් කෑලි දෙක තුනකුත් මල්ලක ඔබාන ගියා බුවාගෙ ගෙදර.නුගේගොඩ කිට්ටුව.යනකොට බුවා හිටිය.උදේම ආපු එක ගැනත් මිනිහට සැටිස්.පැත්තක තියනව 18 ඩෑෂ් බෙන්ස් රාජයෙකුත්.
දැන් ඉතින් බුවාගෙ ඩ්රැවා වෙලා මම සේවෙ.පොරට mc එකෙයි,යුනිටියෙයි,බොරැල්ලෙ shopping complex එකෙයි DVD ෂොප් තුනක් තියනව.සතියකට සැරයක් මැලේසියා ගිහින් තැටි ගේන එකයි,ඔය ෂොප් ටික කරණ එකයි තමා පොරගෙ බිස්නස් එක.මට බුවත් එක්ක අර ෂොප් වලට යන්නයි,රට යන දවස් වලට එයා පෝට් යන්න එන්නයි,ඔව්ව තමයි තිබුන වැඩ.
ඔය වාගෙ දවසක මෑන්ව Air Port Drop කරල ආපහු පාන්දර පහට විතර බේස් ලයින් එක දිගේ නුගේගොඩට එනකොට පොඩි වතුර පිපාසයක් ආව හින්ද පාර අයිනෙ තැඹිලි ඉති දෙක තුනක් තියාගෙන ඉන්න කෙනෙක් දැකල වාහනේ නැවැත්තුවා.වයස තිහක තිස් දෙකක විතර ගෑනු කෙනෙක් තමයි එතන හිටියෙ.පාන්දර වාගෙ හින්ද පාරෙ සෙනගත් නෑ.වාහනත් එච්චරම යන්නෙ නෑ.මම ඉතින් අයින් කරල නවත්තල ,බෑහැල ගිහින්
"තැඹිලි කීයද" කියල ඇහුවා.අක්ක එක පාරටම
"අරව දහයයි,මෙව්ව තුන්සීයයි" කියල කිව්වා.
මම අන්දුන් කුන්දුන් උනා.එච්චර එලියත් නෑ.ඉටිපන්දම් දෙකක් තමයි එතන ගහල තිබුනෙත්.එක පාරටම තේරුනේ නැති හින්ද ආයෙත් සැරයක්
"කීයද"
කියල ඇහුවා.ඒ පාර අක්ක තැඹිලි ඉති ටික දිහාට අත දික් කරල "අරව දහයයි",පපුවට අත තියාගෙන "මෙව්ව තුන්සීයයි" කියපි.
අප්පට සිරි ,මෙයා මේ වෙන සීන් එකක්නෙ කියන්නෙ......මට හිනා යන්නත් එනව.අමාරුවෙන් කට වහගෙන දහයෙ එකක් කපන්න කිව්වා.ඒ පාර අක්ක තැඹිලි ගෙඩියක් කපල බටේකුත් දාල දෙන ගමන්
"හෙටනම් මම නෑ.....අනිද්ද ඉඳන් දිගටම ඉන්නව."
මට ටිකක් බයත් හිතුන.මොන ජංජාලයක්ද දන්නෙ නෑනෙ.ඉක්මනට සල්ලි දීල ස්ටාට් කොරගෙන එන්න ආවා.අම්මෝ.........................

ඔය ටිකක් පරණ බෙන්ස් වල ෆ්රස්ට් ගියර් එකයි,රිවස් එකයි තියෙන්නෙ එක ලඟ.මිලිමීටර් දෙක තුනක් එහෙ මෙහෙ උනොත් දෙක මාරු වෙනවා.දැන් ඔන්න තව දවසක ගං සබා හන්දියෙන් හයි ලෙවල් එකට දාන්න නවත්තගෙන ඉන්නවා.ලොක්කත් ඉස්සරහ ඉඳගෙන ඉන්නව.උදේට ඉතින් කට්ටිය දන්නවනෙ 138 පාරෙ ට්‍රැෆික් එක කොහොමද කියල.අතුරු පාරකින් හයි ලෙවල් එකට දා ගන්නව කියන්නෙ මාර ගේමක් .කොහොම හරි එතන හතර මං හන්දිය හින්ද වෙලාවට රාලහාමි කෙනෙකුත් හිටියා.ඔන්න අපිට යන්න අතින් සඥාව ලැබුනා.
හරි දැම්ම ෆ්රස්ට් එකට .අතෑරිය ක්ලච් එක.
දඩාං................
ඇගම සීතල වෙලා ගියා.බඩුම තමා.වැටුනෙ රිවස් එක.බැහැල බැලුවා.පිටිපස්සෙ Vits එකක් අඟල් හතරක් විතර ඇතුලට ගිහින්.ඇතුලෙ හිටියෙ ස්වීට් ලේඩි කෙනෙක්.අපේ බුවත් ඒ වෙනකොට බැහැල ආවා.දැන් දෙන්න කඩු හරඹයක්.බලනකොට දෙන්න ටිකක් අදුරණවා.කෑල්ල lyceum එකේ ටීච කෙනෙක්.එතකොටම රාලහාමි අයියත් ලඟට ඇවිල්ල අපේ වාහනෙ licence insurance ඉල්ලුවා.
හරි insurance එක්ස්පය.
ගත්තා මගෙ ලයිසොම.උසාවි දාන්න ඕනෙ කියල ටැම්පරියකුත් ලියල දුන්නා.ඒ වෙනකොට අපේ බුවා හැප්පුන කාර් එකේ අලාබෙ ගෙවන්න එකඟ උන හින්ද ඒ ප්‍රශ්නෙ ඉවර උනා.ඒත් දැන් උසාවි දැම්මොත් එහෙම................
sir අවුලක් වෙයිද?
තමුසෙ බය නැතුව ඉන්නවකො.
අම්මෝ....හිතට දැනුන ෆිට් එක.දැන් උදේ අපේ වැඩ ඉවර වෙලා හවස දෙකට විතර බුවත් එක්ක කාගෙදෝ ගෙදරකට ගියා.පොර විනාඩි පහකින් විතර ඇවිත්
"පොලිසියට ගිහින් ලයිසන් එක ඉල්ල ගන්න" කිව්වා.ඇහුවොත් අල්විස් මුදලාලි call එකක් දුන්න කියන්න කියලත් කිව්වා.
මාරයිනෙ.මාත් වන්ඩියෙම ගියා පොලෝසියට.රථ වාහන අංශෙට ගිහින් එතන හිටපු සාජන් ලොක්කගෙන් "sir ලයිසන් එක" කිව්වා.පොර
"මොන ලයිසන් එකද?"
"අල්විස් මුදලාලි call එකක් දුන්න කිව්වා".
එක පාරටම බය වෙලා වාගෙ"ආ...හරි,හරි පොඩ්ඩක් ඉන්න" කියල අනිත් වැඩ ඔක්කොම තියල ඉක්මනට මගෙ ලයිසොම දුන්නා.ටැම්පරියවත් ආපහු ගන්න පොරට මතක නැති උනා. නඩු උසාවි මොකවත් නෑ.මාරයිනෙ., අම්මප මට බැරි උනානෙ ඔය අල්විස් මුදලාලි වාගෙ පොරක් වෙන්න.පොලිසියත් පදිරි.
pissu paara...
ReplyDeleteතැඹිලී...........යෙප්.
ReplyDeleteඅර 300 තැඹිලි කොහොමද ? රන් තැඹිලිද නැත්තං ගොං තැඹිලිද ?
ReplyDeleteරන් තැඹිලි නම් අයියේ 300ට පාඩු නෑ ..මේ පායන කාලේ තැඹ්ලි ගැන කියපු එක කොච්චර හොඳද..
ඔයාගේ ලොක්කා නම් දෙයියෙක් නේද ? වෙන පොරක් නම් ජීවිත කාලෙම පිං පඩියට වැඩකරන්න නියම කරයි කාර් එක කැඩුනට..අපරාදේ එයාට තැඹිලි අරං දෙන්න තිබබානේ
උඹ අයියේ දැන් එලටම ලියනවා ..සුපිරි
ජයවේවා !!
@chamli,
ReplyDeleteසත්‍ය සිදුවීමක්.
@rala
හික්....හික්...
@හිස් අහස,
රන් කොහෙද බං මල්ලි පාරෙ.ගොං තමා.ලොක්ක නම් සිරා පොර.ඩේලි ගෙදර පාටි.එදා අලාබෙත් 12000ක්. බුවා පස්සෙ ඒ ගැන වචනයක්වත් කතා කෙරුවෙ නෑ.වැඩි වයස පොරකුත් නෙමෙයි.35ක් විතර ඇති.හි,හි.....ඌට ගෙදර හොඳ තැඹිලි ගෙඩි දෙකක් තිබුනා.
උඹ තමා දවසකටවත් මිනිහා. ආයේ ගියර් එක දාද්දී බලලා දාපං, නැත්තං ඉතිං බඩුම තමා.
ReplyDeleteiPlus;
ReplyDeleteඋබනං සුපිරි බුවෙක්! මචං මං තාම 300 තැබිලි ගෙඩියක් බීලා නෑ බං. ලංකාවේ පොලෝසි ඔහොම තමයි. නැති බැරි මිනිහට තමා ඔක්කොම පාට්. ඇත්තටම උබට පඩි කීයක් විතර ගෙවනවද?
Maxaa!
ReplyDeleteඑළ එළ උඹ ලියන්න ගත්තු එක හොඳයි..දිගටම ලියපන්..උඹට ඔය කතාවෙ නොලිව්ව පාට් එකක් එහෙම කියන්න නැනෙ අපිට විතරක්
ReplyDelete@prasanna86k,
ReplyDeleteදෙක ලඟ තියනකොට මාරුවෙන සම්භාවිතාවෙ වැඩියිනෙ බං.....ආයෙ අවුලක් උනේ නෑ..
@iplus,
හි,හි.....රෑ 9න් විතර පස්සෙ කොල්ලුපිටිය,බම්බලපිටිය පැත්තෙ රවුමක් දැම්මනම් එක,එක සයිස් හොයා ගන්න පුලුවන්.මේ 2003 නේ කතාවක් බං.ඒ දවස්වල සියලු පහසුකම් සපයල 7500 දුන්නෙ.
@පැන්da,
නෑ,නෑ...හෆොයි එච්චර දේවල් නෑ.....
@sameerausa,
තැන්කූ මේ පැත්තෙ එනවට.....
දෙක ලඟ තියනකොට මාරුවෙන සම්භාවිතාවෙ වැඩියිනෙ බං
ReplyDeletehikz hi hi
අඩේ කතා දෙකනම් පට්ටයි සහෝ.. මටත් ඔය වගේ පොරක් ලග ඩ්‍රයිවින් රස්සාව කරන්න හිතෙනවා.. හිහ් හිහ්
ReplyDeleteමචං තුන්සීයෙ තැඹිලි කොලිටි ද?
ReplyDelete@ ළමයා,
ReplyDeleteහික්......ආතල් ජීවිතේ.
@ Ano,
පිටින්නම් ඉතින් නරකමත් නෑ.හි.......හි.
හුටා.. 300 ට තැබිලි තිබ්බෙ කොයි කාලේද බොල... හික් හික් මම නම් බෙන්ස් එලවලාම නැහ.. අපට මොන බෙන්ස් ද කිව්වලු.
ReplyDeleteබොසා නම් රත්තරන් වගේ.
@ පිස්සා පලාමල්ල,
ReplyDelete2003 දි විතර.පේමන්ට් එකේ එව්වනෙ බං.අහම්බෙන්නෙ මටත් බෙන්ස් එකක් කරකවන්න ලැබුනෙ.හි...හි ඌ සල්ලි ගහක්.
මචං තුන්සීයෙ තැඹිලි බිව්වෙ නැද්ද???
ReplyDelete@Thusitha Jayasinghe,
ReplyDeleteඒ සබ්ජෙක්ට් නෑනෙ බං.හික්............ගාන කතා කරල අඩු කර ගන්නත් තිබුනා.
ඊයා........බං! 300 ද???
ReplyDelete300thabili bonna aye giya nadda?????
ReplyDelete