Saturday, January 8, 2011

ආදර කතාවක්නම් නෙමෙයි,හැබැයි කෙල්ලො දෙන්නෙක් ගැන සීන් එකක්............









මූ නං මහ මොකෙද්ද මන්ද,කොයි වෙලාවෙත් කෙල්ලො ගැනමයි කියවන්නෙ කියල කට්ටියට හිතෙනවද දන්නෙත් නෑ.මේ දවස් වල එහෙම තමයි.කෙල්ලො ගැනම තමා කල්පනා වෙන්නෙ.හරියට එකක් මීටර් උන දාට ඔන්න මේ කතා නවතින්න ඉඩ තියනව.ඇයි ඊට පස්සෙ වෙන වැඩ තියනවනෙ.ඊට කලින් තියන ටික ලියල දානව.හැබැයි ලිව්ව වාගෙ නෙමෙයි,ගෙදර යන්න බැරි වෙන සීන් එකක් වෙයිද දන්නෙ නෑ කියල හැමදාම හිතෙනව.එහෙන් ප්‍රදීපය සේරම දැනගෙන "උඹ ලංකාවට වරෙන්කෝ........."කියල ඉන්නවද දන්නෙත් නෑ.අරහෙන් සුමුදුගෙ පවුල කැඩිලද දන්නෙත් නෑ.බැඳපු බුවා මේක කියවල.ඔක්කොම හරි දැන් මේක.අල්ලපු ගෙදරනෙ.ඔන්න ඔහෙ කමක් නෑ.ගෙදර ඉන්න බැරි උනොත් අර සඳරුවලගෙ පැත්තටවත් ගිහින් හේනක් කොටාගෙන පැල් කොටයක්වත් අටවගෙන ඉන්නව.ආ......තව පෙළවහකුත් කොරගෙන.මොනව නැතත් ඒක නැතුව බෑනොවැ.හික්.........

අපේ අසල් වැසි කෙල්ලො දෙන්න ගැන පොඩි කතාවක් දවසකුත් කිව්වනෙ.මේවත් මේ උන් දෙන්න මට චාටර් උන සහ මට උන් දෙන්න චාටර් උන පොඩි,පොඩි සීන්.

කෙල්ලො දෙන්න අක්කයි,නංගියි.ගින්දර කෑලි දෙක.ලොකු එක ගිනි ගන්න ඔන්න මෙන්න සයිස්.පොඩි එක රවීනගෙ බඩිය.(රවීන කිව්වෙ "රවීනා තන්ඩන්")මොකද ගමේ කොල්ලො ඉස්සර ඒකිව හැඳින්නුවෙ එහෙමයි.මේ දෙකේ නමුත් මාර නං.ලොකු එක "කාමිනී".පොඩි එක "ජීවනී".හැබැයි නම් තියපු බුවානං අනාගතේ හොදට දැකල නම් තියල තියනවා.මෙයාල ගමේ කොල්ලන්ට ගනන් උනාට මට නං ඉතින් මල්ලි කියනවා.නම කියනව,ආඩම්බර කමක් නෑ හොඳට කතා බහ කරණවා.මෙයාල මට වැඩිය අවුරුදු දෙක තුනක් වැඩිමල් හින්ද මමනං හැමදාම නම කියල පස්සෙ අක්ක කෑල්ල දාල තමයි කතා කෙරුවෙ.මූන බලාගෙන අක්ක කියල කියන්න හිතෙන්නෙ නෑ..........ඒත් ඉතින් මොනා කරන්නද???

ම්........ඔන්න මම චූටි කාලෙ.ඒ කියන්නෙ අවුරුදු 8ක් 9ක් විතර ඇති.ගමේ ස්කෝලෙ තියෙන්නෙ අපේ ගෙවල් ලග.හවසට අපි වටේ පිටේ ඇටයො ටික සේරම ඕකෙ බෝල ගහන්න යනවා.ඉතින් එක දවසකුත් හවසක එකෙක් "දිනේෂය වරෙන් ඉක්මණට........අපි යනවා..........."මොකද ගේ ලගට ඇවිත්ම කතා කරන්නෙ නෑ.තාත්ත හිටියොත් "හැම තිස්සෙම සෙල්ලමමයි" කියල අරුන්ටත් බනින හින්ද.සද්දෙ ඇහුන විතරයි මාත් ඉක්මණට කලිසන් කොටයක් ගහගෙන යන්න ලෑස්ති උනා.මල පනිනම වැඩේ උනේ එතකොට තමයි.අහූනේ නැද්ද අවයවේ සිප් එකට.උන් හිටි තැන් අමතක උනා.ඕක අහුවෙච්ච එකෙක් එහෙම ඉන්නවනම් දන්නවනෙ එතකොට දැනෙන ආතල් එක.පුළුවන් තරම් හයියෙන් කෑගහල ඇඬුවා.ඉස්සරවෙලාම අම්ම දුවගෙන ආවා.අම්මට මේක ගලවන්න සිහියක් නෑ.මාව තුරුළුකරගෙන ඉන්නවා.ඊට පස්සෙ චූටි පුංචි.එයා හොඳටම බය වෙලා,ගලවන්න ට්‍රයි කලා.කොහෙද බෑ.මම පුංචිටත් පයින් ගහල තව හයියෙන් අඬන්න උනා.එතකොටම ආවෙ නැද්ද එහාගෙදර ඇන්ටියි කෑලි දෙකයි.විලි ලැජ්ජාවෙ බෑ.ඇන්ටි ඉක්මණට බලල,"පුතේ සබන් කැල්ල ගේන්නකො" කිව්ව ලොකු එකට.අනේ ඉතින් ඒකිත් දුවගෙන ගිහින් ඒකි ගාන සබන් කෑල්ලද මන්ද ගෙනත් දුන්නා.හික්...........දැන් කට්ටිය ඔපරේෂන් එක.මල පනිනම වැඩේ අරුන් දෙන්න කට ඇරන් මේක දිහා බලන් ඉන්න එක.වේදනාවයි,ලැජ්ජාවයි ....දැන් මට මේක එපා වෙලා.ඔන්න කොහොම,කොහොම හරි සබන් එහෙම අතුල්ලල ඇන්ටි වැඩේ ගොඩ දාල දුන්නා.අම්මෝ.......නිවන් ගියා වාගෙ.ඒ උනාට ටිකක් ලොකු වෙනකනුත් අරුන් දෙන්න සබන් කතාව කිය කියා මාව නෝන්ඩි කලා.මොනව කරන්නද ඉතින් හිතල කොර ගත්ත එකක්යැ.

මේ සීන් එකේදිනං මම අම්බානකට චා උනා.මොකද ඕක උනේ ටිකක් විතර ලොකු කාලෙදි.ඔය ඇටෑච් බාත් රූම් තිබුනට මට වත්ත කෙරවලේ තියන පරණ වැසිකිළිය තරම් අර වැඩේට ගේ ඇතුලෙ නිදහසක් නෑ.දන්නවනෙ ඉතින් ටිකක් සද්දෙ එහෙම දාල වැඩේ කරණකොටනෙ ගතිය තියෙන්නෙ.ඔන්න දවසක් දවල්ට කාල එහෙම 1ට 1.30ට විතර ඕකට ගිහින් දොර එහෙම හොදට ඇරගෙන රටේ නැති එව්ව කල්පනා කර,කර වැඩේ කරණවා.ටික වෙලාවකින් සරම වදයක් වාගෙ දැනුන හින්ද ඒක ගලවල අරන් බිත්ති කොන්දක් උඩින් දැම්මා.අම්මා............දැන් ෂෝක්...හුලං පාර එහෙමත් සැපට වදිනවා.........අපේ අසල්වැසි ගෙදර තාප්පෙ ලග තියනව ලොකු පේර ගහක්.විනාඩි 5ක්වත් ගියෙ නෑ,

"අපරාදෙ අක්කෙ ලොකුම ගෙඩිය සත්තු කාලා.........."

මට තරු විසි උනා.පොඩි එක පේර ගහේ.මම ඉන්න තැන හෙන ගැහුව වාගෙ පේනවා.මීටර් 50ක් වත් නැති තරම්.හෆොයි එදානම්.............!!


ඔය අල්ලපු ගෙදර හිටිය ඒ දවස් වල පොමනේරියන් බල්ලො දෙතුන් දෙනෙක්.බල්ලො කිව්වට බල්ලො එකයි බැල්ලියො දෙන්නයි.අපේ ගෙදරත් හිටිය වල් බල්ලෙක්.වල් කිව්වෙ හික්.........හික්..............තාත්ත කොහෙන්දෝ ඇහිදගෙන ආපු එකෙක් හින්ද.බ්‍රෑන්ඩ් වල එකෙක් නෙමෙයි.ඔන්න දවසක් ලොකු එක එහෙ බල්ලෙක්ගෙ නම කිය,කියා අඬගහනව ඇහෙනවා.මමත් නිකමට වාගෙ ගෙයින් එලියට බැහැල බැලුවා.අප්පට සිරි....!මේන් ඒ බැල්ලි අපේ වත්තට ඇවිත්.අපේ එකාටත් පිනා චාන්ස්.චීස් කෑල්ලක් අහු උනා වාගෙ ඇති.දෙන්න හෝ ගාල වැඩ.එතකොටම ලොකු එක අපේ ගේට් එක පැත්තට එනව ඇහුන හින්ද මම හිමීන් ගෙට රිංග ගත්තා.මොකද ඔය වැඩ කඩාකප්පල් කරන්න ගිහින් නිකන් පව් පුරෝ ගන්න ඕනැයැ.හික්...........එතකොටම ඒකි සීන් එක දැක්කා."අම්මේ................" කියාගෙන ගෙට දිව්වා.ටිකකින් ඇන්ටි ඇවිත් "පිංකි"ව නිදහස් කර ගන්න හදනවා.(පිංකි කිව්වෙ බැල්ලිගෙ නම) මොන පිස්සුද...??පිංකි වත්ත හතර වටේ දුවනවා.අපේ එකත් වැඩේ අතාරිනව කියලයැ.කොහොම හරි පැය බාගයක් විතර දඟලල ඕං බාන්ඩෙ අල්ල ගත්තා.මගෙ දැනුං තේරුම් කමේ හැටියටනම් ඒ වෙනකට ඉතින් පිංකිට බඩු හරිවෙන්න ඕනෙ.

තව ටිකක් ලොකු සීන් දෙකකුත් තියනව.ගෙදර යන්න කලින් හිතුනොත් ඒ දෙකත් ලියලම යනවා.මොකද වැඩේ මාට්‍ටුනම් එහෙම ඔවුන් දෙන්න මගෙ කොලර් එකෙන් අල්ලගෙන "ඇයි තමුසෙ ඒ දෙකත් ලිව්වෙ නැත්තෙ.ඒකත් ලියන්න එපායැ" කිව්වොත් එහෙම.හික්.......හික්.........

34 comments:

  1. අයියා අර සිප් එකේ කතාවනම් සහතික ඇත්ත ඉස්සර අපි පොඩි කාලෙත් හදිස්සියට සුළු දිය හලලා යද්දී ඔහොම අනන්තවත් වෙලා තියෙනවා. ඊට පස්සේ ඉතින් පන පිටින් නිවන් ගියා වගේ තමයි. අම්මෝ එහෙම වේදනාවක්. !!!
    අර බැල්ලිට නම් රජ සැප ලැබෙන්න ඇති නේ. අයියා ගෙදර යද්දී පුළුවන් නම් බයිසිකල් චෙන් එකක්වත් වින්කලෙකින් අරන් යන්න අතම ආරක්ෂාවටත් හොදයි නේ. හි....හි... හි...
    ඉතුරු කතා දෙකත් මේ රස්නෙන් ම කියවල දාන්න තිබ්බ නම් තම හොද.

    පට්ටම කතා සෙට් එක !!!!! තාමත් හිනා !!!!

    ReplyDelete
  2. මේ ප්‍රශ්නෙ අහන්න ලැජ්ජයි... ඒත් අහන්නේ නැතුවත් බෑ... උඹට සබන් ගාලා ඇන්ටි වැඩේ ගොඩ දාද්දි මොකද උනේ... (ජුගුප්සාජනකයිද මන්දා..)

    ReplyDelete
  3. @මධුරංග,

    අත රිදෙනව බං.තව ටිකකින් මගෙ කාර් ක‍ටුවෙ ටයර් දෙක මාරු කර ගන්න යන්නත් තියනවා.නැත්තන් ලංකාවට කොහොම උනත් මෝචරියට තමා යන්න වෙන්නෙ.හික්........තාම අහල,පහල කෙනෙක්ගෙන් comment එකක් වැ‍ටුනෙ නැති හින්ද එච්චර බය නෑ.
    ඒක නෙමෙයි උඹ පාඩම් කරන්නෙ නැද්ද..?exam එකට දවස් තුනයි නේද?


    @අභීත අයියා,

    ඒ දවස්වල චූටියිනෙ අයියා.දැන් එහෙම ඔහොම ආතල් එකක් හම්බ උනොත් කොහොමද.......???

    ReplyDelete
  4. ලොලේ ලොල් කතා ටික. හප්පේ තාම හිනා යනවා මට. ඔය අහවල් එක ෂී එකට අහුවෙන්නේ ගිය ආත්මේ කොරපු මහා අකුසල කර්මයක් නිසා වෙන්න ඕනේ. මගේ යාලුවෙක්ටත් ඕක වෙලා තිබ්බා. උඹ තමයි එහාගෙදර කෙල්ලො දෙන්නාව නරක් කරලා තියෙන්නේ :DDD

    ReplyDelete
  5. මේ ඇත්තට ඒ අක්කලා දෙන්නා තාම උඹේ සින් එක ගැන හිතනවද දන්නේ නෑ නේද බං? උඹ වගේ එකෙක්... කොහොම හරි ඒ කෙල්ලෝ දෙන්නට ලැජ්ජා භය නැති කෙරෙව්වා නේද?

    එදා පේර ගහේ ඉද්දී උඹව දැක්කනම්, උඹ මොනාද කරන්නේ?

    ReplyDelete
  6. කතා ටිකනම් පට්ට... ඒත් කොහොමද මේකට ඔය ජපන් කෑලි දෙකක්ගෙ ෆොටෝ එක සම්බන්ධ වෙන්නේ... මට පේන්නේ නොකියා නොකියා හිටියට උඹත් නොරිකො සං කෙනෙක්වත් පටලගෙන වද්ද.... :)

    ReplyDelete
  7. @පූසා,

    මමත් එහෙනම් මොකක්හරි අකුසල කර්මයක් කොරලද දන්නෙ නෑ එහෙම උනේ.හෆොයි.....!!

    @prasanna86k ,

    අනිවා උන් මාව දැක්ක බං.ඒක මට ෂුවර්.

    @පුතා,

    අනේ නෑ බං.කෙල්ලො දෙන්නෙක් හින්ද පොටෝ කෑල්ල දැම්මෙ.වැඩිය පේන්න නැත්තෙ මොකෝ....................

    ReplyDelete
  8. ආ දිනේශ් අයියා එන්ඩකෝ අපේ ගෙවල් පැත්තේ . අයියට සසර කලකිරේවි . හේන් කොටන්න නම් කැලෑ තියනව ඕන තරම් . අලිත් ඉන්නවා . ඒත් එල .

    මේක බැලුවම අපේ Institute එකේ පිලිගැනීමේ නිළධාරිනිය මේපාර මොනවා කියාවිද ? අනේ මන්දා ...

    හැබැයි මචෝ උඹ තමයි දැන් මේ බ්ලොග් අවකාසේ ඉන්න . නරකම ළමයා ..

    ජය වේවා !!

    ReplyDelete
  9. දිනේශ් අයියා ලංකාවේ ආවම එක පාරක් හරි අපේ පැත්තේ ඇවිදින් යන්න වරෙන්කෝ ..

    ReplyDelete
  10. පව් අර අහිංසක කෙල්ලෝ දෙන්නා....අනිත් කතා දෙකත් ලියල දාන්න අයියේ....

    ReplyDelete
  11. පට්ට කතාව... දිගටම ලියන්න....

    ReplyDelete
  12. @ හිස් අහස,

    ඒ.... මම නරකයිද බං.අඩේ ආයෙ මෙව්ව මොනාත් ලියන්නෙ නෑ බං.හැබෑටම මොකද්ද මචා ඔය reception එකේ කෙල්ලගෙ කතාව.ඇත්තම සීන් එකක්ද..??
    හිටපංකො අපේ නෑදෑයෙක් ඉන්නව මොනරාගල.ඒ ගමන් උඹලගෙ පැත්තෙත් එන්නම්කො.

    @නිර්මල,

    හික්....හික්......ඒක ගැනනම් ටිකක් හිතන්න වෙනව මලයො.
    තැන්කූ මේ පැත්තෙ ආවට.

    @Lahiru,

    ම්.........වෙලාවනොවැ වැඩේ...:)

    ReplyDelete
  13. සිප් එකේ සීන් එක ගැන නම් පිට පිට ම දෙතුන් වතාවක් මට පොඩි කාලෙ වුනා..තාමත් මතක් වෙන කොට ඇඟ හිරි වැටිල යනව..ලියපන් ලියපන් තව ලියපන්..මේක මෙහෙම මෙහෙම ගිහින් ගණ බ්ලොග් එකක් වෙයි ද ? එතකොට ලංකා ආණ්ඩුවෙන් මේක තහනම් කරයී.එතකොට අපිට ඉතින් වෙන රටක කෙනෙක් විදිහට තමයි මේවා කියවන්න වෙන්නෙ (දන්නො දනිති)

    ReplyDelete
  14. ඔය දොර ඇරං කරන සීන් එකනං මටත් ඒ කාලෙ තිබුන. මාර ගති මචං වටපිට බල බල ඉන්නකොට වැඩේ වෙනව දන්නෙ නැතිවම. අර කතා දෙකත් ලියලයලම යන්න, එතකොටනං කොළර් එකෙන් අල්ලල හොල්ලල විතරක් ඉන්න එකක් නෑ. හික් හික්.........

    ReplyDelete
  15. මේකගෙ කටට බ්‍රේක් නැති හැටි අම්මපා

    ReplyDelete
  16. හික්..... පට්ට කතාව.. ඕං අනෙකත් ලියමු ඈ...

    ReplyDelete
  17. /මේකගෙ කටට බ්‍රේක් නැති හැටි අම්මපා /

    ඒකනං ඇත්ත. මේකා මෙහෙම ලිව්වොත් තව ටික දවසකින් මට Taboo Subjects ලියන එක නතර කරන්ටයි වෙන්නෙ. :-)

    - Taboo

    ReplyDelete
  18. @පිස්සුද මචං මම එහෙම කීවට උඹ මේ ලියන ක්‍රමය නතරකරන්න එපා . නරක නිසා නේන්නම් මම මෙච්චර ආසාවෙන් බලන්නේ . අපිත් ඉතින් වල් කොල්ලොනේ ..

    ReplyDelete
  19. මේ කොහේද බං අයියේ උඹේ ගෙවල් තියෙන්නේ.. ඒක බඩු ගම්මානයක්නේ.. මමත් එනවා.. හිටුකෝ..

    ReplyDelete
  20. කම්මැලි නැතුව අවුරූද්දක් හරි කියවන්න පුළුවන් මචන්. ලංකාවට එන්න කලින් අනිත් කතා ටිකත් කියන්න ආවට පස්සෙ බැරියැ ඉතුරුවා...ජයවේවා.

    ReplyDelete
  21. @Thusitha Jayasinghe,


    තව පොඩ්ඩෙන් අදත් "අයිය" කියවෙනවා....
    thanks...


    @පැන්da,


    ආ එහෙනම් උඹ ගිය ආත්මෙ ඕකෙන් හෙන පව් කන්දරාවක් කරල තියනව.වෙලාවට මගෙනම් එක පාරයි අහු උනේ.;) කාලයක් මලයගෙ බ්ලොගේට comment දාල සුදු වෑන් ගැන බයේ හිටිය.දැන් තව එකක් වාගෙ.


    @nawammawatha,


    පිස්සු ආතල් බං ඒ වැඩේ.කොහොමද සොබා සෞන්ද්‍යර්‍ය නරඹන ගමන්.........ඈ......නේද.....??


    @පිණිබිඳු,


    ඉතින් මෙව්ව ඇත්තනෙ අප්පා......අනික අපි,අපිනෙ ඉතින්.


    @..ChAnDiKa..,


    ම්........අපේ කෝච්චි මල්ලිත් ඇවිල්ල ඉන්නේ............චරිත ගාතන කරන්න බෑ බං.


    @Taboo Subjects,


    බුදු සහෝ........!! ටිකක් කොන්ට්‍රෝල් කර ගන්න ට්‍රයි කරන්නම්..හික්.........


    @හිස් අහස,


    ඈ බං මෙව්ව වල් කතායැ.යකෝ මේ බ්ලොග් අවකාශෙ ඉන්නෙ බලාගෙන යනකොට 90% ක් විතර බෝධිසත්වයොනෙ.

    ReplyDelete
  22. @චතුවා(ළමයා),


    වරෙන්,වරෙන් උඹටනම් ලඟයි.උදේ ඇවිත් හවස .......ආ....හ් ළමයට ආපහු යන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ......හික්.......හැම පැත්තම ඔය වාගෙ තමයි බං.ටිකක් උනන්දුවෙලා පහසුකම් සලස ගන්න ඕනේ.


    @subashblog,


    ඔව් මචං,මමනෙ විඳවන්න ඕනෙ.ඒක හින්ද ලියන්නම්.......:)
    තැන්කූ මේ පැත්තෙ ආවට.

    ReplyDelete
  23. අඩෙ අප්ප. මේක අදනෙ මං දැක්කෙ. කොහෙද .. වැඩ.. වැඩ... වෙලාවක් නෑ.
    අද ඉඳල ලිවිල්ල නවත්තල කියවන්න පටන් ගන්න ඕන.

    ReplyDelete
  24. ෂහ්... මමත් මේක දැක්කෙ අදනේ..උනුහුම් පිට කමෙන්ට් කරන්න තිබුනනම් තමයි මරු.මේවට කුණුහරුප කියල කාටවත් කියන්න බැහැ.අව්‍යාජව ලියනකොට තමයි බ්ලොගය ඔප වැටෙන්නේ.නියමයි.

    ReplyDelete
  25. ඉක්මනට අලුත් කතාවක් දාන්ඩකෝ අප්පා..

    ReplyDelete
  26. @nihal gurusinghe,

    හික්....හික්....හරි වැදගත් දෙයක් වාගෙ.....
    ස්තුතියි මේ පැත්තෙ ආවට.

    @JHOTHISHALANKA,

    ආ,අවුලක් නෑ...ඔයා ඉතින් හැමදාම එන එක්කෙනානෙ.

    @පිණිබිඳු,

    මේ ලියනවා.....

    ReplyDelete
  27. ලොකුම ගෙඩිය සත්තු කාල ලොවෙත් නැහ කිව්වලු හික් හික්

    ඔය සිප් සිද්දිය නම් මටත් උනා.. සද්ද වහල අමාරුවෙන් මම ගලව ගත්ත හික් හික්....

    ඉතින් පිංකි ඊට පස්සෙ වල් පැටව් දැම්මද බන්

    ReplyDelete
  28. @පිස්සා පලාමල්ල,

    වහ කන වැඩේ බං.අඩුම ගානෙ සරමවත් ඉනේ තිබුනනම්........පහලියෙ නූල් පොටක් නැතුව රෙ** කෙල්ලෙක් දැක්කාම කොහොමද කියල හිතපන්කො.

    හප්පේ....මට ඕක අහු උන වෙලේ උන් හිටි තැන් අමතක උනා.
    අපේ එකා දින බලපු එකක්යැ.ආවද, දුන්න පාර.හික්.....හික්........ම්හු..නෑ..............

    ReplyDelete
  29. ammooooooooo podi kale mageth ahuwela thiyenawane sip ekata ahawal eka eke thiyena amaruwa danne ahu una aya witaraiiiiiiiiii

    ReplyDelete
  30. ඒ කියනෙන අපි පවු කරල නෑ.... LoL
    ඕක තමයි කියන්නෙ කල්පනාවෙන් කරන *වැඩක්* කරන්න ඕන කියලා

    ReplyDelete
  31. මගෙත් අහුවෙලා තියනවා බං. හැබැයි මමනං පිස්සා වගේ තනියම ගලවගත්තා.

    එල එල!! උඹේ බ්ලොග් එක කියවද්දි නියම ෆන් එකක් එන්නේ. දිගටම මේ වගේ ලියපන්.

    ගෙදර එද්දි කියපන්. අපි එන්නං බොඩිගාඩ් වැඩේ කරන්න :)

    ReplyDelete
  32. @Hit Man ,

    ආ... ඔය තව ඉන්නෙ බුවාල.මාර ගති නේ බං ඒ වෙලාවට.රූ ‍රැජිනක් ලඟ හිටියත් ඒ වෙලාවට උන්ව පේනවද කියල කියපංකො.....?

    @MaRlaN ,

    අනේ උඹෙත් අහුවෙයංකො දවසක..
    පස්සෙ,පස්සෙ නම් කල්පනාවෙන් තමයි වැඩ ටික කර ගත්තෙ.ඇයි ඉතිං කාගෙන්වත් උදව් ඉල්ලන්න පුළුවන් කියලයැ.

    @blog gadol,

    බුදු අම්මෝ.......!!උඹ කොහොමද බං තනියම ඒ අවස්තාවට මූන දුන්නෙ.ඇයි බං පොඩි කාලෙ ජොක්කු දාන්නෙත් නෑනෙ.
    හික්....හික්.....වැඩේ චාවෙලා වාගෙනම් දන්වන්නම්කො;)

    ReplyDelete
  33. mama nam thama ahu wela na! ahu wenna gihin 99n berila thiyanawa! man eka paarak dakka hspital 1edi ehema ahu una ekekge galawanawa! affeeeeeee! mathak weddith aga hiri watenawa! :D ehew 1e ubalata kohomata thiyenne adda!

    ReplyDelete