Tuesday, December 14, 2010

මහා කාමේෂ්වරී ශ්‍රීමත් ම-- ---ය අනුභව කල ප්‍රථම අවස්ථාව.....................!!!!




මේකනම් කලින් සීන් එක වාගෙ නෙමෙයි.නොකරපු,නොකරණ අයත් ඉන්නව.
හැබැයි පාවිච්චි කරණ අය දන්නව මේකෙ සොමිය.රුසියන් කාරයො මොන එහෙකට රූබල් බිලියන ගනන් වියදම් කලාද දන්නෙ නෑ ඒ දවස් වල හඳට යන්න.මේ රුපියල් විස්සකට හඳටත් එහා මන්දාකිණි වලට යන්න අවස්ථාව මෙහෙ තියෙද්දි.සමහරවිට එහෙ මෙව්ව නැතුව ඇති.හැබැයි ඉස්සර වාගෙ හැම තැනම දැන් මේක ගන්න නෑ.උද්ධමනයත් එක්ක අපේ උන් අඩු වියදම් ආතල් වැඩි වැඩියෙන් හොයන්න ගත්ත හින්ද ආණ්ඩුවෙන්ම කීප දෙනෙකුට විතරක් මේක අලෙවි කිරීමට අවස්ථාව ලබා දුන්න නිසා දැන් පහසුවෙන් මේක ගන්න තියන තැන් අඩුයි.

අ‍ටුවා,ටීකා,ටිප්පණි ඕනෙ නෑ.මේක තමයි මදන මෝදකය නොහොත් ගුලිය.

දැන් බලනව ඇති මහා කාමේෂ්වරී කියල කිව්වෙ මොකද කියල.ඒකනම් දන්නෙ නෑ.එහෙම තමයි දවටනේ ගහල තියෙන්නෙ.දිනකට දෙවරක් එළකිරි වීදුරුවක් සමග පානය කරන්න කියල තමයි වෛද්‍ය උපදේශෙ තියෙන්නෙ.

පුහ්;......එළ කිරි.....!!

ඌරන්ට මොන සෞඛ්‍යද??වැඩි සීනි ප්ලේන්ටිය තමයි ඖෂධේ පානයට කියාපු සංයෝගෙ.
අනික දවසට දෙවරක්....!!!!
බඩුම තමා.
කොහොම අනුභව කලත් ආතල් එන්නෙ තැපෑලෙන්.ඒක හින්ද ගල්,පොල් විස්කි ගැහුව වාගෙ නෙමෙයි,මූ ඉන්නෙ මොන ආතල් එකෙන්ද කියල වෛද්‍ය පරීක්ෂනේකින් මිසක් හොයන්න බෑ.ඇයි??.........ගඳ නෑ,වැනෙන්නෙ නෑ,ඔක්කාරය- වමනය නෑ.හැබැයි දන්නෝ දනිති.ඒ කොහොමද?
හික්...හි...හි...පාලනය කර ගත නොහැකි සිනහව,පැණි රස කෑම වලට දැඩි ලොල් බව,ඇස් කුඩා වීම,සාමාන්‍යය ප්‍රමානයට වඩා නිතර නිතර ඇසි පිය හෙලීම, තව ඉතින් පොඩි,පොඩි වෙනස් වීම් තිබුනත් ඔව්ව තමයි ටිකක් ලොකුවට පේන්න තියෙන්නෙ.

අලුතෙන් ට්‍රයි කරණ කෑල්ලක් ටෝක් කරන්න කියාපු බේත.සුජීව ප්‍රසන්නාඅරච්චිටවත් නැති අදහස්නෙ ඒ වෙලාවට එන්නෙ.කෙල්ල ඇඬෙන්න දෙබස් දෙන්න පුලුවන්.හැබැයි බැරි වෙලාවත් කෙල්ලට අයියල එහෙම ඉදල ඌ ඕක කාල ගෙදරට චාටර් වෙච්ච පවුලක කෙල්ලෙක් එහෙමනම් කෑල්ලට ටිකක් මීටර් වෙන්න බැරිකමකුත් නෑ.ඒක හින්ද අත් හදා බලනවනම් පරිස්සමෙන්.
ඉස්සර හන්දියෙ කඩේ පවා ඔය භාන්ඩෙ තිබුණට දැන් තියෙන්නෙ පිළිගත් ආයුර්වේද බෙහෙත් කඩවල විතරයි.මේ ලඟදි අපේ බුවාල ටිකක් ‍ෆිල්ම් එකක් බලන්න යන්න හිතාගෙන එකක් කාල යනව කියල බෙහෙත් කඩේකට ගිහින් තියනව බඩු ගන්න.
මළා...........! කඩේ වැඩට ඉන්නෙ ඔක්කොම කෙල්ලොලු.ඒ වෙලාවෙ වෙන කවුරුවත් පාරිභෝගිකයො ඇතුලෙ ඉදලත් නෑ.පිරිමියෙකුට ඉන්නෙ කැෂියර් විතරලු.ඉක්මනට කැෂියර් ගාවට ගිහින්
"මෝදක තුනක් දෙන්න" කියල හිමීට ඉල්ලුවලු.ඇයි අප්පා විලි ලැජ්ජා නැතුව ඕක ඉල්ලන්න පුලුවන්යැ අර ගැටිස්සියන්ගෙන්.ඒ පාර කැෂියර් බුවා ගානක්වත් නැතුවටිකක් ඈත හිටපු කෙල්ලෙකුට හයියෙන් කිව්වලු "මේ මහත්තයට මෝදක තුනක් දෙන්න" කියල.මූට එතනින් පැනල දුවන්න තරම් හිතුනලු.ඒමදිවට අර කෙල්ල ඇහුවලු "නාහල්ලෙ එකද ඕනෙ අනිත් එකද" කියලත්.හෆොයි...........

කොහොම හරි ගුලිය වර්ණනා කරණව මිසක් කාපු පලවෙනි දවසෙ ගත්ත මංගල ආතල් එක ලියන්න බැරි උනානෙ.ඔන්න O/L ලියල රිසාල්ට් එනකන් ඉන්න ‍ෆ්‍රී මාස දෙක තුනේ ගෙදරින් එහෙම වැඩිය කරදරේකුත් නැති හින්ද ගමේ හිටපු සෙට් එකේ පස් දෙනෙකුත් එක්ක නමෝ විත්තියෙන් කාමේෂ්වරිය අනුභව කලා.හැබැයි එකෙක් වැඩේට අදි මදි කරල ඌ මාරු උනා.ඒ දවස් වල ඕකෙ ගාන රුපියල් පහයි.දැන් ඉතින් කාල එහෙම,
"කෝ..බං කියන තරම් සීන් එකක් මේකෙ නෑනෙ" කිය,කියා ලොක්කො වාගෙ ඉන්නකොට ටික ටික ඔන්න පාරෙ යන වාහන එහෙම ඩබල් වෙලා පේන්න ගත්තා.එකෙක්...........
"මචං ...,මගෙ ඔලුව ගිනි ගන්නව වාගෙ,පොඩ්ඩක් බලපන්"
දැන් අනිත් ඌත් සිරාවටම බලල එහෙම,
" නෑ බං එහෙම අවුලක්නම් නෑ....."
ඒ උනාට මූට වැඩේ අවුල්.මූ කඩේ පිටිපස්සට ගිහින් මේන් බොලේ ජෝගුවකින් ඔලුවට වතුර හලා ගන්නව.තව එකෙක් කොයි වෙලාවෙත් මූන ඉස්සරහින් දෙපැත්තට අත වනනව.නිකමට ඇහුව
"මොකද මචෝ.............."
"නෑ බං මේ චූටි කුරුල්ලො වාගයක්"
බැලින්නම් කඩේ එල්ලිලා තිබුනු කෝඳුරු පට්ටයක් ඇවිස්සිලා.ඒ කෝඳුරුවො වාගයක් මුගෙ මූන වටේ කැරකෙනව.හි.......හි........ඒ වෙලාවෙ මූට උන් පෙනිල තියෙන්නෙ කුරුල්ලො වාගෙ.එතකොටම වාගෙ ආධාර එකතු කරණ හාමුදුරු කෙනෙක් වැඩිය කඩේට.මේන් අපේ තව එකෙක් ටක් ගාල නැගිටල ගිහින් හාමුදුරුවන්ට වඳිනවා.කඩේ අයිතිකාර බුවත් ‍ෆිට් එක හින්ද වැඩේ එච්චරම නෝන්ඩි උනේ නෑ.ඔය අස්සෙ හිනා යන්න පටන් අරන් ඒක නවත්ත ගන්න බැරුව ලෝක සීන් එක.ලඟ ඉන්න එකාගෙ මූන බලන්න බෑ හිනා යනව.කොහොම,කොහොම හරි ඕක පාවිච්චියෙන් පස්සෙ එන අතුරු ප්‍රතිඵලයක් විදියට ඇතිවෙන බඩගින්න දැනෙන්න ගත්ත හින්ද නොදැනුවත්වම වාගෙ එකා දෙන්න ගෙවල්වලට විසි උනා.
මගෙ ආතල් එක පටන් ගත්තෙ පහුවදා අම්ම කලිසම හෝදන්න ගිය වෙලාවෙ.ඇයි එකෙක් ඕකට බෑ කියල කලින් දවසෙ ගෙදර ගියානෙ.උගෙ ගුලිය මගෙ සාක්කුවෙ එහෙමම තිබිල.ඒ වෙලාවෙ තාත්තත් ලඟ ඉදල අම්ම තාත්තට භාන්ඩෙ ඉදිරිපත් කරල.එදානම් කන හරහ වැදුන පාරවල් දෙකක් ලොවෙත් නැතිවෙන්න.
එදා තමයි ඕන් කුලුඳුලේම මහා කාමෙෂ්වරී ශ්‍රීමත් මදන මෝදකය අනුභව කෙරුවෙ.

පිස්සු ලෝකයයි...............................

24 comments:

  1. තාත්තගෙන් කාපු වෙලාවෙ වෙන්න ඇති ඕකෙ නියම මංගල ආතල් එක හම්බවෙන්න ඇත්තෙ.

    ReplyDelete
  2. අම්මා ගහයි බටනලා කිව්වලු!
    ,,,දන්නෝ දනිත්,,,

    ReplyDelete
  3. අනෙ මම නං ඕව කාල නැ..එත් අපේ එකෙක් ඕකක් කාල අළුතින්ම ආපු පුන්චි හුරතල් ට්චර් කෙනෙක්ට කියපු කතාවක් නිසා ඕව ගැන දැනගෙන නං උන්න..

    ReplyDelete
  4. @ පිණිබිඳු,

    කන එක විතරක්නම් බැරියැ,දෙන ටෝක් අහගෙන ඉන්නත් එපායැ .

    @karesblog,
    කලින්නම් අහල නැති උනත් මොන වගේ අවස්ථාවක උන සීන් එකක්ද කියල හිතා ගන්න පුලුවන්.

    @පැන්da,
    මොකද්ද බං ඒ කතාව කියමුකො බලන්න.අම්මෝ උඹල එහෙම මේ ජරාව කන්න යන්න එපා.අපිටත් ඉතින් වැඩි තේරුමක් නෑනෙ ඒ දවස් වල.

    ReplyDelete
  5. රෝග ලක්ශන අහ් නෑ අදුනා ගැනීමේ ලක්ශන නම් සියල්ල වගේ කියා ඇත. හික් හික්

    යකෝ ගුලියක් කෑව වගේ නොවැ මේක කියෙව්වම හිනා යෑම... පට්ට.

    ReplyDelete
  6. ඔව් බං.. මේක කියෙව්වාම මටත් නිකං ගුලියක් ගැහුවා වගේ.. හිනා යනවා..

    මම නම් සියලු සුරාවන්ගෙන් අත්මිදුනා උසස් පෙළ පංතියට ඇතුල් වෙලා ටික කාලෙකින්.. කොහොමත් ගුලියක් කාපු තියා දැකපු කාලයක් මතක නෑ සා.පෙ කල දවස් වලට පස්සේ.. අන්තිම ගුලිය කෑවේ ඉස්කෝලේ පිටිපස්සේ රේල් පාරේ ඉදලා සා.පෙට ගණන් තිබුණ දවසේ.. හික් හික්...

    ReplyDelete
  7. මචං උඹ මගේ හිත කියවනවද ? මම අදත් ගුලියක් කෑවා නෙව . ඉස්සර නම් ඕව 5 ටොපි දැන් 15 යි ..අප්පු මාම තමයි අපේ පැත්තේ ඕව හදන වෙදා ! පොරගෙ ගුලියක් කාල බැලුවනම් ආයේ මුල්ලපටස් පරාදයි !

    ගුලිය කනවා කීවට හපලා කන්නේ නෑ උඩ තල්ලේ තියාගෙන සූප්පු කරනවා ! මම ගුලියක් කාපු වෙලාවක යාලුවෙක් ෆෝන් නම්බර් එක ඉල්ලුවා මම නම්බර් එක ලියලා දුන්නා හැබැයි ඒ නම්බර් එකේ බින්දුව හත් පාරක් ලියවිලා තිබුනලු ..

    පරන මතකය අලුත් කරා නේද

    ජයවේවා !!

    ReplyDelete
  8. දිනේශ් අයියා මේ බ්ලොග් එකට එනකොටම ..මගේ ඉස්කීපර් දෙකෙන් "පූක් පූක් " ගාල සද්දයක් එනවනේ .. බ්‍රවුසර් එකත් කෑෂ් වෙන්න ගත්තා පස්සේ ගූගල් ක්‍රෝම් දාගෙන ආවේ ! සද්දේනම් තාම තියනවා ඉස්කීපර් ඕෆ් කරාම හරිගියා ...

    ජයවේවා !!

    ReplyDelete
  9. @ පිස්සා පලාමල්ල,

    ඕක කතාව කියනවට වැඩිය එතන ඉන්නකොටනෙ බං ආතල් එක තියෙන්නෙ.

    @ළමයා,

    අපි උසස් පෙළ class වලදි තමයි නන්නත්තාරම උනේ.පස්සෙ ස්කෝලෙ ගියාම එහෙ සෙට් එක,ගමට ආවාම ගමේ සෙට් එක.කොහෙනුත් යන්නෙ වලට.ගොඩ ඒමක් නෑ.

    @හිස් අහස,

    ආ.............ඔය ආවෙ බුලට් එක.අන්න කිව්ව හරියටම.තල්ලෙ තියාගෙන ටික,ටික තමයි දෙන්න ඕනෙ.නැත්තන් මාරි විස්කෝතු දෙක මැද්දෙ.කොහොමද ඒ වෙලාවට රට ඉඳි 500ක් විතර තිබුනනම් එහෙම.ඇයි බං තව අමතක වීම් වෙන එව්ව.....එමටයි.
    අඩේ මට ආයෙ එකක් කන්න හිතෙනව මචෝ.

    ඒ මොකද්ද බං ඒ වෙන සීන් එක.firefox ද උඹ කලින් use කලේ.අනිත් එවුන්ටත් ඕක වෙනවද දන්නෙ නෑ.ඇයි දන්නෙ නෑ නේද සර් එහෙම වෙන්නෙ.සිරාවටම කියපන්කො.

    ReplyDelete
  10. ෂා එළ කොල්ලෙක් ආ, මමත් ඕක මුලින්ම කෑවේ සාමාන්‍ය පෙළ ලිව්ව දවසේ. බය නැතිවෙනවා කාපන් කියලා අපේ කස්ටිය දුන්නා. වැඩක් වුනේ උනේ නෑ බං, බයටම ආතල් එක පිච්චිලා ගියා. පස්සේ මේ ළඟදී හෙව්වා, ම්හු... කොහෙවත් නෑ පස්සේ අඟුලානේ පැත්තේ කඩේකින් තමා ගෙන්න ගත්තේ. දැන් පහේ ටොපිය රුපියල් තිහක් බං. උඹ කිව්වත් වගේ ප්ලේන්ටිය එකක් තමා නැගලා යන්නේ, තව බූංජි ටිකක් එහෙම තිබ්බ නම් සුපිරි ආතල් තමා.

    ReplyDelete
  11. @prasanna86k,

    හික්.....කොහොමද ගුලියක් කාල ප්‍රියංක ඉන්න හින්දි ෂෝ එකක් එහෙම බලන්න තියනවනම්.....අඩේ ඔය වෙලාවට බය කියන එකත් ටිකක් ඇති වෙනව නේද??පොලිසියෙන් එයිද දන්නෙ නෑ කියල එහෙමත් හිතෙනවා........පිස්සු පාගල්.

    ReplyDelete
  12. අර අම්මට අහුවුනු එක තාත්තා කෑවා.
    තාත්තටත් දැන් බඩු
    දුන්න පුතාගේ කන හරහා . .
    ටෝන් . . ....
    හික් හික් හික්

    ReplyDelete
  13. මමත් ඉස් ඉස්සෙල්ලාම කියල නීල් ආම්ස්ට්‍රෝංලගෙ සමාජයට බැඳුනේ ඔව්වයින් එකක් කාලා තමයි... දහයෙදි හරි නවයෙදි හරි... සංජීවනී කියලා නමක් තිබ්බේ... ඒ ආතල් එකනම් කියල වැඩක් නෑ මචෝ... බඩට නිකන් ගිණි තියල වගෙ... කනව කනව ඉවරයක් නෑ...

    ReplyDelete
  14. @ දුකා,

    ඔයාල ඉතින් මඩ උල්පත්නේ..........හි....හි...තැන්කූ මේ පැත්තෙ ආවට.
    @ පුතා,

    හරි,හරි "සංජීවනී" ,කහපාට කොලේ ඔතපු එක නේද???
    අපි පස්සෙ පස්සෙ පාන් වලට පුරුදු උනා..ඇයි මචං ඕකක් කාල ආපු දවසට ගෙදර අනිත් මිනිස්සුන්ට කන්න කෑම ඉතුරු වෙන්නෙ නෑනෙ.කන එව්ව කොහෙ යනවද නෑ.....!!

    ReplyDelete
  15. ඈ බන් උබත් නොදන්න ගුලියක් කල්කයක් නැහ නොවැ.... හික් හික්.

    මේ උබේ බ්ලොග් එකේ අලුත් පිටුවක් අරින හැම තිස්සෙම මොසිලා එක මිනිමයිස් වෙන සීන් එකක් තියෙනවා බන්

    ReplyDelete
  16. ඔව් බං..පොඩ්ඩක් බලපන්...මගෙත් මොසිල්ල නරියා ඇකිලිල යනව උබෙ බ්ලොග් එකට එනකොට...ලැජ්ජ හිතිලද මන්ද මේව දැකල

    ReplyDelete
  17. @ පිස්සා & පැන්da,

    ගිනි හිවලත් ගුලියක්වත් කාල පිස්සු කෙලිනවද දන්නෙ නෑ නේද මචංලා.......හි...හි....
    තැන්කූ කිව්වට,දැන්නම් හරියන්න ඕනෙ.
    හික්.........ඇම්බ‍රැල්ලා ගෙඩියක් දුන්න මූට.

    ReplyDelete
  18. @Thusitha Jayasinghe,

    අපිත් කිව්වෙ පහේ ටොපි කියල තමයි.දැන් නම් ඒකත් තිහක්ලු නේ බං.

    ReplyDelete
  19. මෝදකය නම් කාලා නෑ.ඕකට හරි යන්න පැනියක් තියෙනවා ඒක ගහලා තියෙනවා. මාර ආතල්..... හඳේ පාවෙනවා වගේ.

    ReplyDelete
  20. මට නම් ඇල්ලුවෙ නැහැ බන් එකම එක දවසයි කෑවේ මෙලො රහක්නැහැ. ඔහේ හිටියා වෙනදටත් වඩා මඤ්ඤං වෙලා

    ReplyDelete
  21. අපේ ගුලි කාපු යාලුවෝ නම් දැන් නියම ආතල් ගන්නවා....උන් ගැන දුකයි.ජීවිතේම අපායක් වැලේ වැල් නෑ......එකෙක් එල්ලිල මැරුනා

    ReplyDelete
  22. අප්පද බොල කිව්වලු....
    කංසා කියන්නෙ දේශීය ඖෂධයක්. අපේ මිනිස්සු හරිම දක්ෂයිනෙ හොඳ දෙයකින් නරක දෙයක් හදාගන්ට. මේ තියෙන්නෙ හොඳ සාක්ෂි.......

    හෙහ් හෙහ්.... විහිලුවකි.... කංසා ගැනනම් නොකිවමනාය. පහළින් බලන්න කොල්ලට වෙච්ච ආතල් වැඩකුත්.... ලොල්.

    http://aluthkolla.blogspot.com/2011/03/blog-post_14.html

    ReplyDelete
  23. ane machoo ela ela umba loyanne mage katha wage banz.

    ReplyDelete