Tuesday, January 4, 2011

මිතුරාගෙ පෙම්වතිය සමග සිරිපා කරුණාව..................මෙහෙමත් කෙල්ලෝ.............!!!







මෙහෙමත් කෙල්ලෝ කියල කිවෙ ඉතින් මේ ලියන එකා කොල්ලෙක් හින්ද.කියවගෙන යනකොට මෙහෙමත් කොල්ලො කියල කට්ටියට හිතෙන්නත් පුළුවන්.ඕං එතකොට වරදවා හිතනව එහෙම නෙමෙයි.මේ සීන් එක කලින් ප්ලෑන් කරල වෙච්ච දෙයක් එහෙම නෙමෙයි.සියල්ල අහඹු සිදුවීම්.මේකනම් මගෙ පටි හොඳටම රෝල් වෙන කතාවක්. ටැංකියෙ ගෝල්ඩ් ‍fish කොලුවත් දවසක් අවවාද කෙරුව ලියන මඟුලක් ව්‍යංගාර්තයෙන් ලියපන් මෙහෙම කෙලින්ම ඇදල දාන්නෙ නැතුව කියල.වැටෙන්න ඉන්න බඩුවක්වත් වැටෙන්නැති වෙයිලු.යාළු මාළුවගෙ කතාවත් ඇත්ත තමා.ඔන්න ඔහෙ ඕනෙ මඟුලක්.....මේ පැත්තෙ ඉතින් ට්‍රයි කරණ කෑල්ලකුත් නෑනෙ.තාම අපේ ගෙවල් කිට්‍ටුව කවුරුවකුත් මේ බ්ලොගය කියවපු පාටක් නෑ.ඒක හින්ද ඔන්න ඔහෙ අවුලක් නෑ.


දැන් මේ සීන් එකේ කොල්ලගෙ නම "ප්‍රදීප්" . ඌ මගෙ ඒ දවස්වල බොක්කක්.කෙල්ල "චතුරිකා". දෙන්නම අපේ ගමේ.ටිකක් ගෙවලුත් කිට්‍ටුව.චතුරික මගෙ කෑල්ලව එහෙමත් හොඳට දන්නවා.මොකද සමහර දවස් වලට ප්‍රදීපයයි මමයි කෑලිත් එක්ක ‍ෆිල්ම් බලන්න යන්නෙ එකට.ඉතින් කෙල්ලත් එක්ක ‍ෆිල්ම් එක බලල හෝල් එකෙන් එලියට එනකොට ඇතුලෙදි විවිධ ශිල්ප දක්වන්න ගිහිල්ල කෑල්ලගෙ ඇඳුම් එහෙමත් ටිකක් පොඩි වෙලානෙ තියෙන්නෙ. හික්..........අපේ නම් ඔය ඩෙනිමෙයි ටීයෙයි මොනව පොඩි වෙන්නද..?එහෙම ඉතින් එලියට ආපුවාම ඇතුලෙදි ගැලවුන ක‍ටු,පටි,බොත්තම්,අයිලට් එහෙම නැවත පෙර තිබූ පරිදි සකස් කර ගන්නෙ ඒ දෙන්නගෙ සහයෝගෙන්.ඔහොම ,ඔහොම ඉතින් ඒ දෙන්නට දෙන්නත් යාළුවො උනා.


ඔය විදියට කාලෙ ගෙවීගෙන යනකොට එක මාර්තු මාසෙක ගමේ අපේ අසල් වැසියො ටික සෙට් උනා සිරීපාදෙ යන්න.පහලොස් දෙනෙක් විතර හිටියා.අපේ ගෙදරින් මමයි,චතුරිකාලගෙ ගෙදරින් එයයි අක්කයි,අක්ක බැඳපු අයියයි තමා විශේෂෙකට හිටියෙ.අනිත් අය අහල පහල මැදි වයසෙ බුවාල බුවියො.ආ..........කලින් කියන්න බැරි උනා.ප්‍රදීපයගෙ ලව් එක චතුරිකාලගෙ ගෙදරට මාට්‍ටු වෙලා දෙපැත්තෙන්ම හෙන කේස් වැටිල තිබුනෙ ලව් එකට.ඒ උනාට දෙන්නගෙ ප්‍රේමයනම් සැමට හොරෙන් සුන්දරව ගලාගෙන ගියා.දැන් ඔන්න අපි ට්‍රිප යනවා.හවස තුන හතර විතර වෙනකොට නල්ලතන්නිය කිට්‍ටුවට ලඟා උනා.සති අන්තයක් හින්ද කට කපල සෙනඟ.කොහෙදෝ ගාමන්ට් එකක හෙන සෙට් එකකුත් බැහැල.මගෙ අම්මෝ..........!!එතනත් කෙල්ලො හාර පන්සීයක් විතර ඉන්න ඇති.දැන් ඉතින් ඔව්ව දිහා බල බලා අපේ නඩෙත් සිරිපා කරුණා කරන්න සූදානම් උනා.

අපේ සෙට් එකේ හිටපු උන්නම් මෙලෝ රහක් නෑ.ටිකක් ‍ෆිට් එකෙකුට හිටියෙ චතුරිකාගෙ මස්සිනා. අපි හතර දෙනා ටිකක් වෙනමම වාගෙ ගමන ආරම්බ කෙරුවා.ඒ උනාට හැම තිස්සෙම නඩේ අය පේන දුරින් වාගෙ තමා හිටියෙ.අපි ඉතින් මුල හරියෙදි පඩි ගනන් කරන්න පටන් අරන් අනිත් අයට කලින් කලින් වාගෙ උඩට යැවුනා.කොහොම හරි සාම චෛත්‍ය හරියට එන්න හම්බ උනේ නෑ,අපේ සෙට් එක මඟ ඇරුනා.දැන්නම් ටිකක් විතර පදිරිත් උනා.පැය බාගයක් විතර බලන් හිටිය අපේ එක්කෙනෙක් හරි එයි කියල.ම්......හු... නෑ.මේ බලන් හිටපු ටිකට අපිව පහු කරගෙන ගියාද දන්නෙත් නෑ.කොහොම හරි දැන් සෙනග ගොඩේ අපි දෙන්න අතරමං උනා.කෙල්ල කියනව

"අනේ දිනේෂ්...ඉක්මනට අක්කල හොයා ගන්න, මට බයයි "

කියල.ඉතින් දෙන්න ටිකක් ආපහු පල්ලෙහාටත් ගියා.මොන පිස්සුද කවුරුවත් නෑ.ඒ පාර දැන් කරන්න දෙයක් නෑනෙ.මම

" අපි දෙන්න උඩට යමු.සමහරවිට මගදි කට්ටිය හම්බ වෙන්නත් පුලුවන්"

කියල කෙල්ලගෙ හිත ටිකක් හැදුවා.ඔන්න දැන් ප්‍රදීපයගෙ බඩුවයි මායි සිරීපාදෙ නගිනවා.කෑල්ල සිරා පාර.ඕනැම එකෙකුට දෙපාරක් හැරිල බලන්න තරම් ලස්සනයි.එතකොට එකට 19ක් විතර ඇති මගෙ හිතේ.මටත් 21යිද කොහෙද..කොහොම හරි පඩිපෙල් එහෙම මග ඇරල ෂෝට් කට් වලින් වැටවල් වලට එහා පැත්තෙන් තියන පස් කන්ඩි උඩින් පැන,පැන අපි දෙන්න ඉඳික‍ටු පාන ලඟට කිට්‍ටු කලා.ඔය යන අතර තුරේදි කැල්ලට පොඩි,පොඩි වාරු දෙන තැනුත් කීපයක් තිබුනා.සමහර තැන්වලදි එයාම අතේ එල්ලෙනවා.ඉඳික‍ටු පාන හරියෙ ඉදන්නම් පඩියක් උඩට නඟින්න විනාඩි දහයක් විතර එක තැන ඉන්න උනා.දැන් දෙන්නගෙම කකුල් එහෙමත් අම්බානකට රිදෙනවා.සෙනග වැඩි කමටම ප්‍රදීපයගෙ කෑල්ලත් මට හිරවෙලා අත හයියෙන් අල්ලගෙන ඉන්නවා.ටිකකින් හිමීට වාගෙ,
"කකුල් රිදෙනවා....."
ඒ පාර ඉතින් පව්නෙ අප්පා......කෙල්ලව ඉස්සරහට අරන් ඉන වටේ අත්දෙක දාල පොඩි සපෝට් එකක් දුන්නා.කොහොම හරි එහෙම විනාඩි දහයක් විතර ඉන්න ඇති.දැන්,දැන් සීතලත් උපරිමෙන් දැනෙනවා.මෙන්න බොලේ උඩ ඉදන් කවුද සෙට් එකක් පොඩි එකෙකුට හීතලේ වැඩි වෙලා අසනීපයි කියල කඩාගෙන බිදගෙන පල්ලෙහාට එනවා.ඒ බුවාලගෙ තල්ලුවත් එක්කම කෙල්ලගෙ ඉන වටේ දාගෙන හිටපු අත් දෙක..........අඟල් 15ක් විතර උඩට ආවනෙ.හික්.........හික්.........දැන් අර මොකද්ද ----------නිමල නිල් ජලාසෙ පැත්තෙ.ආපහු අත ගන්න හිතෙන්නෙත් නෑ."ගනින් අත......,ගනින් අත.....,දැන් දැන් කම්මුල් පාර ලඟයි.....,අත ගනින්......"ම්....හිත කියන තරම් අවුලක් නෑ වාගෙ.කෙල්ල කිසි කලබලයක් නෑ.එතකොටම මොකෙද්ද එකෙක් අපි හිටපු තැනින් ඇදල තිබුන කරන්ට් වයර් එකක් පටලගෙන..ඔන්න මීටර් 500ක් විතර දුරට ලයි‍ටුත් නැති උනා.දැන් පට්ට කළුවරයි.ලඟ ඉන්න එකා පේන්නෙ නෑ.


විනාඩි දෙක තුනක් යන්න ඇති.

"දි....නේ......ෂ්...සීත......ලා......යි....."

කියන ගමන් මේං යකෝ කෙල්ල අනිත් පැත්ත හැරිල මාව බදා ගත්තෙ නැතෑ....!! මොකද්ද බොලේ මේ වෙන්නෙ......!හීනෙන්වත් හිතපු නැති දෙයක්නෙ මේ.ප්‍රදීපය එහෙම දන්නවනම්........!!!!ඌ දැන් මේ වෙලාවට මෙයා ගැන හීන දැක,දැක නිදි ඇති.මෙයා මෙහෙ වෙන කොල්ලෙක්ගෙන් උනුසුම ඉල්ලනවා.මල හු**යි.මට මෙලෝ සංසාරයක් හිතා ගන්න බැරි උනා."කොහෙද මේ ඉන්නෙ......,මොකද මෙච්චර සෙනඟ.." "ටිකකට උන් හිටි තැනුත් අමතක උනා.බොහොම අමාරුවෙන් පියවි සිහිය අරගෙන යාන්තම් තව පඩියක් උඩට නැග ගත්තා.කෙල්ලටත් ක්ෂණිකව මොකක් හරි සීන් එකක් උනා.තාම එහෙම්මමයි.....

"තව ගොඩක් දුරද....??"

යාන්තමට කොඳුරණව ඇහුනා.

"දන්නෑ චතූ......මොනාවත් පේන්නෙ නෑ...."

මේන් "චතූ" ලු. මෙච්චර වෙලා නංගි,එහෙම නැත්තන් "චතුරිකා" කිය කියා හිටියෙ. ඔන්න ටික,ටික ග්‍රහනය ලිහිල් වෙන්න ගත්තා."බඩගිනියි අනේ.....බිස්කට් තිබුන නේද...?"ඉක්මනට මම බෑග් එකෙන් බිස්කට පැකට් එකක් අරන් කැඩුවා.තාම ලයිට් නෑ.බිස්කට් එකක් එහෙම කන ගමන් ටික,ටික අපි මහ ගිරි දඹේ පැත්තට ඕං සේන්දු උනා.දැන්නම් කලින් දෙන්න අතර තිබුන නුහුරු නුපුරුදු ගතිය නෑ,නෑ වාගෙ.කාලයක ඉදන් දන්න කියන කෆල් එකක් වාගෙ. හැබැයි දෙබස් අඩුයි.ගමන විතරයි.ඇයි ඉතින් මොනව කතා කරන්නද....?අපි මේ වෙන වෙන අයට අයිති කට්ටියනෙ.කොහොම හරි යාන්තම් ඔන්න මළුවට කරුණාකර ගත්තා.අතල්ම වැඩේ කියන්නෙ මළුවෙ ඉර සේවෙ බලන ගමන් මෙයා කියනව

"අයියෙ ඔයාට ගොඩක් thanks මාත් එක්කම ආවට.ප්‍රදීප්ට මගෙ ආදරේ බිංදුවක්වත් අඩු උනා කියල එයාට කියන්න එපා"

කියල.අනේ අම්මපා...............මම හින්ද හොඳයි.දැන් මෙතන වෙන කෙනෙක් හිටියනම් එහෙම ඒත් ඔය ටිකමනෙ වෙන්නෙ.දැන්නම් මුකුත්ම ඔළුවට එන්නෙ නෑ.යාන්තන් ඉර සේවෙ බලල අපි ආපහු එන්න පිටත් උනා.අපේ නඩේ කවුරුවත් මේ වෙනකන් හම්බ උනේ නෑ.කන්ද නගිනකොට වාගෙ නෙමෙයි බහිනකොට වැඩිය ගේමක් නෑ.සෙනගත් නෑනෙ.ආපහු සීත ගඟුල දිහාට එනකොට කෙල්ලගෙ ටච් එක සම්පූර්ණයෙන්ම වාගෙ නැතුව ගියා.දැන් දෙන්න දෙපැත්තෙ.හිතට මහා හිස් කමක් වාගෙ දැනෙන්න උනා.චතුරිකත් බිම බලාගෙන යනවා.ඔන්න මතක් උනා මළුවටම එකයි කියල ගත්තු සුරුට්‍ටු දෙක.අප්පේ .....කටත් ඉඩ මදි වාගෙ .ඔන්න ඔහෙ ඕනැ එකක්.පත්තු කරල ඇද්ද උගුරක්.අම්මෝ.............දැනෙන සැහැල්ලුව.
"විසික් කරන්නකො ඕක..,මොකද්ද ඔය"
ෂිහ් ....කොයි කෙල්ලත් එකයි.මගෙ එකත් ඒ වාගෙ ,යාළුවගෙ එකත් ඒ වාගෙ.කොහොම හරි අපි වෑන් එකට ගිහිල්ල පැය තුනක් විතර ගියාට පස්සෙ තමා අනිත් අය එක්කෙනා දෙන්න ආපහු ආවෙ.යන්තන් 11ට විතර සේරමල සෙට් උනාට පස්සෙ ආපහු ගෙදර එන්න පිටත් උනා.ඔන්න ඔහොමයි මිතුරගෙ පෙම්වතියත් එක්ක සිරීපාදෙ ගියෙ 2002 දි.



ප:ලි- --------- = රණ හංස යුවල

36 comments:

  1. ඉඳපං මම ප්‍රදීප්ගේ නම්බර් එක හොයා ගෙන ඌට කෝල් එකක් දෙන්නම් .

    උඹ තමයි ඉතිං දවසකට හරි මිනිහා ඈ .තාම ඔය කතාව පිටට ලීක් වෙලා නැතුව ඇති මයෙ හිතේ ...

    තව එකක් සීතලේ ඉදිද්දී දුමක් ගැහුවම තියන සනීපේ මම හොඳටම දන්නවා . ඇයි බං අයියේ කෙල්ලෝ ඔයතරම දුමට බය . කෙල්ලෝ වැඩි පුරම ඉන්නෙත් ලිප ගාවමනේ .

    අදනම් කියන්න තියන දේ කෙලින්ම කියලා තියෙන්නේ . හැමදාම ඔහොම ලියන්න . එතකොට එලනේ බං . නියමයි ,,,

    ජය වේවා !!

    ReplyDelete
  2. නියමයි , ජය වේවා!

    ReplyDelete
  3. උඹ මොනා කරන්නද උඹ හිතල කලායැ ,..බලපන් කොච්චර අහින්සකයෙක් ද දිනේෂ් හා පැටියෙක් වගේ..මේ කතාවෙ නොලිව්ව ටික මට මේල් කරපන් කාටවත් කියන්නෙ නැ..;-)

    ReplyDelete
  4. හපොයි.... මේ කෙල්ලොන්ගෙ හැටි.. නෑ නෑ එහෙමමත් නෑ ඉතින්. දැන් එකපාරටම මේ Blog ලියන එක නැවතුනොත් අපි හොයන්න ඕනෙ මොන Hospital එකේද????

    ReplyDelete
  5. මූ යන අහලකින්වත් අපේ එකෙක් යවන්න හොඳ නෑ... හික් හික්

    ReplyDelete
  6. උන් දෙන්න දැන් බැදලද ??

    ReplyDelete
  7. මේක යාලුවා දැක්කොත් බඩුම තමා!!

    ReplyDelete
  8. පට්ට කතාව අයියේ...කියන දේ කෙලින්ම කිව්වම තමා හිතට වදින්නේ...
    යාළුව "චතු"ව බැන්දද දන්නෑ නේද?????

    ReplyDelete
  9. අනේ පලයන් බන් යන්න.උබේ තියන වලත්තකම ප්‍රදර්ශනය නොකර.අවස්තාවෙන් ප්‍රයොජනය අරන් උබ තව කාට කාට මොන්ව කරලද දන්නෙ නෑ.ලොල්...

    ReplyDelete
  10. @හිස් අහස,

    යකෝ ඌ තාම මගෙ යාළුවෙක්.
    පිටට ලීක් නෑ.එයාලගෙ අක්ක ඇහුව "දිනේෂ් මල්ලිත් එක්කද ගියෙ,අපි කොච්චර හෙව්වද අර ලවුඩස් කීපරෙන් කියන තැනකටත් කිව්ව" කියල.අනිත් අයට මීටර් නෑ.
    අනේ මන්ද බං මල්ලි කෙල්ලො දුමත් එක්ක මාර තරහක් තියෙන්නෙ.හැබැයි ලංකාවෙ කෙල්ලන්ගෙ තමයි ඔය පඩ ෂෝ.මෙහෙ කෙල්ලයි කොල්ලයි එක සිගරට් එක බං ගහන්නෙ.අම්මාපල්ල මේකනම් ඇත්ත සිද්දියක්....
    දවසක් මම මාට් එකකට ඇවිල්ල ආපහු යන්න බස් හෝල්ට් එකේ ඉන්නකොට මේන් බොලේ මෙහෙ ස්කෝලෙ කෙල්ලො දෙන්නෙක් ඇවිල්ල සල්ලි දීල කියනව සිගරට් පැකට් එකක් අරන් දෙන්න කියල. පවුනෙ බං උන්ටත් ආසාවනෙ.අරන් දුන්න මැල්බරෝ පැකට් එකක්.උන්ට මාර happy."අරිග‍තෝ,අරිග‍තෝ" කියල ඉවරයක් නැතුව නැමෙන්න ගත්තා.

    @"සොඳුරු මිනිසා",

    තැන්කූ මචං ඇවිත් ගියාට.

    @පැන්da,

    හැමෝම ඔහොම තේරුම් ගන්නවනම් කොච්චර දෙයක්ද බං.

    හික්........ඔක්කොම පාට් ටික ලියල තියෙන්නෙ.

    @කේෂාන් De சில்வா,

    නෑ බං මේ කෙල්ල හරි හොඳ කෙල්ලෙක්.ඇයි දන්නෙ නෑ එක පාරටම මෙහෙම උනේ.
    තාමනම් එච්චර අවුලක් නෑ.ගෙදර ගියාම තමයි.

    @අභීත අයියා,

    ඔන්න දැන් පටිය රෝල් වෙන්න ගත්තා.කමක් නෑ අපේ අයියනෙ.

    @Thusitha Jayasinghe,

    නෑ මලයො,කෙල්ල හෙන වත.ගෙදරින් කොල්ලට කැමතිම නෑ.දැන් බැඳල ඉන්නෙ ප්‍රොක්ට කෙනෙක්ලු.

    @චතුවා(ළමයා)

    දැන්නම් උඹ ලොකුවීගෙන එනව වාගෙ.ප්‍රොෆයිල් එකත් ටික,ටික වෙනස් වෙන්නෙ.හික්.......හික්.......
    දැක්කොත් මූ මට අනිවා වෙඩි තියනවා.මොකද මෑන් දැන් SI කෙනෙක්.

    @දේවා,

    නෑ බං .දැන් අවුරුදු හතරකට විතර කලින් ගෙදරින් හෙන වැදගත් පොරකට බන්දල දුන්නලු.

    @වෑලා,

    උඹට ඕනැ එකක් හිතා ගනින්.

    ReplyDelete
  11. අපෝ මූ නම් ... මොකෙද්ද මන්දා. අයි යකෝ උතුම් තැනක උතුම් විදියට හැසිරෙන්නනේ නැත්තේ?

    උඹට කිව්වට මාත් ඔහොම්ම තමා බං... හැබැයි ඔය තරම් වැඩ කිඩ නෑ... මොකද අපේ මල්ලිත් මං යන පස්සෙන් එල්ලෙනවනේ බං. අයියා කෙනෙක් වුනාම ආදරුසමත් වෙන්ට එපඅයි.

    ReplyDelete
  12. මචන් ආයෙත් ගමෙන් එහෙම ට්‍රිප් සෙට් කරොත් මටත් කියපන් හරිද?

    ReplyDelete
  13. මූ යන අහලකින් දන්න කියන කෙල්ලක්ට යන්න දෙන්න හොඳ නෑ :-P

    ReplyDelete
  14. @prasanna86k,

    මචං අවංකවම කියනවනම් ඒ හරියෙ හිටිය කෆල් වලින් අපි තමයි වැදගත් විදියටම හැසිරුනේ.
    ඔව්,ඔව් උඹ හැදුන විදියට මලයව එහෙම හදන්න එපා. හික්.........

    @බිඟු.....!,

    මොකද්ද බං ඔය ලඟ පාත ට්‍රිපකට සෙට් වෙයංකො. ;)

    @රංග,

    අප්පට සිරි......!!මේ උඹද කිව්වෙ රංග අයියෙ.......හික්....හික්....

    ReplyDelete
  15. ගෑනු ඔක්කම ඔයවගේ තමා

    ReplyDelete
  16. නියම කතාව තමයි. ඔය හාමුදුරුවෝ කෙනෙකුත් (කවි ලියන හාමුදුරු නමක් ) කවියක ලිව්වයි කියනවනේ ගෑනු අය උපතින්ම වරදෙහි බැඳෙන සුලුයි කියලා.

    ප්‍රදීප් එහෙම ලග පාත හිටියනම් සමනල කන්දෙන් පහලට පහලට කරුනා කරගෙනම මැරෙනවා.

    ReplyDelete
  17. ප්‍රදීප් බ්ලොග් කියවපුදාට....
    කොල්ලට...

    ReplyDelete
  18. @ Ano,

    ඇයි බං මිනිස්සුත් එහෙමනෙ.
    (මෙතන ගෑනු,මිනිස්සු කියල අදහස් කලේ එක රාමුවක් තුල ඉන්න පිරිසක් විතරයි....,කියන්නෙ ඉතින් ඔය....අපි අපි වාගෙ......:D )

    @මධුරංග,

    ප්‍රදීපය හිටියනම් නෙමෙයි,මූ දැන් උනත් මේක දැන ගත්තොත් මොනව වේද කියල හිතා ගන්න බෑ.කොහොම උනත් මට දැන්,දැන් මේක ටිකක් ඩේන්ජර් වාගෙ දැනෙනවා.පෝස්ට් එක ඩිලීට් කරල දාන්නත් හිතෙනවා.ඔහෙ ලියල දැම්මට ඇඟ හිරිවැ‍ටුන සීන් එකක් බං මේක.

    @Shashika,

    බය කරන්න එපා බං....මොකද මේක සිද්ද වෙලා සෑහෙන කාලයක් යනකන් උන් දෙන්නගෙ ලව් එක තිබුනා.

    ReplyDelete
  19. හෆොයි හෆොයි ප්‍රදීපයා දැනගත්තොත් උඹට සොරි . කොම් hikiz

    ReplyDelete
  20. @පසන් sid,

    ඒ ගමන ඔක්කොමල කියන්නෙ ඒක.....ඇත්තටම කල් ගිහින් උනත් ඌට මොනව හිතෙයිද නේ බං...???
    උගෙත් වැ‍රැද්ද,ඌට කියන්න තිබුනනෙ කෙල්ලට ට්‍රිප යන්න එපා කියල.අනේ මන්ද හිතා ගන්න බෑ.

    ReplyDelete
  21. මම නම් මේ පාර ඔයාගෙ පැත්තෙ. මොකද කෙල්ලට ඊට වඩා හැගීම් පාලනය කරන් ඉන්න තිබුනා. ඒක ඔතනින් නතර වෙච්ච එක හොඳයි. නැත්තම් මහ චාටර් සිද්දියක් වෙලා ගහ මරාගෙන නවතින්න තිබුනා

    ReplyDelete
  22. @පිණි බිඳු,

    මම මේ කතාව එලියට දාපු පලවෙනි වතාව.මේ වෙනකන් දන්න කියන කාටවත්ම කිව්වෙ නෑ.ඒ කෙල්ලට හරි නෑනෙ.
    ඒක තමයි,එයාට ටිකක් හිතන්න තිබුනනෙ.
    දැන්නම් කියයි.......!! හික්.....

    ReplyDelete
  23. ප්‍රදීපයා බ්ලොග් එක කියවපු දාට හරිම සතුටු වෙයි මෙහෙම කෙල්ලෙක්ගෙන් බේරිච්ච එක ගැන...

    ReplyDelete
  24. adoooo uba mawa danne nathi unata mao ubalage gewal patte :D
    hitapanko mao pradipiyata blog eke new eka denne
    etakan hitapanko atal ekee hikzzzzzzzz :D

    adooo ubage kathanam patta banzzz niyama blog eka
    mao okoma kiyewaaa pissu kora banzzzzzzzz

    samahara katha mao kellatath penuwaa
    ara "sigarat seen , film balanna giya ewa "

    patta machooo puluwan hama welawame blog eka liyanna plzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

    ReplyDelete
  25. දවසේ වීරයා !!!

    ReplyDelete
  26. දැං ඉති හැංගියං ඔන්න ප්‍රදීපයට සීන් එක ආරංචිවෙලා ලු. මාළුව උඹට කිව්වෙ නැද්ද කට හින්දමයි ඌත් නැහුනෙ කියල.?

    ReplyDelete
  27. @ හරී,

    ඌ බ්ලොග් කියවන්නෙ නෑ කියල මට 100% ක් ෂුවර්.වෙන එකෙක් පෙන්නුවොත් තමා.

    @Hit Man,

    ඕන් ඉතින් උඹ මෙව්ව කෙල්ලට පෙන්නන්න ගිහින් ඉදිරි චාන්ස් නැති කර ගන්නයි හදන්නෙ.යකෝ ඔය ‍ෆිල්ම් බලන්න ගිය එව්ව එහෙම ලියන්න දේවල් නෙමෙයි.හැමෝම කරණ එව්වනෙ බං.හික්.......
    තැන්කූ ඇවිත් ගියාට.

    @Unknown_User/හිඟන්නා ,

    කෙලඋන දාට ..."බලු"

    @nawammawatha,

    හි,හි.....ආයෙ තියන එව්ව ලියනකොට ටිකක් හිතන්න ඕනෙ තමා.මම නිකන් මගෙ පු* ඇර ගන්නව වාගෙදෝ කියලත් හිතෙනව.
    අදමයි නේද ආවෙ...thanks

    ReplyDelete
  28. පැන්ඩ්ස් අර ඊමේල් එකෙන් ආව විස්තර ටික ලියනකල් අපි බලාගෙන ඉන්නවා... අම්මපා මෙතන නම් ඔයාගෙ වැරැද්දක් නෑ දිනේශ්.... කෙල්ලට ටිකක් සීතල වැඩි වෙලා :ඪ්

    ReplyDelete
  29. @සංජු,

    නෑ,නෑ...වෙන නෑ.....කතාව මෙච්චරයි.හික්......හික්......සීතල ;)

    ReplyDelete
  30. හා..........හ්! ගලක් හොයපන් මට ඔලුව ගහගන්න. උබනම් ජාතික වස්තුවක්, සංරක්ෂනයට පියවර ගන්න ඕනෑ.

    ReplyDelete
  31. @iplus,

    මොකද බං මේ...........!!සියල්ල අහඹු සිදුවීම්නෙ මචා.හිතල කොරපුවයැ.

    ReplyDelete
  32. හපොයි බන්. හ්ම්ම් මට දුකක් හිතුන බන්. ඇයි කියල දන්නවනේ.

    හැබයි වෙලාවට ප්‍රදීපය බ්ලොග් කියවන්නෙ නැතුව ඇති. නැත්තම් මේ පාර අවුරුදු උත්සවේ කනා මුට්ටියකට වත් උබව ගන්න වෙන්නෙ නැහ හික් හික්...

    අඩෝ මට සෑහෙන පෝස්ට් ටිකක් මග ඇරිලනේ.

    ReplyDelete
  33. @පිස්සා පලාමල්ල,

    ම්........ඔව්,ඔව්..හැබැයි මචා පස්සට තවත් දුක හිතෙන්න කලින් .......;)
    කොහෙද උඹ ඉස්සර බ්ලොග් එකේමයි.දැන් අවාරෙට අඹ වැටෙනව වාගෙනෙ එන්නෙ.

    ReplyDelete
  34. චී! හරිම අසභ්‍යයි. හික් හික්!!!!!

    හොද වෙලාවට උඹෙ අත උඩට ගියෙ. බැරිවෙලා හරි ඒ හා සමානවම පහළට ගියානං එහෙම???

    ReplyDelete
  35. @blog gadol,

    හික්......ඒ වෙලේ පට්ට සීතල බං.මොන අසභ්‍යයද.....හෝව්,හෝව්...
    ඔන්න මචං කො‍ටු,කො‍ටු වැටෙන්න ඉඩ තියනවා.

    ReplyDelete
  36. uthum seethalak! mmm uba nam real wada kaarayek! mokada kisima cse 1k nathuwa ohoma ghin cse 1k nathuwa thama innawa kiyanne anna uu hamai wada karu! :D :D

    kellage talk 1 nam eetat hapan - "අයියෙ ඔයාට ගොඩක් thanks මාත් එක්කම ආවට.ප්‍රදීප්ට මගෙ ආදරේ බිංදුවක්වත් අඩු උනා කියල එයාට කියන්න එපා"

    unwa hadanna be! thaththpareeka hari wasiyak thiyanawanam wena ekekge athe ellei!

    @ GADOL! - kiyala wadak na machoo! eeth ee welawee nam atha kohee giyath gaanak nathuwa athi! ceethalanee! hiki hiki!

    ReplyDelete