Friday, December 17, 2010

දුම් වැටිය නිසා බොඳවන්නට ගිය ආදරයේ ප්‍රථම හමුවීම...............


කලින් ගැහැනු ළමයි දෙන්නෙකුට ආදරේ කරන්න ගිහින් වෙච්ච සංතෑසිය බලපු කට්ටිය දන්නව ඇතිනෙ.ඒකෙදි ඉස්සරවෙලාම කැමති උන කෙනා තමයි වින්ධ්‍යා.සුමුදු හම්බ උනේ මාස තුන හතරකට පස්සෙ.ඉතින් මෙයාට කලින් වින්ධ්‍යාට තමයි බොක්කෙන් ලව් කලේ.කෙල්ලෙකුගෙන් අහල කැමතියි කියපු මුල් දවස් ටික ඕනැම කොල්ලෙකුට ජීවිතේ මාර ගති දවස් ටිකක්.(හි........හි........පහුවෙනකොට එපා උනාට).වින්ධ්‍යා ඒ වෙනකොට කාටවත් ලව් කරල තිබුනෙ නෑ.එයාගෙ ෆ්‍රස්ට් ලව් එක උනේ මම.දෙන්නටම එහෙම තමා.(දෙන්නම කිව්වෙ මම නෙමෙයි....:D සුමුදු හොඳේ.....).

ඉතින් කොච්චර පස්සෙන් ගියත් බෑ මයි කියන්නෙ.අන්තිමට ඉතින් දවසක් "සලකල බලමුකො" කියල කිව්වා.අම්මෝ.........හිතේ ඇති වෙච්ච සං‍තෝෂෙ..............‍ෆිට් එකටත් එක්ක පාක් එකට ගිහින් නන්ස්ටොප් සිගරට් තුනක්ම ඇද්දා.දැන් හරි එයා මට කැමතියි.දැන් ඉතින් ලබන සෙනසුරාද වෙනකන් නින්ද යන්නෙ නෑ.මොකද ඒ දවස් වල දැන් වාගෙ hand phoneතිබුන එකක්යැ.හචිසන් ආපු අලුත වාගෙ. land තිබුනට එව්ව භයානක වැඩ.ඔන්න ඊලඟ සතියෙ class දවසෙ එයාගෙ යාලුවන්ගෙන් මග ඇරල අමාරුවෙන්
"ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනෙ"
"මොනවද..........????
"මෙතන කියන්න බෑ වින්දි.හෙට කේසිරි සර්ගෙ ක්ලාස් එක ඉවර වෙලා ඔයාට ටිකක් ඉන්න පුලුවන්ද?"
"අපෝ බෑ..... සචීලත් එක්ක යන්න ඕනෙ.පරක්කු උනොත් අම්මල හොයනව................"
දහසක් බලාපොරොත්තු වීදුරුවක් බිඳුන වාගෙ විසිරිලා ගියා.මොහොතකට වචන අමතක උනා.දැන් කාඩ් කපන පෝලිමත් ටික්ක ගාවට ටික,ටික ලං වෙනව.ආයෙ class එක ඇරිල ටෝක් කරන්නත් බෑ.මොකද එයාගෙ යාලුවො සෙට් එකත් එක්ක,මෙතනින් පස්සෙ ගෙදර යනකන්ම ඉන්නෙ.ඒත්...........ඒත්.... ඒ එක්කම එයා බලාපොරොත්තු නොවුනු උත්තරයක් දුන්නා.
"උදේ එන්නම්".
කියාගන්න බැරි සතුටකින් හිත පිරිල ඉතිරිල ගියා.
"හත හමාරට,රජපීල්ල පාර ලඟට."
මම ඉක්මනට තැන කිව්වා.එයත් ලාවට ඔලුව වනල ඒක අනුමත කලා.ටියුට් එක නැතුව ගෙදර යන්න බැරි හින්ද ඇතුලට ගියා මිසක් එදා පංතියෙ මොනව ඉගැන්නුවද කියල සිහියක් තිබුනෙම නෑ.හවස් වරුවෙම කලේ ෂර්ට් එක අයන් කරපු එකයි, ගිහින් කියන එව්ව හිතපු එකයි.කොහොමින් කොහොමින් හරි ඔන්න ඉරිද දවස උදා උනා.කලින් යන්නත් එපායැ.ඇයි අප්පේ.............ඉස්සරවෙලාම දවසනෙ.කොහොම හරි හත වෙනකොට නයින් හාට්ස් එක ගාව.(රජ පීල්ල පාර ලඟ තමා තියෙන්නෙ).ඔන්න ඔය වෙලාවෙ තමයි කරුමෙ සෙට් උනේ.අපේ උන් තුන් හතර දෙනෙක් පාත් උනේ නැද්ද ඔතෙන්ට පාන්දරම.
"අඩෝ දිනේෂය.....සිකා එකක් ගැහුවද?...."
ඔන්න උදේම අහපු එක.
"දැන් බෑ බං".
ඒ............!!මේන් මේක ජීවිතේට නොකියන කතාවක් දැන් කිව්ව".
"අපෝ .......වරෙන් වරෙන් .....එකක් ගහමු."

ආයෙ ඒ වෙලාවට බෑ කිව්වට වැඩක් වෙන්නෙ නෑ.කෑල්ල එන්න කලින් එන්නත් ඕනෙ හින්ද ඉක්මනට මාකට් එක පිටිපස්සට ගිහින් පාරවල් දෙක තුනක් ඇද්දා.ගඳ යන්න....නෑ ,නෑ සුවඳ යන්න හැක්ස් එකක් එහෙමත් කාල අපේ එවුන්ගෙනුත් යන්තම් ගැලවිලා ආයෙ ප්ලේස් එකට යනකොටම වින්ධ්‍යා ආවා..
"මොනවද කියන්න තියෙන්නෙ....??"
"මෙතන ඉන්න බෑ යාලුවො එනව.......!!"
දැන් ඔන්න කලින් දවසෙ පාඩම් කරපු දෙබස් දෙන ගමන් හිමින් ,හිමින් වැව රවුම පැත්තට කිට්‍ටු උනා.කුරුණෑගල වැව කියන්නෙ ඒ දවස් වල මාර ලස්සන පොට් එකක්.එක පැත්තකින් "හොටෙල් දිය දහරා " එක.වටේටම අවුරුදු සිය ගානක් පරණ "මාර" ගස්.කොහොම හරි නවය වෙනකොට මාර ගහකට මුවා වීමේ වාසනාව උදා කර ගත්ත.දෙවියන්ගෙ ආශීර්වාදයක්ද මන්ද ඒ වෙලාවෙ හීනියට හිරිපොද වැස්සකුත් පටන් ගත්ත.අපි මලාට කුඩ ගෙනියන එකක්යැ.ඉතින් කෙල්ලගෙ කුඩේ හිමීට අරගෙන දිග ඇරියා.ඔය වැව් කණ්ඩිය උඩින් පාරක් තියනව.ඕකෙන් තමයි එහා ගමට යන මිනිස්සු යන්නෙ,එන්නෙ.වෙලාවට වැස්ස හින්ද වැඩිය කට්ටිය නෑ.නැත්තන් පාරෙ යන මිනිස්සුන්ගෙන් පොඩි,පොඩි ඇනුම් පද අහන්නත් වෙනව.ඔක්කොටම හපන් පොඩි එවුන්...........එබි,එබි බලන්නෙ ලොකු උනාම එන්න හිතාගෙනද දන්නෙ නෑ....ටික,ටික හිරිපොද වැස්ස මහ වරුසාවක් උනා.අර තුනට කඩන චූටි කුඩේ කොහෙද දෙන්නෙකුට ඉඩක්.මම පුලුවන් තරම් කුඩේ එයාගෙ පැත්තට හරවල එයාව වැස්සෙන් බේරන්න ට්‍රයි කලා.මොකද පලවෙනි දවසෙම කෙල්ලට එපා උනොත් එහෙම.තෙමෙනවයි,මඩ ඉහෙනවයි....ආයෙ දවසක එන්න බෑ කිව්වොත් එහෙම කියල හිතුන හින්ද.ඒත් ටිකකින් මූන දිහා බලපු එයාදකුණු අතින් මගෙ ෂර්ට් එක අල්ලල බැලුවා..............
"ඔයා හොඳටම තෙමිලා................
"එච්චරම නෑ,"මං තෙමුනට කමක් නෑ...ඔයා තෙමුනොත් අසනීප වෙයි......"
එහෙම කිව්ව විතරයි,කුඩේ මගෙ පැත්තට බර කරණ ගමන්ම මෙන්න බොලේ කෙල්ල තුරුල් උනා..................!!!!පලවෙනි දවසෙම.ජබුං විලයි.කුඩේ විසිකරල වැවට පනින්න හිතුනා.ඒත් ඒ එක්කම ලේන්සුව ටිකක් දෙන්නකො කියල එබුවෙ නැද්ද අත සාක්කුවට.දෙලොව රත් උනේ එතකොට තමා.උදේ දුම දාල ගිණි පෙට්ටිය ආපහු වේටරයට දෙන්න අමතක වෙලා කලබලේට සාක්කුවට ඔබා ගත්තනෙ.දැන් මේක මාට්‍ටු උනොත් එහෙම කෙල්ල හිතයි මම උපන් ගෙයි දුමා කියල.ඉක්මනට කෑල්ලට කලින් ඉස්සර වෙලා ගිණි පෙට්ටිය අතට ගත්තා."කෝ.......මොකද්ද ඒ............???".
"ඒ..........ඒ..........මේ..........සර්ට ලියපු චිට් එකක්".
"නෑ,නෑ වෙන්න බෑ.........කෝ බලන්න.."
"ගිණි පෙට්ටියක් නේද????""ඔයා සිගරට් බොනවා.............!!!"

ඒත් එක්කම මම විසි කරන්න පුලුවන් තරම් දුරට ඒක විසි කලා.තිබ්බෙ මොකද්ද කියල හරියටම මීටර් උනේ නැතත් ඒ ඇස් දෙකෙන් චූටි කඳුලු කැට දෙකක් එලියට එන්නයි ලෑස්තිය.හෆොයි..............!!කරුමෙක මහත.....අර කලින් විසි කරපු ගිණි පෙට්ටිය මෙන්න බොලේ පියන ගැලවිලා කූරු ටිකත් එක්ක ‍රැල්ලට ආයෙත් අපි දෙන්නගෙ කකුල් දෙක ගාව.ඒ පාරනම් වැඩේ අතටම මාට්‍ටු.
"මේක නේද මට හැංගුවෙ......"
තවත් බොරු කියන්නයැ.කකුල් දෙක ලඟ ගිණි කූරු 45 පාවෙනවා.මට දෙන්න තවත් උත්තරයක් නෑ.වැස්සට වැඩිය සැරේට දැන් මෙයා අඬනවා.කොච්චර සුන්දර අවස්ථාවක්ද මේ කාළකන්නි සිගරට් බීමක් හින්ද නැති වෙන්න යන්නෙ.කියන්න තියන බොරු ඔක්කොම කිව්වත් හිත හදන්න අමාරුයි.දෙන්න අතර පරතරයත් එන්න,එන්න වැඩි වෙනවා.
"ආයෙ සිගරට් බොන්නෙ නෑ...................සත්තයි..."
ම්.........හු..ඈත ‍රැල්ල දිහා බලාගෙන ඉන්නවා.ඇයි දෙයියනේ මෙහෙම උනේ.................!!
"ආයෙ සිගරට් බිව්වොත් මම වාහනේකට හැප්පිලා මැරෙයි...."
ආ..............ඒ පාර හරි වාගෙ.ඇස් දෙක දිහා බලාගෙන....
"ඒ වාගෙ කතා කියන්න එපා..............ආයෙ සිගරට් බොන්නෙ නැතුව ඉන්න..."
අම්මෝ.........ඇති යන්තන්.පැය දෙකක විතර සටනකින් පස්සෙ කෙල්ලව ෂේප් කර ගත්තා.කේසිරි සර්ගෙ class එක ඇරෙන්නත් ලඟ හින්ද අපි ඉතින් මාර ගස් සෙවනට සමු දීල වැව් කණ්ඩිය දිගේ ආපහු ටවුමට එන්න ආවා.කෑල්ලව මල්කඩුවාව බස් එකට දාල මාත් ගෙදර යනව කියල ආවට දන්නෙම නැතුව ඇවිල්ල තියෙන්නෙ "ශාන්ති " එකට.(හික්........ශාන්ති එක කියන්නෙ කෝකටත් තෛලය වාගෙ සයිවර් කඩයක්).ආපු එකේ දුමක් නොදා යන්නත් බෑ.ඕනෙ එකක් කියල ඇද්දා එකක්.හැබැයි ටික දවසක් යනකන් එහෙ,මෙහෙ ගියෙනම් හරිම පරෙස්සමට.ඇයි බැරිවෙලාවත් වාහනේකවත් ගැවුනොත් එහෙම.ඕව කියන්න බෑනෙ.දෙවිවරුත් කෝටි ගානක් ඉන්නවලුනෙ.හි............හි....../

32 comments:

  1. අයියෙ මේව බොන එකනම් එච්චරම හොද නෑ නේද???

    ReplyDelete
  2. හා හා කුරුණැගල නේද?????? මම කුරුණෑගල නොවුනත් දෙවෙනි පාර A/L කරන්න එහෙ නැවතිලා තමා class ගියේ. හුරු පුරුදු තැන් ගැන ලියවිලා තියෙනවා. පරණ අතීතය හිත රිදීගෙන මතක් වෙනවා සහෝ.

    ReplyDelete
  3. පට්ට කතාව මචං...
    මගෙත් හොඳම (තවමත් ඒක පාර්ශ්වීයව ආදරෙ කරන..) ආදර කතාව පටන් ගත්තෙ වැව රවුම ලඟින්...:)

    ReplyDelete
  4. නුවර වැව රවු‍ම නම් මමත් ඇති...හිහ් හිහ්.. මරු කතාව.... ඇති ඔයින් ෂේප් වුනා..

    ReplyDelete
  5. @ රංග,

    මාට්‍ටු උන වෙලාවෙනම් ඇඟේ ලේ වතුර උනා බං.තැන්කූ මේ පැත්තෙ ආවට.

    @කේෂාන් De சில்வா,

    දැන්නම් කිසිම පාවිච්චියක් නෑ.ඒ දවස්වලනෙ මලයො.

    @Kujana Hemachandra,

    මොනව කරන්නද ඉතින්........නොතේරුම් කම කියල කියන්නත් බෑ.

    @පිණි බිඳු,

    "අතීතය සිහිනයක් විතරයි" කියල අමතක කරල දාන්න යාලු.
    පිස්සු කතා කරණව අමතක කරන්නෙ කොහොමද නේද????හැබැයි අලුත් ආදරයක් ලැබුන දාට ඕව මතක් වෙන්නෙ නෑ.දුක හිතෙනවා.ඒ දවස්වල උන දේවල් ගැන.

    @ පුතා,

    ෂා............නියම ආදරවන්තයෙක්.සුබපැතුම් මචෝ.......2003 දි විතර වැව ආයෙ ලොකු කරා නේද?දැන්නම් ගොඩක් ලස්සනට ඇති.

    @ළමයා,

    අපිට නුවර වැව රවුමත් හොඳට හුරුයි බං.ඇයි ඉතින් වේල්ස් පාක් එකට ගොඩ වදින්න කලින් වැවේ මාලු එහෙමත් ගනන් කරණවනෙ.හික්.........හික්.......

    ReplyDelete
  6. මමත් එක සැරයක් අතටම මාට්ට්ටු උනාෙන බන්.මගේ ලව් 1 පටන්ගත්ත අලුත.මාර ගේමක් දීල බේරුනෙ.

    ReplyDelete
  7. @maahasayta,

    ටිකක් පරන උනාමනම් ගානක් නෑ.ඒ උනාට පටන් ගත්ත අලුතනම් බඩුම තමා.ඇයි තීරන ගන්නෙ කෙල්ලනෙ.කරුණු කාරණා පහදල දෙන්න ලඟට ගන්න එහෙමත් අවසරයක් නෑනෙ.

    ReplyDelete
  8. උඹ නම් .. අනේ මන්දා බං... මට ඔය ටිකම වුනා, උඹව නම් ගිනිපෙට්ටිය විතරයි දැක්කේ. මම නම් බියර් එක කටේ තියාගෙන ඉද්දිම මාට්ටු.

    @අඩෝ පුතා උඹ කුරුනෑගල එහෙනම්. හම්බුන දාට බලාගමු ආ...

    ReplyDelete
  9. @දිනේෂ්... ඒක අවුරුදු දෙකකින් විතර ඉවර වුනා ... ඊට පස්සේ තව තව එව්වා තිබුනට ඒ වගෙ වැදුනේ නෑ මචං... :(((( මගෙත් තීම් එක අකේලේ හම් තමයි මචං දැන් අවුරුදු තුන හතරක ඉඳලා... :))

    @prasanna86k ..
    අනේ නෑ මචං.. මම කුරුණෑගල අහලකවත් නෙවෙයි... මම නුවර.. නුවර මහියංගනෙ... ඔය මගෙ පළවෙනි රස්සාවට ගිහිල්ලා වුනු සීන්කෝන් එකක්...

    ReplyDelete
  10. @prasanna86k'

    සිරාවටම..........!!ඉතින් මොකද උනේ??ට්‍රයි කරන දවස්වලද ,නැත්තන් දා ගත්ත අලුතද?උඹත් එහෙනම් සෑහෙන්න බොරු කියන්න ඇති නේද??/ හික්.....හික්...

    @පුතා,

    කට්ටියම එක්කල බහිමුද එහෙනම් අලුත් එව්වට....දැන් ඉතින් ටිකක් කරුනු කාරණාත් තේරෙන එකේ පෙර වැරදි වෙන්නෙත් නැති වෙයිනෙ.කල වයසත් හරියාගෙනනෙ එන්නෙ.
    (ඈ බං නුවර මහියංගනෙ වෙන්නෙ කොහොමද?නුවර තියෙන්නෙ කොහෙද,මහියංගනෙ තියෙන්නෙකොහෙද?හි......හි....බිංතැන්න කිට්‍ටුව එහෙම නෙමෙයිනෙ??/)

    ReplyDelete
  11. හපොයි මදෑ පලවෙනි දවසෙ වුන කෙලිය.....කමක් නෑ ඔක්කොම හොදටයි කියනවනෙ.

    ReplyDelete
  12. හරි වැඩේ තමයි වෙලා තියෙන්නේ ඉතින් සිගරැට් බීම නැවැත්තුවද?

    ReplyDelete
  13. උඹ නම් අයියේ දෙයියෙක් මම කරපු දේම ඔයත් කරා එහෙනම් ආ ..?

    අපෝ මම නම් අමාරුවෙන් දුම නැවැත්තුවා දැන් මගේ එක්කෙනාට මාර සැටිස් ..ඒත් බං මම පුදුම අමාරුවකින් තමයි මේදවස්වල ජීවත් වෙන්නේ .එක පාරට නතරකරාට සමහර වෙලාවට දුවල ගිහිං එකක් පත්තු කරගන්න හිතෙනවා ..

    ඒත් මට දැන් ඉන්න කෙනා නැති උනොත් මම ආයේ සිගරට් ගහනවා . මැරෙනකම්ම /...මගේ ලවු එක යනකම් මම කොහොම හරි අල්ලගෙන ඉන්නවා ..

    මම ඒත් කල්පනා කරන්නේ උඹට වෙච්ච දේ ..අඩේ ඔයින් ගියා මදැයි ..ඒ කෙල්ල උඹට ඇත්තටම ලවු කරලා තියනවා .නැත්නම් ඉතිං සමහර කෙල්ලෝ හේතු හොයනවා නෙව කොල්ලෙක්ගෙන් අයිං වෙන්ඩ.ඔහොම හේතුවක් හම්බ උනොත් ඉතින් ඒකම මදැයි පලා යන්ඩ

    ජයවේවා !!

    ReplyDelete
  14. කුරුනෑගල ප්‍රේම කතාවක්, අපිත් කුරුනෑගල තමඉ, ඔය ඔය කිවුව තැන් මමත් හොඳට දන්නවා සතුටුයි අඳුනගන්න ලැබුනට,

    ReplyDelete
  15. හික් හික්!! උඹත් මාර ඩයල් එකක් තමයි. මගෙත් ඔය වගේ කතාවක් තියනවා.ඒක පස්සෙ වෙලාවක දාන්න ඕනෙ.

    අද තමයි මේ පැත්තෙ ආවෙ. සිරාම සිරා බ්ලොග් එකක්.උඹට බ්ලොග් අවකාශෙ සෑහෙන දුර ගමනක් තියනවා.අපෙන් උණුසුම් සුභපැතුම්

    අකේලේ හම් කියන්නෙ මොකද්ද බං?

    ReplyDelete
  16. @subashblog,

    ඒ උනාට බං එදා දවසෙ ඒ පැය දෙක අපරාදෙනෙ.හික්.....හි...

    @හිස් අහස,

    අනේ මල්ලියො මම අදත් වැඩ බං.නයිට් හින්ද ඔෆීසියෙ කවුරුවත් නෑ.ඉතින් රිංගල බ්ලොග් කියෝනවා.(මමනම් ඔය ඔ‍ෆිස් වල නෙමෙයි ඕන් වැඩ කොරන්නෙ :D)
    මමත් දැන් නවත්තලා.ඒ දවස්වල මට නවත්තන්න ඕනෙ උනාට අනිත් උන් නවත්තන්න දෙන්නෙ නෑ බං.මටත් නවත්තපු මුල් දවස් වල ඔය වාගෙ ඉන්න බැරුව තමා හිටියෙ.මෙහෙ ආවට පස්සෙ නිකන්ම නැති උනා.
    උඹේ ලව් එක නැතිවෙන්න එපා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරණවා.
    ....හි.......උඹ මතක් වෙන ගානෙ මතක් වෙන අනිත් එක "මුල්ල පටස්" හික්.......

    ReplyDelete
  17. @JHOTHISHALANKA,

    ඒ දවස්වලනම් නවත්ත ගන්න බැරි උනෝ.............පසු කාලීනව තමා නවත්ත ගත්තෙ......

    @Ano,

    ආ...........උඹත් එහෙනම් ඔය තැන් ආචරනය කරපු එකෙක්....මටත් සතු‍ටුයි මචෝ ආවට.කෝ බං නම දාපන්කො.

    @blog gadol,

    අනේ බං මගෙ පාලුවට මේ කුරු‍ටු ගාන්නෙ.ආතල් එකට කැමති එකානෙ.ස්තුතියි මේ පැත්තෙ ආවට.උඹේ කතාවත් දාපන්කො බලන්න.හික්.........බලානයනකොට ඔක්කොම එක බෝට්‍ටුවෙ ඈ.......!
    (අකේලේ හම් කියන්නෙ "මම තනියම" කියන එක)

    ReplyDelete
  18. තාම බට අදිනවද සහෝ ???

    ReplyDelete
  19. @ Hasitha,

    දැන්නම් පාවිච්චියක් නෑ.ඒත් ලංකාවට ගියාම මොනව වෙයිද කියල හිතා ගන්න බෑ මලයෝ.ඒත් පුරුද්දක් කර ගන්නෙ නැහැ.

    ReplyDelete
  20. උබල ගෙදර එන පාර කියපන්, උබ කොයි වගේ එකෙක්ද කියලා බලාලා යන්න එන්න. අපිත් කුරුණෑගල තමයි. සිගරට් නොබී හිටියනම් උබ එල කොල්ලෙක් කියන්න තිබුනා. අපි ඒ ලෙවෙල් කරනකොට ඔච්චරම සුන්දර මතකයන් තිබ්බේ නෑ බං. මගේ කෙල්ලගෙ අතේ මං එල්ලිලා ගියේ නැත්නම්. ඒකි මගේ අතවත් අල්ලගන්නේ නෑ. උබ ඔහොම කියනකොට මට මං ගැන දුකත් හිතෙනවා බං.

    ReplyDelete
  21. @ iplus,

    ඒ දවස්වල සෙට් උනේම වල බැහැපු උන්මනෙ බං.ගෙදර හිටියොත් ගමේ උන් ටික.ටවුන් ගියාම ඉස්කෝලෙ උන් ටික. ඔක්කොම දුමාල.එකෙක්වත් නෑ මතින් දුමින් තොර.
    හරි මචං කොහොම හරි දෙන්නගෙ අත ටච් එකේ තිබිල තියනවනෙ......හික්.....

    ReplyDelete
  22. මේ කතාව උබ මීට කලින් මගේ බ්ලොග් එකේ කොමෙන්ට් එකක් විදියටත් දැම්ම මතක විදියට... මම මේ කල්පන කොලේ මොන පෝස්ට් එකටද කියලා... ම්ම් වෙන බ්ලොග් එහෙකද මන්ද... මම එදා බොට කිව්ව මේ ටික බ්ලොග් එකේ ලියහන් කියල... හික් හික්... සතුටුයි උබ ලියන්න ගත්ත එකට.

    අනේ මන්ද බන් මේ උබෙයි රංග අයියගෙයි පුංචි සර් ගෙයි ඔක්කොම කෙල්ලො පැට ලැවිල දැන් මට හික් හික් හික්

    ReplyDelete
  23. @ පිස්සා පලාමල්ල,

    ඔව්,ඔව් බං......උඹ අර මිතුරෙකුගෙ පෙම්වතියට බැහැපු කතාවෙදි මගෙ හිතේ.........
    මම ඒ දවස්වල බොක්කෙන් බැලුවෙ උඹේ බ්ලොගය. පස්සෙ "හිස් අහස" ත් හම්බ උනානෙ.ඊට පස්සෙ තමා හිතුනෙ මොනව හරි මාත් ලියල දාන්න ඕනෙ කියල.

    ඔව්........ලව් කරන උනුයි,විරහවෙන් ඉන්න උනුයි,පිස්සොයි......බේබද්දොයි......හික්.......හික්...

    ReplyDelete
  24. හික් හික්... සැට් එක සම්බන්ධයි නේ බන්... ලව් කරනව... විරහව... පිස්සු.. බේබදුකම හික් හික් ...

    ඈ බොල දැන් බලන්නෙ ඇස් දෙකෙන්ද හික් හික්.. ලියන්න එපැයො නොවැ බලන්න නේ හික් හික්

    ReplyDelete
  25. @ පිස්සා පලාමල්ල,

    පිලිවෙලට යනවනෙ බං.
    අපේ සර් කාරයටනම් විරහව ඇරෙන්න අනිත් ඔක්කොම කලින්ම තියනව.
    හික්.......ලියපන්කො තව මොකක් හරි බලන තැන පෙන්නන්න.හික්..........

    ReplyDelete
  26. කුරුණෑගල වැව රවුමද? ආදර මතක ටීවී එකක්....

    ReplyDelete
  27. @ අභීත අයියා,

    පාක් එක,ඇතා ගල,වැව රවුම, ‍ෆිල්ම් හෝල් හතර...........හි....හි.....

    ReplyDelete
  28. කතාව නම් පට්ට...ඒත් සිකා ගහන එකනම් හොඳ වැඩක් නෙමෙයි ඕන්...

    ReplyDelete
  29. @ හරී,

    ඉස්සරනෙ බං.

    ReplyDelete