Saturday, December 11, 2010

පිපෙන , පිපෙන මල් සේරම බඹරුන් ලඟ නැලවෙනා හැටි............




ඊයෙ ඔන්න පොඩි උවමනාවකට ඉස්සර මගෙ හිටපු අතිජාත මිත්‍රයකුට Call එකක් ගත්තා.අවශ්‍ය දේ ඉවරවෙලා දැන් ඉතින් වල් පල්,
.....................................................................................
උඹ බඳින්නෙ එහෙම නැද්ද බං.

ආ....ජනවාරියෙ වෙඩින් එක.කොහෙද ඉතින් උඹල නෑනෙ.තාත්තටවත් කියන්නම්.

නෑ මරුනෙ බං.එතකොට අනුරාධලගෙ ගෙදරින් කැමති උනාද?

මොන අනුරාධද????

ඇයි උඹ බඳින්නෙ අනුරාධා නෙමෙයිද?

ම්............ටිකක් කලපනා කරල එහෙම,පිස්සුද බං....ඒක නැවතිලා දැන් අවුරුදු පහක් විතර.

එතකොට උඹ බඳින්නෙ කාවද?

ආ ...හ්...එයා මේ අපිත් එක්ක වැඩ කරණ එක්කෙනෙක්.

එහෙම.....ද!!!!එතකොට අනුරාධාට මොකද උනේ.

ඒකි පස්සෙ සංජීවය එක්ක සෙට් උනානෙ.පස්සෙ ඌ ඒකි බැන්දද කොහෙද?

මගෙ අම්මෝ......කොච්චර දේවල් වෙලාද?
.....................................................................................
ප්‍රභාතයලගෙ නංගි එහෙම දැන් කෑල්ල වෙලා ඇති නේද?පොඩි කාලෙත් ඒකි ලස්සනයිනෙ?

මම දැක්ක ටික දවසක ඉඳන් කොල්ලෙක් එහෙ යනව එනව.මගෙ හිතේ ප්‍රභාතයලගෙ ගෙදරිනුත් කැමතියි.

ෂිහ්......
.....................................................................................
ඒක නෙමෙයි සනියගෙ පොඩි එක උඹත් එක්ක තාම ඔරොප්පුද?

ඒකිට බබා හම්බ උනානෙ.

ඒ කිව්වෙ???

ගිහින් ආවනෙ.

කොහෙද?

මුස්ලිම් කොල්ලෙක් ඒකිව ඉස්සුවනෙ.

නෑ.......!!! දැන් එතකොට දෙන්නම ඉන්නෙ ගෙදරද?

කවුද දෙන්න???

ඇයි කොල්ල.

කොල්ල නෑ...කෙල්ල විතරයි ආවෙ.ඌ කලින් බැඳපු එකෙක්ලු.ළමයි තුන්දෙනෙකුත් ඉන්නවලු.

මළා.........එහෙනම් ඒකත් නෑ....
.....................................................................................
උඹට මතකද රාජගෙ දුව.හේෂානි....

කවුද....????.......ආ......හරි,හරි මතකයි.අර ශිෂ්‍යත්වෙන් girls එකට ගියෙ.

අන්න හරි.ඒක මේ ලඟදි ඉදන් කවුද පොරක් ටෝක් කරණව බං හවසට හෝල්ට් එක ගාව.ඒකනං පිස්සු කෑල්ල බං.

ඒකි එච්චර ලොකු වෙලාද?

ඔව් දැන් ඒ ලෙවල්නෙ.

ඒකත් එහෙමද?එතකොට අපිට වේකන්සියක් නෑ.

ඉස්සරවාගෙ නෙමෙයි දැන්.කෙල්ල තොටිල්ලෙදිම තමයි ඇප්ලිකේෂන් එක දාන්න ඕනෙ.සූප්පුවත් ගහගෙනනෙ වැඩ පටන් ගන්නෙ.

ම්.................
.....................................................................................

ආ.............මට උඹට කියන්න බැරි උනා.මට ගිය සතියෙ සුමුදුව හම්බ උනානෙ.

කොහෙදිද?

දේශානි එකේදි ඇඳුම් ගන්න ඇවිල්ල හිටිය.

ම්ම්.......හ්....

දෙන්නම මාත් එක්ක කතා කෙරුව.කොල්ල හරි හොඳයි .පොඩි එකෙකුත් ඉන්නව.කෙල්ලෙක් .ෂෝයි බං.

මම ගැන ඇහුවද??

නෑ උඹ ගැනනං මොනාවත් ඇහුවෙ නෑ.ඒකිට දැන් උඹව මතක නැතුව ඇති බං.ඔය හිටියෙ බුවත් එක්ක හුරතල් වෙවී.

මචං මම තියන්නද???

අඩෝ උඹට අප්සට් ගියා නේද?

නෑ එහෙම එකක් නෑ.

මචං සමාවෙයන්,මම එච්චර හිතල කිව්ව නෙමෙයි.නිකමට කිව්වෙ.

ආ.....නෑ බං පිස්සුද ඒකෙ අවුලක් නෑ.එහෙනං තියන්නම්.Bye....

ඕ.කේ මචං Bye......




පිපෙන පිපෙන මල් සේරම බඹරුන් ලඟ නැලවෙනා හැටි................
හිතට නැගෙන දුක් ගින්දර කියන්න මට කවුරුවත් නැති...
නුඹට දුන්නු කවි සේරම නුඹ මට ආපසු දුන්නු හැටි...
මතකෙට එන හැම වාරෙම නෙත අද්දර දුක් කඳුලු කැටි.....................




මොනව කරන්නද ඉතින් දුක ඉවසනව මිසක්....අකේලේ ගෙවෙන ජීවිතේ නොවැ.

17 comments:

  1. බබා කොටපු කෙනා ඔයාට තවම හම්බ උනේ නැද්ද අයියා ? ඔයාටම මවපු කෙනෙක් මේ ලෝකේ කොහේ හරි ඉන්නවා ..එයා හම්බ වෙනකම් ඉවසන්න සමහර විට දැනටමත් හම්බවෙලා ඇති ..අපිට නොකීවට ..

    ඒක නිසා අතීතය අමතකකරලා දාන්න ..කීවට කරන්න අමාරුයි නේද ? මමත් දන්නවා

    බොක්කෙන් ලවු කරා නම් දැං විඳවපං අයියේ !

    පොඩි ෂොට් එකක් දාල ඕක අමතක කරලා දානන ..

    ජයවේවා !!

    ReplyDelete
  2. ජිවිතේ හැටි ඔහොම තමයි දීනේශ්...ලැබෙන්න ඕනි දේ සුදුසුම විදිහට ඉක්මණට උඹට ලැබේ වි...

    ReplyDelete
  3. iPlus;
    හොද කෙල්ලෝ ඉන්නවා, මෝල් කලන්තේ ගහපු වේස කෙල්ලොත් ඉන්නවා. හොද කොල්ලොත් ඉන්නවා, කෑලි 10ක් විතර දාගෙන ඇට්ටර වෙච්ච කොල්ලොත් ඉන්නවා. මේක ලෝකේ හැටි බං. උබට කෙල්ලෙක් නැත්නම් අර 300 තැබිලි ගෙඩියක්වත් බීලා හිත සනසාගනින්.

    ReplyDelete
  4. @ හිස් අහස,
    අතීතෙ අමතක කරල බං ඉන්නෙ.ඒ උනාට කවුරු හරි මතක් කෙරුවොත් මතක් වෙනවනෙ.

    @පැන්da,
    අර උඹේ වැඩේට එකෙකුට call කරපු වෙලේ තමයි මේ දෙබස උනේ.

    @iPlus,
    හි,.....හි.....කෙල්ලො නැතුව මලත් 300 එව්වනම් බොන්න යන්නෙ නෑ.

    ReplyDelete
  5. ලෝකෙ හැටි ඔහොම තමයි අයියෙ. මොනව කරන්නද? අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවයක් නෑ කියල ඔය කියල තියෙන්නෙ. මට ඉස්සර කෙනෙක් කිවුව අපි අපේ අතීතය ගැන මතක තියාගන්න ඕනෙ. හැබැයි ඒ මතක් කරල සතුටු වෙන්න පුළුවන් මතකයන් විතරයි කියල. ටිකක් බැලුවාම ඒකත් ඈත්ත. හැබැයි මම කියන්නෙ නෑ අතීතයෙ අමිහිරි මතකයන් අමතක කරන්න කියල. මමත් දන්නව ඒක කරන්න ගොඩක් අමාරුයි කියල.
    අයියට ගොඩක් ආදරය කරන හොද කෙනෙක් ලැබෙන්න කියල මුළු හදවතින්ම ප්‍රර්ථනා කරනව.

    ReplyDelete
  6. ආදරේ ගැන නම් වදන් දෙන්න මම දන්නේ නෑ සහෝ.. හිත හදාගන්න පුලුවන් නම් ඒක තමා හරි දැන්...

    මොනවා වුනත් "ඉස්සරවාගෙ නෙමෙයි දැන්.කෙල්ල තොටිල්ලෙදිම තමයි ඇප්ලිකේෂන් එක දාන්න ඕනෙ.සූප්පුවත් ගහගෙනනෙ වැඩ පටන් ගන්නෙ." කියන එකනම් සහතිකම ඇත්ත.!

    ReplyDelete
  7. @කේෂාන් De சில்வா,
    thanks සහෝ ප්‍රර්ථනාවට.මේ මඟුල මතක් වෙනවනෙ බං.

    @ළමයා,
    හිත හදාගන්නෙ කොහොමද සිතුනා.......
    මගෙ සිනා පිරුනු පැතුමන් බිඳුනා.....
    ඔව් බං දන්න කියන එකෙක්වත් නෑනෙ කොල්ලෙක් නැති.
    ස්තුතියි මේ පැත්තෙ ආවට පොඩි එකෝ..

    ReplyDelete
  8. නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩම්. මීට පස්සෙ හිත හිතා ඉන්නැතුව යාලුවෙන්න අහන්න.

    ReplyDelete
  9. @ පිණිබිඳු,

    මොකද යාලු ඔයා පේන්න හිටියෙ නැත්තෙ.ඔව්,ඔව් ඇප්ලිකේෂන් එකක් දාල අහන්න ඕනෙ.ඒ උනාට කෙල්ලන්ගෙ හරි ගනන්නෙ.

    ReplyDelete
  10. පහුගිය දවස් වල ගමේ ගිහින් හිටියෙ සහෝ.

    ReplyDelete
  11. අඩේ මම හිතුවේ සුමුදු කියන කෙල්ල තාම ඉන්නවා කියල නොවැ... හ්ම්ම්
    යාලුව කියපු කතාව නම් හරි බන්.. දැන් බාලංශයෙන්වත් ඉල්ලුම් නොකලොත් කෙල්ලෙක් නෑ. මට පේන්නෙ නෑ... කෙල්ලො නම් කීයක් උන්නද දැන් එකෙක් වත් නැහ.

    ReplyDelete
  12. @ පිණිබිඳු....,

    ගමේ...ම්.....ඔයා student කෙනෙක් ද?මම FB පැත්තෙ යන්නෙත් නැති නිසා වැඩිය කස්ටියව දන්නෙත් නෑ.මට කොමන්ට් කරණ එකම ගැහැනු ළමය ඔයාද කොහෙද.දිගටම ඉන්න නංගෝ.....(අක්කියක්ද දන්නෙත් නෑ..:D

    @ පිස්සා පලාමල්ල,

    ඒකනෙ බං.ඕනැ කරණ වෙලාවට නෑ.පිලිවෙලක් වෙන්නත් කලවයස හරියාගෙන එනව නොවැ.උඹට වාගෙ තමා.

    ReplyDelete
  13. මම මේක දැන්යි බං දැක්​කෙ... ඕවා ඔහොම තමා මල්ලී.

    ReplyDelete
  14. බොක්කෙන් ලවු කරා නම් දැං විඳවපං අයියේ ! ++++++

    ReplyDelete
  15. මස්සිනා ඕකෙ නම ලැප්ටොප් උනාට නරකයි නොවැ ලැපේ තියං කොටන්න, ඕක මේ අපේ කොල්ලො වඳ කොරන්න අටවවපු බහුජාතික උගුලක් කියල මං අහගෙන පංචායුධ කුමාරය පැලවත්තෙ ගුබ්බැයමේදි කියනව.

    ReplyDelete
  16. @prasanna86k,

    දැන් හරි ආපු එකම මදෑ.
    ඔව්,ඔව් අයියා...........හික්..

    @Thusitha Jayasinghe,

    විඳවිල්ල වැඩියි බං.දෙකක්නෙ......

    @nawammawatha ,

    ගොඩක් වෙලාවට ඔතනම තමයි බං කොටන්නෙ.හැබෑටම කෙලවෙයිද දන්නෙත් නෑ.
    අම්මෝ................ආයෙ නෑ.

    ReplyDelete
  17. දිනේශ් අයියා කීදෙනෙක් එක්ක යාලුවෙලා තියෙනවද කියලා මේ බ්ලොග් කියවද්දි හිතා ගන්න පුලුවන් :)

    ReplyDelete