Friday, December 3, 2010

හිතට ලොකු තනිකමකුත් පාලුවකුත් දැනුන දවසක්.....



ශීත ඍතුව නොකියම ඇවිත්..,
තව ටික දවසකින් මේ ඔක්කොම හිමෙන් වැහෙයි.
එහා පැත්තෙ අපාත් එකේ කාමර වල ලයිට් එක දෙක පත්තු වෙනව.,රාජකාරි වලට ගිය කට්ටිය ඇවිල්ල වෙන්න ඇති.
පල්ලෙහා පාරෙ අම්ම කෙනෙක් බබාල දෙන්න ගැන ගානක්වත් නැතුව හරි හදිස්සියෙන් කොහෙදෝ යනව.පව්....පොඩි උන් දෙන්න.....ජැකට් ,සපත්තු දාල ඈතට පේන්නෙ බෝල දෙකක් පෙරලෙනව වාගෙ.කියාගන්න බැරි මොකද්දෝ පාලුවක් ,තනිකමක් හිතට දැනෙනව වගේ...
අම්මට කෝල් එකක් දීල "අම්මෙ මට හරි පාලුයි" කියල කියන්න හිතෙනව.ඒත්...ඒ වෙලාවට කතා කෙරුවත්,මම දන්නව අම්ම පස්සෙ අඬනව කියල.
එක්කොත් ඕනෙ නෑ....
ඒත්.....ඒත් ඒ හැඟීම වෙන කාට හරි කියන්න තිබුනනම්......
කාට කියන්නද??
ගිහින් නිදා ගන්නව.දහයටත් කිට්‍ටුයි.

සිංදුවක්වත් අහනව.කෝ මේ mp3 එක.මේක ගහගෙන නින්ද ගිහිල්ල උදේට එලාම් එක ඇහෙන් නැති වෙයිද??
නෑ එහෙම වෙන එකක් නෑ.
ෂා ලස්සන සිංදුව....මීට කලින් අහල තිබුනත් අද ඇයි ඒක පපුවට දැනෙන්නෙ??
පිස්සු විකාර,
නෑ අද ඒ සිංදුව ලස්සනයි....ඇත්තමයි..
කෝ තව පාරක් අහමු.........
ම්ම්ම්ම්......
කොල්ල මම..
කවුද එතකොට කෙල්ල??????එයා..........එයා හම්බ වෙයි පස්සෙ.....දවසක...............

මට දැනුන ඒ හැඟීම ඔයාල කාට හරිත් දැනෙනවද බලන්න.





(ගීතය ගායනා කරන්නෙ කුමාර් සානු එක්ක අනුරාධා පෝඩ්වාල්)

12 comments:

  1. හ්ම්... ඔය මටත් දැනුනේ යස අගේට.

    ReplyDelete
  2. ජීවිතෙ ඔහොම තමා දිනෙෂ්, නැත්තං ජිවිතෙ එකම විදිහක් වුනොත් හැම වෙලෙම සතුට දුන්නොත් එකෙ අගය නැති වෙනව...එක නෙමෙ උඹ ඉන්නෙ මොන රටේද බං...උඹ බ්ලොග් එක පණ ගහල ගත්තු එක හොඳයි...

    ReplyDelete
  3. @ prasanna86k,
    හි,හි...එහෙනම් කමක් නෑ.
    @පැන්da,
    දැන් මට මේක පුරුදුයි බං.ආසියාවෙම තමා.තැන්කූ කිව්ව මේ පැත්තෙ ආවට.

    ReplyDelete
  4. ඔය උබ කියන පාලුව... හැඟීම... තනිකම... මට හොඳට දැනෙනවා... ලියන්න ගත්තු එක හොඳයි උබ ආයෙ

    ReplyDelete
  5. තනිකමට කරන්න තියෙන්නේ එක දෙයයි මචෝ ..අපිත් එක්ක තරඟෙට ලියමු ..අපි එනවනේ ඔහේගේ දුක සැප බලන්න ..ඊලඟ පාර එනකොට මොනාහරි අරං එන්නම් ..කරන්න දේවල්ද නැත්තේ ඔයවගේ ගින්දර රටක ! අනේ මට චාන්ස් එකක් නෑ නෙව ඔය වගේ රටක කරක් ගහන්න ..මම එහෙනම් සීතල යන්න ඇතිවෙන්න බොනවා ! ..ඊට පස්සේ හිම බෝල කරලා පාරේ යන බුවෙක්ට නෙලනවා ! බලහං කරන්න වැඩ ගමකට ..

    ඇත්තට මචෝ කොහේද ඔයා ඉන්න රට ? ( මම හිතන්නේ ජපානේ)

    BIT සම්පූර්න කරපු එකෙකුට ඇබෑර්තුවක් එහෙම නැතෙයි ඔය පලාතේ .. හැබැයි උගේ කඩ්ඩ අවුල් ..දන්නවනේ කවුද කියලා !
    සිරාවට අහන්නේ

    ජයවේවා !!

    ReplyDelete
  6. @ පිස්සා පලාමල්ල,
    ඔව් බං වෙච්ච සීන්වත් ඔහෙ ලිය,ලිය ඉන්නවා.හි..,හි.. උඹල ඉන්නවනෙ ඉතින් කියවන්න.
    @ හිස් අහස,
    අම්මප උඹල වාගෙ එවුන් නෑනෙව මෙහෙ.බොන එකනම් හරි ඊසි .බෝතලේ කටේ තියාගෙන පාරදිගේ ගගහ ගියත් එකෙක්වත් හැරිලවත් බලන්නැහැ නොවැ.මචං මටත් ඔය වීස කියන එව්ව එහෙම මුකුත් නෑ.පාස්පෝර්ට් එක්ස්පය වෙලත් ගොඩක් කල්.ඉස්සර ඉමිග්‍රේෂන් එකෙන් විතරයි ඇල්ලුවෙ.දැන් පොලිසියෙනුත් චෙක් කරණවා.ඉතින් එහෙම එකේ උඹ කියන වැඩේනම් අමාරුයි කොල්ලො.අනේ පුලුවන්නම් අනිවා කරණවා..

    ReplyDelete
  7. @ හිස් අහස,
    මචෝ BIT,කඩු වැඩක් නෑ මෙහාට.බාසාවයි,ඔලුවයි,අතේ පයේ හයියයි විතරයි ඕනෙ.හැබැයි උඹට student වීස එකක් ගහගන්න පුලුවන්.ටිකක් මහන්සි වෙන්න ඕනෙ.

    ReplyDelete
  8. අපි තනිවෙන්නෙ කවුරුවත් නැතුව ඉන්නකොට නෙමෙයි. මිනිස්සු අතරෙ ඉද්දියි අපි තනිවෙන්නෙ. බ්ලොග් අවකාශෙ තියෙනකල් ලෝකෙ කොහෙ හිටියත් අපි තනි වෙන්නෙ නෑ සහෝ.

    ReplyDelete
  9. @පිනි බිඳු,
    ඒකනෙ ඔහෙ හිතට එන එව්ව ලියල දාන්නෙ.අනික ඔයාලත් ඉන්නවනෙ.දැන්නම් තනියක් නෑ වාගෙ.ස්තුතියි මේ පැත්තෙ එනවට.

    ReplyDelete
  10. ඔය හැඟීම මට නිතරම ඔය විදිහටම දැනෙනවා...

    ReplyDelete
  11. @Princess Thushy,
    ඒකනෙ නංගො, ඒ තත්වෙට පත් උන කෙනෙකුටම තමා ඒ තනිකම දැනෙන්නෙ.

    ReplyDelete