Wednesday, January 19, 2011

කුළුඳුල් පෙම්වතිය සමඟ පින්නවල ‍ටුවර් එක.(ප්‍රතම ප්‍රේමයේ සොඳුරු මතකයක්)








දහම් පාසලේදි ආරම්භ උන ප්‍රතම ප්‍රේමය ගැන මම කලින් වතාවක් දෙකකදි කිව්ව නොවැ.කවුරු හරි බලපු නැති කෙනෙක් ඉන්නවනම් ඕං මෙතනින් ගිහින් බලන්න පුලුවන්.මේක මේ ආදර කතාව පටන් ගත්තට පස්සෙ උන සීන් එකක්.ඔතනදි භාග්‍යට ට්‍රයි කරල වැ‍ටුනෙ නැති තැන එයාගෙ යාළුව වාගෙම මගෙ සපෝටරුත් උන දුල්මිණිව ගොඩාක් හිතට ‍ෆිට් උන වෙලාවක එයාගෙන් ඇහුවට පස්සෙ හරි පුදුම විදියට එයා කැමති උනා.හැබැයි සපෝටර් කැමති වෙලා ටික දවසකින්ම කලින් ට්‍රයි කරපු කෙල්ලත් කැමැත්ත ප්‍රකාශ කලා.කතාව කෙටියෙන් කිව්වොත් ඔහොමයි.

ඒ උනාට දැන් මගෙ හිතේ කලින් කෙල්ල නෑ. මේ වෙනකොට සපෝටර් තමා මගෙ සිහින කුමාරි.හැබැයි භාග්‍ය දන්නෙ නෑ මෙ මොනාවත්.දැන් ඔන්න ෆ්‍රස්ට් ලව් එක පටන් අරන් හරියටම මාසෙකට වැඩිය නෑ.මම දැන් 11 වසරෙ.කෙල්ල 10 වසරෙ.අප්පා....‍රැවුලවත් හරියට ඇවිල්ල නෑ.හි.....හී.......ඔන්න ඔය කාලෙ දුල්මිණි කම්පියුටර් කෝස් එකක් පටන් ගත්තා කෑගල්ලෙ ටෙක් ශ්‍රී ලංකා එකේ.බඩුම තමා ,මටත් සෙනසුරාදට පොල්ගහවෙල "පියසේන" සර්ගෙ ගනන් ක්ලාස්.ඔය පියසේන සර් පොල්ගහවෙල පැත්තෙ නොදන්න කොල්ලෙක් නෑ මගෙ හිතේ.දැන් ඉතිං කෑල්ල වැ‍ටුන අලුතනෙ.මම පාගල් එකේ හවසට කෙල්ලගෙ ගෙවල් පැත්තෙ එහෙම පොඩි රවුමක් දානවා.ගේ දැක්කත් ඇති .කෙල්ලත් දකින්න හිටියොත් එහෙම ටටා පාරක් දානවා.තාම අපි දෙන්නට ඒ උනාට හරියට කතා කරන්න අවස්ථාවක් හම්බ උනේ නෑ.ඒ කියන්නෙ ඉතිං ලව් කරන්න වාගෙ.ඔන්න දැන් දෙන්න කතාවෙලා ඊලඟ සෙනසුරාද බස් එකේ කෑගල්ලට යන්න කතා කර ගත්තා.අපි ඉන්න පාරෙන් කෑගල්ලට යන්නෙ පොල්ගහවෙල හරහා.ඉතිං මම කලින්ම ඔන්න දැන් පොල්ගහවෙලට ගිහින් ඉන්නවා.එයාට ටෙක් පටන් ගන්නෙ 8.30ට.10.30ට ඉවරයි.ආයෙ ප්‍රැක්ටිකල් 10.30 ඉඳන් 12.30 වෙනකන්.

කුරුණෑගල ඉඳන් එන හැම බස් එකක් දිහාම ඇස් පිල්ලමක්වත් නොගහ තමා බලන් ඉන්නෙ.ඔන්න එක බස් එකකින් බලාපොරොත්තුවෙන් හිටපු එක්කෙනා බැස්සා.කකුල් දෙක ලඟටම දිග ගවුමක් ඇඳල.බෝනිකි කට් ගහල (වචනෙ ගෝල්ඩ් fish ගෙන් ඉස්සුවෙ),පොත් ටිකත් පපුවට තුරුළු කරන් බයෙන් වාගෙ මං ලඟට ආවා.

"අයියෝ....තාත්තත් ටවුන් එන්න ලෑස්තිය ඉක්මණට යමු".

ඔන්න අපි දෙන්නත් නැග්ගා කුරුණෑගල කෑගල්ල සීටීබියකට.උදේ හින්ද සී‍ටුත් ගොඩක් හිස්.දැන් ඔන්න මට එහා පැත්තෙ දුල්මිණි.අම්මෝ.....කොච්චර කාලයක් තිස්සෙ දන්න කෙනෙක්ද.දැන් මේ මගේ ලඟ.ඉතිං ඔය පාර ඉස්සර කාපට් කරල එහෙම නෑ.ඇලට,වෙලට ගමන තමා.දැන් කෙල්ල ඇ‍ඟෙත් ගෑවෙනවා. මටනම් හරි අමුතුයි වාගෙ.කවද උන දේවල්ද?? කතා කරන්න ගොඩක් දේ තිබුනට දැන් මොනාවත් මතකෙට එන්නෙත් නෑ.කෙල්ල කියවන්නෙම භාග්‍ය ගැන.

"එයා දැන ගත්තහම මොනව හිතයිද අයියෙ.. ,ඊයෙත් ඔයා ගැන ඇහුව."
"ආයෙ එයා ගැන කතා කරන්න එපා....මම එහෙම කෙනෙක් දන්නෙ නෑ."
කෙල්ලට මාර ‍ෆිට්."ඇත්......ත...ටමද .....කි..ව්..වෙ.."
"හ්..ම්...."

ඔය වාගෙ සරල දෙබස් හුවමාරු වෙවී ඔන්න කෑගල්ලට ලන් උනා.තාම වෙලාව 7.45යි.වෙලාවත් තියන එකේ මාත් හිමින් ,හිමින් එයත් එක්කම ක්ලාස් එක ලඟට ගියා.ඔය කෑගල්ලෙ ටෙක් පාර අළුත් කෆල් වලට ටෝක් කරන්න මරු පොට් එකක් ටිකක් ප්‍රසිද්දයිත් එක්ක.පස්සෙ කාලෙකදි තමා දැන ගත්තෙ ඔය පාරට "ලව් ලේන්" එක කියලත් කියනව කියල..ටවුම මැදින් වාගෙ වැටිල තිබුනත් වංගු,කඳු වාගෙ හරි අමුතු විදියකට පිහිටල තියෙන්නෙ.ටිකක් නැවතිලා කතා කර,කර ඉන්නකොට 300 ඩෑෂ් කාර් කාරයෙක් ටිකක් අපි ගාව ස්ලෝ කරල රවාගෙන වාගෙ ගියා.දන්නෙ නැති බුවෙක් හින්ද වැඩිය ඌ ගැන මීටර් කරන්න ගියෙත් නෑ.විනාඩි පහක්වත් ගියෙ නෑ,මෙන්න බොලේ තඩි ට්‍රැ‍ෆික් බයික් එකක් ඇවිල්ල මගෙ ඇගේ ගෑවෙන නොගෑවෙන සයිස් එකට නතර කෙරුවා.ඉස්සරහ සාජන් ලොක්කෙක්,පිටිපස්සෙ නිකන්ම කොස්සෙක්.

"මොකද මෙතන......"
"සර්......මේ....ක්ලාස් එකට යන්න..."
"එහෙනං ඒකට යන්න,මෙහෙම තැන් ,තැන් වල ඉන්නකොට අපිට අවට මිනිස්සුන්ගෙන් කම්ප්ලේන් එනව".

හරි බුවාගෙ කතාව අවුලක් නෑ.මෙන්න යකෝ අර කොස්ස පිටිපස්සෙ ඉඳන්....

"හැ***න ඕනෙ නම් පාක් තියනව,හෝටල් තියනව.ඒ එහෙකට යන එකනෙ තියෙන්නෙ..... මෙතන අපිට ඩියුටි කර ගන්න දෙන්නෙත් නෑ...."

මට මේ සීන් එක අද වාගෙ මතක මූ ඒක කිව්වෙ කෙල්ලගෙ මූන දිහා බලාගෙන .වැඩි වයසක මෑන් කෙනෙක් නෙමෙයි.ඕනෙනම් දැන් අපේ වයස වාගෙ ඇති.දුල්මිණිගෙ මූන රතු උනා.ඊට පස්සෙ සාජන් බුවා
"මෙතන ඉන්න එපා යන්න,යන්න..."
එහෙම කියල යන්තන් මෑන්ස්ල දෙන්න යන්න ගියා.අර ඊයෙ පෙරේද කැම්පස් කේස් වලදි කඳුළු ගෑස් වැදිල වැටිල හිටපු කෙල්ලන්ටත් ගහපු මේ මෑන්ස්ලට අර වාගෙ කතාවක් පොඩි කෙල්ලෙකුට කියන එකත් ගේමක් නෙමෙයි තමා.අපි දෙන්න ඔන්න දැන් ඉස්සෙරවෙලාම දවසෙ පොලිසියෙන් බැනුමුත් අහගෙන එයාව ක්ලාස් එකට දාන්න යනකොට ක්ලාස් එකේ ළමයි තුන් හතර දෙනෙක් ආපහු එනවා.
"දුල්මිණි අද ක්ලාස් නෑ,එක හින්ද ප්‍රැක්ටිකල් වලට ඉන්නත් බෑ අනේ.අපි යනව".
"දිනේෂ් අයියෙ ඔයා චුට්ටක් ඔහොම ඉන්න,මම කෝකටත් ගිහින් බලල එන්නම්.."
වැඩේ ඇත්ත තමා.මෙන්න බොලේ අද සර් නැතිලු.දැන් අපි දෙන්න ආපහු එනවා.ඒ එන ගමන් මම නිකමට වාගෙ

"පින්නවල යමුද??"
" මෙතන ඉඳන් ගොඩක් ඈතයිද?2.00 වෙනකොට ගෙදර යන්න පුළුවන්ද??"

එලම තමා.කෙල්ල කැමතියි.......(පින්නවල ඔයාල හැමෝම දන්නව ඇති මගෙ හිතේ...අර අලි අනාථාගාරය තියෙන්නෙ.අන්න එහෙ.)ලොක්ක වාගෙ යෝජනාව දැම්මට මමවත් එක පාරක්වත් ගිහිල්ල තිබුනෙ නෑ ඕකට.දැන් මෙතන ඉඳන් දුල්මිණි පාරවල් දන්නෙ නෑ.මට ඒකත් ටිකක් බයයි.ඇයි..මෙයාව මඟ ඇරෙයි කියල බය.ඇයි අප්පා 11 වසරෙ කියන්නෙ මහ ලොකු උන්යැ.ක්ලාස් එකට යන එන ටිකේදි එහෙම ටිකක් විතර ඈතින් වාගෙ හිටියට දැන් කෙල්ල මං ලඟමයි.දැන් ඔන්න නැග්ගා රඹුක්කන බස් එකට.

"මට බයයි වාගෙ....."
"ඇයි.....?"
"අඳුරන කවුරුහරි ඉඳියිද....?"
"මෙහෙ අපේ පැත්තෙ අය නෑ..."
ටිකක් නැලවිලා එහෙම...
"ම්.....එහෙනං කමක් නෑ...."

අපේ සීට් එකට ඉස්සරහ සීට් එකේ අක්ක කෙනෙක් ලඟ හිටිය ෂෝක් බබෙක්.එයා දැන් අපි ඉන්න පැත්ත හැරිල හිනා වෙනවයි,දුල්මිණිගෙ අතින් අල්ලනවයි ඔය වාගෙ පොඩි ළදරු සීන් එකකුත් පටන් ගත්තා.

"ලස්සනයි නේද?කෙල්ලෙක්ද??"
මම නිකමට වාගෙ ඇහුවෙ.කියන්න දෙයක් තිබුනෙ නැති හින්ද.
"කොල්ලෙක් නේද...??"ටිකක් විතර කනට කිට්‍ටු කරල "මටත් ඕනෙ ඒ වාගෙ බබෙක්...."

බුදු අම්මෝ......මේ චූටි කෙල්ල කියන කතා......!!!
මගෙත් කට හොඳ නෑනෙ.

"දැන්මම.."
"තරහයි ඈ...."
ඔන්න එතකොටම බස් එකේ සෙට් එකේ යනව අතුල අදිකාරිගෙ "ඇතින්නියේ.." සිංදුව.(සොඬින් නෙළුම් මල ගෙනියන බතික් රන් පටින් දිදුලන....) ඒ දවස් වල ඔය සිංදුව මට මාර ගති.

"මගෙ ෆේවරිට් සෝන් එක"
"ම්......ලස්සනයි තමා...අර දම්පාටින් ලා සඳ බැස යනවා කියන එක තමයි මම කැමතිම එක".
"අපෝ.... ඒක නරක සිංදුවක්නෙ...."
"ඇයි....???"
"මැද හරියෙදි ලමැද තලා යහනේ ඉන්නම් කියන කතාවකුත් කියනව නේද?"
"ඇත්තමයි අයියෙ,මට නිකමට හිතුන ඔයා ඔය කතාව කියයි කියල...අයියෝ.......මම සිංදුවට කැමති ලස්සන හින්ද වචනෙන්,වචනෙ හොයන්න ගියෙ නෑ....,ඔයා නම්............."

කොහොම හරි ඔන්න අපි පොට් එකෙන් බැහැ ගත්ත.ඔතන ඉන්නව ‍ටුවරිස්ලට එක,එක අයිටම් වර්ග විකුණන ටිකක් විතර මදාවි බුවාල ටිකක්.

"අදනම් අම්මට කියනව ක්ලාස් ගියෙ නෑ කියල.."

මොකෙක්ද එකෙක් කියනව ඇහුන.මට චුට්ටක් විතර බයත් හිතුන.තාම පොඩි උන්නෙ අප්පා........සිරාවටම හිතුන මුන් මට ගහල මේ රෝස මල උදුර ගත්තොත් කියල.අර කතාව කියනව ඇහුන විතරයි මෙන්නෙ කෙල්ල අතේ එල්ලුනා.එතකොට දැක්ක කෆල් කීපයකුත් ටිකට් ගන්න තැන ඉන්නවා.චුට්ටක් විතර බය නැති උනා.නැත්තන් උදේ පොලිස් පෝරියල් එකකුත් කාලනෙ ඉන්නෙ.මම බයෙන් වාගෙ ඉන්නව දැක්කොත් කෙල්ල අනිවා ඊටත් වැඩිය බය වෙලා ආපහු යමු කියන්නත් ඉඩ තියනවා.අහම්බෙන් හම්බ උන චාන්ස් එක.පාර්සල් බෑග් තියන තැනින් පොත් ටික ඔබල යන්තං අත් දෙක නිදහස් කර ගත්තා.දැන් ෂෝයි.ඔන්න දැන් අපි ඇතුලෙ අලි බලනවා.අලිත් ආතල් එකේ පිස්සු කෙල,කෙල ඉන්නවා.

එක පාරටම මෙන්න බොලේ එකෙක් අපි ඉන්න දිහාට දුවගෙන එනවා.අපි විතරක් නෙමෙයි වටේ හිටපු උනුත් සීන් එකට බය උනා.දුල්මිණි ඇඟේ එල්ලිච්ච පාර එයාගෙ නියපොත්තකට අතත් සෑහෙන්න විතර සීරුනා.දන්නවනෙ කෙල්ලො පොඩි කියල නෑනෙ ස්ටයිල් එක.ඉක්මණට කෙල්ලත් ඇදගෙන හට් එකකට මුවා උනා.හික්.......මේක ඇවිල්ල තියෙන්නෙ අපි පස්සෙ නෙමෙයි.උගෙ ගැන්සිය ලඟට.ඔය අස්සෙ ලඟ හිටපු ‍ටුවරිස්ල සෙට් එකක් අපිව පොටෝ කෑල්ලකටත් අල්ල ගත්ත මතකයි.හික්......පිට රට හින්ද අවුලක් නෑ.කොහොම හරි 12 විතර වෙන්නත් ආපු හින්ද අපි ආපහු එන්න ආවා.යන්තං 1.30 වෙනකොට පොල්ගහවෙලින් බැහැල දෙන්න බස් දෙකක ගෙදර ගියා.මොකද බහින්න තියෙන්නෙ එකම හෝල්ට් එකෙන්නෙ.එක බස් එකේ ඇවිල්ල ගමේ මොකෙක් හරි බුවෙකුට මීටර් උනොත් එහෙම.

දැන් ඔන්න දුල්මිණිව ඊලඟ සතියෙ දහම් පාසලේදි මීට් උන වෙලාවෙ මම නිකමට ඇහුව එදා යාළුවො මොකද කිව්වෙ කියල.ඇයි ටෙක් එකේ මෙයාගෙ යාළුවන්ට මාව එදා මීටර් උනානෙ.

"අපෝ....දන්නෙ නැද්ද උන්ගෙ කටවල්.."
"ඇයි මොකද...?මට බැන්නද,ඒ......ඒක මොකෙද්ද කියල ඇහුවද...?"
"නෑ....නෑ ...අනේ..උන් ඇහුව අපි කොහෙද ගියෙ කියල,මම කිව්ව පින්නවල ගියා කියල"
"ඉතිං...."
"උන්ට ෂුවර් නෑ....උන් අහනව කෝ....කොහෙද ඉදිමිලා තියෙන්නෙ බලන්න කියල..."

අප්පට සිරි..අපි පොඩියි,පොඩියි කියල හිතුවට මොකද 10 වසරෙ ඉන්න කෙල්ලො හිතන දේවල්.......හික්......හික්.......

34 comments:

  1. මචං මගේ ගමත් රඹුක්කන. මම දැන්නම් ඉන්නෙ පානදුරේ. කෝච්චියේ එහෙ යනකොට නම් පොල්ගහවෙලත් පහු කරන් යන්නෙ. ඔය පින්නවල අලි අනාතාගාරෙ ගාව තියෙන ලක් හලේ අපේ අයියා කෙනෙකුත් වැඩ කරනව. උබට නම් දෙන දෙයියො ගෙටම ගෙනත් දීල තියෙනව. අපිට නම් ඉතින් මෙහෙ ඔහොම යන්න තියෙන්නෙ දෙහිවල සත්තු වත්තට තමයි. ඔහොම තමයි ඔය කාලේ ආදරේ.
    ජය..

    ReplyDelete
  2. හි හී මරු කතාව.... මටත් සීරිස් එකක් ලියන්න හිතෙනවා ඒත් ඉතින් ලියලා කාඩ් කුඩු කර ගන්නෙ මොකටද?

    ReplyDelete
  3. පොලිස් කාරයො ගැන නම් ඉතින් කතා කරල වැඩක් නෑ, උන්ට ඒ කාලෙ කෙල්ලො හිටියෙ නැතුව ඇති :P

    ReplyDelete
  4. ඔය කාලේ ඇවිදින්න තියෙනවනම් ඊට වැඩිය දෙයක් නෑ. මමත් උසස්පෙල කාලේ නංගි බබෙක්ව එක්කන් ගම්පහ අස්ගිරිය මල්වත්තේ ගියා. ඒ කාලේ පොඩ්ඩ ඇත්නම් මල්වත්තට පොලිසියෙන් පනිනවා

    ඔහොම පැනපු දවසක '' උබලා මොකද මෙතන කරන්නේ '' කියලා ඇහුවා.

    '' අපි මේ ලංකාවේ පලවෙනි රබර් ගහේ මුල තියෙන තැන බලන්න ආවා. ඉස්කෝලේ වැඩකට ''

    ''හරි !!! බැලුවනම් දැන් දෙයියනේ කියලා පලයවු. මෙතන අපිට වද නොදී '' ලියලා කිව්වා විතරයි. මමයි එයයි කාමර උශ්නත්වයේදීම වාශීභවනය උනා.

    ඔය දුල්මිනී ගැන තවත් කතා ඇති නේ. ඉක්මනට ලියලා දාන්න අයියා. කියවන්න බලාගෙන ඉන්නේ !!!!

    ReplyDelete
  5. \\හවසට කෙල්ලගෙ ගෙවල් පැත්තෙ එහෙම පොඩි රවුමක් දානවා.ගේ දැක්කත් ඇති ...\\
    :) සහතික ඇත්ත...

    ReplyDelete
  6. මමත් ඒ කාලෙ මවුන්ටන් රාජයා අරගෙන ට්‍රයි කරන කෙල්ලගෙ ගෙදර පැත්තෙ යන්නෙ කෙල්ල දැක්කෙ නැත්නම් ගේ දැක්කත් සනීප නිසා

    ReplyDelete
  7. අලි ෂෝයි කතාව තව නැද්ද ඈ?

    ReplyDelete
  8. මගේ කෙල්ලගේ ගෙදර මම තවම දැකලා නෑ . කෙල්ල මගේ ගෙදර දැකලා නෑ . සතියකින් විතර කෙල්ලව දැක්කෙත් නෑ . ඇත්තටම දිනේශ් අයියේ භාග්‍යාට වඩා දුල්මිණි උඹට සිය ගුනයක් හොඳයි වගේ .උඹ කියන ඕන දෙයක් එක පයිං කරනවනේ . පොලීසියේ මාමලා ගැනනම් ඉතින් ආයේ කියන්න දෙයක් නෑ නේ . ඔයිං ගියා මදැයි ගෙදරය මාට්ටු වෙන්නේ නැතිව . පුතෝ උඹ නම් ඒ කාලේත් කුකුලා .

    අලි නම් ඉතින් අපි ඒතරම් කැමති කට්ටියක් නෙවේ . ආයෙමත් කෙල්ලෙක් එක්ක අලි බලන්න යන්න හිනොත් අපේ පලාතට එන්න .

    ජය වේවා !!

    ReplyDelete
  9. භාග්‍යාට කේස් එක මාට්ටු නැද්ද??

    ReplyDelete
  10. @Gayan Rupasinghe,

    කොලඹ දිහාට අදින්න තරම් වෙලා තිබුනෙ නෑ බං අපිට.ලඟ අහල පහලම තමා කැරකුනේ."ලක් හල" කිව්වෙ අර ගේට් එක ඉස්සරහම පාරෙන් එහා පැත්තෙ තියන shop එක නේද?දෙයියො කියන්නෙ මචං එදානම් මාර චාන්ස් එකක්.

    @සංජු ,

    අනිවා කුඩු තමා.වෙන නමකින් වත් ලියමු.එක්කොත් ඔය යන විදිය හොඳා සංජුවො.

    @කොඩි,

    ඒ උනාට බං ඔය මිනිස්සුන්ට ඔහොම කතා කරන්නෙ ගොඩක් ඔය ලංකාව,ඉන්දියාව,බංග්ලාදේශ්,නේපාල්,පකිස්තාන් වාගෙ රටවල් වල පොලිස් කාරයො තමා.මොනව කරන්නද ඉතිං ,ෂේප් එකයි පාරයි ඇඟට ගුනයි නොවැ.

    ReplyDelete
  11. @මධුරංග,

    අප්පා ගම්පහ නම් මාර ඩේන්ජර්.පොලිස් ජිප් දෙක තුනක් කොයි වෙලේත් ටවුම වටේ කැරකෙනවා.හික්.....හික්...සමහර දවස් වලට පාක් එකට එන්නෙ අර බන්ධනාගාර බස් එකත් අරගෙනමයි.ඒ ගමන් පාක් එකට යන පාර දෙපැත්තෙ තියන ගෙවල් හිටන් සුද්ද කරණවා.මොකද මිනිස්සු පදිංචි ගෙවල් වල හිටන් වීකෙන්ඩ් වලට room ෆුල්.

    @පුතා,

    ආයෙත් කියල.ඒ දවස් වල ටයිම් එකක් තියාගෙන තිබුනා.හවස 5.30ත් 6 ත් අතර.සමහර දවස් වලට කෙල්ල නෑ.ඒ පියා කලින් ඇවිල්ලනම් එහෙම.ගේ නෙමෙයි බං,ඒ පැත්තෙ හුළඟ වැදුනත් ඇති:).

    @රංග - මගේ ලෝකය ,

    ඔක්කොම එවුන් ටික එකයි නේ බං.

    ReplyDelete
  12. අපේ කැගල්ලේ මුන් ඇවිල්ලා පාරවල් ගානේ ලැගලානේ මේ අපිට දැන් ඒ පාරවල් වල බැහැලා යන්නත් බැරි අම්මපා..කමක් නැ..උඔවත් ආතල් එකක් ගත්තානේ...

    ReplyDelete
  13. අපිත් කෑගල්ලේ තමා මචං...එළකිරි කතාව..ඉස්කෝලෙ එහෙම මොකක්ද කියනවද?

    ReplyDelete
  14. එල එල මචෝ!!! ඔහොම යමු. උඹේ බ්ලොග් එකත් ඈබ්බැහි වෙන සුලුයි

    ReplyDelete
  15. @පූසා,

    තව පටන් ගත්ත විතරයි බං..

    @හිස් අහස,

    ඔන්න ඉතිං උඹ එක පාරක් වලා කිව්වා,දැන් තව කාඩ් එකක් ගහන්න වාගෙ හදන්නෙ.මලේ කෙල්ලට තේරුම් කරල දීපන් එක එකාගෙ කතා විශ්වාස කරන්න එපා කියල.ඔය කාලෙ වාගෙ පියෝ ලව් එකක් ආයෙ ලැබෙන්නෙ නැතිවෙන්නත් පුළුවන්.එක පයිං කියන්නෙ බං කෙල්ලව ෆුල් ටෝක් කරල නමා ගන්න ඕනෙ ඉතිං.නැත්තන් මමත් ඔය යමු කියපු ගමන් ආව නෙමෙයි.ඔය ගමනට එන්ටර් වෙන්න මම මාර ගේමක් දුන්නෙ.එව්ව ලියන්න ගියොත් දවස් ගානක් ලියන්න වෙනව.
    හික්.....හික්.....උඹට අලින්ගෙන් හෙන කේස් නෙ නේද??අපි අලියෙක් දැක්කොත් පාරෙ ගිය වෙලාවක හරි,පින්නවලට ගියොත් හරි තමා.

    @Thusitha Jayasinghe,

    ඒ ටික පස්සෙ වෙලාවක ලියල දන්නංකො."අයි......."මල්ලියො.

    ReplyDelete
  16. පිස්සු හැදෙන සඳ කිව්වලු.... හික්ස්...

    ReplyDelete
  17. මං මේ යාලු ​ෆිට් එකට අහන්නේ... උඹට කුළුඳුල් ලව් කීයක් තියෙනවද බං? කෙහොම හරි මේ පාර ලංකාවට ආවම මේ වතාවේ කුළුඳුල් කෑල්ලත් එක්ක දෙහිවල සත්තු වත්ත බලන්න පලයං අනිවාර්යෙන්.

    ඈත්තට කෙල්ලගේ කොහෙවත් ඉදිමුනේ නැද්ද බං?

    ReplyDelete
  18. මේ නිකමක කියන්නෙ... දන්නෙ නැද්ද මේ මේඩ මොළේට එන අදහස්නෙ.. ලියමුද නව කථාවක්... සත්‍ය කථාවක් ඈසුරෙන් කියල...

    ReplyDelete
  19. අප්පා.... මාර චාන්ස් එකක්නෙ පත්තු වෙලා තියෙන්නෙ... ඔහොම හොරෙන් හොරෙන් ගිය පුංචි ගමන් කීපයක් මතකයි. ඒ කාලෙ කරන ඔය වගේ වැඩ දැන්නම් දතක්වෙද්දිත් ආසයි. ඇත්තටම ඒ කාලෙ හරිම සුන්දරයි.

    අප්පා ඔය පොඩි කියල අපි හිතන කෙල්ලො නම් අපි හිතනවට වඩා ගොඩක් පැහිල ඉන්නෙ. :-D

    ReplyDelete
  20. පොලිස් කාරයෝ අව්වේ වේලි වේලි ඉන්න ගමන් ඔය වගේ ගොන් ටෝක්ස් දෙන එක තමා කරන්නේ...
    කුහක කම තමා...සැලෙන්න එපා කොල්ලනේ.......

    ReplyDelete
  21. @Ano,

    මේං....උඹලට පාරවල් ලියල දීලනෙ...හරි මචං ඔය පාරවල් ගානෙ උඹල චා වෙන්න ඕනෙ නෑ.කුරුළු කැලේට ගමන ලේසියි.නැත්තන් ශාලිකා එකේ ගානත් එච්චරම වැඩි නෑ මගෙ හිතේ......

    @අරා,

    මචෝ ස්කෝලෙනම් කුරුණෑගල.ඒ උනාට නුවර ,කෑගල්ල ටවුන් දෙකේ තමා රහස් ගමන්.කුරුණෑගල අඳුරන උන් වැඩියිනෙ.

    @blog gadol,

    හික්.....මං ඔය හිතේ පාළුවට ලියන එව්ව උඹල බලල යන එකත් ලොකු දෙයක්.A/L සීරිස් ටිකත් එල වාගෙ.ලියමුකො බලන්න.

    ReplyDelete
  22. ආතල් කෝටියයිනෙ බං උඹෙ පරන ලව්. මට නිකං මැවිල පේනව උඹල දෙන්න අර පින්නවල පාරෙ කඩ මැදින් ඇවිදං එනව. කෙල්ල ගවුමක් ඇඳල පටි සෙරෙප්පු දෙකක් නේද දාල උන්නෙ.

    ReplyDelete
  23. @Lahiru,

    ඒ කාලෙ ලව් ඉතිං.....අමුතු ගතියකුත් තියනව බං.

    @prasanna86k,

    මට ඒකාලෙ ඔක්කොම කුළුඳුල් වාගෙ තමයි බං.හැම ආදරේම අළුත්.නැත්තන් එකක් මත්තෙ නැහෙන්න ගියොත් ජීවිතේ මෙලෝ රහක් නැති වෙනවා.
    ඇයි බං සත්තු වත්තෙ අමුතු ආතල් එකක් තියනවද ලඟදි ඉඳල??

    ආසම තැනක්....චුට්ටක් විතර...හික්...ඔන්න කො‍ටු,කො‍ටු.......

    @කේෂාන් De சில்வா ,

    ඔව් නේ බං මලේ...පස්සෙ කාලෙක සාහිත්‍යය සම්මානයක්වත් හම්බ උනොත් එහෙම.හොඳම ඇඩල්ට් ප්‍රේම කතාව කියල.

    ReplyDelete
  24. @..ChAnDiKa..,

    මල්ලි...ඒක තමා මගෙ ජීවිතේට ලව් කරණ කාලෙ ලැබුන සුපිරිම චාන්ස් එක,කාලවේලාව වැඩි පැත්ත අතින්.
    කොහොමද ඒ හොරෙන් ගමන් දැන් මතක් වෙනකොට නේද?ඒ දවස් වල නින්ද නෑ ඉතිං කලින් දවසෙ රෑ.
    හෆොයි ඔව්.මම පස්සෙ දහම් පාසලේ පොඩි පංති වලට උගන්වන්න සෙට් උනා.ඉහලම එක සෙට් උනේ 8 ක්ලාස් එක.කෙල්ලො කට ඇරියොත් ව්‍යංගාර්ථයෙන් මොකක් හරි කුණුහරපයක්.මේකත් නොකිය බෑ වාගෙ.
    දවසක් ඒ පංතියෙ ටිකක් විසේකාර කෙල්ලෙක් අහනව ම‍ඟෙන් අයිය "නාල කාල තියනවද" කියල.දැන් ඔව්ව කොල්ලන්ගෙ බාසාවෙ නෑනෙ.මම නිකන් දැන් උන් සෙට් එකට බයිට් වෙනවා.සමහර උන් හිනා වෙනවා.සමහර උන් "අපෝ නැත්තන් වැඩක් නෑ..." කියනවා.අන්තිමට බැලින්නම් මේ හෙන කුණුහරපයක්.මෙතන එව්ව කියන්න යන්නෙ නෑ ඕං.
    මටත් ඉබ්බ දියට දානකොට මොකද්ද කිව්ව වාගෙ නොවැ.බඩුම තමා.

    @2 Ano,

    මට පේන්නම බැරි ජාතියක්නෙ බං.ලව් කරණ දවස් වල මුන්ගෙන් මාර කරදරයක් තිබුනෙ.

    ReplyDelete
  25. @nawammawatha,

    හරියටම හරි අයිය....කෙල්ල දාල හිටියෙ Kito දෙකක්.

    ReplyDelete
  26. නැ මචන් ලක් හල තියෙන්නෙ ගේට් 1 පැත්තෙම ටිකක් ඉස්සරහට ඒ කිව්වෙ ගේට් 1 ට කලින්. එල එල උබෙ බ්ලොගය පංකාදු 75 යි.. ජය

    ReplyDelete
  27. @Gayan Rupasinghe,

    අඩේ මට ඒක එච්චර මතක නෑ බං එහෙනං.ලඟ හිටියට දෙපාරයි මචෝ ගිහින් තියෙන්නෙ.ඒ දෙපාරත් කෙල්ලො එක්කල.හික්........

    ReplyDelete
  28. ඉතින් යකෝ කොච්චර ජොලි ද බන්. අම්මෝ මටත් මතකයි මාත් සුදු හාමිනේ එක්ක ගිය දිහාවල්. අම්මෝ$#$^$%#&^#%&^
    එල එල මරු කතා ටික මචන් එල..

    ReplyDelete
  29. කෙල්ලො මොන පොඩිද බන්... අඩෝ මොනව උනත් 11 වසරෙදි ඔය වගෙ ටුවර් එකක් දාන්න මාරම ගටක් ඕනි නෙ බන්. මේ කියන්නේ මීට අවුරුදු 10 කට එහා නොවැ... ඒ කාලේ ඉතින් අතින් අල්ලන එකත් ලොකු ගේමක් නේ හික් හික්.

    එල කතාව ඇඩෙනවා බන් මෙව්ව දකිද්දි ඒ කාලෙ මතක් වෙලා.

    පොලෝසිය නම් අපෝ මහ මදාවි යක්කු.


    උබට සනීපද.. ඩු.ක නම්බර් එක එවපිය... දන්න කෙනෙක් ඉන්නවනම් ඒ කමක් නැහ දෙන්න පුලුවන්නම්

    ReplyDelete
  30. @Gayan Rupasinghe,

    ම්......සුදු හාමිනේ එක්කල කොහෙ,කොහෙද ගියේ.....???

    @පිස්සා පලාමල්ල,

    අන්න උඹට තේරුනා...හෆොයි මම කරපුව.ගෙදරින් සල්ලි උස්සල රුපියල් 1500 කට ඒ දවස් වල ඒකිට මුද්දකුත් අරන් දුන්න බං.අරන් දාන ඇඟිල්ල දන්නෙ නැතුව දැම්මෙ හරි එකට නෙමෙයි.පස්සෙ ඒකිම හරි ඇඟිල්ල පෙන්නල දුන්න සීන් එකකුත් උනා.පස්සෙ ලව් එක ඉවර උනාම මම එයාට දීපු බඩු ඔක්කොම ගෙනත් දුන්නත් මුද්ද ලැබුනෙ නෑ.අපරාදෙ...
    මට පොලෝසියෙන්නම් මාර පෝරියල් බං සෙට් උනේ ඒ දවස්වල.

    ReplyDelete
  31. ඔහොම යන් ලොක්කා ඔහොම යන්

    ReplyDelete
  32. පොලිස් පකාලා ඔහොම්මමයි!!!

    ReplyDelete
  33. හෙ හේ අපිත් කෑගල්ලේ නෙ....ඔයාට ඔය කතාව වෙච්චි වයසෙ....කොයි කාලෙද ටෙක් ශ්‍රී ලංකා ආවෙ....මමත් කාලයක් ගියා ඹ්කට... 4-5-6 වගේ ඉස්කොලෙ යනකාල වලදී...මම දැකලත් ඇති දෙන්නව...Love Lane එක පැත්තෙ ක්ලාස් තියනවා දැන් නම්....විෂන් කියල එකක්...අපි ඒ උනාට කෙල්ලො එක්ක නම් ඔන්න යන්නෙ නෑ... අපිට කොයින්ද බූල් බල්ලො....අප්‍රේල් මාසෙ මුලම දැන ගත්ත එයාට කොල්ලෙක් ඉන්නවා කියල..... :(

    ReplyDelete