
කොල්ලෙකුට ෆ්රස්ට් ලව් එක කියන්නෙ මොන වගේ අද්දැකීමක්ද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.මාත් ඉතින් කුළුදුලේම ලව් කරන්න පටන් ගත්තු කාලෙ කතාවෙ පොඩි කොටසක් කලින් ලිව්ව නොවැ.නොබලපු අය ඉන්නවනම්මෙතනින් ගිහින් ඒ කොටස ටිකක් බලලම ආවනම් කතාව හරියටම මීටර් වෙයි.
දැන් ඔන්න ඉක්මණට හසුන එයාගෙ අතින් තිබ්බා.ඒ වෙලාවෙ දුල්මිණිගෙ අතත් චුට්ටක් විතර ටච් උනා.අපි මිශ්‍ර ස්කෝලෙක නෙමෙයි හින්ද ඒකත් ඒ දවස් වල හරි අමුතු හැඟීමක්.ට්‍රයි කරන එක නෙමෙයි තමා.ඒ උනාට...අනේ මන්ද,ඒ සියුමැලි චූටි අත...දැනුත් අද ඊයෙ වාගෙ මතකයි.ඔන්න දැන් හිතේ තිබුන එක වදයක් ඉවරයි.කොහොම හරි ලියුම දී ගත්තනෙ.
දැන් ඊලඟ සතියෙ.,ඔන්න වැඩේ යාළුව ඇවිත් නෑ.ට්‍රයි එක විතරයි.මමනම් මාර බයයි ඒ දවස් වල භාග්‍ය එක්ක කතා කරන්න .වචන පැටලෙයි,අනවශ්‍ය දෙයක් කියවෙයි,කියන එව්ව ගැලපෙන්නෙ නැති වෙයි ඔය වාගෙ විවිධ හේතු හිතට එනවා.එදා ඉතින් රුවනට මගෙන් දස වදේ.
"මචං භාග්‍ය ගෙන් අහපන්කො ලියුම ගැන."
"කොහොමද බං එක පාරටම එහෙම අහන්නෙ?අපි ඒකි එක්ක එච්චර කතා කරලත් නෑනෙ."
"උඹට පුළුවන්..,මොකක් හරි කියල ෂෙප් එකේ අහපන් මචං"
"එහෙනම් උඹත් වරෙන්"
දැන් ඔන්න අපි දෙන්නම අමාරුවෙන් ඉන්ටවල් එක ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි භාග්‍යව ටෝක් කලා.මම නෙමෙයි රුවන.
"නංගි දුල්මිණි ඔයාට මොකක් හරි දෙයක් ගැන කිව්වද?"
"මොනවද?"
"මේ........දිනේ.....ෂ්ගෙ......ඔයා ගැන අදහසක් තියනවා.."
තව වචනයක් කතා කරන්න හම්බ උනේ නෑ.
"අයියෝ........මොනවද??ඔයාලට පිස්සුද අනේ......."
ඒ වචන ටික අහපු වෙලාවෙ හිත රිදුන තරම් මේ අද වෙනකනුත් වෙලා නැතුව ඇති.එහෙම කියපු එයා ඉක්මණට ක්ලාස් එක ඇතුලට ගියා.ඔන්න නියම යාළුවෙක්ගෙ වටිනාකම දැනෙන වෙලාව.ඇත්තටම රුවන් කියන්නෙ මගෙම සහෝදරයෙක් වාගෙ බුවෙක්.
"අඩෝ ඔච්චර අප්සෙට් ගන්න එපා බං.අපි ආයෙ දුල්මිණිට කියල බලමු"
ඌ පුළුවන් තරම් මගෙ හිත හැදුවා.දැන් ඔය විදියට මාස තුනක් හතරක් විතර ගෙවිල ගියා.ලියුම් 20කට වැඩිය දුන්නා.ආසාවට එක රිප්ලයි එකක් නෑ.දුල්මිණිටත් අපි හෙන ඇනේ.දකින් දකින පාරට අහන්නෙ භාග්‍ය මොකද කිව්වෙ කියල.
"එයා කැමති නෑ අනේ.........O/L ඉවර වෙනකන් ඔව්ව මොනාවත් හිතන්නෙ නැතිලු."
"හරි ඉතින් නංගි කැමතිද නැද්ද විතරක් කියන්න කියන්නකො.ඊට පස්සෙ අපි exam ඉවර වෙනකන් එයා එක්ක කතාවත් නොකර ඉන්නම්"
ඔන්න true love.
"මට පුළුවන් හැම විදියටම කිව්ව අයියෙ.අනේ මං දන්නෙ නෑ...."
(පව් ඒකිටත් පුළුවන් සීමාවක් තියනවනෙ.)"එහෙන් ප්‍රසන්න අයියගෙනුත් මට කරදරේ"
"ඉතිං භාග්‍ය ප්‍රසන්නට කැමතිද?"
"අපෝ.....නෑ...."
ෂිහ් එක්කෝ මේකි එකෙකුට වැටෙන්න ඕනෙ.එහෙමත් නෑ.නිකන් කොල්ලො අවුස්සනව.හික්......නෑ,නෑ....අපෙයි වැරැද්ද.දැන් අපිනෙ ඇවිස්සිලා තියෙන්නෙ.ඔය දවස් වල නොවැරදීම අනිවා අහපු එකක් තමා ඉරිද රෑ "සිරස හින්දි ටොප් ටුවෙන්ටි"ඇයි හිතේ දුකයි,කලකිරීමයි,බලාපොරොත්තුවයි ඔක්කොම කලවං වෙලානෙ තියෙන්නෙ.ඔය සේරටම මටනං ටිකක් විතර විසදුම තමයි හින්දි සිංදුවක් අහන එක.
"දීරෙ,දීරේ සේ මෙරි සින්දගීකෙ ආයා.............දීරෙ,දීරේ මේරෙ දිල්කෝ ජුරායා..........."
මේකනම් මහ අමු පිස්සෙක් කියල හිතෙනව ඇති නේද...?හික්....හික්....තනිකරම පිස්ස තමා.පුරා අවුරුද්දක් නන්ස්ටොප් භාග්‍යට බැහැලම ට්‍රයි කලා.කිසිම සතුටුදායක පිලිතුරක් නෑ.ඔය අස්සෙ ප්‍රසන්නයටත් බැරුවමද කොහෙද මේක අතෑරල වෙන කෑල්ලක් සෙට් කොරගෙන.උන් නිකන් අපි වාගෙ බල,බල ඉන්න උන් නෙමෙයි.අනික අපි කෙල්ලන්ට සෙකන්ඩ් වෙනව වැඩිද මන්ද කියලත් හිතුනා.හී...........මොන සෙකන්ඩ් ද?කෙල්ල මතක් වෙනකොට ඇඬෙනවා.වෙන එකක් ගැන තුන් හිතකින්වත් හිතන්න හිතෙන්නෑ.ඒ තරම් ලව්.
දැන් කට්ටියම 11 වසරටත් පාස් උනා.මම තාම ට්‍රයි.ඒ උනාට කෙල්ල නෙමෙයි කැමති.ලස්සන වැඩි කමද,ආඩම්බර කමද,අධ්‍යාපනේ උවමනාවද මොකද්ද කියල හිතා ගන්න බෑ.ඔය දවස් වල ඔටෝ ග්‍රාෆ් වැඩෙත් නැගල යන කාලෙනෙ.ඉතින් මං මගෙ එකත් දුන්න දුල්මිණිට භාග්‍යට දෙන්න කියල.ඔතනදි තව චාටර් සීන් එකකුත් උනා.හෆොයි...
ඕකෙ තියනවනෙ තමන් කැමතිම ෆිල්ම්,පොත්,සඟරා,පත්තර එහෙමත් ලියන්න තැනක්.ඕකෙදි අපේ පංතියෙ හිටපු එකෙක් කැමතිම පත්තර සඟරා තියන තැන "සීදේවි","නවරස","ගින්දර",මකුණා" play boyඔන්න ඔව්වගෙ නම් ටික ලියල.මටත් වැඩි ගානක් නැතුව තමයි ඔටෝ එක දුන්නෙ.කරුමෙ කියන්නෙ එදා රෑ නිව්ස් වලට පෙන්නුව කොලඹ අසභ්‍ය පත්තර සඟරා තියන තැන් පොලිසියෙන් වටලල ගිනි තියන සීන් එකක්.එතනදි පත්තර වල නම් පෙන්නුවෙ අර කලින් කියපුවගෙ. පස්සෙ දවසෙ හම්බ උනාම දුල්මිණි අහනව "අර ඔයාගෙ යාළුවගෙ favorites magazine ටික නේද ඊයෙ පොලිසියෙන් අල්ලල තියෙන්නෙ" කියල.මොනව කරන්නද ඉතින් කොල්ලොනෙ....හික්.......
දැන්,දැන් දුල්මිණි ගොඩාක් මට ලං උනා.එයා මාර ට්‍රයි එකක් දුන්නෙ කෙල්ලව මට සෙට් කරන්න.ඔන්න එයාලගෙ වාර විභාගෙ දවසක,ටිකක් කලින් exam ඉවර වෙලා එනවා.එදත් පුරුදු විදියට ගිහින් භාග්‍ය ගැන ඇහුවා.පරණ උත්තරේම තමා ලැබෙන්නෙ.දැන් මටත් මේක ඇතිවෙලා.
"auto එක තාම දුන්නෙ නෑ අයියෙ,මම පස්සෙ ඉල්ලල දෙන්නම්කො හදිස්සි නෑනෙ."
"නෑ....දුල්මිණි මං ඔයාගෙන් දෙයක් ඇහුවොත් ඔයා වරදවා හිතන්නෙ නෑ නේද?"
"ඒ මොකද්ද?"
"ඔයාගෙන්.......ඔයාගෙන් මම ආදරේ ඉල්ලුවොත් ඒක මට ලැබෙයිද?"
"හ්..............හී...........දිනේෂ් අයියෙ.........ඔයා.........!!!"
කෙල්ල පය ඉක්මන් කරන්න උනා.මම ටිකක් ස්ලෝ උනා.දැන්නම් ඇවිද ගන්නත් ෆිට් නැති තරම්.ටික දවසක ඉඳන් හිතේ තද කරගෙන හිටපු සිතුවිල්ලක් එහෙම එලියට දාන්න ලැබුන එකත් ලොකු සැනසීමක් වාගෙ.ඔන්න ඔහෙ ඕනෙ එකක්.නැති උනොත් සේරම නැතිවෙච්චාවෙ කියල හිත හදාගෙන ගෙදර ගියා.පහුවදාත් ස්කූල් වෑන් එකේ එන්නෙ නැතුව ඉක්මණට ඇවිත් ගමේ ස්කෝලෙ පැත්තට කිට්ටු උනා.කෙල්ල එනවා.කෙල්ල කිව්වෙ දැන් භාග්‍ය නෙමෙයි.දුල්මිණි.හැබැයි මූනෙ නපුරු පෙනුමක්නම් නෑ.
"අයියෝ.....අයියෙ අරක මං ලබන සතියෙවත් ඉල්ලල දෙන්නම්,භාග්යල ගමේ ගිහින් ගෙදර කවුරුවත්ම නෑ"
දැක්ක ගමන් මේ මොනව කියනවද මන්ද.මොන autoද දැන්.
"ඔයා මං අහපු එකට මොකද කියන්නෙ....?"
"අපෝ.....ටිකක් ඉවසල ඉන්නකො exam ඉවර උනාම එයා කැමති වෙයි......"
"ඔයත් මගෙ හිත රිදවන්න එපා දුල්මිණි.......please කියන්න...."
පලමු වතාවට දුල්මිණි කෙලින්ම මගෙ ඇස් දෙක දිහා බැලුවා.මෙච්චර ලස්සන කෙල්ලෙක් මට කැමති වෙයිද කියලත් එතකොටනම් නිකමට වාගෙ හිතුනා.
"ම්ම්ම්ම්ම්...........බලමු"
ඔය තියෙන්නෙ......බඩුම තමා...........................මොන මඟුලකට මිරිගුවක් පස්සෙ ගියාද කියල හිතුනා.ඊට දවස් දෙක තුනකට පස්සෙ කැමතියි කියන වචනෙම අහ ගන්න තරම් ඔන්න මේ බුවා ලකී උනා.
හැබැයි සංවේදීම සීන් එක උනේ මෙතන ඉඳන්.සතියකට විතර පස්සෙ භාග්යල ගමේ ගිහින් ඇවිල්ල.එක බදාද දවසක හවස පොඩි එකෙක් ඇවිත්
"දිනේෂ් අයියේ................දුල්මිණි අක්ක එන්න කිව්වා............"
නොදෝමකින් මේකගෙ කට ,අහල,පහල ගෙවල් සේරටම ඇහෙන්න ඇති.මොනව කරන්නද .බච්චනෙ.නොතේරුම් කම නොවැ.ඇහුන විතරයි මමත් ඉක්මණට පාගල් එක අරන් එයාලගෙ ගෙවල් ලඟ රබර් වත්ත කෙලවරට ගියා.මෙන්න ඉන්නව කෙල්ල auto එකත් අතේ තියන් බයෙන්,බයෙන් වට පිට බල,බලා.මේක දෙන්නද මේ එන්න කිව්වෙ.
"අයියෙ......"
ඒත්.... ඒ ඇස් දෙකේ කඳුලු පිරිලා.........
"ඇයි ළමයො මොකද මේ........"
"අයියෙ භාග්‍ය ඔයාට කැමති උනොත් මාව අමතක කරණව නේද ඔයා"
"මොනවද දුල්මිණි ඔයා මේ කියන්නෙ.ආයෙ මම එයා ගැන හිතන්නෙ නෑ කියල ඔයාට පොරොන්දු උනානෙ."
"මගෙ ඔළුවෙ අත තියල සත්තයි කියන්න"
යන්තන් වාගෙ බයෙන් ,බයෙන් අත එයාගෙ උරහිසෙන් තිබ්බා.වටේ,පිටේ මොකෙක් හරි දැක්කොත් එහෙමනම් සොරිම තමා.කෙල්ලගෙ තාත්ත පට්ටම,පට්ට සැර බුවෙක්.
"භාග්‍ය .....ඔයාට කැමතියිලු"
එහෙම කියද්දි පව් කෙල්ලට ඉකි ගැහුනා.හිත ටිකක් විතර තිගැස්සුනත් ඒ වගක් කෙල්ලට පෙන්නන්න ගියෙ නෑ.
"දුල්මිණි ඔයා ඒක ෂේප් කරල දාන්න.කොහොමද ඔයා දන්නෙ..?"
"එයා මට කිව්වා..auto එකේ ලියල තියන එව්ව දැක්කම මට පුදුම හිතුනා මේ භාග්‍යද කියලත්"
"කෝ දෙන්න බලන්න ,මොනාද ලියල තියෙන්නෙ."
"මම ඒ කොලේ ඉ රුව අයියෙ.....මට ඒක ඔයාට පෙන්නන්න තරම් හිත හයිය නෑ."
'හරි,හරි ඔයා දැන් ඕක අමතක කරල දාන්න."
එහෙම කියල මම ඉතින් auto එකත් අරගෙන එන්න ආවා.ආපු ගමන් බැලුව පෙරලල.කොහෙද ඒ කොලේ නෑ තමා.ඒ දවස් වල චන්ද්‍රිකා මැඩම්ගෙ කාලෙ.මතක ඇතිනෙ පැය ගනන් ලයිට් කැපුවා.මාත් ඉතින් කඩපු කොලේට යටින් තියන කොලේ චිමිනියට අල්ලල බැලුව පොඩි කොපි පාරක්වත් හොයා ගන්න පුළුවන් වෙයිද කියල.යාන්තමට වාගෙ දැක්ක ලියල තිබිල තියනව නිරෝෂා විරාජිනීගෙ සිංදුවක කෑල්ලකුත්.
සඳ සිසිලේ මේ රෑ...........සඳ කැල්මේ යාවී..............උනුසුම ඔබෙ ආ...දරේ සොයා එමී ප්‍රියේ....................
දැන් මේ මොන දේ උනත් දුල්මිණිගෙ හිතට හරි නෑ කියල මට 100%ක් ෂුවර්.මොකද කරන්නේ...................දෙපාරක් හිතුවෙ නෑ.ගැහුව බ්ලේඩ් එක පොත් මේසෙ.ඇස් දෙක පියාගෙන ඇඟිල්ල තිබ්බ බ්ලේඩ් එක උඩින්.ලේ බිංදුව,බිංදුව එනවා.ලිව්ව ලියුමක්.ඔන්න ඒක දුන්න දවසෙ ඉඳල තමා කෙල්ලගෙ හිතේ තිබුන අව්ශ්වාසෙ නැති උනේ.
ඔන්න ඔහොමයි ඉතින් අන්තිමට සපෝටර් පෙම්වතිය උනේ...............සීන් එක ටිකක් දිග වැඩි උනා.ඇයි අප්පේ අවුරුදු එක හමාරක විතර කතාවක්නෙ.
පට්ටම කතාවක් නේ. ඇති යන්තං ඕක ඉක්මනට ලියන්න හිතුනා. කතාව කියවගෙන යද්දි මැදකදී දුකත් හිතුනා.අන්තිම හරියට එද්දි ආයෙමත් සතුටකුත් දැනුනා.
ReplyDeleteඅපරාදේ අයියා, භාග්‍යාට ට්‍රයිකරන්න යොදවපු කාලය දුල්මිණීට යෙදෙව්වා නම් අයියා මෙලහකටත් ගොඩ.මට නම් හිතෙන්නේ භාග්‍යා එක්ක යාලු වෙනවට වඩා දුල්මිනි එක්ක යාලු වෙන එක ආර්ථික හා සමාජීය වශයෙන් ලාබදායි කියලයි.
මොනවා උනත් අයියා දුල්මිනී කියන්නේ හිත හොද කෙල්ලෙක්. දුල්මිනි, භාග්‍යා තරම් ලස්සන නැති වෙන්න පුලුවන්. ඒ උනාට දුල්මිණි එක්ක යාලු උනොත් භාග්‍යා එක්ක යාලු වෙනවට වඩා සුන්දර ආදර කතාවක් තියේවි.
මොන කෙල්ල එක්ක යාලු උනත් කවදාහරි අපට වටින්නේ එයාලගේ ලස්සන නෙමෙයි ගතිගුණ නේ. ලස්සන කියන දේ තාවකාලිකයි. ඒ උනාට ගතිගුණ කියන දේ ජීවිත කාලයේම තියෙනවා.
උපරිම ලස්සන නපුරු එකියක් එක්ක ඉන්නවට වඩා ටිකක් ලස්සන ගුණ යහපත් එකියක් එක්ක ඉන්න එක දාහෙන් සම්පතක් !!!!!
හත් දෙයියනේ දිනේශ් අයියා ඇරඹුමම කඳුලක් කරගෙන . පස්සේ ඒක ආයේ ලව් එකක් කරගෙන . ඔහොම දෙයක් උනාම මචං සංසාරේ කලකිරෙනවා . එකපාර දෙකම කරපු නැතු එක හොඳයි . . ඔයා කෙල්ලෝ දෙන්නම වට්ට ගත්තා එහෙනම් .
ReplyDeleteඔලුවේ අත තියලා කියන්න කීවම මොකටෙයි උරහිසේ අත තියන්න ගියේ . බලහං කෝ මේකා ....
හැබැයි භාග්‍යාට හොඳ වැඩේ ගනං ඉස්සුවාට . ඒකි පස්සේ උඹයි දුල්මියි ගැන දැනගත්තද ? දැන ගත්තානම් එපා වෙන්ඩ ඇති . අද ඉඳලා මම ආදරය සම්බන්ධව දිනේශ් අයියාගේ උපදෙස් අනුගමනය කරනවා .
මම ඔබට ලවුගුරූ සම්මානය පුද කර සිටිනවා .
ජය වේවා !!
ඇත්තටම මචං මේකනම් පට්ට ලවු ඉස්ටෝරියක් . නවය වසරේ කෙල්ලෙකුට ලවු කරන එක දැං මේතරම් අමාරු නම් ඒකාලේ උඹට කොහොම අමාරු වෙන්ඩ ඇතිද ?
ReplyDeleteහැබැයි ඒ කාලේ ගෙවල් වලට මාට්ටු උනානම් . ..ගමේ එවුවෝ එකතු වෙලා දිනේශ් අයියව උලතියනවා .
අන්තිමට කපුවා කපෝති උනා නේද.
ReplyDeleteමාර කේස් එක හිහී.... දෙන දෙවියෝ දෙපිටින් යන්න දෙනවා කියන්නේ ඕක තමයි....
ReplyDeleteතවත් එක් අනුවේදනීය සත්‍ය කථාවක් නිමයි ද.... :D
ReplyDeleteමරු මරු උපරිමයෙන් රස වින්දා....
ජය වේවා....!!
@මධුරංග,
ReplyDeleteම්.....නෑ මල්ලි දෙන්නම හොඳයි.ඒ දවස් වල ඉතින් කෙල්ලගෙ පිටින් දකින ලස්සනටනෙ ආදරේ කරන්න හිතෙන්නෙ.අම්මෝ........බාහිර පෙනුමට රැවටුනොත්නම් අනිවා බඩුම තමා.
@හිස් අහස,
ඕකත් ගානක් නැතිවෙන්න තිබුන බං.හික්.....හික්...දෙන්න දෙදිහාහ හිටියනම් දෙකම වෙන්නත් ඉඩ තිබුනා.ඕං ,ඕං......කෙල්ලගෙ උරහිසෙත් අතතිබ්බ නෙමෙයි තිබ්බ උනා..බුදු බයනෙ.ඔව් දවසක් දුල්මිණියි මායි බස් එකක පිටිපස්සෙ ආසනේ වාඩිවෙලා ඉන්නකොට භාග්‍යට අතටම මාට්ටු.ඒකි කොර උනා.ඇස් පියන්නෙ නැතුව සෑහෙන වෙලා බලන් හිටියා.
මචං මටනම් ඒ උනාට මාර ගති බං ඒ කාලෙ.හැමදාම හිතේ අලුත් සුන්දර බලාපොරොත්තුවක්.දැන් මේ ජීවිතේ කිසිම බලාපොරොත්තුවක් නෑ.ඔහේ ගෙවෙනවා.
පූසට උනා වාගෙ වැඩක් මටත් උනා.වැලන්ටයින් කාඩ් එකක් පියාට අතේ මාට්ටු.
@පිණිබිඳු,
හික්........ඇයි ඔයාල ඔය ස්ටෝරි මොනාවත් ලියන්නෙ නැත්තෙ.කෙල්ලො කවුරුවත් තමන්ගෙ ආදර කතාව ලියල නෑ.කොල්ලො නිකං කොල්ලොවම චා කර ගන්නව වාගෙ.
@පූස,
දුන්න වෙලාව ටිකක් අප්සෙට් ගියා මචං.මොනවද කරුමෙ තමා.
@සෝරෝ,
ReplyDeleteඋඹෙත් හොඳ කතාවක් තිබිල තියනව වාගෙ.මම දැක්ක උපන් දින සුබ පැතුමක් එහෙමත් දාල තියනවා.ලියමුකො බලන්න ඒකත්.
අද තමයි ඉස්සෙල්ලම ප්‍රතිචාරයක් ලියන්නෙ. හරි අපූරු විදිහට ලියනවා. මේ සිංදුවත් අහල බලන්න.
ReplyDeletehttp://www.youtube.com/watch?v=UY7ttuWJo3Q
මාර කතාවක් ඒක නම්..... මේ මේකෙ ඉතුරු ටිකත් ලියමුකෝ. මම මාරා අමාරුවකින් බලාගෙන හිටියේ මේ කොටස දානකම්.
ReplyDeleteඅනේ දිනේශ් ඔයා දන්නවනෙ අපි ඔය මාතෘකාව ගැන ලිව්වොත් මොකද වෙන්නේ කියලා. ඒ නිසා අපි ඒවා ලියන්නේ නෑ. නැත්නම් ඉතින් ඇඩෙන කතා ලියන්න කෙල්ලොන්ටත් පුලුවන්.
මේ ඉතිරි ටිකත් ඉක්මනටම........ හරි ද????
මචං දීනේෂ්, සිරාම සිරා සිද්ධියක්නෙ මේක. කොහොම උනත් දුල්ම්ණී උඹට ආදරේ වගේම හරිම අවංක වෙන්නෙ ඕන. නැත්නං භාග්‍යාගෙ කැමැත්ත උඹට නොකිය ඉන්න ඒකිට තිබුන නෙ බං, ඒකනෙමෙයි, කෝ දැං දුල්මිණී ?
ReplyDeleteඒ මචං උඹ කොහොමද බං, දුල්ම්ණි ගෙන් කැමතිද කියලා ඇහුවේ? අඩෝ මට සීන් එක මැවිලා පේනවා බං.
ReplyDeleteඉතිං බං උඹේ ෆ්රසට් ලව් එක කොයිතරම් කාලයක් බල පැවැත්වුනාද?
අඩෝ මගෙත් තියෙනවා ඔය වගේ සීන් එකක්. මමත් ට්‍රයි කරා. මම ගියේ මගේ යාළුවෙක් එක්ක. මේකි මචං මට හා කිව්වා. පස්සේ බං දවස් තුන හතරක් යද්දී මට නිකං කම්මැලියි වගේ බං ඒක කරගෙන යන්න. ඒ පාර, අරෑට වැඩේ තේරිලා ඌ මගෙන් ඇහුවා, මං අහන්නද කියලා. ඒ කියන්නේ ඌට. මාත් ඉතිං හා කිව්වා... එතනින් පස්සේ වෙච්චා අහන්න එපා.
හිහ් හී.. අන්න එහෙම තමා කොල්ලෝ ඉන්න ඕනේ.. :D කැමති කෙල්ල බැරිනම් සපෝටර් හරි..
ReplyDelete(මේ කමෙන්ට් එක මට අදාල අය නොදකීවා...)
කොහොම හරි අන්තිමට කොල්ලා ගොඩ ගියානේ... එල එල... දින්නෝ මේ කතාව කියෙව්වම ඕපූ කියලා මටත් ලියන්ට හිතුනා ඕං ආදර කතා ටිකක්...
ReplyDelete@නිදහස,
ReplyDeleteඅඩේ සිංදුවෙ vishuwal එක පට්ට බං.මෙව්ව බලනකොට ඇඬෙනවනෙ .
ගොඩක් ස්තුතියි මචං ඇවිත් ගියාට.
@සංජු,
ම්......ඒක හරි.මොකද කොල්ලන්ට වැඩිය කෙල්ලො සංවේදීව හිතනවනෙ.ඊටත් වැඩිය ඔයාගෙ අර ඩිලීට් කරපු පෝස්ට් එකට උන දේ වෙන්නත් ඉඩ තියනවනෙ.
@nawammawatha,
ඔව් බං ඒකි මාර හොඳයි.ඒ දවස්වල අපිට මෙයාලගෙ අගයක් තේරුනේ නෑනෙ බං.අපිට නියම ආදරේ අරුත තේරෙනකොට කෝච්චි,බස්,ත්‍රී වීල්,ට්‍රැක්ටර් සේරම ගිහින් ඉවරයි.. හික්........
කෙල්ල ලොකු වෙන්න,ලොකු වෙන්න පිස්සු පාර උනා.පස්සෙ එයාලගෙ නෑදෑ වෙන පොරක් ඒකි බැන්දා.දැන් ඉන්නෙ italy.
@prasanna86k,
සෙකන්ඩ් ලව් එක ෆිට් වෙනකන් බල පැවැත් වුනා බං. හික්......හික්.......
මේකයි අන්තිමට,අන්තිමට මට මගෙ දුක කියන්න හිටියෙ දුල්මිණි.ඉතින් ඒකි එක්ක කතා කරණකොට හිතට මාර සැහැල්ලුවක් දැනුනා.ඒකිත් හරි උනන්දුවෙන් මං කියන එව්ව අහගෙන හිටියා.ඔහොම,ඔහොම යනකොට කෙල්ලට හිත ගියා. :)
ඔය සීන් එකම මගෙ ෆ්රෙඩාටත් උනා.ඌත් මං එක්කම කෑල්ලකට බැහැල මූට ටික දවසක් යනකොට වැඩේට කම්මැලි හිතිල අතෑරල දැම්මා. පව් ඒ කෙල්ල. ඊට පස්සෙ ඒකි මූ පස්සෙන් එන්න ගත්තා.හෆොයි වෙච්ච දේවල්......!බලාගෙන යනකොට ඔක්කොමල එක බෝට්ටුවෙ නේ බං.
@චතුවා(ළමයා),
ReplyDeleteදැක්කොත්නම් උඹව හම ගහයි.
නිව්ටන්ගෙ හතරවෙනි නියමය කියනවනෙ "හැම ලස්සන කෙල්ලගෙම යාළුව කැතයි" කියන එක.වෙලාවට මේකෙනම් එහෙම උනේ නෑ.
@පුතා,
උඹ ඉතින් හිතනවයි,ලියල දාන්නෙ නැතුව තියාගෙන ඉන්නවයි.....ඔන්න ඔහෙ ලියල දාපන් බං.මේ කාලෙ නොකරණ ලව්,නොකියවන කතා නාකි වෙලා කියවන්නයැ.
අඩේ අයියා ඔයා නම් මරු!! කතාවත් සුපිරියට ලියලා තියනවා!! අප්පෝ ඔය ලයිට් යන කාලේ මහා චාටර්
ReplyDeleteමමත් ලියනවා මගේ ආදර කතාව
ReplyDelete@සූර සරදියෙල්,
ReplyDeleteඑලම කිරි තමා.ලියපන් මචං.නිවාඩු දාල හරි කියවනවා.
මේ පාරත් අයිය කිවුවොත් මම උබව කනව...
ReplyDeleteමාරයයි.... හිස් අහස... උබගේ Blog එකයි තමා මම වැඩිපුර කියවන්නේ..
මාරම සිද්දි තුනක් තමා තුන් දෙනාට වෙලා තියෙන්නෙ...
මම හිතන් හිටියේ 1ක කෙල්ලෙකුට Love කරල එ කෙල්ලවම බදින්න.. තාම හරියන එකක් සෙට් වුනේ නෑ බන්..
මට කියල එක ආදර කාතාවක් වත් නෑ බන්...
තව මොනව ලියයිද දන්නෑ බියර් 2ක් ම ගහල ඉන්නෙ... වැරදි
දෙයක් කිවුවනා නන් Sorry මචන්...
අද තමයි මේ බ්ලොග් එක පැත්තේ ආවෙ. කියවන්න ආස බ්ලොග් එකක්. නියමයි සහෝ දිගටම ලියන්න. ආසාවෙන් කියෙව්ව :)
ReplyDeleteකියන්න දෙයක් නෑ බොසා ලස්සනයි..අපි බන් ඔය වාගේ දේකටවත් හරියට බැහැපු උන් නෙමෙයි බොස්...එක අතකින් අපිට කෙල්ලො ගොඩක් ඉක්මනට ෆිට්වෙනව වැඩි....ෆිට් එක අස්සෙ ලව් කොහෙද කියල පස්සෙ අහනව...අහනව නෙමෙයි අහල තියෙනව....
ReplyDeleteඉන්නකො ඉන්නකො අපිත් ලියන්න. කවි අස්සෙ මාත් කතා ලියන්න පටන් ගත්තා.
ReplyDeleteඅනේ වාසනාවයි....
ReplyDelete"ඊට පස්සෙ කුමාරයයි කුමාරියි සතුටින් ජීවත් උනා....."
apo love gurugen advise ganna epa eka kiyanne 1 sex 2 jelos oya wage wikara. sure nathnam i hate love stories movie eka balanna. maxxa story eka
ReplyDelete@Thusitha Jayasinghe,
ReplyDeleteහික්,හික්.........අම්මෝ..........මල්ලි,මල්ලි,මල්ලී.........
එක කෙල්ලෙකුට ලව් කරල ඒකිවම බඳින්න තියනවනම් කියල වැඩක් නෑ බං.ඒ උනාට කීයෙන් කීදෙනාටද ඒ වාගෙ වාසනාවක් උදා වෙන්නෙ.අනේ උඹටවත් ඒ වාසනාව උදා වෙන්න කියල මම ඉත සිතින් ප්‍රාර්තනා කරණව.
උඹනම් බුදු ආතල් එකේ ඉන්න පොරක් වාගෙ.ඕනැ දෙයක් කියපන් බං ,අපි අපිනෙ.
@කොඩි,
තව ඉතින් පොඩි,පොඩි සීන් ටිකක් තියනව.වෙලාවක් හම්බ උනොත් ඔහෙ ලියල දානව.ස්තුතියි කිව්ව ඕං ඇවිත් ගියාට.
@indi,
එහෙම ෆිට් වෙනවනම් එලනෙ මචං. අනික ලේසිත් එක්ක.ඊට පස්සෙ ඉතිං වැඩේට ෂේප් එකේ එන්ටර් වෙන්න තමන් දැන ගන්න ඕනෙ.මොකද එක පාරටම ලව් කරන්න බහිනවට වැඩිය මුලින්ම කෙල්ලගෙ හොඳ යාළුවෙක් වෙලා ඉන්න ඕනෙ කියන එක තමා තියරිය.
නියමයි බන්.
ReplyDeleteඒ සුන්දර කාලේ මොන හිතකින් අමතක කරන්නද නේද බන්.
කාලය ගතවෙලා ඒ ආදරේ කරපු අය ගැන ආදරණීය හැඟීමක් හිතේ කොනක වත් නොතිබුනාට ඒ අදරණීය කලපරිච්චේදය ජීවිතේ මහා සුන්දර කාලයක් විදිහට රැඳී තියෙනවා.
මගේ දහම් පාසැල් කාලේ ගැන උඹේ කලින් පෝස්ට් එකේ දැම්මා ලින්ක් එක.
ඔන්න මෙකෙත් මෙතනින් බලන්න පුලුවන් කැමති කෙනෙක් ඉන්නවනම්.
@පිණිබිඳු,
ReplyDeleteඑලම තමා.මොකද කොල්ලෙක්ගෙ කතාවකට වැඩිය කෙල්ලෙක්ගෙ පැත්තෙන් වෙන සිදුවීම් තමා ගොඩක්ම සංවේදී.කෝ,කෝ ඉතිං ඉක්මණට ලියමු.මොකද යාළුගෙ කතාවත් කුරුණෑගල පැත්තට සම්බන්දයි කිව්ව නේද...............??
@MaRlaN,
ම්ම්........ගොඩක් ලස්සනට.හැබැයි බොහොම ටික කාලයක්:(
@prabathw7 ,
හික්....හික්....මමත් ඔය මූවි එක බාල තියෙන්නෙ.හිටුකො අදම බලනවා.
කොහොම උනත් අකේලේ ජීවිතේට ඔළුව දාල ගියාට thanks.
@දුකා අයියා,
ReplyDelete"සරම කොනකින් උස්සා ගත් මා වේගයෙන් දිවගියා. පන්සල මෙහා පැත්තේ වූ කෝන්ගස අසලදී මට ඈ හමුවූවා . . . ."
අපි දෙන්නම ගියෙ එක දහම් පාසලටද අයියෙ......!!!අපිත් ඉස්සර දහම් පාසල් ඇරිල එනකොට කෙල්ලො දෙන්න අනිත් යාළුවන්ගෙන් වෙන් උනේ කෝන් ගහ ලඟදි.එතන ඉඳන් ඉතිං අපේ ගෙවල් පැත්තට හැරෙන තැනට එනකන්ම පෙම් බස්,අනේක විද ආදර හැඟුම්,සතියක් පුරාවට හිතේ හිර කරගෙන තිබුන දහසක් බලාපොරොත්තු එලියට එන්න පටන් ගන්නවා.
අදටත් ඒ කෝන් ගහ තියනවා.ඒ වාගෙම අදත් ඉරිද දවසක්.සමහර විට මම වාගෙ තවත් කොල්ලෙක් අද ඒ ගහලඟ තවත් ආදරනීය හමුවීමක් වෙනුවෙන් බලා ඉන්නවද දන්නෙත් නෑ.
ඒ කාලෙ ගෙවිල දැන් කොච්චර කාලයක් ගිහින්ද.ඒ උනාට තාම අද ඊයෙ වාගෙ.තව ලියන්න අමාරුයි වාගෙ අයියෙ,දහම් පාසල ඇරෙන්න කිට්ටුයි.හදවතේ ස්පන්ද වේගෙ 100 පැනල වාගෙ.මොකද අද තමයි කෙල්ලගෙ වචනෙ දෙයි කියල හිතන දවස.ඒක හින්ද මම ඉක්මණට යන්න ඕනෙ.
ගිහින් එන්නම්.
අප්පොච්චියේ, ෆස්ට් ලව් ගැන මතක් කොරන්ඩ එපා, මගෙත් ඒ කාලෙ තිබුන ෆස්ට් ලව් දෙක තුනක්ම, ලස්සනට ලියල තියෙනව, නියමයි,
ReplyDeleteකොහොම හරි මචන් උඹ අන්තිමට කෙල්ලෝ දෙන්නාගේම ආදරේ ලබන්න තරම් වාසනාවන්ත උනා.ඒ වගේම උඹ ලියන කතා කියවන්න කියවන්න ආසා හිතෙනවා.මොකද හැම කොල්ලෙක්ටම ඔය වගේ අත්දැකීම් පොදුයි නේ.....
ReplyDelete@Ravi,
ReplyDelete"ෆ්රස්ට් ලව් දෙක තුනක්ම"එල කොල්ලෙක්නෙ මචං උඹ.
ඇත්තටම දෙක තුනක් උනත් ලව් කරන්න පටන් ගත්තු මුල් කාලෙ වාගෙ හින්ද ඔක්කොම ෆ්රස්ට් වාගෙ දැනෙනව නේ බං.
@රන්දික කුලතුංග,
මට අර කලින් කෙල්ල කැමතියි කියල දැන ගත්තු වෙලාවෙ මොකද්ද මේ උනේ කියල හිතා ගන්න බැරි උනා බං.ඒ උනාට ඉතිං එක දවසක්වත් ඒ කෙල්ලගෙ ආදරේ ලබන්නනම් බැරි උනා .හැබැයි ටික දවසක් යනකන් එක හිත දෙතැනක නතර වෙලා වාගෙ තිබුන.
haffaaaa oyatanao wenne patta seeen tamaiiii
ReplyDeleteoni karana kella set weddi oya single nemeiii
habai oya hoda wadak kale dulminiwa amataka nokala eka
oya eyawa amataka kalanam ehema paw wadeeeeeee
ai ban oyata GF la godak idalat okomala nati une ?
ekenek wat hariyata galapenne nadda ?
@Hit Man,
ReplyDeleteමම දැන් අවුරුදු 7ක් මෙහෙ බං.අන්තිමට හිටපු කෙල්ලත් 2006 දි වෙන බුවෙක් marry කලා.සේරම නැති උනේ මගේ වරදි මචං. ඒ කෙල්ලො එක්කෙනෙක්ගෙවත් කිසිම වැරැද්දක් නෑ.
අන්තිමට ඔය ඔක්කෝම එකකට එකක් වැල වාගෙ සම්බන්ද උනා.වැඩක් නෑ බං කියල.මම නිකන්ම අකේලේ උනා.
මොනව උනත් මචං උබ හොද තීරනයක් අරන් තියෙනව..
ReplyDeleteමොනවා ලියන්නද කියලා හිතෙන්නෙ නෑ බන්. අපි මේ ගෙවන ජීවිත මොනවද කියලා හිතෙනවා මේ කතා ටික කියවද්දි.කිර ඉතිරෙන්න ඕනෙ මේ බ්ලොග් එකට. මොනවා උනත් මේ ලියන විදිය නම් වෙනස් කර ගන්න එපා..ජයවේවා..
ReplyDeleteයකඩෝ...ෆුල් ආතල් ජීවිතයක්නේ..ඇත්ත තමයි. ඔළුවට අත තියන්න කියපුවාම ඇයි වෙන වෙන තැන්වලට අත තියන්න ගියේ.
ReplyDeleteහ්ම්ම්, දිනේෂ් අයියා....
ReplyDeleteකියාගන්න තේරෙන්නෙ නෑ බං අයියෙ.(ෆිට් එක වැඩි කමට බං කියනව ඉවසපං). මේ බ්ලොග් එක මං ඔන්න අද මුල ඉඳන් එක දිගට අගටම කියෙවුව. මට කියාගන්න බැරි මොක්කදෝ හැඟීමක් හිතට එනව බං. ඒක සතුටක්ද කලකිරීමක්ද මොකක්ද කියල තේරෙන්නෙ නෑ. පරණ අතීතේ මතක් වුණා හරියට චිත්‍රපටියක් බලනව වගේ.
අපි ජීවිතේ අරගත්තු සමහර තීරණ වැරදි කියල අපිට දැනෙන්නෙ ඒ තීරණ අරගෙන සෑහෙන කාලයක් ගියාට පස්සෙ නේද සහෝ? ඒ බව හිතට දැනෙද්දි අපි ගොඩක් දුර ගිහිල්ල. සමහර අතීත සිදුවීම් මතක් වෙද්දි දුක වුණත් ඒ අතරින් සියුම්ව ගලාගෙන එන පුංචි සතුටකුත් හිතේ කොනක තියෙනව වගේ දැනෙනවා.
හ්ම්... දැං වෙලාව රෑ 12ට කිට්ටුයි. තනියම මෙහෙම ඉඳිද්දි අතිත සමහර දේවල් මතක් වෙනව බං. මොකව කරන්නද දැං ඒ කාලෙ ගතවෙලා ඉවරයිනෙ.
උඔ හරිම සංවේදි විදිහට ලියනව. මං ඒකයි අතරින් පතර කියවල තියෙද්දිම මං මේක අදත් මුල ඉඳන් අගටම කියෙවුවෙ. පුංචි පුංචි වෙනස්කම් තිබ්බත් අපි හැමෝගෙම කතන්දර එක වගේ කියල මට හිතෙනවා.
ආයෙ එන්නම්....
යකෝ ඇඩෙනවනේ.... පිස්සු පීකුදු සීන් එකක්. හෑබයි බන් ඔය ගනන් උස්සන කෙල්ලො පස්සෙ යන්න එපා... පොඩ්ඩක් පස්සෙ ගොහින් නැවතුනානම් උන් එනව පස්සෙන් ලොවෙත් නැති වෙන්න. 90% වෙලාකවට.
ReplyDeleteහෑබ්යි ලොවෙත් නැති සීන් එක තමයි උබ කොහොමද බන් දුල්මිනි ගෙන් ඇහුවෙ ?? යකෝ ඒක මහ මාරම මාර වැඩක් නේ... වචන නැහ කියන්න.
පුංචි සර් : ඒ කාලේ කොල්ලො කෙල්ලො ලව් කරා සර්.. කලින් කිව්වද මන්ද මගෙත් පුංචි හුටපටයක් තිබ්බ 8 වසරෙ කෙලි පැට්ටියෙක් එක්ක. මම උසස් පෙළ කරද්දි... මාසයක් විතර තමා හැබයි
@Gayan Rupasinghe,
ReplyDeleteතීරණේ කිව්වේ........දුල්මිණිටම ලව් කරපු එකද මචා....අඩේ ආයෙ මේ පැත්තෙ ආවොත් පොඩ්ඩක් කියල පලයන්.
@subashblog
අප්පට සිරි.....තැන්කූ,තැන්කූ මචෝ ප්‍රාර්තනාවට.ලියන විදිය කියන්නෙ බං මීට වැඩිය මම ලියන්න දන්නෙ නෑ බං.හික්.........ඔහොම ලයිෆ් එක ගෙනියල .......අනේ මන්ද බං එක්කෝ ඔහොම හොඳයි.හිතට නිදහසයි.
@JHOTHISHALANKA,
නෑ සහෝ,ඒ වෙලාවෙ බයනෙ.එහෙන් සෙනඟ යන පාර කිට්ටුව.එයාලගෙ ගෙවල් ලඟ,ඔය අවස්තාවෙ ඔලුව අත ගගා ඉන්න ගිහිල්ල ගමේ එකෙක් එහෙම දැක්කනම් සොරිනෙ.ඒකයි හදිස්සියට දිවුරනව කියන්න යන්තන් උරහිසෙන් අත තිබ්බෙ.
@..ChAnDiKa..
පිස්සු හැදෙයි....ඕනෙ එකක් කියල කතාකරපන් මලේ.මේ බුවා බැන්නත් ඔරොප්පු වෙන ජාතියෙ එකෙක් නෙමෙයි.ෆිට් එක කියන්නෙ ඒකනෙ.දවසක් අපේ ගැන්සියෙ එකෙකුට "ඔයා" කියල කතා කරල...හික්.....ඌ කොක්කට වාගෙත් ආව .ඇයි "ඔයා" කිව්වෙ "උඹ" කියපන් කියල.
උඹේ කතාවනම් සහතික ඇත්ත මලයො.අපි අරගත්තු සමහර තීරණ වල හොඳ නරක තේරෙනකොට අපිට ආයෙ කිසිම විදියකට ඒව හදා ගන්න බැරි තැනටම වැඩ සිද්ද වෙලා ඉවරයි.ආයෙ මේ ලයිෆ් එකේ කිසිම දවසක ලඟා කර ගන්න බැරි විදියටම.
අතීත දේවල් ගැන වැඩිය හිතන්න එපා බං.අපි,අපි කොල්ලො හැමෝගෙම ස්ටෝරි එකයි නේ බලාන යනකොට.
"අතීතයට පිය නඟනු බැරී........ඒ පෙම් දැහැනේ නටඹුන්ද නැතී......"දුක තමා....
@පිස්සා පලාමල්ල,
ReplyDeleteහරියට හරි මචං...උඹ අත්දැකීමෙන් කිව්වද මන්දා.ඔය ගනන් උස්සන කෙල්ලො ,පස්සෙ අපි වැඩේ අතෑරල දාපුවාම මේං ලකුනු දෙන්න පටන් ගන්නවා.මොකද සමහර උන් ඉන්නව ඇඹලයො වාගෙ පස්සෙන්ම එනවටත් කැමති නෑ.හැබැයි උන් දන්නෙ නෑ ඒ එන උන් ලඟ තියෙන්නෙ සැබෑ ආදරයමද කියල.
දුල්මිනි ගෙන් ඇහුවෙද.....ආ.....උඹට අර මිතුරාගෙ පෙම්වතියට හිත ගියා නේද?එහෙම උනේ ෆිට් එක වැඩි උනාමනෙ.අන්න ඒ වාගෙ සීන් එකක් උනා බං.කෙල්ලත් ගින්දර.ඉතිං බං ආයෙ.....මේ වෙලාවෙ කියන්න බෑ බං ඔව්ව.......ඊට පස්සෙ ඇහුව බං.අඩේ 8-9 වසර වල ලව්නම් මරු බං.මේ කතාවෙ තව පොඩි ටිකක් තියනව.නිවාඩු වෙලාවක ලියල දානව.
@හිස් අහස,
ReplyDeleteඅපෝ ලව් ගුරු එපා බං.කිව්වත් වාගෙ උගෙ 1-sex,2- jelos.මම අදයි මූවි එක බැලුවෙ.
ඔව් මචන්. උබ දුල්මිනිටම ආදරේ කරන්න ගත්ත තිරනේ ගොඩාක් හොද එකක් කියල හිතනව. මොකද මචන් ඒ කෙල්ල උනර ආදරේ කරන්න පටන් අරන් ඉවරයි එයා උබට එක හිතෙන් ආදරේ කරන්න ඇති. ඒ නිසා වෙන්න ඇති කෙල්ල උබට භාග්‍යා කැමති කිව්වම බය හිතුනෙ. මම උබ අරන් තියෙන්නෙ හොද තෙරනයක් කියන්න අනික් හේතුව තමයි මචන් දුල්මිනි උබට ආදරේ කරන්න පටන් අරන් ඉවරයි බන්. භාග්‍යා උබට ආදරේ කරන්න හිතුව විතරයි. මම හිතනව මම හරි කියල.
ReplyDelete@Gayan Rupasinghe,
ReplyDeleteඔව් මචං,අම්මෝ......ඒ වෙනකොට දුල්මිණි මට පැලෙන්න ලව්.පස්සෙ තමයි මටත් තේරුනේ.අනික ඒකි හරි අවංකයි.හැම වෙලාවෙම ඇත්ත විස්තරේම මට කිව්වා.අපි දෙන්න යාළුයි කියල නොදැන හිටපු මුල් දවස් ටිකේ අර කලින් ට්‍රයි කරපු කෑල්ල කියන හැම දේම උනත්.
iPlus;
ReplyDeleteබ්ලේඩ් එක උඩින් ඇගිල්ල තිබ්බා කීවාම තමයි ඇග හිරිවැටිලා ගියේ. මචං අපි උබේ ජීවිත කතාව දාලා ෆිල්ම් එකක් හදමුද?
@iPlus;
ReplyDeleteලව්නෙ බං ,ඔයිට වැඩි දෙයක් උනත් කරන්න රෙඩි..ඒ අවස්තාවට මූන දීලම බලන්න ඕනෙ.
අප්පා .... :)
ReplyDeleteමෙයාගෙනෙ ලව් ස්ටෝරීස් තියෙන්නෙ.
හැබෑට ඉතින් මොකද ඒකට උනේ?
@ ස්වප්නා,
ReplyDeleteමාස හයක් වැනි සුළු කාලෙකදි අවාසනාවන්ත ලෙස නිමා උනා :(
Caesars Casino Site Review for 2021 | Online Casinos
ReplyDeleteCaesars Casino Review 2021 ➤ Complete Info on Games, 카지노 Slots, Live Dealers & more ✓ Get up to €200 제왕 카지노 Bonus + 100 Free Spins 메리트카지노총판 for C$1