ඊයෙ ටොම් බෝයිල ගැන කියන්න ගිහින් ටික දෙනෙකුට ප්‍රශ්නත් ඇති උනා නේද?හික්....හික්.....ටොම් බෝයිස්......මට දැන් උන් දකිනකොට හිනත් යනවා.පව් ඉතිං අපි හිනා උනාට,එයාල සමහර විට හිතින් දුක් වෙනවත් ඇති.මේ තායි,පිලිපීන් කෙල්ලො ලංකාවෙ කෙල්ලොත් එක්ක සසැදුවොත් දකින්න තියන විශේෂත්වයක් තමා අපේ අය වාගෙ ගනන් උස්සන්නෙ නැති එක.ටිකක් ෆිට් උනාම ඕනෙ දෙයක්.අනිත් එක කන පැලෙන්න බොනවා.ලංකාවෙ කොල්ලො දහයකුයි,තායි කෙල්ලො පහකුයි තිබ්බොත් අපේ උන්ට ඇපත් නෑ.ඒ වාගෙම තමා ඇඟේ පච්ච කොටා ගන්න සීන් එකත්.ආගම බුද්ධාගම.නමෝ තස්ස භගවතෝ අරහතෝ කියලම තමා උච්චාරණය කරන්නෙත්.ඒ උනාට එකෙක්වත් පිලිපැදිල්ලක් නම් නෑ.මේ ලඟදි උන්ගෙ මාට් එකකට ගිය වෙලාවෙ සෙට් එකක් එලියෙ බොනවා.බේරිල්ලක් නැති හින්ද ටිකක් කිට්ටුවට ගියා.හැබැයි ඉතිං මම පානයටනම් නෑ.එහා පැත්තෙ බයිට් හදන්න වෙනම පොට් එකක් තියනවා.ඒ හදන හැටි දැකල මට සසර කලකිරුනා.ලඟ ටැංකියක ඉන්නව ලොකු මාළු.උන් අනේ පීන,පීන ඉන්නව.අරූ මොකද කරන්නෙ දානව ලොකු ගොට්ටක්,අල්ල ගන්නව එකෙක්.එහෙම්මම අල්ලල තෙලට දානවා.අරූ තෙලේ දඟලනවා.මැරෙන්නත් කලින්ම මේසෙට එනවා.ටේබල් එකේදිත් සමහර වෙලාවට කරමල් ගැහෙනවා.ආයෙ ගොළුබෙල්ලො,කුරුමිණියො,පළගැටියො පුදුම කෑමනෙ අම්මප මුන්ගෙ.ඔහොම ටික,ටික රෑ පහලොස් පැයේ වෙනකන් ගහනවා.ඊට පස්සෙ ක්ලබ්,කැරඕකේ යන උන් එව්වට යනවා.ටිකක් ෆිට් උන කොල්ලෙක් කතා කෙරුවොත් ඌට ප්ලග් වෙනවා.දත ගැලවිල්ලක් නෑ.සල්ලි නැත්තන් උන් වියදම් කරනවා.උන්ට ඕනෙ ෆන් එක විතරයි. මේ මොන මඟුල් නැටුවත් පහුවදා උදේ වැඩටත් එන එකනෙ පුදුමෙ.මේ ගැන මීට වැඩිය මොනාවත් කියන්න හොඳ නෑ වාගෙ වැරදි වැටහීම් ඇතිවෙන්න ඉඩ තියනවා.මොකද අපේ සංස්කෘතිය ඇතුලෙ ඉඳගෙනනෙ බලන්නෙ කට්ටිය.


ඔන්න කියන්න ගියෙ වෙන එකක්......තාරුන්‍යයේ හීන.හීන හැබෑ වෙන්න ඕකට හෙටක් තියෙන්න එපායැ නේද??ඒ ගැනනම් මම දන්නෙ නෑ.එහෙම එකක් ක්රියාත්මකයිනෙ නේද.ඒකෙන් සමහරවිට හෙටක් හදා ගන්න පුළුවන් වෙයි. මේක මේ මට විතරක් ඇතිවෙන එව්ව නෙමෙයි.හැම කොල්ලෙකුටම ඉතිං මේ හීන පොදුයි.චූටිම කාලෙ හීන ගැන තේරුමක් නෑ.බලාපොරොත්තු විතරයි තිබුනෙ.තාත්ත හවස වැඩ ඇරිල එනකොට චොකෝ එකක් ගෙනෙයිද?බයිසිකලේ පද්දන්න හෙල්ප් එකක් දෙයිද?ඔය වාගෙ සරල එව්ව.අනේ හැමදාම එහෙම තිබුනනම් කොච්චර එකක්ද..කොහෙද ටික,ටික ලොකු උනානෙ.ඊට පස්සෙ බයිසිකලයක්.මවුන්ටන් එකක් ඉල්ලල කරදර කෙරුවට කොහෙද අරන් දුන්නෙ "ස්පෝට්" වර්ගෙ එකක්නෙ.අල්ලපු ගෙදර ලොකු කෑල්ලට ට්‍රයි කරපු එකාට ඒ දවස් වල තිබුන ගියර් 21 එල මවුන්ටන් පාරක්.මට ඉතිං එහෙම එකක් ඒ කාලෙ හීනයක්.ඔහොම යනකොට ප්‍රස්ට් ලව් එක සෙට් උනා.හික්......කියන්නත් ලැජ්ජයි වාගෙ එතකොට තිබුන හීනයක් තමා අපේ තිබුන වෑන් එකේ දුල්මිණිලගෙ ගෙවල් පැත්තෙ යන එක.මොකද මට ඕක අල්ලන්නවත් දුන්නෙ නෑ ඒ කාලෙ.ඉතිං මම හීන මවනව සෙට් එකත් හයියෙන් දාගෙන කෙල්ලගෙ ගෙවල් පැත්තෙ රවුමක් ගහන විදියක් ගැන.
ආ තව ඇඳුම්......Nike, Reebok ගැන වැඩිය දන්නෙ නෑ ඒ කාලෙ.kito,KAT, Ronaldoඔව්ව තමා බෙස්ට් බ්‍රෑන්ඩ් අපිට.ටී ෂර්ට් Ck,ට්‍රවුසර් Levi's ඒකනම් දැනගෙන හිටිය.කොහෙද ඒත් ඔරිජිනල් එව්ව තියන එකක් යැ.ඒ උනාට අපේ හිතේ ඔරිජිනල් කියල.නොදන්න කම නොවැ.හැබෑටම මට අදටත් තියන ප්‍රශ්නයක් තමයි,කොල්ලො ඔය එල,එල බ්‍රෑන්ඩ් වල එව්ව බැස්සුවට කෙල්ලො ඔව්ව ගැන දන්නවද කියන එක.අනික කෙල්ලන්ට ඕව වැදගත්ද කියන එක.කවුරු හරි නංගියෙක් එහෙම මේ පැත්තෙ ආවොත් මොනා හරි කියල යන්නකො බලන්න.දැන් වොච් එකක් ගන්නකොට ZENITH ,ROTARY,ROLEX හෙව්වට ඉස්සර මොකක් හරි කමක් නෑ නිකල් තඩියක් අතෙන් ගැලවෙන නොගැලවෙන ගානට එල්ල ගන්න තියනවනම්. ඒ කාලෙ යෞවනේ නෙමෙයි හින්ද වැඩි තේරුමක් නැතුව ගැන්සියෙ උන් කියන්නන් වාලෙ යන රැල්ලට ලෝකල් එව්වගෙන් ෂේප් උනාට teenage එක පහු උනාට පස්සෙ තමා හීන සැබෑ කර ගැනීමේ දැවැන්ත සටනෙ යෙදෙන්න උනේ.බොලෙ මෙච්චර කල් අපි බස්සල තියෙන්නෙ රුපියල් 800ට තිබුන ලෝකල් Levi's ජීන්ස්නෙ.ඔරිජිනල් එක 4000යි.kito,KAT මොන බම්බුවද දේශීය නිෂ්පාදනෙ....ෂිහ්....ඒ වාගෙද Nike,adidas,puma පොඩි ටවුන් වලින් ඇහුවට දන්නෙත් නෑ.
දවසක් කඩේක බුවෙක් "මල්ලි nike reebok ඒජන්ට් කරන්නෙ dsi ල.නුවර ෂෝරූම් එකේනම් බඩු තියනව.ඔන්න ඉතින් පියාවත් ඇදගෙන ගියා නුවර යටිනුවර වීදියට.හුටා....සපත්තු දෙකේ ගාන අහල පියාට මඤ්ඤං.රුපියල් 5000යිලු. reebok දෙක 9000යි.මෙන්න මෙහෙ එනව යන්න ළමයො කියල මාවත් ඇදගෙන ආපහු ආවෙ නැද්ද.ඔන්න එදා ඉඳල ප්‍රොමිසස් නන්ස්ටොප් පීස් එකකුත් දාගෙන ඇඳේ නිදාගෙන තව හීනයක්.සුමුදුත් එක්ක අර නුවරදි බලපු සපත්තු දෙකත් දාගෙන කොහෙ හරි ටුවර් එකක් ගහන එක.ඔය එක්කම හිතට ආවෙ නැද්ද ස්පෝට් වංඩියක් ගැනත්.එලටම හරි.දැන් සනීපයි.හීනෙනුත් පේන්නෙ ලක්ෂරි ලයිෆ්.කෙල්ල සුමුදු,ටී ෂර්ට් එක adidas,කලිසම Levi's,වොච් එක ROLEX,සපත්තු දෙක Nike,වංඩිය VERTICAL LAMBO DOOR mazda RX8. ඇස්ටන් මාටින් එහෙම පෙනුනෙ නෑ.මොකද එච්චරම හයි ක්ලාස් එව්ව ගැන දැනගෙන හිටියෙ නෑ.හික්.....හික්.....මගේ තාරුණ්‍යයේ හීන.අදටත් (සුමුදුනම් දැන් ඉතිං නෑනෙ) අනිත් එව්ව ගේමක් නෙමෙයි.අන්තිමට තියන එක තමයි හීනෙ.use කරපු එකක් අඩුවට ගන්න පුළුවන් උනාට කස්ටම් එකේදි 200% ක බද්ද ගෙවන එක මතක් උනාම හීනෙ නිකන්ම බොඳ වෙනවා.අනේ ඉතිං දැන් තාරුණ්‍යත් ගෙවෙන්න ලඟයි.සමහර හීන එහෙමමයි.....
අද දවස ඉතිං අපේ ඉලංදාරි මලයගෙ දවස විදියටනෙ බ්ලොග් අවකාශෙ නම් කරල තියෙන්නෙ. ඒක හින්ද ඔක්කෝමල ඒ ගැන පෝස්ට් දාන නිසා අමුතුවෙන් ලියන්න දේකුත් නෑ.උඹ හිතින් විඳවපු කාලෙ ඉවරයි කියල හිතපන් මචෝ.මේ අපි හැමෝම ඉන්නව උඹත් එක්ක.පෙබරවාරි 15ට කලින් මගේ යුතුකමත් අනිවා වෙයි.මේ ගැන සිංඩියෙ නොදන්න කෙනෙක් නැතත් වෙන විදියකින් බ්ලොගේ කියවන කවුරු හරි ඉන්නවනම් මේ ලිංක් එකෙන් ගියොත් මොකද්ද මේ කියන්නෙ කියල බලා ගන්න පුළුවන්.ඒ වගේම අනිවා සප් එකක් දෙන්න කියලත් ඉල්ලා සිටිනවා.
ඉකේයියා බන් අයියේ........
ReplyDeleteඉලන්දාරියා වෙනුවෙන් අපි ඉන්නවා,,......
යකෝ ෆට්ට හීන ලෝකෙක නේ උඹ ජිවත්වෙලා තියෙන්නේ... :D
ReplyDeleteකරුමෙට මම නම් ඔච්චර හීන දැක්කේ නෑ..
හිහ් හී.. අනේ මන්දා ඉතින්.. අපිටත් ඔයවගේ සිඟිති හීන තිබුණා..
ReplyDelete\\හැබෑටම මට අදටත් තියන ප්‍රශ්නයක් තමයි,කොල්ලො ඔය එල,එල බ්‍රෑන්ඩ් වල එව්ව බැස්සුවට කෙල්ලො ඔව්ව ගැන දන්නවද කියන එක.අනික කෙල්ලන්ට ඕව වැදගත්ද කියන එක...\\
ReplyDeleteමටත් සිරාවටම හිතුන එකක් තමයි ඔය කතන්දරෙ නම් මචං...
@ රත්ගමයා,
ReplyDeletecomment එකක් දාන්න බැරි උනාට මම මලයගෙ British council english course එක කරපු හැටි එහෙම කියවල තියනවා.හිටපංකො උඹටත් කුරුමිණියො ටිකක් බැදල කව්වන්න......
@ සෝරෝ,
කරුමෙට නෙමෙයි බං වාසනාවට.හෆොයි.....මට ඇඳුම් වලට ගිය සල්ලි....
@ චතුවා(ළමයා),
යකෝ උඹට මෙව්ව සිඟිතිද????ඒක නෙමෙයි "මුතු ඇටස්ලා" ගැන මොනව හරි ලියපංකො.මම මේ ලඟදිත් ඒක බැලුවා.හික්,......හික්....
@ පුතා,
ReplyDeleteඔව් බං සම්පූර්ණ කිට් එක බැස්සුවාම ලක්ෂෙකට කිට්ටුයි.ඔක්කොම කරන්නෙ ඉතිං කෙල්ලන්ට කැටයම් දාන්නනෙ.ඒ උනාට උන් ඔව්ව දන්නෙ නැත්තන්.....අපරාදෙනෙ.මේක මටත් සිරාවටම හිතුන එකක්....
ඔය ඇස්ටන් මාටින් නම් ඉතින් ගන්න එක ගේමක් නෙවි. ඒත් ඉතින් තේරුමක් නෑ. 2012 කොහෙද ලෝකෙ විනාශ වෙනවයි කියන වනෙ. ඊට පස්සෙ ඕව තිබ්බ කියල වැඩක් නෑනෙ. ඒකයි මම නම් ගන්නෙ නැත්තෙ. නැතුව සල්ලි නැති කමකට නෙවි. දැනටත් මගේ පර්ස් එකේ රුපියල් 150 කට වැඩිය තියෙනව. අම්මප.
ReplyDeleteඅනේ බං මටත් ඔය හීන ඔහොම්මම තිබුන. ගැබැයි ඔය කාර් හීනෙ නං මේ මෑතක තමයි ආවෙ. ලොතරැයි දෙක තුනක්ම ඇදුන ඒත් රුපියල් 500 කට එහා යන්න බැරිඋනා. මට හොඳට මතකයි ඩුප්ලිකේට් ලිවයිස් කලිසමයි රුපියල් දෙසීයකට විතර ගත්තු සී.කේ ටී එකයි ගහං ගෑණු ඉස්කෝලෙක ප්‍රදර්ෂනයක් බලන්න ගියා. මං ඒ කාලෙ හිතං උන්නෙ ඒව තමයි ඔරිජිනල් කියල. දැං මතක් වෙනකොටත් වස ලැජ්ජාවයි බං
ReplyDeleteRX 8 වලට පික්සු හැදිල උන්නු කාලයක් මටත් තිබ්බ..ඊට පස්සෙ skyline ඊට පස්සෙ ජීප් ඔහොම ගොඩක් තිබ්බ..සනීප වුනේ ජීප් පිස්සුව විතරයි..ඇදුම් ගැන නම් පොඩි කාලෙ ඉඳන් අද වෙනකුනුත් එකම එක තියරියි.ඇගට ෆිට් වෙන්න ඕනි පහසු වෙන්න ඕනි අනන් මනං ලොකු වැකි පාට පාට ඩිසයින් බැ කොලිටියට ගැලපෙන තරම් මිල අඩු වෙන්නෙ ඕනි..බ්‍රැන්ඩඩ් ද ගමෙ ටෙලර් ද කියන එක ප්‍රශ්නයක් වුනෙ නැ...
ReplyDeleteඒ වුනාට වාහන ගැජට් ප්ලෙයර් ගේම් බොයි ඒව මේව ගැන පිස්සු නම් තදට තිබබ..මේ දවස් වලත් මේ රිමොට් කොන්ට්‍රොල් හෙලි කොප්ටරයක් ගැණ හිත හිත ඉන්නෙ
වෙලාවක කුරුමිණියෙක් කාල බලන්න කොයි වගේ ද කියල :p
ReplyDeleteඅප්පා කිව්වත් වගේ දිනේශ් අයියාට මරු හීන ලෝකයක් නේ තිබිලා තියෙන්නේ.... ඇයි අයියේ කොල්ලන්ට විතරක් ද කෙල්ලන්ට තියෙන්නේ හොද මාර්ක් පිස්සුවක් මෙහේ නම් උපරිමෙන්ම...ඇදුම් වලින් ගත්තොත් D&G , HELLO KITTY, KIKKO, PUCCA,DISEL,ARMANI,VERCES. කොයි තරම් නම් ජාතිද....මෙහේ නම් සැහෙන්න මාර්ක් එකට තැනක් තියෙනවා... කොටින්ම ලංකාවේ කොල්ලෝ බයයි මෙහේ කෙල්ලෙක් එක්ක යාලුවෙන්න මොකද ලංකාවේ වගේ නෙමේ ඔහේ මෙහෙ කෙල්ලෙක්ට තැග්ගක් දෙන්න බැ මාර්ක් බලන කෙල්ලො උපරිමෙන්ම... අපේ අයියා කෙනෙකුත් කෙල්ලෙක් එක්ක යාලු වෙලා බයටම දවස් දෙකෙන් අතැරියා අප්පා ඒ යකීන්නි කන්නේත් මාර්ක් කියලා....
ReplyDeleteහික් හික්!! උඹ අර ටොම් බෝයිස්ලගෙ දතත් ගැලෙව්ව නේද? පව් බන්.
ReplyDelete@ Ranga,
ReplyDeleteමලේ උඹ කලින් ඇවිත් නෑ නේද...??සාදරයෙන් පිළිගන්නවා ඉස්සරවෙලාම.
මාත් මාර බයේ ඉන්නෙ බං ඔය සීන් එකට කරුමෙට බලහන්කො අපේ කාලෙම ඔය මඟුලත් වෙන්න එනවනෙ.තව අවුරුදු 100ක් විතර late කර ගන්න බැරිවෙයිද දන්නෙ නෑ.යකෝ උඹ ලඟ 150ක් තියනවද???හොරු පනියි ඈ...........
@ නවම්,
මොකෝ id එක වෙනස් කරලා...??ලොතරැයි සීන් එක නවත්තන්න එපා.කරුමෙට ඇදුනොත් එහෙම කොහොමද ආතල් එක.නැතත් රට හරි දියුණු වෙනවනෙ බං :p
කමක් නෑ මචං උනුත් දන්නෙ නෑනෙ ඒ කාලෙ එව්ව ඔරිජිනල් නෙමෙයි කියල.
@ පැන්da,
යකෝ මටත් ඔය රිමෝට් හෙලිකොප්ටර් පිස්සුව මේ දවස් වල තියනවා.එකක් බැලුව 1km වපසරියකට රිමෝට් වෙනවා 8000ක් විතර වෙන්නෙ.අම්මපල්ල මේ ඇත්ත බං.
අඩේ උඹලගෙ දිහා ජීප්පුවක් තියනව නේද....??මචං මම හැබෑ කර ගන්න බැරි හීන පස්සෙ යන්නෙ නෑ.RX8 කට ට්‍රයි කරන්න පුළුවන් .හැබැයි ඊට පස්සෙ පෙට්‍රල් ගහන්න සල්ලි නැති වෙනවා.හික්......හික්......
@ කොඩි,
ReplyDeleteමම බෙල්ලොනම් කෑව.....රහයි බං. :D
@ නිම්ශා නඟා,
ඒකනෙ නංඟො.ඔය බ්‍රෑන්ඩ් සීන් එක අපේ රටේ එච්චර නෑ නේද??මෙහෙ කෙල්ලො එක්ක යාළු වෙන්න මේ රටේ කොල්ලොත් බය එකේ අපි ගැන කවර කතාද??සැලුන් එකකින් එලියට එනකොට 10000 පැනල.මාසෙකට තුන් පාරක්වත් සැලුන් එකේ.මටත් මාර්ක් ගැන උපරිමේටම වැදුනෙ මෙහෙ ආවට පස්සෙ තමා.ඔක්කොම එවුන් බස්සන්නෙ සුපිරි බ්‍රෑන්ඩ්.අපිත් ඉතිං සතේ නැතත් 2nd වෙන්න කැමති එවුන්යැ.
ම්......ඒ කියන්නෙ කෙල්ලොත් බ්‍රෑන්ඩ් ගැන උනන්දුයි නේද....මේ රටවල කෙල්ලො ගැනනම් කතා කරල වැඩක් නෑ.අපේ අය හිතන එක තමයි වැදගත්.
@blog gadol,
ඔන්න උඹ මීටරෙන් අල්ල ගන්න නේද හදන්නෙ.යකෝ අපි බෝ පැල.බලෙන් දුන්නත් ඇහැක් ඇරල බලන ජාතියෙ උන් නෙමෙයි. ;)
ඉස්සර මටත් ඔය උනම තිබ්බා. බ්‍රෑන්ඩ් වලින් අඳින්න පලදින්න. ඒත් තාත්තගේ වත්කම් හිගකම නිසා ඒවා අත ඇරලා දාන්න සිද්ධ උනා.
ReplyDeleteදැන් නම් ඒවා වැඩකට නැති දේවල් කියලා හිතෙනවා.
ඔරිජිනල් බ්‍රෑන්ට්??? මම අඳුරන මුස්ලිම් කොල්ලෝ දන්නෙක් ඉන්නවා උන් පාවිච්චි කරන්නේ ඒවා විතරයි. හැබැයි අපි පාවිච්චි කරන දේවලුත් උන්ගේ ඔරිජිනල් ඒවාගෙයි වෙනස හොයන්න පුළුවන් හොඳට දන්න උන්ට විතරයි. අපේ රටේ ඕවා ගැන දන්න උන් ඉන්නේ කී දෙනාද? මටනම් ඕක දැනෙන්නේ සල්ලි නාස්තියක් විදිහට බං. රුපියල් 3000 ක් දීලා ලිවයිස් ටී ෂර්ට් එකක් ගන්නකොට වෙන තැනකින් ටීෂර්ට් කීයක් ගන්න පුළුවන්ද? (අනේ මන්දා මට හිතෙන හැටි)
ReplyDeleteමමනම් බ්‍රෑන්ඩ් ගැන යන්තම් හරි හොයලා බලන්නේ බීමක් ගන්නකොට විතරමයි ..අනික් දේවල්නම් පොඩ්ඩක් වත් බ්‍රෑන්ඩ් බලන්නේ නෑ ..
ReplyDeleteපැනඩෝල් නැත්නම් මම ලමා පැනඩෝල් බොනවා ...
සපත්තු නැත්නම් බාටා දාගෙන යනවා ...
ඒත් මට හරිම ආසයි හොඳ බ්‍රෑන්ඩ් එකක ගිනි අවියක් ගන්න ..අනේ මන්දා මම හරිම ආසයි ගිනි අවියකට ..
" පැලෙන්න බොනවා ලංකාවෙ කොල්ලො දහයකුයි,තායි කෙල්ලො පහකුයි තිබ්බොත් අපේ උන්ට ඇපත් නෑ". තායි කෙලෝ දහයයි ..මම තනියම..මොනවා වේවිද ?
මුල්ල පටස් ගහපු එකෙක් එක්ක හැප්පෙන්න හැකිද ?
ජය වේවා !!
උම කැකත වැඩ බං කරන්නේ... උම දන්නේ නැද්ද O'max, Titan කියලා එහෙම ඔරලෝසු වල බ්‍රෑන්ඩ්ස් තියෙනවා කියලා. උඹ මං යූස් කරන වර්ග දෙකම දාලා නෑ බං.
ReplyDeleteඅඩේ මේ අර කෙල්ලෝ ටැංකියෙන් අල්ලලා තෙලට දාන්නේ ගෝල්ඩ් ෆිෂ්ලා එහෙම නෙමේ නේද බං? ඒ වගේ සීන් එකක් ගියොත් උඹ පොඩ්ඩක් සැලකිලිමත් වෙයන්... හරිද?
@ මධුරංග,
ReplyDeleteමට දන්න කාලෙ ඉඳන් ඔය උන.ගෙවල් වලින් කාටද ඔය කාලෙ ඔහොම සල්ලි දෙන්නෙ.ඉතින් nike,Ck කියල ප්‍රින්ට් කරපු ලෝකල් එව්ව ඇඳගෙන හිත හදා ගත්තා.
@ පූසා,
ම්.....මුස්ලිම් එවුන් ගොඩක් බිස්නස් සයිඩ් එකේ ඉන්න හින්ද ඕව ගැන දන්නවා.මෙහෙනම් ඉපදුන දවසෙ ඉඳල අවුරුදු 40 විතර වෙනකන් එවුන් අඳින්නෙම බ්‍රෑන්ඩ් වෙයා.
සල්ලි නාස්තියක්නම් තමා.ඒ උනාට බං බඩුනම් පට්ට කොලිටි.ටීයක් ගත්තොත් එහෙම සමහර එව්ව එක පාරක් හෝදපුවාම රැලි වැටෙනවා,කොට වෙනව,නූල් පුපුරණව,කර ඇදෙනව ,ප්‍රෙෂ් පිට ඇන්ද වාගෙ නෙමෙයි පහුවෙනකොට ඇඟේ හැඩේට ගැලපෙන්නෙ නැති වෙනව ඔය වාගෙ විවිධ රෝග මටනම්.බ්‍රෑන්ඩ් බඩු එහෙම නෑ.අවුරුද්දක් විතර කිසි ගේමක් නැතුව පට්ට ගහන්න පුළුවන්.
@ හිස් අහස,
මංනම් ඉස්සර බොන කාලෙ ඕව හෙව්වෙ නෑ බං.මල ගෙවල් වල එහෙම ගියාපුවාම කසිප්පුයි,බීඩියි තමා.
"සපත්තු නැත්නම් බාටා දාගෙන යනවා ..."අනේ ඔය තත්වෙට මට හැකි ඉක්මණට එන්න ලැබේවා.....!! ලොකු කමකට කිව්ව නෙමෙයි.උඹ දන්නවනෙ ඇබ්බැහි උනාම ඒකෙන් මිදෙන්න කොච්චර අමාරුද කියල.
කිව්වත් වාගෙ උඹ හිටියනම් උන්ට සොරිම තමා....හික්......මුල්ල පටස්......
මචන් මට නම් ඔය වාහන හීන තිබ්බට ඇදුම් වලට නම් මහ ලොකු ආසවක් තිබුනෙ නෑ. වාහන වලින් නම් පුන්චි කලෙ ඉදලම කස්ටම් වෑන් 1කකට. ඊට පස්සෙ 8 එකෙකට මොකද ඔය වගෙ කාර් 1ක් තිබ්බ රොටරියෙ ගිනුම්කරනය කරපු කුමුදු ලියනගෙ සර් ට. ඊට පස්සෙ ආසව තිබුනෙ ඇල්ෆා රොමියෝ පාරකට. ඔහොම තමා කොලු කාලේ
ReplyDeleteඅයියෝ අපේ දිනේෂ් අය්යා පව් අප්පා. අච්චර ගානක් වියදම් කරගෙන හයි බ්‍රෑන්ඩඩ් ඇඳුම් පැළඳුම් ඇඳගෙන ගියාට කෙල්ලොන්ට ඒවා නෝට් වෙන්නෙ නෑ හලෝ මම දන්න තරමින්. හිනා වෙන්න එපා මෙහෙම කිව්වට. හුඟක් වෙලාවට ලස්සනට පාට මැච් කරල තියෙනවද ඇඳුම හෝදලාද කියල නම් බැලෙනවා.
ReplyDeleteහීන හීන...............
ReplyDelete@ prasanna86k,
ReplyDeleteයකෝ ඉතිං තියන ඔක්කොම ලියන්න බෑ.අඩේ Titan නුත් එල .උඹටත් එහෙනම් ටිකක් විතර බ්‍රෑන්ඩ් පිස්සුව තියනවා.
ගෝඩ් ෆිෂ්ල එහෙම දැම්මනම් මම එවෙලෙම ගේමට බහිනවා.මුං මේ පරා පැටව් වාගෙ ලොකු එවුන් බං.
@ Gayan Rupasinghe,
ටියුෂන් සර්ලනම් මොකද බං.අපේ පැත්තෙත් ඉන්නව ඔය වාගෙ බුවෙක් .මේ ලඟදි පට්ට භාන්ඩයක් ගෙනත්, ලක්ෂ එකසිය ගානක්ලු.
ඇල්ෆා රොමියෝ......හෆොයි හීන.....!!
@ පිණිබිඳු,
ඔයා කොහෙද හිටියේ...........
ඇත්තමයි ආයෙනම් ඔය වාගෙ මෝඩ වැඩ කරන්නෙ නෑ.ලංකාවට ගියාමවත් කොහොම හරි පුරුද්ද අත ඇර ගන්නවා.කෙල්ලො බලන්නෙ නැත්තන් ,දන්නෙ නැත්තන් අපි බොරුවට ඇඳල වැඩක් තියනවයැ.
@ Thusitha Jayasinghe,
ම්.........උඹට නැද්ද බං මලේ....??
ඔය බ්‍රන්ඩ් ලෙඩේ මටත් තියනවා!! මේ දවස් වල live & kicking
ReplyDeleteමම බ්‍රන්ඩඩ් සරමක් ගන්න ඉන්නේ
@ සූර සරදියෙල්,
ReplyDeleteහික්....හික්..."මඩකලපු" එක හොඳයි.සරම් වලට එල බ්‍රෑන්ඩ් එක.හැබැයි දැන් ඒක තියනවද දන්නෙ නෑ. නැත්තන් "පලෙයිකාට්","පිජාමා" වාගෙ එකකින්වත් සැනසියන්.
හැබැයි මචෝ ලංකාවෙ ඔය විදියට iphone නිකන් දෙන්න ගත්තොත් දෙන සමාගම විතරක් නෙමේ apple ලත් බන්කොලොත් වෙනවා ෂුවර්.
ReplyDelete@subashblog,
ReplyDeleteහෆොයි ඒ ගැනනම් කවර කතාද ...???
macahan mamath issara idan mark gana balanawa.dan api job karana kalane bana.dan adum walata thama wadiyana yanna.me kala anda nathnam kawadda ban adinna? habai ape life eka thawa target thiyanawa.. meha keello mark adala hitiya nathnam ganan ganna naha ban.apita ungan wadak naha, habai nondi wenna baha.. api lankawe minissune bannn hiii.. hikk
ReplyDeletemama danna naha ban word press hada ganna. ekai mama mehama comment danna... awlak ganna epa ban.
ReplyDelete@Anonymous,
ReplyDeleteවැඩක් නෑ කියල බං.උඹේ කතාව හරියටම හරි.මෙහෙ ඔක්කොම එවුන් බස්සන්නෙ එල,එල මාර්ක් වල ඇඳුම්.ඉතිං අපි කොහොමද අනිත් උන්ට සෙකන්ඩ් වෙන්නෙ නේ .මම ඔය කලින් කිව්වෙ අපි හැමෝම දන්න බ්‍රෑන්ඩ්.k-swiss එහෙම අපිට කිට්ටු වෙන්නවත් බෑරි තරම්.ඒ උනාට අපේ company එකේ ඉන්න අතු ගාන එකාගෙ මුළු ඇඟම k-swiss වලින් වැහිල තියෙන්නෙ.
මචං අකුරු ට්‍රාන්ස්ලේට් කර ගන්න එක ගේමක් නෙමෙයි.පොඩි සර්ච් පාරක් දාල බලපන්කො.