Saturday, December 18, 2010

මේ වගේ සීන් එකක් උනොත් එහෙම....................!!!



ඇමරිකාවෙ බාර් එකක ඩ්‍රින්ක් එකක් දාන ගමන් අපේ බුවෙක් ඇමරිකන් කාරයෙක් එක්ක සෙට් උනාලු....ටික වෙලාවකින් අපේ එකා.........

"ඔයා දන්නවද........?අපේ දෙමව්පියෝ ගෙදරින් එලියටවත් බැහැල නැති,......මම එකම එක දවසක් දැකපු කෙල්ලෙක්ව බන්දල දුන්න.ඒකි ආදරේ තියා මෙලෝ මළදානයක් දන්නෙ නෑ.මේ මඟුල මට දැන් එපාවෙලා තියෙන්නේ........."

"ඔහේ මඟුලක් කතා කරණව....ආදරේ කරල කරන මගුල් ගැන....මම බැන්දෙ අවුරුදු 3ක් ආස්සරේ කරල මිනිහ මැරිච්ච ගෑනියෙක්....ටික කාලෙකට පස්සෙ......අපේ තාත්ත මේ ගෑනිගෙ දුවත් එක්ක යාළු වෙලා ඒ දෙන්නත් කසාද බැන්දා......"

"දැන් තාත්ත මගේ බෑනා......මං තාත්තගේ මාමා.....තාත්ත බැන්ද කෙල්ල මගේ අම්ම......මගේ ගෑනි මගේ ආච්චි......"

"ප්‍රශ්නෙ තවත් වැඩි උනා අපිට පුතෙක් ලැබුනම.....මගේ පුතා මගේ තාත්තගේ මල්ලි....ඒ නිසා පුතා මගේ බාප්පා........"

"තත්වෙ තවත් දරුණු වුනේ අපේ තාත්තගෙ නෝනට දුවෙක් ලැබුනම........දැන් මගේ තාත්තගේ දුව මගේ නංගී.මගෙයි නෝනගෙයි මිණිබිරී......."

"බලාගෙන ගියාම මම මගේම සීය වෙලා......මගේම මුණුබුරා වෙලා......උඹ මේ පවුල් ප්‍රශ්න කතාකරනවා................"



එක පාරටම "දඩස්" ගාල සද්දයක් ලංකාවෙ පොර හිටපු දිහායින් ඇහුනලු.......

30 comments:

  1. ෂා එලකිරි කතාව. සැහෙන්න හිතන්න වෙනවා මේ වගේ ලිපියක් ලියන්න. ඒ වගෙම සැහෙන්න බොන්න වෙනවා මේ වගේ ලිපියක් කියවන්න.

    ReplyDelete
  2. හැබෑටම මරු කතාව. පිස්සු හැදෙනවා තමයි.

    ReplyDelete
  3. පට්ටයි.ඇත්තටම පිස්සු හැදිල ආයෙත් හැදෙනව.

    ReplyDelete
  4. @ iplus,JHOTHISHALANKA,gemunu,

    හික්.......
    තැන්කූ ඇවිත් ගියාට.

    ReplyDelete
  5. මේක කලිනුත් මම දැක්ක බ්ලොග් එකක හුඟ කාලෙකට උඩදි... වැඩේ කියන්නේ මට තාම තේරුම් ගන්න බැහ බොල මේ නෑ සනුහරේ ගැන හික් හික්... බොන්න ඕනි ප්‍රශ්නයක්

    ReplyDelete
  6. @Nadun Dissanayake,

    ඔය කිව්ව වාගෙ සීන් වෙනවනෙ බං.එහෙම උනාම ඉතින් මෙහෙම තමා අන්තිමට.

    ReplyDelete
  7. @පිස්සා පලාමල්ල,

    උදේ මූනු පොතෙන් තමයි මාත් අහුල ගත්තෙ.මටත් ඉස්සර ඔය නෑ සනුහරේ ගැන මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ.ඈතට ,ඈතට ගියාම අපිටත් වැඩිය හෙන පොඩි උන් බාප්පල වෙලා.අවුරුදු දෙක,තුනක් වැඩිමාල් පොරවල් සීයල වෙලා...හික්.......

    ReplyDelete
  8. විනාසයි විනාසයි. අහෝ බේදයකි :)) කිව්වාලු

    ReplyDelete
  9. බුදු අම්මෝ ! අඩා මාරම කතාව පට්ටයි ආ ...කාලෙකට පස්සේ එලටම හිනාවක් ගියා ..නියම කතාව මච නියමයි ...

    උඹට වෙච්ච කතාවක් හෙම නෙවේ නේද ?

    ජයවේවා !!

    ReplyDelete
  10. @ Hasitha'

    පිස්සු පාගල් නේද මලයො....

    @හිස් අහස,

    අන්තිමට මේ වාගෙ මඟුලක් වෙයිද දන්නෙත් නෑ බං.

    @රංග,

    හික්......හික්....

    @Mr Lonely,

    පට්ටත් කියනව.....මට මේක දැකපු වෙලේ ටියුබ් ලයිට්.ඇයි බං නෑදෑකම් ගලපල පුරුද්දක් තියන එකක්යැ.

    ReplyDelete
  11. @Hasitha Melanga,

    වැඩක් නෑ කියල.අපිට තියෙන්නෙ මොන ප්‍රශ්නද නේ මලයො.

    ReplyDelete
  12. @ පිණි බිඳු & Pissi,

    ස්තුතියි ඇවිත් ගියාට.

    ReplyDelete
  13. හහ්හ්හ... මරු කතාව.. දෙපාරක් තුන්පාරක් බැලුවා අයියේ එත් නැදැකම් තාමත් චේන් වගේ තෙරෙන් නැ..

    ReplyDelete
  14. @නිම්ශා,

    හිමිහිට,ටිකෙන් ටික,නැවත නැවතත් කල්පනා කරල බලන්නකො.
    ( හි.........හි.......හරි වැදගත් දෙයක් ගැන හිතන්න කියනව වාගෙ නේද??)

    ReplyDelete
  15. මොනා වුනත් නෑදෑ කං ටික නම් එලටම ගලපලා තියෙන්නේ. හික්ස්... තාත්තා මගේ බෑනා.. හිනා කාලා මැරෙනවා

    ReplyDelete
  16. @prasanna86k ,

    ඇයි පුතා බාප්පා වීම.....හි.....හි....

    ReplyDelete
  17. මේ කතාව චන්ද්‍ර අනගිරත්න මහත්මයගෙ නරලොව හොල්මන් පොතේ තිබුන කතාවක් කියල මතකයක් තියෙනව. ස්තුතියි ආයෙත් කතාව මතක් කළාට.

    ReplyDelete
  18. @Ano,

    අම්මෝ........වෙන්නැති,වෙන්නැති.....මමත් මූනු පොතේදි තමා දැක්කෙ.ඒකෙ ඉමේජ් එකක් විදියට තිබුනෙ.කාගෙද,කින්ද මන්ද මුකුත් තිබුනෙ නැති හින්ද නිකන්ම දැම්මා.

    ReplyDelete
  19. පික්සු කොර වෙනවා. තාමත් හිනා. මාරම ආතල් කතාව

    ReplyDelete
  20. මොනවා උනත් මචන් පට්ට කතාව,මට මතක විදියට ඕක තිබුනේ චන්ද්‍ර අනගිරත්න මහතාගේ නරලොව හොල්මන් 2 පොතේ.

    ReplyDelete
  21. me kathwa sinduwak ayya :D

    m.youtube.com/watch?v=7AvG6q_iTcA&guid=&client=mv-google&gl=US&hl=en

    ReplyDelete