Friday, December 31, 2010

දිනේෂ්ගේ අතීත මතක සැමරුම්.................!!!

අද අලුත් අවුරුද්දෙ පලවෙනි දවස.ගෙදර හිටියනම් කුස්සියට වෙලා අම්ම කිරිබත් උයන දිහා බලාගෙන ඉන්නයි,බෙදන්න කලින් ටිකක් හැන්දටම අරන් කවාගන්නයි තිබුනා.ඒ උනාට එලියට බැහැල බලපුවාම වෙනස්ම පරිසරයක්.හාත් පස හිම වැටිලා.



ලොකු යන්ත්‍ර වලින් පාරෙ හිම අයින් කරණවා.හිතට පුරුදු තනිකම ආයෙත් දැනෙන්න උනා.ආයෙමත් හිත අතීතයට පියමන් කලා...................

ඒ 1982 අගෝස්තු දෙවනිදායි.කුරුණෑගල මහ රෝහලේදී මගේ උපත සටහන් වීඇත.ඒ වනවිට සීයා C.T.B බස් රියදුරෙකි.

'ලොකු කෙල්ලට සරමක්ලු......"

පවුලේ ප්‍රථම දරු උපත නිසා තාත්තා හැරුනුකොට අනිත් හැම දෙනාටම වඩා සතු‍ටු වී ඇත්තේ මගේ සීයාය.මහියංගනය බලා ධාවනය වෙමින් තිබූ බසය වරකාපොලදී වෙනත් රියදුරු මහතෙකුට බාර දී පැමිණි ඒ අවස්ථාවේ පටන් නැවත සේවයට වාරථා කොට ඇත්තේ සතියක්ම ඉක්ම වූ පසුවය.

තාත්තාට වයස විසි හතරේදීත් අම්මාට විස්සේදීත් දරු සුරතල් බැලීමට තරම් ඒ දෙදෙනාද වාසනාවන්ත වී ඇත.මවගේ නැඟනියන් තිදෙනෙකු,එක් මාමා කෙනෙකු ද ඇතුලුව පවුලේ සැමගේ ආදරය මධ්‍යයේ ගෙවුනු ඒ බාල කාලය සිතට ගෙන දුන්නේ ඉමහත් සුන්දරත්වයකි.අක්කර පහක පමණ වපසරියකින් යුතු වූ අම්මාගේ මහ ගෙදර වත්තේ මම පුංචිලාද සමඟ මහත් කෙළිදෙලෙන් කාලය ගත කලෙමි.සැමදාම උදයේ හරකුන් දිගේලි කිරීම සඳහා අප වත්තට පැමිණෙන පොඩි අප්පුහාමි මාමා එකල මා කැමතිම චරිතයකි.

"නංගියෙ වේ පඳුරු ලඟ පුවක් ගස් ටිකේ නම් පුවක් සේරම ඉදිලා.....වවුල්ලු කාපුවත් ගෙඩි හතලිහක් පණහක් විතර වැටිල තියනවා.........."
උදේ කහට කෝප්පය අපේ ගෙදරින් පානය කරනු වස් හැමදාම නිවසට පැමිණෙන්නේ එවැනි කුමක් හෝ හේතුවක් නිර්මාණය කර ගනිමිනි.නමුත් පසු කාලීනව දැන ගත් පරිදි බුවා පල් හොරෙකි.තාත්තා කියන පරිදි වත්ත පහල ඇති ළිං දෙකට සතියකට සැරයක් බාල්දියක් දැමිය යුතුමය.පාන්දරට වැටෙන පොල්ද,යාන්තමින් ඉදීගෙන එන අන්නාසි ගෙඩිවලටද වග කියන්නේ ඔහුය.නමුත් සියල්ල දැනගෙනත් කිසිවෙක් ඔහු හා උරණ නොවූයේ මන්දැයි මට සිතා ගත නොහැකිය.සමහර විට ගමේ කමට වන්නත් පුලුවන.

මවගේ නැඟනියන්ගෙන් මා කැමතිම චූටි පුංචිටය.මට වඩා වසර හතරකින් පමණ වැඩිමහල් වුන ඇය අදටත් මට සිටින එකම මිතුරියයි.සහෝදර සහෝදරියන් කිසිවෙක් නොනැති මාහට එකම සහෝදරිය වූයේද ඇයයි.කොණ්ඩ කරල් දෙකක් ගෙතූවිට මනීෂාට සමාන රූසපුවකින් හෙබි ඈ සමාගමය බෙහෙවින් ප්‍රිය කිරීමට තවත් එක් හේතුවක් ලෙස ඇගේ මිතුරියන්ද හේතු වූවා විය හැක.ඒ මන්ද යත් ඔවුන් මා දු‍ටු විට "අනේ......අක්කගෙ පුතාද....." කියා මාද සුරතල් කරණ බැවිනි.

මගේ ජීවිතයේ ද අන් සැමගේ මෙන්ම ප්‍රධාන චරිතය "තාත්තා'යි.83 ජූලි කලබල පැවති දින වකවානුවක රාත්‍රියේ මා තදබල ලෙස අසනීප වූ අවස්ථාවක අවසිහියෙන් මෙන් උඩු කය ඇඳුමක්ද නොමැතිව පොතුහැර සිට කුරුණෑගලට මා වඩාගෙන පයින් ගමන් කල පුවත පසු කලක මවගෙන් අසා දැන ගත් මොහොතේ තාත්තා ගැන ඇති වූ ඒ බලවත් ආදරයද සමග සිත් වූයේ කෙදිනක හෝ මා පිය පදවිය ලද දිනක මෙවන් කැපවීමක් කිරීමට තරම් මාහට හැකියාවක් ඇතිවේද යන්නයි.ත්‍රී රෝද සහ වාහන බහුල සහ වෛද්‍යවරයා එක් දුරකතන ඇමතුමකින් නිවසට ගෙන්වා ගැනීමේ හැකියාව ඇති මෙකලනම් යාන්තමට ඒ ගැන බිය වීමට කාරණාවක් නැත.නමුත් මීට වෙනස් දෙයක් සිදු උනොත්..........!!!.
කිසි දිනක මත් පැන් හෝ දුම් පානය නොකල තාත්තා මා ප්‍රථම වරට ගල් බාගයකින් පදම් වී නිවසට පැමිණි අවස්ථාවේදී හැඩූ දින පටන් මත් පැන් පානය අත හැර දැමූ මුත් දුම් පානය අත හැර දැමූවේ තවත් පියෙකු බඳු වූ දැනට අප ආයතනයේ හිමිකරු නිසාවෙනි.කිසි දිනක මව හා පියා උරණ වීනොමැති අතර කුමන හෝ හේතුවකට තාත්තා අම්මාට බැන වැදුනේ වීනම් හේතුව ලෙස සිටියේ මාය.මා විශිෂ්ට ලෙස ශිෂ්‍යත්වය සමත් වූ දින තාත්තා සතුටින් සිටිනු දු‍ටු විශේෂ දිනයකි.ප්‍රථිඵල දැන ගත් දිනම මා බලාපොරොත්තුව සිටි ඒ ස්පෝට් වර්ගයේ බයිසිකලය අරන්දීමට තරම් තාත්තා ත්‍යාග ශීලී විය.පසු කලෙක වැරදීමකින් අපේම වෑන් රථයට එය මා විසින්ම යට කල මොහොතේ තාත්තා මුවින් නොබැන සිටියද හදවතින්ම මා දුක් වුන ප්‍රථම අවස්ථාව එය විය.

තාත්තා සේවයට ගිය පසු නිවසේ හිටියේ අම්මාත් මමත් පමණි.මව කිසි දිනක ‍රැකියාවක් නොකල බැවින් ම්ව් සෙනෙහස අපිරිමිතව විඳීමේ භාග්‍යය මා හට උදා වී තිබින.දවල් වරුවේ මා පාසැල් ගොස් එන තුරු මග බලා සිටින ඈ සවස් වන විට මාද තුරුළු කරගෙන දොරකඩට වී බලා සිටින්නේ තාත්තා එන තුරුය.සිහින් කුඩු පොදක් වැ‍ටුනත්
"අද තාත්ත කුඩේ අරගෙන ගියෙත් නෑ....ඔයා ඔහොම ඉන්නවද මම හන්දියෙ කඩෙන් කුඩේ තියල එනකන්...."
"අම්ම මට වැඩිය තාත්තට ආදරේ....."
දවසක් පියා එසේ වැස්සත් සමග නිවසට පැමිණි අවස්ථාවක නොතේරුම් කමට කීවේ ඇත්තටම මා නිවසේ තනිවම දමා කුඩය දීමට ගිය තරහවටමය."නෑ....අම්ම මගෙ පුතාට තමා ගොඩක්ම ආදරේ...."කියමින් තාත්තා මා සැනසූ අයුරු අද මෙන් සිතේ සනි‍ටුවන් වී ඇත.
ටිකෙන් ටික වයසින් මුහුකුරා යන්නට වත්ම අලුත්,අලුත් සබදතා ජීවිතයට එකතු වන්නට විය.පුංචිලා දෙදෙනෙකුගේ විවාහයත් සමඟ බාප්පලා දෙදෙනෙක් අප නෑදෑකමට එකතු විය.මා විදෙස් ගත වී ටික කලකින් චූටි පුංචිද විවාහ වී දුරු රටක පදිංචියට යාම කෙල්ලන් වෙනුවෙන් දුක් වෙමින් සිටි මාගේ සිතට තවත් මහා වේදනාවක් ගෙන දෙන්නක් විය.වෙනදා සහෝදරියක් මෙන් දුකේ දී සැපේදී සිටි ඈද මගෙන් ඈත් විනි.

ගමේදී මෙන්ම පාසැලේදීද මිතුරන් බොහෝ විය.ඔවුන් නිසා නිවසින් බැණුම් ඇසූ වාර ගනනද අනන්තය.මන්ද යත් කරණ තරමක් කලේ වැරදි ක්‍රියා නිසාවෙනි.පසු කාලීනව කෙල්ලන් දෙදෙනෙකුද ජීවිතයට ඇතුලු වීමත් සමග මෙතෙක් කල් ගෙවූ ජීවන රටාවේ තවත් පි‍ටුවක් පෙරලුවාක් මෙන් හැඟින.නමුත් හිතට එකඟව කිසිවක් සිදු නොවූ නිසාත් සැබෑ ආදරය තේරුම් ගැනීමට නොහැකි වූ නිසාත් ඒ සබදතාද බිඳ වැ‍ටුනේ නෙතට කඳුලක්ද එක් කරමිනි.එතැන් පටන් මේ වනතෙක් ජීවිතයේ ඇත්තේ හිස් තැනකි.යන්තම් වයස විසි දෙකේදී මේ සැමගෙන් සමුගත් මා අදින් පටන් ගන්නා වසරේ පටන් ගෙවෙනුයේ විසි නවවෙනි සැතපුම් කනුවයි.පුරා සත් වසරක් දෙමාපියන්ගෙන් ,නෑදෑ හිත මිතුරන්ගෙන් වෙන්වී ගෙවූ කාලය මට දැනෙනුයේ සිර ගතවීමක් ලෙසටය.ඉදින් මේ වසරේදීවත් නැවත මේ සැම අතරට යාමට ඉටා ගත්තේ පරක්කු වී හෝ මුදල් ජීවිතය නොවන බව පසක් වීමට පරක්කු වුන නිසාම නම් නොවේ.
ඉතින් තව දුරටත් වැල් වටාරම් ලියා කියවන කාගේ හෝ කාලය කා දැමීමට තරම් සිත් නොදෙන නිසා මාගේ මේ තේරුමක් නැති ලිපිය අවසාන කරමි.

ඔබ සැමට සාමය ,සතුට ,සෞභාග්‍යය පිරි සුබ නව වසරක් වේවා..............!!!!

............... දිනේෂ්.........

24 comments:

  1. ඉදිරියට ජයම වෙවා..... ඒ කියන්නේ උඹ දැන් අමද්‍යපද occasionally අමද්‍යපද?

    ReplyDelete
  2. ඔව් අයියෙ....මොනාවත් පාවිච්චියක්නම් නෑ.....හික්....ඒ උනාට වැද...............ගත්ම අවස්ථාවක්නම් ......!!!

    ReplyDelete
  3. දිනේෂ් : හරි බං. ලංකාවට වරෙන්කො. ඊට පස්සෙ අපි වැද.......ගත්ම අවස්තාවක් හොයාගමු

    ReplyDelete
  4. ඒක හොඳයි බං. ඉක්මනට ලංකාවට වරෙන්. නියමයි බං. උඹඨ සුභ අළුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  5. දිනේශ් අයියා . ඉතිං අප්‍රේල් මාසෙවත් ලංකාවේ එනවද ? උඹ ඔහොම ලියනකොට අපටත් දුකයි . අද තමයි අයියා සංචේදීම පෝස්ට් එක ලීවේ . මටනම් බැරිවේවි ඔයතරම් දුර රටක තනියම ඉන්න . ඒත් මචං අයියේ උඹේ ටාර්ගට් එක සම්පූර්න කරගෙනම වරෙං . එතකොට උඹට හැමදාම ෆන් එකේ ඉන්න පුලුවන් . ලෝකේ කොහේ උන්නත් .

    අහසින් කඩා පාත් උනා වගේ උඹව දැනගන්න ලැබීම තමයි මට පහුගිය වසරේ ලැබුන ලොකුම තෑග්ග .

    ‍සුබ නව වසරක් වේවා !!

    ජය වේවා !!

    ReplyDelete
  6. ලෝකෙ මොන රටක හිටියත් අපි ඉපදුන ලංකාව වගේ නැ නේද අයියෙ.අයියගෙ බලාපොරොත්තු ඉටුකරගෙන ඉක්මනට ලංකාවට එන්න ලැබෙන්න කියල මම ප්‍රර්ථනා කරනව...

    ReplyDelete
  7. සුභ අලුත් අවුරුද්දක් වේවා!

    උබ මේ ටිකක් වැදගත් විදියට ලිපියක් ලීවමද කොහෙද. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්!

    ReplyDelete
  8. @ රංග,

    ඔව්,ඔව් උඹව meet උනොත්නම් ඒ අවස්ථාවෙ ඉතින් බඩුම තමා..

    @prasanna86k,

    ඒක තමයි බං එන්නත් ඕනෙ.
    ආ......හ්....උඹට මං කලින්ම සුබ පැතුවනෙ නේද....?
    thanks...

    @හිස් අහස,

    ඔය ටාගට් එක මළාට කවර් වෙන එකක් නෙමෙයි බං.ඉන්න,ඉන්න තව,තවත් අවශ්‍යයතා එකතුවෙන එක විතරයි වෙන්නෙ.
    ඇයි බං උඹව හම්බ උනෙත් එහෙමනෙ.මට මේ මොනව හරි කුනුහරප ටිකක් කුරු‍ටු ගාන්න හිතුනෙත් උඹයි,පිස්සයි හින්ද.
    මල්ලියටත් සුබම සුබ නව වසරක් වේවා...........!!

    @කේෂාන් De சில்வா,

    ඔව් මල්ලි .අනික අපි ඉන්න තත්වයත් ඒකට ගොඩක් බලපානවා.ඔන්න අපිටත් මේ රටක උනත් අපේම කියල ගෙවල්,B.M.W කාර් හොඳ හයි-ෆයි ජොබ් එකක්,ෆැමිලි එකේ කට්ටියව ගෙනත් තියා ගන්න වීසා එහෙම තියනවනම් ලංකාවෙ වාගෙ ඉන්න පුලුවන්.එහෙම නැතුව වෙන රටක නිකම්ම නිකන් සේවකයෙක් කියන්නෙ.......කිසිම වැඩක් නෑ.
    තැන්කූ මල්ලියො හැමදාම එනවට.

    @iplus,

    උඹටත් එසේම වේවා.............!!
    ඔව් බං ,මේක ලියන්න පටන් ගන්නකොට මටත් එහෙම හිතුනා......හික්......හික්...
    අලුත් අවුරුද්දෙ කුනුහරපෙකින් පටන් ගන්නත් බෑනෙ බං.

    ReplyDelete
  9. ඉගෙන ගන්න කිසි දෙයක් නැහැ. චික්.....

    ඒවුනාට සුභ අළුත් අවුරුද්දක්.....

    ReplyDelete
  10. ඔයා විතරක් නෙමෙයි. ලංකාවෙම හිටියත් අලුත් අවුරුද්ද දවසෙ මටත් මේ පාර ගෙදර යන්න බැරි උනා. කෙනෙක් කරපු ජරා වැඩක් නිසා මට ගන්න තිබුනු නිවාඩුව ගන්න බැරි උනා. අලුත් අවුරුද්ද ලබද්දි හැම පැත්තෙන්ම රතිඤ්ඤා සද්දෙ ඇහෙනකොට තනියම බෝඩිං කාමරේකට වෙලා ඉන්නකොට දැනෙන කාලකණ්නි හැඟීම නම් කියලා වැඩක් නෑ. අකේලේ හම් තමා නේද.

    ඒක නෙමෙයි, මගේ ඊළඟ පෝස්ට් එකට ඔයාගෙ 'අකේලේ හම්' නම ණයට ගන්නව හොඳේ.

    ReplyDelete
  11. කොහොමද දිනේශ්..සුභ අලුත් අවුරුද්දක් වේවා..මම බ්ලොග් ලිවිලෙන් ටිකක් ඇත් වෙලා..අනේ මන්ද මුකුත් ලියවෙන්නෙම නැ.සල්ලි ටිකක් හොයාගෙන මෙහෙ වරෙන්..මෙහෙ මොකක් හරි වැඩකට අත ගහමු..උඹට වරදින එකක් නැ..හිත හොඳ කොල්ලෙක් නෙ..ආ අපි නිදහස් කරපු අර දෙන්න හොදින් ඉන්නව..පැටිය පොඩ්ඩක් ලෙඩ වුනා දැන් ඒත් හොදයි..

    ReplyDelete
  12. ම්ම්ම්... අනේ මන්දා අයියේ මොනා ලියන්නද කියලා.. හුගක් දෙවල් වල වටිනාකම දැනේන්නේ එ දෙවල් අපේන් ඇත් උනාම.. කමක් නැ .. අපි සතුටින් ඉමුකෝ.. ඉලග අවුරුද්දේ ලංකාවට ඇවිල්ලා සතුටින් ඉන්න..

    ReplyDelete
  13. හුගක් සුන්දර අතීත මතකයක්.ඇත්තටම බ්ලොග් ලිපියක් කියන්නේ අනිත් අයටත් කියවන්න අවසර දුන් දිනපොතක් වගේ තමයි.මොනාවුනත් මත්පැන් දුම්වැටි වලින් අයින් වුන එකනම් වටිනා දෙයක්.පිටරට ඉන්න ඔයාටත් සුභ වසරක් යාළු.

    ReplyDelete
  14. @Hishan Melanga,

    අනේ පොඩි එකෝ.....ඉගෙන ගන්න....!! හොඳ,හොඳ එව්ව ඉස්සරහට.ඔහොම යමුකෝ....
    ම්.....මල්ලියටත් සුබ අළුත් අවුරුද්දක් වේවා...........!!

    @පිණි බිඳු,

    අයියෝ......ඔයා ගෙදර ගියෙ නැද්ද.....??මම හිතුවෙ මේ සැරේ weekend එකත් සෙට් උන හින්ද හැමෝම ගම් රටවල් වල ඇති කියල.
    හික්......හික්......ඔයා ලංකාවෙ ඉඳලත් අකේලේ වෙලානෙ.
    "අකේලේ හම්"මගෙ නෙමෙයි Mansoor Khan ගෙ.හි......හි.....

    @පැන්da,

    සුබ අලුත් අවුරුද්දක් වේවා මලයෝ............!!ඒක තමයි මාත් මේ බැලුවෙ මොකද පේන්න නැත්තෙ කියල.කවි සංකල්පනාවක්නම් ලාවට දැක්ක වාගෙ මතකයි....
    උන් දෙන්න හොඳින් ඉන්නවනම් එච්චරයි මචං.

    @නිම්ශා,

    තනියට ඇවිත් යන එකම මදෑ නංගියෝ..ඒකනම් ඇත්ත.තියනකොට අගේ නැති දේවල් නැති උනාම මිල කරන්න බැරිතරම් වටින අවස්ථා එනවා.
    ආ.....හ් කලින් කියන්න බැරි උනා...ඔයාටයි,පිණි බිඳුටයි දෙන්නටම සුබ අලුත් අවුරුද්දක් වේවා......!!

    ReplyDelete
  15. @JHOTHISHALANKA,

    ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් සහෝ......

    ReplyDelete
  16. ම්ම්.....
    සුභ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  17. සංවේදී සටහනක්.... සුබ අලුත් අවුරුද්දක් වේවා උබට.

    උබ අවුරුදු 7 ටම ගියේ නැද්ද බන් ?? මගෙ නම් පන යයි බොල. සල්ලි පොකුරු මිල්ලෙ අහුරු තමා ඉතින් මම නම්. හම්බු කොරා ඒක වියදම් කරන ලංකාවට යනව. ආයෙ එනවා. එවරයක් නැහ බන් මේක. උබ කවද්ද යන්නේ ?? මැයි වලට පෙර යනවනම් කියපන්

    ReplyDelete
  18. @Thusitha Jayasinghe,

    තැන්කූ අයියෙ ඇවිත් ගියාට.

    @පිස්සා පලාමල්ල,

    කොහෙ යන්නද බං කොලේ නෑනෙ.(වීසා).ගියොත් ගියාම තමයි ආයෙ එනු නෑ.බැරිවෙලාවත් අහු උනොත් එහෙම මාංචු ගලවන්නෙ ඉමිග්‍රේෂන් එකත් පහු උනාට පස්සෙ.
    මාර්තු යන්න කියල තමා හිතාන ඉන්නෙ.
    පේන හැටියටනම් උඹ ආයෙත් යයි වාගෙ.දැන් ඔය ඇති බං......පිලිවෙලක් වෙයන්. හික්......හික්......

    ReplyDelete
  19. මාර්තු යනවනම් සෙට් වෙමු. මූනු පොතේ එහෙම ඉන්නවද උබ ? මම නම් ඉතින් එනව යනව තමා බන්. කව්ද පිලිවෙලක් වෙන්නද හික් හික්

    ReplyDelete
  20. @Thusitha Jayasinghe,

    තැන්කූ අයියෙ ඇවිත් ගියාට.

    යකො මම 89 නොවැම්බර්......

    ReplyDelete
  21. @Thusitha Jayasinghe,

    හු***.......සමාවෙයන් මල්ලියෙ නොදැන උන වරදට.හික්...හික්.....

    ReplyDelete
  22. 'ලොකු කෙල්ලට සරමක්ලු......"

    අනේ මල්ලි මමත් පවුලෙ වැඩිමලා... මයෙ ලොකු දූ ඉපදිච්ච වෙලාවෙ මගේ තාත්තගෙ මූණෙ තිබ්බ සතුට මට මැවෙන්න වුනා... සරමක්නම් මට ගේන්න බැරිවුනාට මගෙ නංගියා දෙවෙනියට සරමක් ගෙනාවා.... අප්පේ එදා අර කෙල්ලො තුන් දෙනාම පරාදයි...

    ඇස් දෙක කඳුලින් බර වුනා මේක කියවගෙන යද්දි..... ඉක්මනින් අම්මා තාත්තා ළඟට එන්නත් සල්ලිය බාගෙ නැතත් හොඳ අවංක කෙල්ලක් ඉක්මනින් ලැබේවා කියාත් හදවතින්ම පතනවා..

    ReplyDelete
  23. ඔයා කිව්වට අයියෙ මේක තේරුමක් නැති ලිපියක් නම් නෙමෙයි සංවේදී ලිපියක් :)

    ReplyDelete
  24. @තනෝජා රාජපක්‍ෂ,


    අක්කෝ................!!මම හීනෙන්වත් හිතුවෙ නෑ ඔයා මේ පැත්තට එයි කියල....අයියෝ....මගෙ වැල්වටාරම් ගනන් ගන්න එපා හොඳේ.....
    ඇයි අප්පා හැමෝම කොල්ලොම ඉල්ලන්නෙ...??අම්මෝ....අපේ සීය ,මාමටත් වැඩිය මට ආදරෙයි.
    මගෙ සුදු අක්කියො ගොඩක් තැන්කූ මේ පැත්තෙ ඇවිල්ල ගියාට.


    @ සිත් රූ සිහින,


    ම්.......ඇත්තද ...??එහෙනම් කමක් නෑ.පාළුවෙන් ඉන්න ගමන් ඔහෙ ලියවුනේ.
    අදමයි නේද ආවෙ.(කොහෙ එන්නද ,කෙල්ලන්ට බලන්න පුළුවන්යැ ලියන එව්ව නේද??)
    ස්තුතියි ඔයාටත් තනිකමට ගොඩ වැදුනට.

    ReplyDelete