Sunday, March 6, 2011

සපෝටර් පෙම්වතිය වීමෙන් පසු පෙම්වතා සපෝටර් වීම.







මේක මේ ෆ්‍රස්ට් ලව් එක සම්බන්ධ කතාවක්.ෆ්‍රස්ට් ලව් එක ගැන කලින් දවසක් ලිව්ව නොවැ.බලනවනම් මෙතනින් ගියොත් බැලුවහැකි.එහෙම කම්මැලි අයට කතාව කෙටියෙන් කියනවනම් මගේ ෆ්‍රස්ට් ලව් එක පටන් ගත්තෙ දහම් පාසලේදි.ට්‍රයි කරපු කෙල්ල පැත්තක ඉන්නැද්දි අන්තිමට සපෝටර්ට තමා ආදරේ කලේ.ඒ උනාට ටික දවසක් ගියාට පස්සෙ කලින් ට්‍රයි කරපු කෙල්ලත් කැමතියි කියල නොකියා කියල තිබුන.ට්‍රයි කරපු කෙල්ලගෙ නම "භාග්‍යා".සපෝටර් "දුල්මිනි".

දැන් ඔන්න දුල්මිනිට එක හිතින් බොක්කෙන් ලව් කරගෙන ඉන්නවා.හැබැයි තාම කලින් ට්‍රයි කරපු කෙල්ල මේ මොනාවත් දන්නෙ නෑ.දැන් එයත් කැමතියි කියල දන්වල සපෝටර් අතේම පණිවිඩේ එවල තිබුනා.දැන් දෙන්නම දහම් පාසලුත් එනවා.මමත් යනවා.මගෙ හොඳම යාළුව "රුවනුත්" එනවා.ඉස්සරනම් කෙල්ලගෙ පස්සෙන් යනවා.ලියුම් දෙනවා,සපෝටර්ට කන්නලව් කරණවා වැඩ කෝටියයි.ඒ උනාට දැන් මුකුත් නෑ.සමහර විට කෙල්ල බලනව ඇති කැමති උනාට පස්සෙ ඒ ගමන කොල්ලට මොකද උනේ කියල.දුල්මිනිත් දහම් පාසලේදි වැඩි කතාවක් නෑ.ඇයි යාළුවට ද්‍රෝහි වෙලා වාගෙනෙ ඉන්නෙ.මාට්‍ටු උනොත් එහෙම යාළුකමත් ඉවරයිනෙ.මමත් කෙල්ල දැක්කම ඉස්සර වාගෙ පැනි පාරට යන්නෙ නෑ.භාග්‍ය කියන්නෙ පට්ට ලස්සන ටිකක් විතර ආඩම්බර කෙල්ලෙක්.මෙයාට ගමේ ඉස්කෝලෙ බුවෙකුත් කලින් බැහැල හිටියා.ඌ මැක්ස ඩයල් එකක්.ඌත් මෙයාට ට්‍රයි කරල බැරිම තැනම කොහෙද වෙන කෑල්ලක් දා ගත්තා.කොහොම හරි දැන් කෙල්ලට කොල්ලෙක් නෑ.හැබැයි මම දුල්මිනි එක්ක සෙට් කියල මෙයා තාම දන්නෙත් නෑ.ඔය අතරෙදි තමා ආතල්ම සීන් එක උනේ.මගෙ යාළුව රුවන කෙල්ල දිහා බලනව ටිකක් වැඩියි වාගෙ කියල මට තේරුනා.මට යාළු වෙන්නම අහල භාග්‍යත් ඌ එක්කල ටිකක් ‍ෆිට්.මම ට්‍රයි කරණ දවස් වල මෙයා එක්ක වචන දහයක්වත් කතා කරල නැතිව ඇති.මොකද කෙල්ල ලඟට ගියාම මට අට අනූවක් රෝග වැල‍ඳෙනවා.අනික කෙල්ලගෙ ලස්සනට මම නිකන් එතන හාල් පාරු චරිතයක්දෝ කියල සමහර වෙලාවට හිතෙනවා....හික්....

කොහොම හරි දැන් මගෙ යාළුව මම කලින් ට්‍රයි කරපු කෙල්ලට ට්‍රයි.රුවන් කියන්නෙ කළු කෙට්‍ටු සිරිබිරිස් ඩයල් පොරක්.භාග්‍ය කියන්නෙ සිරා කෑල්ලක්.දැන් මූට මේක වැටෙන්නෙ නෑ කියල මට 100%ක් ෂුවර්.ඒ උනාට මගෙ යාළුවට දැන් මට ඉස්සර හැදිල තිබුන ලෙඩේ හැදිල.පිස්සු ලෝකයයි.මම ඉස්සර මූට ඇනේ උනා.මූ දැන් මට ඇනේ වෙලා.එකම කෙල්ලට.දුල්මිනිට කියන්න පුළුවන් කියලයැ රුවනට භාග්‍යගෙන් අහන්න කියල.ඒකි බලයි මේ මොන මඟුලක්ද කියල.මූට මේකට බහින්න එපා කියල මට කියන්නත් බෑ.එහෙන් එයාලගෙ ස්කෝලෙ තව ඩයල් එකක් දෙකකුත් මේකට බැහැල.ඔය අතරෙදි ඉරිද හවසට දුල්මිනි ගනන් ක්ලාස් එකකටයි,භාග්‍යා ඉංග්‍රීසි ක්ලාස් එකකටයි ගියා.දෙකම තිබුනෙ හවසදෙකේ ඉඳල පහ වෙනකන්.ඔය ටයිම් එකේදි තමයි මම දුල්මිනිව ටෝක් කරන්න යන්නෙ.නිදහසේ පැයක් විතර ලව් කරන්න පුලුවන්.නිදහසේ කිව්වට මේ පාර්ක් වල එහෙම නෙමෙයි.එතකොට කෙල්ල දහය වසරෙ.ගමේ තියන අතුරු පාරකදි තමයි කෙල්ලව මීට් වෙන්නෙ.ඒක හරිම ලස්සන ගුරු පාරක්.දෙපැත්තෙම එරමිනිය කැලේ.අඩි දහයකට වැඩිය පාර පලල නෑ.පාර වැටිල තිබුනෙ ඔය කවුදෝ රජ්ජුරු කෙනෙක් ඉස්සර හිටිය කියල කියන නටඹුන් පොට් එකකට යන්න.ඉඳල හිටල හොරෙන් ඕකෙ පොල් කඩන පොරක්,නැත්තන් කසිය ෂොට් එකක් ගහන්න යන බුවෙක් දර හොයන්න ගිය කෙනෙක් වාගෙ ඇරුනාම වෙන කවුරු හරි ගියානම් ඒ හරිම අඩුවෙන්.ඔහොම කලින් ට්‍රයි කරපු කෙල්ලටයි ලෝකයටයි හොරෙන් සපෝටර්ගෙයි මගෙයි ප්‍රතම ප්‍රේම කතාව ලියවීගෙන යනකොට මොකද්දෝ ගාමන්ට් ෆැක්ටරියක් හදන්න කියලගමේ තිබුන සුන්දර පැත්තක් බැකෝ,එස්කැවේටර්,බුල්ඩෝසර් එහෙම ගෙනල්ල විනාස කරමින් පැවතුනා.ඒක හින්ද සමහර ගෙවල් වලට යන පාරවල් එහෙම අවහිර වෙලා තිබුනා.

දැන් ඔන්න එදත් සන්ඩේ ඊවිනින් එකක්.මම පාගල් එකේ හරියටම ටයිම් එකට සුපුරුදු ප්ලේස් එකට ස්ථාන ගත උනා.දුල්මිනිත් ක්ලාස් ඉවර උන ගමන්ම වාගෙ ආවා.දැන් එයාගෙ පොත් ටික බයිසිකලේ ලැගෙජ් එකේ එහෙම තියල පොල්ලට බර දීගෙන පෙම් පිළිසඳරෙ.(පොල්ල කිව්වෙ මේ....අර ඩබල් දාල එහෙම යන්නෙ ඒක හොඳේ).අපි හිටපු තැනින් එහා පොඩි වංගුවක් තියනවා.ටිකකින් මෙන්න බොලේ එතනින් කෙල්ලො සෙට් එකක් මතු උනා.මල කෙලියයි.භාග්‍යයි english ක්ලාස් එකේ තව එයාලගෙ ගෙවල් ලඟ තුන් දෙනෙකුයි.එතනින් දෙන්නෙක් අපේ වයසෙ අය.එක්කෙනෙක් අපිත් එක්ක ස්කූල් වෑන් එකෙත් යනවා.බඩු අතේ මාට්‍ටු.අර අලුතෙන් හදන ෆැක්ටරියෙ සීන් එක හින්ද එයාලත් ගෙදරට යන්න ෂෝට් කට් එකක් දාල.අපි දැක්ක විතරයි සෙට් එකම හොල්මන් උනා.එකියක්

"ආ....දෙන්න මොකද මෙතන......"

දැන් ඉතිං අහන්න කියන්න දෙයක් නෑ.ඔක්කොම දැක්කා.හෙට වෙනකොට පත්තරේ දැම්ම හා සමානයි.

"දුල්මිනි දැන්ම එන්නෙ නෑනෙ ,අපි යනවා...."

එහෙම කිව්වෙ භාග්‍යය.හෆොයි වෙච්චි වැඩක්.සීන් එක අතේම මාට්‍ටු උනාට භාගි දුල්මිනි එක්ක තරහ උනේ එහෙම නෑ.දෙන්නගෙ ෆ්‍රෙන්ඩ් ෂිප් එක එහෙමම තිබුනා.දැන් කියන්න ගියෙ යාළුව කෙල්ලට බැහැපු එකනෙ.
මූට තිබුන එක විශේෂ්‍යත්වයක් තමා කෙල්ලො ටෝක් කිරීමේ හැකියාව සහ,ලැජ්ජාව නැති කම.හැබැයි කාදලන් මූවි එකේ ජෝකර්ගෙ ලුක් එක තමා තියෙන්නෙ.බැලූ බැල්මට කියන්න බෑ කෙල්ලෙක් කැමති වෙයි කියල.ඊටත් වැඩිය මෙහෙම සුපිරි එකක්.ඒ උනාට මූ වැඩේ අතෑරියෙ නෑ.දැන් මගෙන් සපෝට් එකක් ගන්නත් බෑනෙ.රුවන තනියම ගේමට එන්ටර් උනා.හැබැයි මට කිසිම ෂුවර් එකක් නෑ කෙල්ල කැමති වෙන එක ගැන.ඇයි අප්පේ වෙච්ච දේවල්.විශ්වාසය කඩවීම්ම කීයක් උනාද?මූට වෙන එකකට බැහැපන් කියන්නත් බෑ.ඉස්සර මට වාගෙ තමා බාගෙට පිස්සු.භාග්‍යලගෙයි දුල්මිනිලගෙයි ගෙවල් තියෙන්නෙ ටිකක් කිට්‍ටුව.හවසට අපි දෙන්නම පාගල් දෙකේ ඔය පැත්තෙ පොඩි රවුමක් දානවා.දුල්මිනි සෙට් උනාට පස්සෙ රුවන ට්‍රයි උනාට මට භාගිලගෙ පැත්තෙ යාම තහනම්.එතකොට කෙල්ලගෙ මූන එල්ලෙනවා.ඔහොම,ඔහොම මාස තුන හතරක් ගියා.එදත් ඉරිද හවස් වරුවක්.මම සුපුරුදු පාරෙ වංගුව ලඟ කෙල්ල එනකන් ඉන්නවා.රුවනත් භාගිට පැනි පාර දාන්න අනිත් පැත්තෙන් ගියා.ටිකකින් දුල්මිනි ඇවිත්
"අන්න රුවන් අයියයි භාග්‍යයි එහා පැත්තෙ කතාව "
කිව්වා.අපි ඉතිං ඕක වැඩිය ගනන් ගත්තෙ නෑ.රුවන මට මේ ගැන මුකුත් කිව්වෙත් නෑ.මම හිතුවෙ මූ මේ අහනව වෙන්න ඇති කියල.ඔන්න ඊලඟ සතියෙ,රුවනට සනීප නෑ උන ගැනිල.දුල්මිනියි මමයි ඉන්න තැනට මීටර් 100ක් විතර එහායින් පරණ ට්‍රයි එක හිටගෙන පෙර මඟ බල,බලා ඉන්නවා.විනාඩි පහලොවකට විතර පස්සෙ හිමීට අපි ඉන්න තැනට ඇවිත් දුල්මිනිට මොනවදෝ කියනවා.බොලේ මේ කියල තියෙන්නෙ මට කියන්නලු රුවනට දැන් එන්න කියන්න කියල.මේ මොකද්ද මේ සීන් එක.අපි දෙන්නම හොල්මන්.කෝකටත් මම රුං ගාල ගිහින් ඌට මේක කිව්වා.මූ කියනව

"මට සනීප නෑ බං.උඹට පුලුවන්නම් මේ ලියුම එයාට දීපන්"

කියල.
"අවුලක් වෙයිද??"
"නෑ,නෑ කෑල්ල මට වැටිල ඉන්නෙ,උඹට දෙන්න බැරිනම් දුල්මිනිට කියපන්කො දෙන්න කියල"
"යකෝ උඹ මට ඇයි කලින් කිව්වෙ නැත්තෙ."
"නෑ බං ගිය සතියෙ තමා හා කිව්වෙ"

කියල මූ කියපි.මට අදහ ගන්නත් බෑ.මමත් ගිහින් ලියුම එයාට දුන්නා.අසනීප කතාවත් කිව්වා.

"රුවන් අයියට ගොඩක් අමා...රුද?"

එහෙම අහපු වෙලාවෙනම් ඇඟ හිරි වැ‍ටුනා. දැන් පරණ පෙම්වතා සපෝටර් වෙලා.පස්සෙ දුල්මිනි අහපු වෙලාවක "ඔව් රුවන් අයියට මම කැමතියි කිව්වා" කියල භාග්‍ය කියල තිබුනා.ටික දවසක් ගියාම එකම ලව් ලේන් එකේ එක තැනක මමයි කලින් සපෝටරුයි ලව්,ඊට ටිකක් එහායින් කලින් ට්‍රයි කරපු කෙල්ලයි මගෙ යාළුවයි ලව්.හික්...හික්....මරු ෆ්‍රස්ට් ලව්........

Wednesday, February 23, 2011

සුන්දර පාසැල්වියේ ඇඩල්ට්ස් ඔන්ලි කතා..............











ටික දවසකින් මොනාවත්ලියන්නත් බැරි උනා.තේරුමක් නැති කතා ලියල මොකටද නිකන් සිංඩිය පුරවන්නෙ කියලත් හිතුනා.නවම් සහෝ ,තුසිත මලයා ,පිස්සි කෙල්ල ,පිණි බිඳු නංගා එහෙම ඇවිත් හොයලත් තිබුනා.ස්තුතියි කිව්ව ඕං මේ නර පනුව ගැන හොයල බැලුවට.කුනුහරපයක් හරි ලියන්න වෙලාවනෙ අප්පා වැඩේ.මේකෙ ඉන්න බොහොමයක් දෙනා A/C කාමර වල ඉඳගෙන බොහොම සුන්දර ජොබ් කරණ අය උනාට අපි ඉතිං යන්ත්‍ර සූත්‍ර අස්සෙනෙ දවසෙ වැඩි කාලයක්. ඒ උනාට මම ටයිම් තියන හැම වෙලාවෙම හැම බ්ලොගයක්ම වාගෙ කියවනවා.බලපු එකකට වචනෙක හරි comment එකක් නොදා යන්නෙත් නෑ.ලියන එකාගෙ ශක්තිය කියනවනෙ ඕක.කියනව නෙමෙයි එහෙම තමා.ගෙදර යන්න ඕනෙ කියල හිතාන හිටියට යන්න හිතෙන්නෙත් නෑ.වැඩ ටිකක් හිර උන වෙලාවට මොන මඟුලක්ද මේ කියල හිතුනට පස්සෙ "මේ මාසෙ නෙමෙයි ලබන මාසෙ පඩියත් අරගෙනම යනව"කියල හිතෙනව.අනේ මන්ද...?? හික්.....


මෙව්ව මේ මගෙ පාසැල් කාලෙ උන සත්‍ය සිදුවීම්.බලන කට්ටිය "කුපා" කියල කියන්න ඔට්‍ටු නෑ කිව්ව කලින්ම.මගෙ ස්කෝලෙ "අභීත අයිය" නම් දන්නව.නොදන්න අයට කියල ස්කෝලෙත් එක්ක චාටර් කරන්නෙ මොකටද.ශිෂ්‍යත්වෙන් තමා ගියෙ.කොහොම හරි අන්තිමට ගැන්සියට සෙට් උනේ වලටම බැහැල හිටිය ඩස්පින්ම සෙට් එක.එකෙක් හිටිය "සම්පත්" කියල.උගෙ ගෙදරට ඇඩ්‍රස් එක තිබුනෙ පේලි දෙකයි.k. නිමල්සිරි,වාරියපොල.නිමල්සිරි කියන්නෙ තාත්තගෙ නම.පුදුම වැඩේ කියන්නෙ ඒ ඇඩ්‍රස් එකට ලියුම් යනව.අපි ඉතිං පහ වසරෙ ඉඳල ඔය සෙට් එකත් එක්ක තමයි අනිත් පංති වලටත් මාරු උනේ.දහය එකොලහ වසර වලට එනකන්ම විශයන් දෙක තුනකට විතරයි සර්ල හිටියෙ.අනිත් ඔක්කොටම හිටියෙ වයස 30ට විතර අඩු මිස්ල.සමහර ටීචල අපිත් එක්ක මාර ‍ෆිට්.සමහර අය උදේට ගුඩ් මෝනින් කිව්වත් "ම්..හ්" කියනව විතරයි.කරණ වැඩ වල හොඳ තමා.ඉංග්‍රීසි උගන්නන්න හිටිය මිස් තමා සේරගෙන්ම ලස්සනම එක්කෙනා.හැබැයි පංතියෙ තුන්වෙනි පේලියෙන් පිටිපස්සට එන්නෙ නෑ.දූෂණය කරණ මට්ටමේ උන් තමා හිටියෙ අන්තිම පේලිවල.

දවසක් ඔන්න 11 වසරෙදි.ටීච ආවා පාඩමට.අපිට ඉතිං දිව්‍ය ලෝකෙ ගියා වාගෙ.ගොඩක් වෙලාවට මොනව කිව්වත් වැඩිය ගනන් ගන්නෙ නෑ.එදා සමහර විට ගෙදරින්ම මල පැනල ආවද දන්නෙ නෑ.ටිකක් වෙලා උගන්න,උගන්න ඉන්නකොට "අසිත" කියල එකෙක්

"මිස්....අද හරි ලස්සනයි මිස්...."

"ඔන්න පටන් ගත්ත හැබිචෝල් ඇක්ශන් එක.ඔය පිස්සු විකාර නවත්තල පාඩම අහ ගන්නව."

ටිකක් වෙලා යනකොට අන්තිම පේළියෙ උන්ගෙ ටිකක් සද්දෙ වැඩියි.(අපි අන්තිම එකට ඉස්සරහ එකේ හොඳේ :D)
"ප්ලීස් සයිලන්ට්....මොකද ඔතන ඔය......,මධුරංග මොකද??"

"මිස් මේ විදිර කියනව මිස්ට ආදරෙයි කියන්නලු."

එතකොටම පොතත් දාල ටීච ගියා මලෙන්ම පංතියෙන් එලියට.එහා ක්ලාස් එකේ සර් ඇවිත් නැතිව නියෝජ්‍ය විදුහල් පති තුමා තමා පාඩමක් කර,කර හිටියෙ.දැන් ඉංග්‍රීසි මිස් ගිහින් කියනව ඇහෙනව

"සර්...අර විදිර මට උගන්නන්න දෙන්නෙ නෑ කරදර කරණව "කියල.ඔන්න සර් තුමා ආව තඩි වේවැලත් අරගෙන.

"මෙහාට එනව විදිර.තමුසෙලට ඕනෙ නැති උනාට මේ පංතියෙ තව ඉගෙන ගන්න ඕනෙ ලමයි ගොඩක් ඉන්නව.අල්ල ගන්නව බ්ලැක් බෝඩ් එක"

පිටටයි,පස්සටයි සුපිරි පාරවල් පහයි.සති ගානකට ඇති.පස්සෙ පොඩි දේශනාවක් එහෙම තියල ඔන්න සර් ගියා.විදිරයත් ගිහින් ඉඳ ගත්තා.කවුරුවත් මීක් නෑ.ටීචත් පාඩම කරල පැවරුමක් දීල පු‍ටුවෙ වාඩි වෙලා ඉන්නවා.හැබැයි මූඩ් එක අවුල්.පීරියඩ් එක ඉවර වෙන්න විනාඩි දහයක් විතර තියෙද්දි ටීච

"විදිර එන්න".
ඔන්න මූත් ගියා.

"රිදෙනවද..?"

මෙච්චර වෙලා ඇඬුවෙ නැති එකාගෙ එහෙම අහපු ගමන් කඳුළු බිංදු දෙකක් කම්මුල දිගේ බේරෙනවා.එතකොටම ටීච මුගෙ අතින් අල්ලගෙන
"කෝ පෙන්නන්න පිට"
ෂිහ්....මට ගැහුවෙ නෑනෙ......ඔන්න දැන් ටීච විදිරයගෙ පිට අත ගානවා,කඳුළු පිහිනවා....ආදර කතාවක් වාගෙ.අපිට ඉරිසියාවෙ බෑ.අප්පා.....එහෙම ලස්සන මිස් කෙනෙක්.....එදා ඉඳල කොල්ලො වැඩිය මුකුත් කියන්න ගියෙ නැති උනාට කිව්වත් ටීච කාටවත් කියන්න ගියෙත් නෑ.ඒ වෙලාවෙ හිතේ තරහට සර්ට කිව්වට ඒ වාගෙ සියුමැලි හිතක් ඉදිරියෙ දීපු පාරවල් ටික ටීචට දරා ගන්න බැරි උනා කියල තමයි අපි අන්තිමට තීරණය කෙරුවෙ ඕං.


මේ සීන් එක උනේ 10 වසරෙදි.චිත්‍ර පීරියඩ් එකේදි.තිබුනෙ ද්‍රව්‍ය බලා ඇඳීමක්.චිත්‍ර මිස් තමයි දෙවනියට ලස්සන ස්කෝලෙන්ම.ඉඟ සුඟ ගත හැක මිටින.....හික්......වයස එතකොට 29යි.දැන් ඔන්න අපි අඳිනවා.ටික වෙලාවකින් මිස්
"කා ගාවද වතුර තියෙන්නෙ.දෙන්නකො කවුරු හරි"

ස්කෝලෙ වතුර සමහර දවස් වලට ක්ලෝරීන් වැඩි වෙලා බොන්න බෑ.ඔන්න එකෙක් පැනල දුන්න උගෙ බෝතලේ. ටීච ටිකක් බීල බෝතලේ දිහා බලල

" මේකෙන් බාගයක්ම තියෙන්නෙ කෙලනෙ.....හී....."

ඔන්න මගෙ නිකන් කට නලියනවා.

"එතකොටනෙ මිස් සෙක්ස් ගතිය වැඩි"
"මොකා......ක්......සෙක්ස්....,"

ලඟට ඇවිත් කන එහෙම මිරිකන ගමන්

"වතුර බොන එකෙයි සෙක්ස් වලයි සම්බන්දෙ මොකද්ද"
"නෑ.......මිස්......මං කිව්වෙ....වතුරවල නෙමෙයි......"
"හා ඇති,ඇති දීපු වැඩේ කරණව".

ඒ අපිත් එක්ක 8 වසරෙ විතර ඉඳන්ම ‍ෆිට් ටීච කෙනෙක්.මගෙ හිතේ අපි 8දි තමා ඉස්සෙරවෙලාම ස්කෝලෙට ආවෙත්.
තව එක්කෙන්ක් තමයි විද්‍යාවට අළුතෙන් ආපු එක්කෙනා.ඇරපු අතක් නෑ ප්‍රීටි සින්ටම තමා.ඒත් අපි දහය වසරෙදි.ඔය වයස මහ මෝල් වයසනෙ.අපි හිටපු ක්ලාස් එකට ග්‍රවුන්ඩ් එක පැත්තෙන් සැරට හුළං පාර වදිනවා.ඉතිං රූම් එකේ දොරට අඩයක් තියල තියෙන්නෙ.නැත්තන් දොර වැහෙනවා.විද්‍යාව පීරියඩ් එකේදි කොල්ලො අඩේ හංගනවා.ඉතිං මිස් ඇවිත් විනාඩි ගානකින් දොර වැහෙනවා.දෙපාරක් විතර ගිහින් ඇරියට ආයෙමත් වැහුනාම ටීචත් වැඩේ අත ඇරල දානවා.ආපු අළුත, කොහොම හරි අපේ පංතිය තමයි ටීචට අල්ලලම ගිහින් තිබුනෙ.ඒ උනාට සමහර එවුන් මිස් පංතියට ආපු වෙලාවෙ ඉඳල ඉන්නෙ අවයවේ පිරි මැද,මැද.තව එවුන් එක,එක ස්ථාන වල නතර වෙලා කොහොම හරි පංතියෙන් බාගයක් විතර ප්‍රාණවත් කොරගෙන තමා ඉන්නෙ.නොසිතූ ලෙස දවසක් මට එහා පැත්තෙ ඌට

"නවීන් පොත ගේන්න"

දැන් මූට නැගිට ගැනීමේ අපහසුතාවයක්.ඌ තමයි අපේ ක්ලාස් එකේ නහය ලොකුම එකා.(දන්නෝ දනිති).
"මචං මේ පොත දීපන්"
ඉස්සරහ එකාට කියනවා.ටීච

"උයාට කිව්වෙ,උයාගෙ පොත උයා ගේන්න.මොකද නැගිටින්න බැරිද..?"

ඉස්සරහ පේලිවල එවුන්

"ඔව් මිස් මේ වෙලාවෙ නවීන්ට නැගිටින්න අමාරුයි"....ටීච
" එ මොකද?"

දැන් ඔක්කොම උන් හිනා වෙනවා.ටීචට වැඩේ මීටර්.ආයෙ පොත ඉල්ලුවෙ නෑ.පාඩම කරගෙන ගියා.හැබැයි ආයෙ කවදාවත් උගන්නන අතරතුර විශේෂයෙන් කොල්ලො කාටවත් නැගිටින්න කියල කිව්වෙත් නෑ......හික්....හික්......ස්කෝල ජීවිතේ තව ආතල් කතා ටිකක් තියනව.පස්සෙ ලියල දාන්නම්කො.

Tuesday, February 1, 2011

පට්ට ලව් ස්ටෝරියක්






තාම වැඩට යන්න තරම් සනීපෙකුත් නැති හින්ද උදේ කම්මැලි කමට වාගෙ බලන්න romance film එකක් හොයනකොට තමයි මේක හම්බ උනේ.ටැමිල් ‍ෆිල්ම් එකක්.2010 තමා out වෙලා තියෙන්නෙ.දැන් දැන් හින්දි ඒව බලන්න එච්චරම ‍ෆිට් එකක් නෑ.මොකද හැම එකක්ම හොලිවුඩ් සිස්ටම් එකට වාගෙ නිෂ්පාදනය කරන්නෙ.ඉස්සර හින්දි ‍ෆිල්ම් කොච්චර ලස්සනද??දිල්,සාජන්,දීවානා,දිල්වාලේ දුල්හානියා...මේ ලඟදි දිල්වාලේ දුල්හානියා සහ දිල්තො පාගල් bluray rip දෙකක් දැකල බාකියා ගත්තා.දෙකටම සබ් තිබුන නිසා එලටම තියනවා.

මේ මූවි එක ගැන කිව්වොත් කෙල්ලයි කොල්ලයි දෙන්නම දුප්පත්ම පවුල් දෙකක.ඒ වාගෙම කොල්ල හද්ද පිටිසර ගමේ හැදිච්ච එකෙක්.තාත්ත ‍රැකියාව විදියට කලේ මේසන් වැඩ.ඒත් දවසක අවාසනාවන්ත විදියට තාත්ත වැඩට යන වෙලාවක කට්ටිය අරන් යන්න ආපු වාහනේ රේල්වේ ක්‍රොසින් එකකදි කෝච්චියට හැප්පිලා සියළු දෙනාම ජීවිතක්ෂයට පත් වෙනවා.ඊට පස්සෙ පවුලෙ බර කරට ගන්න වෙන්නෙ මේ කොල්ලට.ඔය අතරෙදි ගමට එනවා නඟරෙ ලොකු රෙදි කඩේකට සේවකයො එකතු කරගෙන යන්න සෙට් එකක්.පස්සෙ මේ කොල්ලයි උගෙ යාළුවයි එයාලත් එක්ක මේ කඩේ වැඩට යනවා.ගමෙන් යනකොට තිබුන සිහින ලෝකෙ එතෙන්ට ගියාට පස්සෙ එහෙම පිටින්ම බිඳ වැටෙනවා.අයිතිකාරය සහ අනිත් පාලකයො හරිම කෲර විදියට තමයි සේවකයන්ට සලකන්නෙ.කෙල්ලො,කොල්ලො විශාල ප්‍රමාණයක් මේකෙ වැඩ කරණවා.එතන ඉන්න එක කටකාර කෙල්ලෙක් සමඟ ඇතිවෙන ආදර සම්බන්ධතාවයකුත් එක්ක තමා කතාව ගලාගෙන යන්නෙ.




‍ෆිල්ම් එකේ මුලින්ම වාගෙ පෙන්නන්නෙ කෙල්ලටයි කොල්ලටයි අන්තිමට සිද්ද වෙන කරදරේක පොඩි සීන් එකක්.ඒ ගැන හිතන්නෙ නැතුව මූවි එක දිගටම බැලුවොත් අන්තිම හරියෙදි ඇඬෙන සයිස් එකට එනවා.නළු නිළියො එච්චර ලස්සන නැතිවෙන්න පුළුවන්.ඒ උනාට පොලවෙ පය ගහල ඉන්න උන් දෙන්නෙක්ගෙ ලස්සන ආදර කතාවක්.කියනවට නිකමට බාගෙන බලන්නකො.



අකමැති කට්ටිය බලල බනින්න එහෙම එපා.මම කැමති ටිකක් මේ සිස්ටම් එකට,හික්.....හික්....ගැලරියෙ විසිල් පාරවල් එහෙමත් ඇහෙනවා.



මෙන්න ටොරන්ට් එක

Monday, January 31, 2011

බ්‍රැන්ඩ් වෙයා,ස්පෝට් කාර් සමඟ මගේ හීන

නවම් අයිය කිව්ව වාගෙ මේක නිකන් අබිං කෑව වාගෙ වැඩක් උනානෙ හැබෑටම.තව මූනු පොතට එහෙම ඇබ්බැහි වෙලා හිටියනම්....වැඩට යෑමක් වෙන්නෙ නෑ.ඔය සේරම, වැඩ කරන ගමන්ම කරන්න ලේසියට i phone එකක් ගන්නත් හිතුනා.ඒත් ලඟදි යන හින්ද වැඩක් වෙන්නෙ නෑ.කිව්වට අප්සෙට් ගන්න එපා.මෙහෙ i phone නිකන් දෙනවා.ඒ කියන්නෙ අවුරුදු දෙකක් නොකඩවා එකම ලයින් එක පාවිච්චි කරණ බවට අපි සහතික වෙන්න ඕනෙ.ඊට පස්සෙ අවුරුද්දක් බිල්,කනෙක්ශන්,නෙට් සේරටමත් එක්ක මාසෙකට ලංකා රුපියල් වලින් බැලුවොත් 3000ක් විතර ගෙවන්න ඕනෙ.අවුට් ගොයින් විනාඩි 250ක් ‍ෆ්‍රී දෙනවා.ඔය සීන් එක නිසා දැන් මෙහෙ ගොඩක් කොල්ලො කෙල්ලො ලඟ අයි පෝනුයි galaxy තමා use වෙන්නෙ.මේකනම් අදාල නැති දෙයක්.නිකමට වාගෙ කියල දැම්මෙ.






ඊයෙ ටොම් බෝයිල ගැන කියන්න ගිහින් ටික දෙනෙකුට ප්‍රශ්නත් ඇති උනා නේද?හික්....හික්.....ටොම් බෝයිස්......මට දැන් උන් දකිනකොට හිනත් යනවා.පව් ඉතිං අපි හිනා උනාට,එයාල සමහර විට හිතින් දුක් වෙනවත් ඇති.මේ තායි,පිලිපීන් කෙල්ලො ලංකාවෙ කෙල්ලොත් එක්ක සසැදුවොත් දකින්න තියන විශේෂත්වයක් තමා අපේ අය වාගෙ ගනන් උස්සන්නෙ නැති එක.ටිකක් ‍ෆිට් උනාම ඕනෙ දෙයක්.අනිත් එක කන පැලෙන්න බොනවා.ලංකාවෙ කොල්ලො දහයකුයි,තායි කෙල්ලො පහකුයි තිබ්බොත් අපේ උන්ට ඇපත් නෑ.ඒ වාගෙම තමා ඇඟේ පච්ච කොටා ගන්න සීන් එකත්.ආගම බුද්ධාගම.නමෝ තස්ස භගව‍තෝ අරහ‍තෝ කියලම තමා උච්චාරණය කරන්නෙත්.ඒ උනාට එකෙක්වත් පිලිපැදිල්ලක් නම් නෑ.මේ ලඟදි උන්ගෙ මාට් එකකට ගිය වෙලාවෙ සෙට් එකක් එලියෙ බොනවා.බේරිල්ලක් නැති හින්ද ටිකක් කිට්‍ටුවට ගියා.හැබැයි ඉතිං මම පානයටනම් නෑ.එහා පැත්තෙ බයිට් හදන්න වෙනම පොට් එකක් තියනවා.ඒ හදන හැටි දැකල මට සසර කලකිරුනා.ලඟ ටැංකියක ඉන්නව ලොකු මාළු.උන් අනේ පීන,පීන ඉන්නව.අරූ මොකද කරන්නෙ දානව ලොකු ගොට්ටක්,අල්ල ගන්නව එකෙක්.එහෙම්මම අල්ලල තෙලට දානවා.අරූ තෙලේ දඟලනවා.මැරෙන්නත් කලින්ම මේසෙට එනවා.ටේබල් එකේදිත් සමහර වෙලාවට කරමල් ගැහෙනවා.ආයෙ ගොළුබෙල්ලො,කුරුමිණියො,පළගැටියො පුදුම කෑමනෙ අම්මප මුන්ගෙ.ඔහොම ටික,ටික රෑ පහලොස් පැයේ වෙනකන් ගහනවා.ඊට පස්සෙ ක්ලබ්,කැරඕකේ යන උන් එව්වට යනවා.ටිකක් ‍ෆිට් උන කොල්ලෙක් කතා කෙරුවොත් ඌට ප්ලග් වෙනවා.දත ගැලවිල්ලක් නෑ.සල්ලි නැත්තන් උන් වියදම් කරනවා.උන්ට ඕනෙ ෆන් එක විතරයි. මේ මොන මඟුල් නැ‍ටුවත් පහුවදා උදේ වැඩටත් එන එකනෙ පුදුමෙ.මේ ගැන මීට වැඩිය මොනාවත් කියන්න හොඳ නෑ වාගෙ වැරදි වැටහීම් ඇතිවෙන්න ඉඩ තියනවා.මොකද අපේ සංස්කෘතිය ඇතුලෙ ඉඳගෙනනෙ බලන්නෙ කට්ටිය.







ඔන්න කියන්න ගියෙ වෙන එකක්......තාරුන්‍යයේ හීන.හීන හැබෑ වෙන්න ඕකට හෙටක් තියෙන්න එපායැ නේද??ඒ ගැනනම් මම දන්නෙ නෑ.එහෙම එකක් ක්‍රියාත්මකයිනෙ නේද.ඒකෙන් සමහරවිට හෙටක් හදා ගන්න පුළුවන් වෙයි. මේක මේ මට විතරක් ඇතිවෙන එව්ව නෙමෙයි.හැම කොල්ලෙකුටම ඉතිං මේ හීන පොදුයි.චූටිම කාලෙ හීන ගැන තේරුමක් නෑ.බලාපොරොත්තු විතරයි තිබුනෙ.තාත්ත හවස වැඩ ඇරිල එනකොට චොකෝ එකක් ගෙනෙයිද?බයිසිකලේ පද්දන්න හෙල්ප් එකක් දෙයිද?ඔය වාගෙ සරල එව්ව.අනේ හැමදාම එහෙම තිබුනනම් කොච්චර එකක්ද..කොහෙද ටික,ටික ලොකු උනානෙ.ඊට පස්සෙ බයිසිකලයක්.මවුන්ටන් එකක් ඉල්ලල කරදර කෙරුවට කොහෙද අරන් දුන්නෙ "ස්පෝට්" වර්ගෙ එකක්නෙ.අල්ලපු ගෙදර ලොකු කෑල්ලට ට්‍රයි කරපු එකාට ඒ දවස් වල තිබුන ගියර් 21 එල මවුන්ටන් පාරක්.මට ඉතිං එහෙම එකක් ඒ කාලෙ හීනයක්.ඔහොම යනකොට ප්‍රස්ට් ලව් එක සෙට් උනා.හික්......කියන්නත් ලැජ්ජයි වාගෙ එතකොට තිබුන හීනයක් තමා අපේ තිබුන වෑන් එකේ දුල්මිණිලගෙ ගෙවල් පැත්තෙ යන එක.මොකද මට ඕක අල්ලන්නවත් දුන්නෙ නෑ ඒ කාලෙ.ඉතිං මම හීන මවනව සෙට් එකත් හයියෙන් දාගෙන කෙල්ලගෙ ගෙවල් පැත්තෙ රවුමක් ගහන විදියක් ගැන.
ආ තව ඇඳුම්......Nike, Reebok ගැන වැඩිය දන්නෙ නෑ ඒ කාලෙ.kito,KAT, Ronaldoඔව්ව තමා බෙස්ට් බ්‍රෑන්ඩ් අපිට.ටී ෂර්ට් Ck,ට්‍රවුසර් Levi's ඒකනම් දැනගෙන හිටිය.කොහෙද ඒත් ඔරිජිනල් එව්ව තියන එකක් යැ.ඒ උනාට අපේ හිතේ ඔරිජිනල් කියල.නොදන්න කම නොවැ.හැබෑටම මට අදටත් තියන ප්‍රශ්නයක් තමයි,කොල්ලො ඔය එල,එල බ්‍රෑන්ඩ් වල එව්ව බැස්සුවට කෙල්ලො ඔව්ව ගැන දන්නවද කියන එක.අනික කෙල්ලන්ට ඕව වැදගත්ද කියන එක.කවුරු හරි නංගියෙක් එහෙම මේ පැත්තෙ ආවොත් මොනා හරි කියල යන්නකො බලන්න.දැන් වොච් එකක් ගන්නකොට ZENITH ,ROTARY,ROLEX හෙව්වට ඉස්සර මොකක් හරි කමක් නෑ නිකල් තඩියක් අතෙන් ගැලවෙන නොගැලවෙන ගානට එල්ල ගන්න තියනවනම්. ඒ කාලෙ යෞවනේ නෙමෙයි හින්ද වැඩි තේරුමක් නැතුව ගැන්සියෙ උන් කියන්නන් වාලෙ යන ‍රැල්ලට ලෝකල් එව්වගෙන් ෂේප් උනාට teenage එක පහු උනාට පස්සෙ තමා හීන සැබෑ කර ගැනීමේ දැවැන්ත සටනෙ යෙදෙන්න උනේ.බොලෙ මෙච්චර කල් අපි බස්සල තියෙන්නෙ රුපියල් 800ට තිබුන ලෝකල් Levi's ජීන්ස්නෙ.ඔරිජිනල් එක 4000යි.kito,KAT මොන බම්බුවද දේශීය නිෂ්පාදනෙ....ෂිහ්....ඒ වාගෙද Nike,adidas,puma පොඩි ටවුන් වලින් ඇහුවට දන්නෙත් නෑ.

දවසක් කඩේක බුවෙක් "මල්ලි nike reebok ඒජන්ට් කරන්නෙ dsi ල.නුවර ෂෝරූම් එකේනම් බඩු තියනව.ඔන්න ඉතින් පියාවත් ඇදගෙන ගියා නුවර යටිනුවර වීදියට.හුටා....සපත්තු දෙකේ ගාන අහල පියාට මඤ්ඤං.රුපියල් 5000යිලු. reebok දෙක 9000යි.මෙන්න මෙහෙ එනව යන්න ළමයො කියල මාවත් ඇදගෙන ආපහු ආවෙ නැද්ද.ඔන්න එදා ඉඳල ප්‍රොමිසස් නන්ස්ටොප් පීස් එකකුත් දාගෙන ඇඳේ නිදාගෙන තව හීනයක්.සුමුදුත් එක්ක අර නුවරදි බලපු සපත්තු දෙකත් දාගෙන කොහෙ හරි ‍ටුවර් එකක් ගහන එක.ඔය එක්කම හිතට ආවෙ නැද්ද ස්පෝට් වංඩියක් ගැනත්.එලටම හරි.දැන් සනීපයි.හීනෙනුත් පේන්නෙ ලක්ෂරි ලයිෆ්.කෙල්ල සුමුදු,ටී ෂර්ට් එක adidas,කලිසම Levi's,වොච් එක ROLEX,සපත්තු දෙක Nike,වංඩිය VERTICAL LAMBO DOOR mazda RX8. ඇස්ටන් මාටින් එහෙම පෙනුනෙ නෑ.මොකද එච්චරම හයි ක්ලාස් එව්ව ගැන දැනගෙන හිටියෙ නෑ.හික්.....හික්.....මගේ තාරුණ්‍යයේ හීන.අදටත් (සුමුදුනම් දැන් ඉතිං නෑනෙ) අනිත් එව්ව ගේමක් නෙමෙයි.අන්තිමට තියන එක තමයි හීනෙ.use කරපු එකක් අඩුවට ගන්න පුළුවන් උනාට කස්ටම් එකේදි 200% ක බද්ද ගෙවන එක මතක් උනාම හීනෙ නිකන්ම බොඳ වෙනවා.අනේ ඉතිං දැන් තාරුණ්‍යත් ගෙවෙන්න ලඟයි.සමහර හීන එහෙමමයි.....

අද දවස ඉතිං අපේ ඉලංදාරි මලයගෙ දවස විදියටනෙ බ්ලොග් අවකාශෙ නම් කරල තියෙන්නෙ. ඒක හින්ද ඔක්කෝමල ඒ ගැන පෝස්ට් දාන නිසා අමුතුවෙන් ලියන්න දේකුත් නෑ.උඹ හිතින් විඳවපු කාලෙ ඉවරයි කියල හිතපන් මචෝ.මේ අපි හැමෝම ඉන්නව උඹත් එක්ක.පෙබරවාරි 15ට කලින් මගේ යුතුකමත් අනිවා වෙයි.මේ ගැන සිංඩියෙ නොදන්න කෙනෙක් නැතත් වෙන විදියකින් බ්ලොගේ කියවන කවුරු හරි ඉන්නවනම් මේ ලිංක් එකෙන් ගියොත් මොකද්ද මේ කියන්නෙ කියල බලා ගන්න පුළුවන්.ඒ වගේම අනිවා සප් එකක් දෙන්න කියලත් ඉල්ලා සිටිනවා.

Saturday, January 29, 2011

තායි ටොම්බෝයිලා නිසා සිදු වූ හදිසි අනතුර සහ මගේ දුම් බීම නැවතීම...

මුලින්ම හැමෝටම ස්තුතියි කිව්ව ඕං අසනීප වෙලා හිටපු දවස් ටිකේ හොයල බැලුවට.මම msg එක දාපු එකාට කිව්වෙ ටික දවසකට නෑ කියල දාපන් කියල.මූ විස්තරත් ලියන්න ගිහින්නෙ.මොකද මම හිතුවෙ මාසෙකින් මෙහා එලියට එන්න බැරි වෙයි කියල.මොකද මෙහෙ ලෙඩේ හොඳටම හොඳ වෙනකන් ස්පිරිතාලෙන් එලියට දාන්නෙ නෑ.අනික බේරන්නම බැරි වැඩේ ඉන්නතාක් සේලයින් ගහන එක.ඊටපස්සෙ ටොයිලට් එකකට යන්න උනත් දස වදේනෙ.වෙලාවට කොම්පැණි එක ඇතුලෙදි සීන් එක උනේ.එලියෙදි මොනා හරි උනානම් අතින් කයිට්.ඒකිව්වෙ ඉතිං කොලේ නැති හින්ද රජයට සම්බන්ද hospital වලට යන්න බෑ.යන්න බෑ කියන්නෙ ඉස්පිරිතාලෙ ඉස්සරහ මැරිල වැ‍ටුනත් බඩු නැත්තන් ඇතුලට ගන්නෙ නෑ.ප්‍රයිවෙට් ඒවගෙ ඩබල් චාර්ජ් අය කරන්නෙ.කම්පැණි එකෙන් බිල් එහෙම ඔක්කොම ගෙවපු හින්ද දෙයියනේ කියල අවුලක් නැතුව ආපහු ආවා.ලොකු අනතුරක් උනේ නෑ.කකුල ටිකක් කැපුනා.අප්සෙට් එකට තියෙන්නෙ මහපට ඇඟිල්ලෙ නියපොත්ත ගලවන්න උන එක තමා.මොකද ඉක්මණට හොඳ නූනොත් වැඩේ කචල්.එහෙන් ගෙදර යන්නත් ලඟයි.තැන්,තැන් වල එකතු කරපු බඩු වාගෙකුත් තියනවා.ඒව පිළිවෙලක් කරල කාගෝ එකකට බාර දෙන්නත් ඕනෙ.නිකං වාගෙ හම්බ උන 600cc CBR එකකුත් තියනව.ඒකෙ ලියකියවිලි ටික හදා ගන්නත් ඕනෙ.දැම්ම වාගෙ නෙමෙයි කස්ටම් එකේදි තමයි ගේම තියෙන්නෙ.කමක් නෑ,එව්ව මට අදාල නෑ.සේරම පියාට බාර දීල තියෙන්නෙ.

මොනව ලියන්න ආවද කියල මතකත් නෑ...ආ......ටොම්බෝයිල.....මට මේ සීන් කෝන් එක උනේ මේ ඩයල් ටික හින්ද.ඇවිල්ල මාසයයි.තනිකරම පිස්සු කෙලින්නෙ.කරුමෙට ගෙනත් බාර දුන්නෙත් මගෙ ලයින් එකට.බාසාව මෙලෝ හසරක් බෑ.ඉංග්‍රීසි .....හෆොයි අකුරු විසිහයවත් දන්නෙ නෑ.W අකුරට Mලු.L අකුරට F ලු.හික්..........ඉතිං මෙයාලට මට මොකක් හරි කියන්න ඕනෙ උනාම කියන්නෙ උන්ගෙ බාසාවෙන්.ඒ කියන්නෙ තායි බාසාවෙන්.මට තේරෙන එකක්යැ ඔය හරුප.ඉතිං මල අතට එනවා.මම එතකොට සිංහලෙන් අමු කුනුහරපෙන් මුන්ට බනිනවා.ඒකත් මාර ආතල් වැඩේ.ඇයි තේරෙනව කියලයැ. අනික කෙල්ලෙකුට කවද ඔහොම ආතල් කතා කියන්නද..හැබැයි මව් ගුන නම් සිහි කරන්නෙ නෑ.මොකද "අම්මා" කියන වචනෙ ලෝකෙ කොහෙත් එහෙමම තමයි උච්චාරණය කරන්නෙ.කුනුහරප මැද්දට ඕක දැම්මොත් උන්ට මීටර්.අපි පරණ උන් හින්ද අප්පා....මාර ගෞරවේ.දෙයක් කියන පරක්කුව විතරයි.වරදවා හිතන්න ඔට්‍ටු නෑ හරී......දැන් මේ මොන දේ උනත් මේ කෙල්ලො නෙමෙයි.කොල්ලොත් නෙමෙයි,නපුංසකයොත් නෙමෙයි,වර්ග කලොත් ටොම්බෝයි ගනයට තමා අයත් වෙන්නෙ.එහෙම කියන්නෙ මෙයාලගෙ "තැඹිලි" නෑ....හික්.........තැඹිලි තියා දොඩං ගෙඩි සයිස් තියා වෙරළු ගෙඩිතරම් දෙකක්වත් නෑ.තනිකරම ගිංතොට ප්‍රොඩක්ට්.බොරු කියල හිතනවනම් ඕං පොටෝ කෑලි දෙක තුනකුත් ඇමිනුවා.යකෙක් උනත් කමක් නෑ.තැඹිලි නැත්තන් මෙලෝ රහක් නෑනෙ නේද මචංලා.....හිකිස්..........






කෙල්ල ටිකක් හැඩ උනාට ඉතිං වැඩක් නෑ.අව යව අඩුයිනෙ.





පේනවනෙ සිකා එකක් එහෙම ගහගෙන ඉන්න ආතල් එක.




ඔය ඉන්නෙ ඩයල් තුනම.....උඹ කොහෙද මුන් අස්සෙ පොටෝ ගන්න ගියෙ කියල එහෙම අහන්න ඔට්‍ටු නෑ කිව්ව කලින්ම.


මෙයාලට සපෝට් කරන්න ගිහින් රොබට් එකකින් එහාට මෙහාට යන ට්‍රොලියක් කකුල හිල් කොරගෙන ගිහින් තමා අනතුර උනේ.හරි ඒක එහෙමයි....අර බට අදින එක නැවතුන සීන් එකත් ආයතනයටම අදාල හින්ද ඒකත් නිකමට වාගෙ ලියල දාන්න හිතුනා.මෙහෙම එකක් උනේ නැත්තන් සමහර විට මේ වෙනකොට පෙනහළු දෙක කරකුට්ටන් වෙලා "ඩොග්" ගාල අක්මාව දිහාට කඩා වැටිල වෙන්නත් පුළුවන්.ඇයි අප්පා කාගෙන් තහනමක්ද..."ඩන්හිල්","මැල්බරෝ" පැකට් පිටින්ම තමා මුල් දවස් වල සාක්කුවෙ තිබුනෙ.ලංකාවෙදිනම් බයෙන්,බයෙන් හන්දියෙ කඩෙන් එකක් අරන් පිටිපස්සට ගිහින් වට පිට බල,බලා ඕක අදිනකොට සෙට් එකේ උන් කී දෙනෙක් ඕක උදුරනවද...හික්.....හික්....අනික ඒ දවස් වලනම් නෑ.දැන් දඩ ගහන සීන් එකකුත් තියනවලු නේද??කොහොම හරි ඔන්න අපේ ආයතනේ ලන්ච් ටයිම් එකේ.කාල එහෙම ඇවිත් මමයි තව රටවල් වල එවුන් ටිකකුයි එලියෙ බංකුවක් උඩට වෙලා ආතල් එකේ දුම දානවා.මෙන්න බොලේ එක පාරටම අපිට ටිකක් එහායින් ඇවිත් නැවැත්තුවා තඩි අවුඩියක්.මලා....ඕනර්.අවුරුදු 55ක් විතර ඇති.දහ වෙනිදට විතරයි අපි දකින්නෙත්.ආපු අලුත හින්ද වැඩිය අඳුරන්නෙත් නෑ.මෙහෙ සිස්ටම් එකනෙ කවුරු හරි මීට් උනාම දෙකට තුනට නැමිල ආචාර කරණ එක.අපිත් ඉතිං බුවා එතනින් යනකොට ටිකක් විතර නැගිට ඔළුව නැමුවා.කොල්ලො පස් දෙනෙක් හිටියෙ.හික්......දුම කෝච්චියක වාගෙ.මෑනුත් ටිකක් දුර ගිහින් පස්සෙ ආයෙත් ආපහු ආවා.ඇවිත්

"ම්..........කොහෙද තමුන්ගෙ රටවල්....."

"චයිනා ,පිලිපීන්, ශ්‍රී ලංකා, වියට්නාම්, රසියා."

"වයස......"" 28,26,23,29,27"

"තමුසෙල ගෙදරදිත් අම්මල තාත්තල ඉස්සරහ ඔහොම ලෝඩ්ල වාගෙ සිගරට් ගහනවද???"

කට්ටියම මීක් නෑ....බිම බලාගෙන ඉන්නවා.

"තමුසෙල පස් දෙනා මගෙ කොම්පැණියෙ ඉන්නකන් සිගරට් බීම තහනම් හරි...එහෙම බැරිනම් වෙන එකකට යන්න පුළුවන්....තරහට නෙමෙයි,තාත්ත කෙනෙක් වාගෙ හිතල කිව්වෙ..."

එහෙම කියල ලොක්ක යන්න ගියා.අපි ටික මූනෙන් මූන බලාගෙන අතේ තිබුන කොට ටික පැත්තක විසික් කෙරුවා.එදා ඉඳල තාමත් සිගරට් එකක් දිහා නෙමෙයි ඇහැක් ඇරල බැලුවෙ ඕං.......

Friday, January 21, 2011

දිනේෂ් අසනීපෙන්

ඊයේ දින ආයතනය තුල සිදුවූ හදිසි අනතුරක් නිසා රෝහල් ගතකල බැවින් ටික දිනකට බ්ලොග් අවකාශයේ නොමැති බව දිනේෂ් ගේ මිතුරකු දිනේෂ් වෙනුවෙන් මෙසේ සටහන් තබන ලදී...

Wednesday, January 19, 2011

කුළුඳුල් පෙම්වතිය සමඟ පින්නවල ‍ටුවර් එක.(ප්‍රතම ප්‍රේමයේ සොඳුරු මතකයක්)








දහම් පාසලේදි ආරම්භ උන ප්‍රතම ප්‍රේමය ගැන මම කලින් වතාවක් දෙකකදි කිව්ව නොවැ.කවුරු හරි බලපු නැති කෙනෙක් ඉන්නවනම් ඕං මෙතනින් ගිහින් බලන්න පුලුවන්.මේක මේ ආදර කතාව පටන් ගත්තට පස්සෙ උන සීන් එකක්.ඔතනදි භාග්‍යට ට්‍රයි කරල වැ‍ටුනෙ නැති තැන එයාගෙ යාළුව වාගෙම මගෙ සපෝටරුත් උන දුල්මිණිව ගොඩාක් හිතට ‍ෆිට් උන වෙලාවක එයාගෙන් ඇහුවට පස්සෙ හරි පුදුම විදියට එයා කැමති උනා.හැබැයි සපෝටර් කැමති වෙලා ටික දවසකින්ම කලින් ට්‍රයි කරපු කෙල්ලත් කැමැත්ත ප්‍රකාශ කලා.කතාව කෙටියෙන් කිව්වොත් ඔහොමයි.

ඒ උනාට දැන් මගෙ හිතේ කලින් කෙල්ල නෑ. මේ වෙනකොට සපෝටර් තමා මගෙ සිහින කුමාරි.හැබැයි භාග්‍ය දන්නෙ නෑ මෙ මොනාවත්.දැන් ඔන්න ෆ්‍රස්ට් ලව් එක පටන් අරන් හරියටම මාසෙකට වැඩිය නෑ.මම දැන් 11 වසරෙ.කෙල්ල 10 වසරෙ.අප්පා....‍රැවුලවත් හරියට ඇවිල්ල නෑ.හි.....හී.......ඔන්න ඔය කාලෙ දුල්මිණි කම්පියුටර් කෝස් එකක් පටන් ගත්තා කෑගල්ලෙ ටෙක් ශ්‍රී ලංකා එකේ.බඩුම තමා ,මටත් සෙනසුරාදට පොල්ගහවෙල "පියසේන" සර්ගෙ ගනන් ක්ලාස්.ඔය පියසේන සර් පොල්ගහවෙල පැත්තෙ නොදන්න කොල්ලෙක් නෑ මගෙ හිතේ.දැන් ඉතිං කෑල්ල වැ‍ටුන අලුතනෙ.මම පාගල් එකේ හවසට කෙල්ලගෙ ගෙවල් පැත්තෙ එහෙම පොඩි රවුමක් දානවා.ගේ දැක්කත් ඇති .කෙල්ලත් දකින්න හිටියොත් එහෙම ටටා පාරක් දානවා.තාම අපි දෙන්නට ඒ උනාට හරියට කතා කරන්න අවස්ථාවක් හම්බ උනේ නෑ.ඒ කියන්නෙ ඉතිං ලව් කරන්න වාගෙ.ඔන්න දැන් දෙන්න කතාවෙලා ඊලඟ සෙනසුරාද බස් එකේ කෑගල්ලට යන්න කතා කර ගත්තා.අපි ඉන්න පාරෙන් කෑගල්ලට යන්නෙ පොල්ගහවෙල හරහා.ඉතිං මම කලින්ම ඔන්න දැන් පොල්ගහවෙලට ගිහින් ඉන්නවා.එයාට ටෙක් පටන් ගන්නෙ 8.30ට.10.30ට ඉවරයි.ආයෙ ප්‍රැක්ටිකල් 10.30 ඉඳන් 12.30 වෙනකන්.

කුරුණෑගල ඉඳන් එන හැම බස් එකක් දිහාම ඇස් පිල්ලමක්වත් නොගහ තමා බලන් ඉන්නෙ.ඔන්න එක බස් එකකින් බලාපොරොත්තුවෙන් හිටපු එක්කෙනා බැස්සා.කකුල් දෙක ලඟටම දිග ගවුමක් ඇඳල.බෝනිකි කට් ගහල (වචනෙ ගෝල්ඩ් fish ගෙන් ඉස්සුවෙ),පොත් ටිකත් පපුවට තුරුළු කරන් බයෙන් වාගෙ මං ලඟට ආවා.

"අයියෝ....තාත්තත් ටවුන් එන්න ලෑස්තිය ඉක්මණට යමු".

ඔන්න අපි දෙන්නත් නැග්ගා කුරුණෑගල කෑගල්ල සීටීබියකට.උදේ හින්ද සී‍ටුත් ගොඩක් හිස්.දැන් ඔන්න මට එහා පැත්තෙ දුල්මිණි.අම්මෝ.....කොච්චර කාලයක් තිස්සෙ දන්න කෙනෙක්ද.දැන් මේ මගේ ලඟ.ඉතිං ඔය පාර ඉස්සර කාපට් කරල එහෙම නෑ.ඇලට,වෙලට ගමන තමා.දැන් කෙල්ල ඇ‍ඟෙත් ගෑවෙනවා. මටනම් හරි අමුතුයි වාගෙ.කවද උන දේවල්ද?? කතා කරන්න ගොඩක් දේ තිබුනට දැන් මොනාවත් මතකෙට එන්නෙත් නෑ.කෙල්ල කියවන්නෙම භාග්‍ය ගැන.

"එයා දැන ගත්තහම මොනව හිතයිද අයියෙ.. ,ඊයෙත් ඔයා ගැන ඇහුව."
"ආයෙ එයා ගැන කතා කරන්න එපා....මම එහෙම කෙනෙක් දන්නෙ නෑ."
කෙල්ලට මාර ‍ෆිට්."ඇත්......ත...ටමද .....කි..ව්..වෙ.."
"හ්..ම්...."

ඔය වාගෙ සරල දෙබස් හුවමාරු වෙවී ඔන්න කෑගල්ලට ලන් උනා.තාම වෙලාව 7.45යි.වෙලාවත් තියන එකේ මාත් හිමින් ,හිමින් එයත් එක්කම ක්ලාස් එක ලඟට ගියා.ඔය කෑගල්ලෙ ටෙක් පාර අළුත් කෆල් වලට ටෝක් කරන්න මරු පොට් එකක් ටිකක් ප්‍රසිද්දයිත් එක්ක.පස්සෙ කාලෙකදි තමා දැන ගත්තෙ ඔය පාරට "ලව් ලේන්" එක කියලත් කියනව කියල..ටවුම මැදින් වාගෙ වැටිල තිබුනත් වංගු,කඳු වාගෙ හරි අමුතු විදියකට පිහිටල තියෙන්නෙ.ටිකක් නැවතිලා කතා කර,කර ඉන්නකොට 300 ඩෑෂ් කාර් කාරයෙක් ටිකක් අපි ගාව ස්ලෝ කරල රවාගෙන වාගෙ ගියා.දන්නෙ නැති බුවෙක් හින්ද වැඩිය ඌ ගැන මීටර් කරන්න ගියෙත් නෑ.විනාඩි පහක්වත් ගියෙ නෑ,මෙන්න බොලේ තඩි ට්‍රැ‍ෆික් බයික් එකක් ඇවිල්ල මගෙ ඇගේ ගෑවෙන නොගෑවෙන සයිස් එකට නතර කෙරුවා.ඉස්සරහ සාජන් ලොක්කෙක්,පිටිපස්සෙ නිකන්ම කොස්සෙක්.

"මොකද මෙතන......"
"සර්......මේ....ක්ලාස් එකට යන්න..."
"එහෙනං ඒකට යන්න,මෙහෙම තැන් ,තැන් වල ඉන්නකොට අපිට අවට මිනිස්සුන්ගෙන් කම්ප්ලේන් එනව".

හරි බුවාගෙ කතාව අවුලක් නෑ.මෙන්න යකෝ අර කොස්ස පිටිපස්සෙ ඉඳන්....

"හැ***න ඕනෙ නම් පාක් තියනව,හෝටල් තියනව.ඒ එහෙකට යන එකනෙ තියෙන්නෙ..... මෙතන අපිට ඩියුටි කර ගන්න දෙන්නෙත් නෑ...."

මට මේ සීන් එක අද වාගෙ මතක මූ ඒක කිව්වෙ කෙල්ලගෙ මූන දිහා බලාගෙන .වැඩි වයසක මෑන් කෙනෙක් නෙමෙයි.ඕනෙනම් දැන් අපේ වයස වාගෙ ඇති.දුල්මිණිගෙ මූන රතු උනා.ඊට පස්සෙ සාජන් බුවා
"මෙතන ඉන්න එපා යන්න,යන්න..."
එහෙම කියල යන්තන් මෑන්ස්ල දෙන්න යන්න ගියා.අර ඊයෙ පෙරේද කැම්පස් කේස් වලදි කඳුළු ගෑස් වැදිල වැටිල හිටපු කෙල්ලන්ටත් ගහපු මේ මෑන්ස්ලට අර වාගෙ කතාවක් පොඩි කෙල්ලෙකුට කියන එකත් ගේමක් නෙමෙයි තමා.අපි දෙන්න ඔන්න දැන් ඉස්සෙරවෙලාම දවසෙ පොලිසියෙන් බැනුමුත් අහගෙන එයාව ක්ලාස් එකට දාන්න යනකොට ක්ලාස් එකේ ළමයි තුන් හතර දෙනෙක් ආපහු එනවා.
"දුල්මිණි අද ක්ලාස් නෑ,එක හින්ද ප්‍රැක්ටිකල් වලට ඉන්නත් බෑ අනේ.අපි යනව".
"දිනේෂ් අයියෙ ඔයා චුට්ටක් ඔහොම ඉන්න,මම කෝකටත් ගිහින් බලල එන්නම්.."
වැඩේ ඇත්ත තමා.මෙන්න බොලේ අද සර් නැතිලු.දැන් අපි දෙන්න ආපහු එනවා.ඒ එන ගමන් මම නිකමට වාගෙ

"පින්නවල යමුද??"
" මෙතන ඉඳන් ගොඩක් ඈතයිද?2.00 වෙනකොට ගෙදර යන්න පුළුවන්ද??"

එලම තමා.කෙල්ල කැමතියි.......(පින්නවල ඔයාල හැමෝම දන්නව ඇති මගෙ හිතේ...අර අලි අනාථාගාරය තියෙන්නෙ.අන්න එහෙ.)ලොක්ක වාගෙ යෝජනාව දැම්මට මමවත් එක පාරක්වත් ගිහිල්ල තිබුනෙ නෑ ඕකට.දැන් මෙතන ඉඳන් දුල්මිණි පාරවල් දන්නෙ නෑ.මට ඒකත් ටිකක් බයයි.ඇයි..මෙයාව මඟ ඇරෙයි කියල බය.ඇයි අප්පා 11 වසරෙ කියන්නෙ මහ ලොකු උන්යැ.ක්ලාස් එකට යන එන ටිකේදි එහෙම ටිකක් විතර ඈතින් වාගෙ හිටියට දැන් කෙල්ල මං ලඟමයි.දැන් ඔන්න නැග්ගා රඹුක්කන බස් එකට.

"මට බයයි වාගෙ....."
"ඇයි.....?"
"අඳුරන කවුරුහරි ඉඳියිද....?"
"මෙහෙ අපේ පැත්තෙ අය නෑ..."
ටිකක් නැලවිලා එහෙම...
"ම්.....එහෙනං කමක් නෑ...."

අපේ සීට් එකට ඉස්සරහ සීට් එකේ අක්ක කෙනෙක් ලඟ හිටිය ෂෝක් බබෙක්.එයා දැන් අපි ඉන්න පැත්ත හැරිල හිනා වෙනවයි,දුල්මිණිගෙ අතින් අල්ලනවයි ඔය වාගෙ පොඩි ළදරු සීන් එකකුත් පටන් ගත්තා.

"ලස්සනයි නේද?කෙල්ලෙක්ද??"
මම නිකමට වාගෙ ඇහුවෙ.කියන්න දෙයක් තිබුනෙ නැති හින්ද.
"කොල්ලෙක් නේද...??"ටිකක් විතර කනට කිට්‍ටු කරල "මටත් ඕනෙ ඒ වාගෙ බබෙක්...."

බුදු අම්මෝ......මේ චූටි කෙල්ල කියන කතා......!!!
මගෙත් කට හොඳ නෑනෙ.

"දැන්මම.."
"තරහයි ඈ...."
ඔන්න එතකොටම බස් එකේ සෙට් එකේ යනව අතුල අදිකාරිගෙ "ඇතින්නියේ.." සිංදුව.(සොඬින් නෙළුම් මල ගෙනියන බතික් රන් පටින් දිදුලන....) ඒ දවස් වල ඔය සිංදුව මට මාර ගති.

"මගෙ ෆේවරිට් සෝන් එක"
"ම්......ලස්සනයි තමා...අර දම්පාටින් ලා සඳ බැස යනවා කියන එක තමයි මම කැමතිම එක".
"අපෝ.... ඒක නරක සිංදුවක්නෙ...."
"ඇයි....???"
"මැද හරියෙදි ලමැද තලා යහනේ ඉන්නම් කියන කතාවකුත් කියනව නේද?"
"ඇත්තමයි අයියෙ,මට නිකමට හිතුන ඔයා ඔය කතාව කියයි කියල...අයියෝ.......මම සිංදුවට කැමති ලස්සන හින්ද වචනෙන්,වචනෙ හොයන්න ගියෙ නෑ....,ඔයා නම්............."

කොහොම හරි ඔන්න අපි පොට් එකෙන් බැහැ ගත්ත.ඔතන ඉන්නව ‍ටුවරිස්ලට එක,එක අයිටම් වර්ග විකුණන ටිකක් විතර මදාවි බුවාල ටිකක්.

"අදනම් අම්මට කියනව ක්ලාස් ගියෙ නෑ කියල.."

මොකෙක්ද එකෙක් කියනව ඇහුන.මට චුට්ටක් විතර බයත් හිතුන.තාම පොඩි උන්නෙ අප්පා........සිරාවටම හිතුන මුන් මට ගහල මේ රෝස මල උදුර ගත්තොත් කියල.අර කතාව කියනව ඇහුන විතරයි මෙන්නෙ කෙල්ල අතේ එල්ලුනා.එතකොට දැක්ක කෆල් කීපයකුත් ටිකට් ගන්න තැන ඉන්නවා.චුට්ටක් විතර බය නැති උනා.නැත්තන් උදේ පොලිස් පෝරියල් එකකුත් කාලනෙ ඉන්නෙ.මම බයෙන් වාගෙ ඉන්නව දැක්කොත් කෙල්ල අනිවා ඊටත් වැඩිය බය වෙලා ආපහු යමු කියන්නත් ඉඩ තියනවා.අහම්බෙන් හම්බ උන චාන්ස් එක.පාර්සල් බෑග් තියන තැනින් පොත් ටික ඔබල යන්තං අත් දෙක නිදහස් කර ගත්තා.දැන් ෂෝයි.ඔන්න දැන් අපි ඇතුලෙ අලි බලනවා.අලිත් ආතල් එකේ පිස්සු කෙල,කෙල ඉන්නවා.

එක පාරටම මෙන්න බොලේ එකෙක් අපි ඉන්න දිහාට දුවගෙන එනවා.අපි විතරක් නෙමෙයි වටේ හිටපු උනුත් සීන් එකට බය උනා.දුල්මිණි ඇඟේ එල්ලිච්ච පාර එයාගෙ නියපොත්තකට අතත් සෑහෙන්න විතර සීරුනා.දන්නවනෙ කෙල්ලො පොඩි කියල නෑනෙ ස්ටයිල් එක.ඉක්මණට කෙල්ලත් ඇදගෙන හට් එකකට මුවා උනා.හික්.......මේක ඇවිල්ල තියෙන්නෙ අපි පස්සෙ නෙමෙයි.උගෙ ගැන්සිය ලඟට.ඔය අස්සෙ ලඟ හිටපු ‍ටුවරිස්ල සෙට් එකක් අපිව පොටෝ කෑල්ලකටත් අල්ල ගත්ත මතකයි.හික්......පිට රට හින්ද අවුලක් නෑ.කොහොම හරි 12 විතර වෙන්නත් ආපු හින්ද අපි ආපහු එන්න ආවා.යන්තං 1.30 වෙනකොට පොල්ගහවෙලින් බැහැල දෙන්න බස් දෙකක ගෙදර ගියා.මොකද බහින්න තියෙන්නෙ එකම හෝල්ට් එකෙන්නෙ.එක බස් එකේ ඇවිල්ල ගමේ මොකෙක් හරි බුවෙකුට මීටර් උනොත් එහෙම.

දැන් ඔන්න දුල්මිණිව ඊලඟ සතියෙ දහම් පාසලේදි මීට් උන වෙලාවෙ මම නිකමට ඇහුව එදා යාළුවො මොකද කිව්වෙ කියල.ඇයි ටෙක් එකේ මෙයාගෙ යාළුවන්ට මාව එදා මීටර් උනානෙ.

"අපෝ....දන්නෙ නැද්ද උන්ගෙ කටවල්.."
"ඇයි මොකද...?මට බැන්නද,ඒ......ඒක මොකෙද්ද කියල ඇහුවද...?"
"නෑ....නෑ ...අනේ..උන් ඇහුව අපි කොහෙද ගියෙ කියල,මම කිව්ව පින්නවල ගියා කියල"
"ඉතිං...."
"උන්ට ෂුවර් නෑ....උන් අහනව කෝ....කොහෙද ඉදිමිලා තියෙන්නෙ බලන්න කියල..."

අප්පට සිරි..අපි පොඩියි,පොඩියි කියල හිතුවට මොකද 10 වසරෙ ඉන්න කෙල්ලො හිතන දේවල්.......හික්......හික්.......