Tuesday, December 21, 2010

"ඉක්මනට ටියුන් කර ගන්න.......අද පැයකට වැඩිය නෑ......................."




මේකත් මේ දැන් වාගෙ මල්ටි මීඩියා පහසුකම් නොතිබුණු කාලෙක සිද්ධ උන සිදුවීමක්.අද වෙනකොට අතේ බඳින ඔරලෝසුවෙත් ජංගම දුරකතනය Option එකක් වෙලා තිබුනට මීට අවුරුදු පහළොවකට විතර උඩදි රූපවාහිනිය තමයි ගොඩක් අපිට කිට්‍ටුව හිටියෙ අත්‍යාවශ්‍යයම කාරණා වලට.ලොකු,ලොකු පොරවල්ගෙ ගෙවල්වල එහෙමනම් කොම්පූටර්, සැටලයිට් එහෙම තියෙන්න ඇති. ඒ උනාට අපි වාගෙ ඇලේ,දොලේ,ගලේ මළ පහ කරපු උන්ට ඔව්ව ඒ දවස්වල මැජික්.


අපි වාගෙ උන් වැල කෑල්ලක් බලන්න එහෙමත් මාර ගේමක් තමයි දුන්නෙ.ඇයි ඉතින් ‍ෆිල්ම් හෝල් ඇතුලට ගන්නෙත් නෑනෙ කිරි කජු කොල්ලො.ඔය අස්සෙ වෙලාවටද කරුමෙටද මන්ද අපේ දිහා වීඩියෝ ඩෙක්කුවක් තිබුන.වෙලාවකට ඕක වදේකුත් උනා.ඇයි සෙනසුරාදට ගමේම ඉන්න කොල්ලො කුරුට්ටො ටික අපේ දිහා.මුලින්,මුලින් දන්න කියන උන් ටික විතරයි සෙට් උනේ.පහු,පහු වෙනකොට වැඩේ ලීක් වෙලා අවුරුදු අටේ දහයෙ චූටි උනුත් ඇවිල්ල කට ඇරගෙන බලන්න පටන් ගත්තා.පන්නන්නයැ.සමහර උන්ට යන්න කිව්වම ඇඬෙන සයිස්.
අනේ බං මාත් ඉන්නං................කාටවත් කියන් නෑ.......හික්.............සමහර උන් ප්‍රයිවෙට් එකේ ලඟට ඇවිල්ලත් කියනව.පුදුම උනන්දුවක්..........! ඇපලෝ 11 ගුවන්ගත කරණව බලන්න වාගෙ.හික්............හික්......
අපේ ආච්චි අම්ම අසනීප වෙලා හිටපු කාලෙ තමා ඔය සිදුවීම් උනේ.මොකද උදේ වරුවෙ අම්ම ආච්චිලගෙ ගෙදර යන නිසා ගෙදර කවුරුවත් නැහැ.ගේ ඉස්සරහ කැරම් බෝඩ් එකකුත් තිබුන හින්ද වටේ පිටේ කස්ටියටත් වැඩේ එච්චර මීටර් නැහැ.
ඔතන ඉන්න එවුන්ගෙන් සමහර උන් ඉන්නව සද්දෙ ඕනෙ.හයියෙන් දාන්නයැ.හිමිහිට දාල තිබුණට සමහර අවස්ථා තියනවනෙ සවුන්ඩ් එක වැඩියෙන් එන ටයිම්....ඒක හින්ද Volume 2-3 ට විතර තමා තියෙන්නෙ.සද්දෙ ඕනෙ උන් T.V එක ලඟටම වෙලා ඉන්නෙ.මූනයි ටී.වී එකයි අතර අඩි දෙක තුනකට වැඩිය පරතරයක් නෑ.‍ෆිල්ම් එක ඉවර වෙනකන් ඇස් පිල්ලම් ගහන්නෙ නෑ දෙපාරකට තුන් පාරකට වැඩිය.මැස්සෙක් බ්‍රේක් නැතුව ගියොත් එහෙම නවතින්නෙ ගිරියෙ.තව එවුන්ට සද්ද බද්ද මුකුත් ඕනෙ නෑ,ඉක්මනට සීන් ටික මෙමරියට දාගෙන ගෙදර දුවන්නයි උවමනාව තියෙන්නෙ.සමහර එවුන් බල,බලා ඉන්න ගමන් මගෙ රූම් එකට ගිහින් කඩදහි කොල එහෙම ඉරනවත් ඇහෙනව...හික්........හික්.......


ඩෙක්කුව ටිකක් අලුත් උනාට තිබ්බ T.V එකනම් පට්ට පරණ නැෂනල් එකක්. H.D.M.I , D.V.I, AV,Component in කිසිම දෙයක් නෑ.තිබ්බ එකම signal in එක ඇන්ටෙනා ජැක් එක විතරයි.චැනල් ටියුන් කරන්න එහෙම තියෙන්නෙ ප්‍රීසෙට් කරකවල.පරණ කලර් ටී.වී තිබුන කට්ටිය ඕන් දන්නව සීන් එක.ඉතින් ඩෙක් එකේ RF out එක t.v එකේ ඇන්ටෙනා ඉන් එකට connect කරල තමයි බඩු බලන්නෙ.ඉතින් චැනල් එකක් සිලෙක්ට් කරගෙන ඕක ක්ලියර් වෙනකන් ප්‍රීසෙට් කරකවල ඊට පස්සෙ වීඩියෝ එකේ කලර් වැඩිනම් එව්වත් හදාගෙන හෙන ගේමක් දීල තමයි සීන් එක දර්ශනය කර ගන්නෙ.

දැන් තමයි අපේ මාතෘකාව පටන් ගන්නෙ.ඔය විදියට ඇනලොග් සිස්ටම් එකකින් R.F සිග්නල් එකක් out වෙනකොට ඕක ටික දුරකට ට්‍රාන්ස්මීට් වෙනව.එච්චරම නෙමෙයි මීටර් 40ක් 50ක් විතර.ඉතින් අපේ ගේයි අල්ලපු ගේයි අතර පරතරය මීටර් 20 කට වැඩිය නෑ.තාප්පෙකින් තමා වෙන් වෙලා තියෙන්නෙ.ඒ දවස් වල එහෙ හිටිය ෂෝක් අක්කියල දෙන්නෙක්.අපිට වැඩිය අවුරුදු දෙක තුනක තමයි වෙනසක් තිබුනෙ.අපි 9වසරෙ ඉන්නකොට එක්කෙනෙක් 11හෙ.අනිත් එක්කෙනා 12හෙ හිටියෙ.පිස්සු කෑලි දෙක.මවුන්ටන් බයිසිකල් එහෙම නිතරම වාගෙ හවසට ගේ ඉස්සරහින් එහාට මෙහාට යනවා. ඒ උනාට ඉතින් හරී............ගනන් එයාල.(අසල් වැසියො හින්ද අපි එක්කනම් කතා කරනව)කොහොම හරි ඕන් දවසක් සෙනසුරාද උදේ වරුවෙ එක්කෙනෙක් ගෙයි පිටිපස්සට ගිහින් ඇන්ටෙනාව කරකවනවා,අපේ ගෙදර වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටියක් තිර ගත වෙන අවස්ථාවක.එදා සීන් එක එච්චරයි.මමත් ඕක දැක්කෙ අහඹු සිදිවීමක් විදියට.මොකද මම හිටපු තැනට එයාලගෙ ගේ පෙනුන නිසා.ආයෙ මම දැක්ක හවස හයට විතර එයාලගෙ තාත්ත ඇන්ටෙනා එක පෙර තිබූ පරිදි සකස් කරණවා.ඊලඟ සෙනසුරාද මේන් බොලේ කෙල්ලො දෙන්න උදේ ඉඳලම ඇන්ටෙනාව කරකවනවා.පැය භාගෙකින් විතර වැඩේ නැවතුනා.ආයෙත් අපේ වීඩියෝ එක දුවන වෙලාවට ලොකු එක අහනව ඇහෙනව පොඩි එකගෙන්......

"හරිද,හරිද........"
"තව චුට්ටක්........".
"අපෝ.......තිත්නෙ....."
"ඔය ඇති අක්කෙ....එනව..................."

කොහොම හරි ඔය වැඩේ මීටර් උනා අපිත් එක්ක හිටපු ටිකක් ගැජමැටික් ගැන එහෙම දන්න බුවෙකුට.ඌටනම් එතකොට 18ක් 19ක් විතර ඇති.ගමේ බුවෙක්.මහ වාචාල කටක් තිබුනෙ ඌට.ඒ වෙලාවෙ මූත් අපිට ඒ ගැන මුකුත් ඇ‍ඟෙව්වෙවත් නෑ.මට කිව්ව ලබන සතියෙත් එකක් බලනවනම් අනිවාර්යෙන්ම ඌට කතා කරන්න කියල.ඔන්න ඊලඟ සෙනසුරාදත් කට්ටිය සෙට් වෙලා එහෙම පටිය ධාවනය කෙරෙව්වා..අරූ දැන් අපේ දොරකඩට වෙලා එහා පැත්ත බලාගෙන ඉන්නව.ඔන්න ටික වෙලාවකින් ලොකු එක දුවගෙන ඇවිල්ල එල්ලුනා ඇන්ටෙනා එකේ.ඒත් එක්කම මේක ගත් කටටම

"නංගි ඉක්මණට ටියුන් කර ගන්න,අද පැයකට වැඩිය නෑ............"

කියපි.මට මාර අප්සෙට්.ඇයි දැන් ඕක උන්ගෙ තාත්තට එහෙම කිව්වොත්.......අපිවත් නිකන් විහිළුවක් කරන්නෙ නෑනෙ.දැන් අපි ඔක්කොම අරූට බනිනවා.චූටි උන් තමයි ඔක්කොටම වැඩිය බනින්නෙ.ඇයි උන්ට මේවාගෙ බලන්න වෙන තැනකුත් නෑනෙ.ඊට පස්සෙ තමා මේක හිනා වෙවී මෙතන අපි නොදැනුවත්ව වෙන සීන් එක කිව්වෙ.අපි ඩෙක් එකෙන් ඇන්ටෙනා ඉන් එකට දෙන සිග්නල් අල්ලපු ගෙදර අක්කල දෙන්නත් ප්‍රයෝජනයට අරන් තියන බව.හැබැයි එයාල හිතල තියෙන්නෙ අලුත් චැනල් එකක් කියල.විකාශනාගාරෙ තියෙන්නෙ අපේ දිහා කියල දන්නෙ නෑ.කොහොම හරි වැඩේ පට්ට නෝන්ඩි.අරුත් මහ කට හොඳ නැති එකා.ඌට කොච්චර කිව්වත් හම්බවෙන හැම එකා එක්කම මේක කියල.ආයෙ ගන්න දෙයක් නෑ............

25 comments:

  1. ඉතින් කාටද ආඩම්බර?

    ReplyDelete
  2. හූ කියපියවු !

    අඩෝ අයියේ මට නින්ද ගියෙත් නෑ මේ කතාව අහනකං උඹ මගේ බ්ලොග් එකට ඇවිල්ලා ඔය අක්කලගේ කතාව ගැන ලාවට කියලා ගිය වෙලේ ඉඳලා පුදුම උනන්දුවකින් මම උන්නේ ..

    මම හිතුවේ නෑ මෙච්චර පට්ට කතාවක් වෙඩ ඇති කියලා ..මම නිකමට හිතුවේ දිනේෂ් අයියා ...! නෑ ඒව කියන්න බෑ මට නිකමට හිතිච්ච ඒවනේ ..අයියා එහෙම නෑ (නැත්තෙත් නෑ වගේ )

    ජයවේවා !!

    ReplyDelete
  3. හි හි හි අක්කලා තාම දන්නෙ නැද්ද විකාශනාගාරය ඔයාලෑ ගෙදර කියලා. මමත් ඉස්සර අල්ලපු ගෙදර ගේම් ගහනවද කියලා බලන්නෙ ඔය විදියට තමා. ඒ කාලෙ අර කාඩ්රිච් දාලා ගහන ගේම මාර ප්‍රසිද්දයිනෙ....

    ReplyDelete
  4. @ Hishan Melanga'

    වැඩේ දුර දිග ගියානම් එහෙම.......!!

    @ හිස් අහස,

    මට මේක මතක් උනේ උඹේ ඊයෙ සීන් එක කියෙව්වට පස්සෙ.බැරි වෙලාවත් අපේ ගෙවල් ලඟ කවුරුහරි මේක කියවල තිබුනොත් මට කේස් එකක් වැටෙන්නත් ඉඩ තියනව.ගෙදර යා ගන්නත් බැරි වෙයිද දන්නෑ බං.හික්.....

    @subashblog,

    නෑ මචං මෙයාල දන්නෙ නෑ.හිතාගෙන ඉන්නව ඇත්තෙ අපිත් අලුත් චැනල් එක ගැන දන්නව කියල විතරයි.

    ReplyDelete
  5. ඉකේ මේ කොල්ලො නම්...

    ReplyDelete
  6. @ Unknown_User/හිඟන්නා,

    :D

    @ පිණි බිඳු,

    ආ......ඇයි???? එතකොට කෙල්ලො හොඳයි......!!

    ReplyDelete
  7. හ්ම්.. නැතුව නැතුව කෙල්ලො හොඳයි තමා.. :P

    ReplyDelete
  8. @ පිණි බිඳු,

    නැතුවට..:D (අපේ පිණි බිංදුව ගැන එහෙම නෙමෙයි මේ කියන්නේ..........)

    ReplyDelete
  9. Maxxa!!!!!!!!

    --Suresh---

    ReplyDelete
  10. උඹටත් ඉඳලා තියෙන්නේ මාර යාලුවොනේ බං. ඔය වගේ අවස්ථාවකින් ප්‍රයෝජනේ ගන්න දන්නෙ නැති හැටි.

    ReplyDelete
  11. හත්තිලව්වයි... ගම කාලානේ අරූ...

    පට්ටයි හොඳේ...

    ReplyDelete
  12. හුට්ටපරයි කිව්වලු... ඉතින් ඊට පස්සෙ බොල වැල බැලුවෙ නැතෙයි ?? අක්කිල එක්කම බලන්න තිබ්බ නොවැ හික් හික්

    ReplyDelete
  13. @ Ano,

    :D

    @prasanna86k,

    අපි ඒ දවස්වල ඔව්වට බයයිනෙ බං.අනික අල්ලපු ගේනෙ.

    @ වන්නි,

    උගෙ කටක් නෙමෙයි බං තියෙන්නෙ.චා බුවෙක්.

    @ පිස්සා පලාමල්ල,

    හි....හි....එහෙම අවස්ථාවක් උදා කර ගන්න තිබුනනම්...............

    ReplyDelete
  14. උබගේ මීටරේ හැටියට උත්සහයක් නොදැරුවා වෙන්න බැරිය හික් හික්

    ReplyDelete
  15. @ පිස්සා පලාමල්ල,

    උඹට සඟවන්න තරම් දෙයක් නැතුවාය.නමුත් මෙතන කීමට බැරි දේවල්ද ඇතුවාය..හික්..........

    @ ගී සිතුවම්,

    මම ඔයාගෙ බ්ලොගය දැක්කෙ ඊයෙ.ලිවීමේ හැකියාවනම් උපරිමයි.දිගටම එනවා.තැන්කූ මෙහාටත් ඇවිල්ල ගියාට.

    ReplyDelete
  16. හික් හික් අවුලක් නැත. අඩේ මම උබට මූනු පොතෙන් රික් එකක් එව්ව.. යන්නෙ නැහ නොවැ...

    ReplyDelete
  17. උඹටත් ඉඳලා තියෙන්නේ මාර යාලුවොනේ බං. ඔය වගේ අවස්ථාවකින් ප්‍රයෝජනේ ගන්න දන්නෙ නැති හැටි ++++++

    ReplyDelete
  18. පට්ට බොල. කෙල්ලො දෙන්න පොලොව පලං හියේ නැතෙයි?
    හැබැයි අර ලොකු එකා හරක, ඌට කැනොගහ හීං නූලෙං වෙන මක්ක හරි කොරගන්න තිබුනෙ නැතෙයි මං අහන්නෙ.

    ReplyDelete
  19. @ පිස්සා පලාමල්ල,

    දැන්නම් හරි මචෝ...

    @Thusitha Jayasinghe,nawammawatha ,

    උන් දෙන්න ටික දවසක් යනකන් වැඩිය අපි කාටවත් මූන දුන්නෙ නෑ.
    හික්......පසු කාලීනව වෙන,වෙන අයනම් ප්‍රයෝජන ගත්තලු.

    ReplyDelete
  20. හෆොයි! රජ කාලේ උල තිබ්බේ උබලා වගේ එවුන් තමයි! එල කතාව...

    ReplyDelete
  21. @iplus,

    ඇයි බං .මොකද්ද අපි කරපු වැ‍රැද්ද.......?කට්ටියම සහයෝගෙන් වින්දනේ ගත්තු එකද...?:)

    ReplyDelete
  22. එලකිරි මචෝ! අපේ එකෙක්ටත් ඔය වැඩේම වුණා. හැබැයි එහා ගෙදර හිටියෙ කොල්ලෙක්. :)

    උඹේ බ්ලොග් එක සින්ඩි වල නැද්ද?

    ReplyDelete
  23. sira sira! ee kaale deck pees tune karannane bn thiyenne! audio video cable nane! ithin ooka maha deyak nemei! me madhawa issara allapu gedara eewa ape gedara idan balala thiyanawa! habai gana nam ahu wela nee! :D :D

    ReplyDelete